( කෙටි කතාවක් )
෴..වදිමි පා යුග නුබේ..෴
දුව...මේ ටිකත් කන්න දරුවෝ ...අහ්...කෝ...
අනේ අම්මා හොදටම ඇති..තරු ඇවිත් බලන් ඉන්නේ..යන්නම්..
මේ කෙල්ල නම් අනේ මංදා..කන්නේ නැතුව වෙනම ලෙඩක් හදා ගන්නවා...
බුදුසරණයි පරිස්සමින් යන්න දුව..
දුව...!!!! සරණ්‍යයා...
කෙල්ල නැවතුනේ කන ලගම අැහුන ලෙහාන්ගේ ප්‍රතාපවත් හඩට බයේ.ලෙහාන් යනු සරණ්‍යයාගේ තාත්තායි.ධන කුවේරයෙකු වු ඔහු බලයෙන්ද කුවේරයෙකු වේ..ඒ ඔහු ඇමති කෙනෙකි.විටෙක මැරයෙකි.කෙනෙකු මරන්නට තලා පෙලා දමන්නට ගෝලයෝද විය.තම පියා වුවත් කෙල්ල ගැස්සී යන්නේ ඒකය.
තා...ත්තා...
යමු..මං ගිහින් දාන්නම්..
තාත්තේ තරු...
ඔය තර්ඩ් ක්ලාස් උන් එක්ක මොන ගමන්ද දුව.නගිනවා වාහනේට..
ට්‍රිං...ට්‍රිං....
හදිස්සියේම නාද වුන ලෙහාන්ගේ ෆොන් එක නිසා ලෙහාන් නැවතුනා.
හලෝ...
.........
හා මං එන්නම්..
සරණ්‍යයා ඔයා යන්න දුව..මට හදිසි වැඩක්..මං යන්න ඕන...
ඇති යන්තම්..
කෙල්ල තමන්ටම කොදුරගත්තා.වෙලාව හොදකම නිසාද මංද කාටවත් ඇහුනේ නැහැ.අත්තටු ලැබුන කිරිල්ලියක් වගේ නිදහසේ සරණ්‍යයා ගියේ බස් හෝල්ට් එකට..එතන කෙල්ලගේ යාලුවා තරුෂි කෙල්ල එනකම් බලන් හිටියේ.
සොරි තරූ...තාත්ති එක්ක බැහැ..අමාරුවෙන් පැනගත්තේ ...තරහද...
පිස්සුද සරූ...මං මොකටද තරහ වෙන්නේ..මං දන්නවානේ උඔ ගැන..අන්න ...අර අනූගේ කට්ටියත් එන්නේ..
අහ් සරු...තවත් ලස්සන වෙලා මේ දවස් දෙකට කෙල්ලව..
බොරු කියන්න එපා අනූ...
ඔන්න ඉතිං...අඩම්බර වෙලා කෙල්ල..කෝ බලන්න...
අර බලන්න සරූ....
මොකක්ද හිරුනි...
අර බස් එක...ඒ කියන්නේ....
අරයා ඇති...
කවුද අනේ...
දන්නෙම නැහැ...අර කොල්ලා..සුදු ලස්සන කොන්දොස්තර කොල්ලා අනේ...
අනේ අනූ..ඔයාලා මට විහිලු කරනවා...
නගිමු නගිමු...පරක්කු වෙයි ස්කුල් එකට යන්න..මේ සරූ...අර බලපං...පවු බං ඌ.
තරූ...මේ අනූ එක්ක බැහැ අනේ..ඒ කොල්ලා හිතයි අපිට පිස්සු කියලා.
නැහැ සරූ...ඌ ඔයාට කැමති..පවූ ටිකක් බලන්න ඒ සුදු මූණත් රතුවෙලා..පවු..අර
කෙල්ලට හිනා.යාලුවෝ විහිලු කරේ කෙල්ලෝ ටික හැමදාම යන බස් එකේ කොන්දොස්තර අයියා ගැන කියලා.සුදු ලස්සන කොල්ලා බලන් හිටියේ ලස්සන දිග කොණ්ඩය මැදින් කරල් දෙකක් වෙන්න ගොතලා සුදු ගවුම ඇදන් හිටපු සරණ්‍යයා දිහාව.රස්සාවට ඇවිත් වැඩි දවසක් නැති වුනත් ගීතක කෙල්ලව හරියට දැක්කේ අද..
අාා...සරූ අද ඔයා ගන්න සල්ලි....අද ඔයාගේ දවස...හරිද..
හරි ඉතිං..ආ සල්ලි...අනූ ඔයා ගන්නකෝ
නැහැ කෙල්ල ඔයාම ගන්න..අපි එහාට යන්නම්..හ්ම්...කොල්ලා පවුනේ...
අනූ...අනේ....තරූ ඉන්නකෝ..
කට්ටියම සෙනග පීරගෙන ඇතුලට යද්දි සරණ්‍යයත් ඒ පිටිපස්සෙන් යන්න හැදුවේ..ඒත් ගීතකගේ හැඩි දැඩි සිරුර ලග කෙල්ලව හිර වුනා...කෙල්ල ඇස් උස්සලා බැලුවේ ගීතක දිහා..ඒ සිව් නෙත් එකිනෙක හමුවුනා.
කොහෙටද නංගී...
විද්‍යලංකාර ඉස්කෝලේ ලග පහයි..
කොල්ලා සරූගේ ලගටම ලංවෙලා ටිකට් ටික කැඩුවා.ඉතුරු සල්ලි ටිකත් දිලා ආපහු කෙල්ල ලගින්ම ගීතක ඉස්සරහට ගියා.ලගින් ම දැනුන කොල්ලගේ පහසට නම් කෙල්ල ආස කරා.ඒත් ඒ බවක් පෙන්නුවේ නැහැ
සරූ...තරහද බං
නැහැ..මං දන්නවනේ මගේ යාලුවන්ට පිස්සු කියලා.
ආ ඇත්තද කෙල්ලගේ මූණේ තිබ්බ පිං පාට...මේ අහපංකෝ..ඇත්ත කියපං උඔ ඒ කොල්ලට කැමති නේද සරූ..
පිස්සු ...එහෙම නැහැ...මං එයාව දන්නෙවත් නැහැ.අනික ආදරේ මට තහනම්..මගේ තාත්තා දැනගත්තොත් මාව මරයි..
හා හා...යමුකෝ දැන්..අපි නිවී සැනසිල්ලේ මෙි ගැන කතා කරමු...
කට්ටියම ඉස්කෝලේ ඇතුලට ගියා.කෙල්ලට නම් ගිය වෙලාවේ ඉදලා මතක් වුනේ ඒ ඇස්.
මොකද බං ගීතකයෝ...දහ අතේ කල්පනාව...ඊළග වටේට යන්නේ නැද්ද..
යනවා සේනක අයියේ...
කොල්ලා අර සුදු කෙල්ල දිහා බලනවා වැඩී ...මොකද ඒ...ම්..
සේනක අයියා ඒවත් මීටරෙන් නේද ඩ්‍රයිව් කරන්නේ..
අනේ පලයං..අපිත් ඔය වයස පහු කරානේ..ඒ කෙල්ල නම් කැමති මට හිතුන විදිහට..
සේනක තමා කොල්ලාගේ බස් එක අයිති කෙනා.බස් එක ඩ්‍රයිව් කරෙත් සේනක නිසා දින ගානක ඉදන් සිද්ධිය දැකලා අද්දැකිමෙන් ඔහු කිව්වේ.
මං යන්නම්...ඔයාලා ඉදලා එන්න..
හා කෙල්ල පරිස්සමින්..උඔටත් පුලුවන් වුනා නම් එන්න..
බැහැ තරූ..තාත්තා දන්නවානේ..මං යන්නම්..
එදා අමතර පංති ඇරිලා කෙල්ල ආවේ තනියම.යාලුවෝ ටික සෙට් වෙලා කන්න යන්න ගියේ.සමහරගේ නම් යාලුවෙලා හිටිය කොල්ලොත් ආවා.කෙල්ලට මතක් වුනේ ගීතකව.ඒ ඇස් ආයෙත් බලන්න කෙල්ලට හිතුනා.
දෙල්කද හංදිය එකක්.
කෝ අද යාලුවෝ..
එයාලා ආවේ නැහැ ..
මං හිතුවේ තරහවෙලා කියලා..
ගීතක එහෙම කියද්දි සරණ්‍යයා ලස්සනට හිනාවුනා.කොල්ලා ආසම ඒ හිනාවට..
ඔය හිනාව නම් කාටවත් දෙන්න එපා.මං දැක්ක ලස්සනම හිනාව..
කනට කරලා එහෙම කොදුරලයි කොල්ලා ටිකට් කඩන්න ගියේ..කෙල්ලගේ කන් පෙත්ත හීතල වෙලා ගියේ ඒ උණුසුම් වචන වලට.සෙනග අස්සෙන් දෙපාරක් තුන්පාරක්ම කෙල්ල ලගට ආවත් ගීතකට කතා කරන්න නම් බැරිවුනා.ඒත් දෙන්නගෙම ඇස් නම් කතා කරා.
එ් මැට්ටමනේ මට මතක් වෙන්නේ..අනේ ..ඒ ඇස් ඇයි මෙච්චර ලෙන්ගතුකමක්..මං මේක තරූට කියනවාද..ම්..
එහෙම හිතලා කෙල්ල හිත හදාගත්තා.ඒත් හිත ඇතුලේ ගීතක නමින් තිබ්බ මහ ගොඩක් ආදරේ නම් කාටවත්ම කෙල්ල කිව්වේ නැහැ.කුලුදුලේම දැනුන ආදරේට ඒ හිත බයේ හිටියේ.ඒත් හැමදාමත් ඇස්වලින් කොල්ලාට කතා කරා.කෙල්ල වැඩිය කැමැත්තක් පෙන්නුවේ නැහැ..
අර..බලපං..අර රනුකි නේද...අර සලනිලත් ඉන්නේ.
ඔව් මයි ..උන් මොනාද ගීතක අයියා එක්ක කතා කරන්නේ...
කෙල්ල බලුවේ විදුලි වේගෙන් වගේ හැරිලා...ගිතක හිටියේ නවත්තලා තිබ්බ බස් එකේ ඉස්සර දොරලග.කෙල්ල යාලුවෝ ටික එක්ක ආවේ බස් එකට නගින්න.කෙල්ලගේ ඉස්කෝලේම හිටිය රනුකි එක්ක හිනවෙවී කතා කරන කොල්ලව සරණ්‍යයා දැක්කා.ඒ හිත මොකක්ද දෙයකින් ගොඩක් දුක්වුනා ..ගීතක අහම්බෙන් වගේ කෙල්ලව දැක්කා.ඒ ඇස් ගැස්සිලා වගේ සරණ්‍යයා දිහා බැලුවා.
මං යනවා බං..මෙි බස් එකේ මට යන්න බැහැ...
හිටපං..එහෙනම් අර යන්න හදන එකේ නගිමු ...
කොල්ලගේ බස් එකට ඉස්සර යන්න තිබ්බ බස් එකට කෙල්ලෝ ටික නැග්ගා..කෙල්ල නැගලා සීට් එකකින් වාඩ්වෙලා ඔලුව තියාගත්තා.ඇයි දන්නේ නැහැ කෙල්ල හිටියේ දුකින්..කොල්ලා වෙන කෙල්ලෝ එක්ක කතා කරනවට කෙල්ලගේ බොලද හිත කැමතිවුනේ නැහැ.
නංගි...
අතට දැනුන හීතල පහසත් ලගින් ම ඇහුන හුරුපුරුදු හඩටත් නිසා කෙල්ල ඔලුව උස්සලා බැලුවා.ලග හිටියේ ගීතක.
තරහද..ම්..
කෙල්ල නැහැ කියන්න වගේ ඔලුව වනලා විසිරුණු කොණ්ඩ ගස් අතින් හදාගත්තා.
මං දන්නවා.මං නිසා නේද දුකින් ඉන්නේ මැට්ටී.මට ඕන වුනේ ඔයා මට ආදරෙයිද බලන්න.ඒකට මට ඔයාගේ යාලුවෝ උදවු කරේ.
එහෙම කියලා කොල්ලා පිටිපස්සේ සීට්එක පෙන්නුවා.යාලුවෝ සෙට් එකම පිටි පස්සේ ඉදන් හිනාවෙනවා.රනුකිත් කොනක ඉදන් අත වනනවා.කෙල්ල ලැජ්ජාවටම මූණ ගීතකගේ උරිස්ස අස්සේ හංග ගත්තා.කොල්ලා අත කෙල්ලගේ බෙල්ල වටේ දාලා කෙල්ලව තුරුලට ගත්තා.
**************෴෴෴෴෴*********************
කාලය ගෙවිලා ගියා.මහ ගොඩක් ආදරේ එක්ක කොල්ලා කෙල්ලව ආදරෙන් බලාගත්තා.මහ ගොඩක් ආදරේ සරණ්‍යයා ගීතකට දුන්නා.
බබා මං මගේ ඩිග්රි එක කම්ප්ලීට් කරලා ඔයාලගේ ගෙදරින් අහන්නම්.එතකම් ඉවසමු අපි..
මං දන්නවා අයියේ..මේ රස්සාව තමයි ඔයාට පිහිට වුනේ ..ඒත් අපේ තාත්තා එහෙම හිතන කෙනෙක් නෙමෙයි.එයා හරි වැරදි විදියට හිතන්නේ සමහර දේවල් ගැන...
අපි බලමුකෝ කෙල්ලේ..කෝ ඉතිං ටිකක් හිනාවෙනවකෝ...මැට්ටී.මං ඉක්මනටම මගේ ම කරගන්නවා කෙල්ලේ..බය නොවී ඉගනීම් වැඩ කරගන්න...කෝ..මෙහෙට එනවා...මං ආදරෙයිනේ ...
එහෙම කියලා ගීතක කෙල්ලව උකුලට අරන් තුරුලු කරගත්තා.මහ ගොඩක් ආදරෙන් කෙල්ලව හාදු වැස්සකින් නැහැව්වා.කෙල්ල උසස්පෙල කරලා රිසාල්ට් එනකම් කෝස් එකක් කරපු නිසා ගෙදරින් වැඩිය හෙව්වේ නැහැ.ලෙහාන්ට වුනත් වැඩ අස්සේ හොයන්න වෙලාවක් තිබ්බේ නැහැ.ඒකයි දෙන්න අද හම්බුනේ ටිකක් කතා කරන්න හිතන්.
අයියේ...තාත්තා...
එකපාරටම කෙල්ල එහෙම කියලා නැගිට්ටා.තරහෙන් පුපුරන ලෙහාන් ආවේ දෙන්නා වාඩිවෙලා හිටපු තැනට.
චටාාාස්. ....
පලවෙනි පහර ලෙහාන් අතින් කොල්ලගේ කනට වැදෙද්දි කෙල්ලට ගැහුවේ ඊටපස්සේ.කිසිම කතාවක් නැතුව ඇදගෙන වගේ ගිහින් කෙල්ලව ලෙහාන් වාහනේට දාගත්තා.
උඔ අපේ නම්බුව කෑවා..හැම සැපම දිලා හැදුවේ මේකටද උඔව..හෙටම බදින්න ලැස්ති වෙයන්..පලයං කාමරේට..
කෙල්ලව කාමරේට දාලා වහලා දැම්මා.කෙල්ල හුස්ම ගන්න අමාරු වෙනකම්ම ඇඩුවා.ගීතක හිටියේ මහ දුකක් තද කරගෙන.
අයියේ එයාගේ තාත්තා එයාව බන්දලා දෙන්න හදන්නේ මැරයෙක්ට..ප්ලීස් අයියේ අපේ යාලුවා ආදරේ ඔයාට.එයාව බේර ගන්න..මේ එයාගේ අම්මා දෙන්න කිව්වේ...
පුතා
"මං දන්නවා මගේ කෙල්ල පුතාට ගොඩක් ආදරෙයි.කෙල්ල ගොඩක් දුකෙන් ඉන්නේ .මට බැහැ මගේ ස්වාමියා වුනත් එයාගේ නිති වලට මේ අහිංසක දරුවගේ ජිවිතේන්
පල ගන්න දෙන්න.මගේ දුවත් මැරයෙක් බැදලා මං වගේ දුක් විදනවට මං කැමති නැහැ.මං කැමති පුතා දුවව එක්ක යනවා නම්..ඔයා තරම් ආදරේ කරන කෙනෙක් මගේ දුවට ලැබෙන්නේ නැහැ."
හ්ම්.....
දිගු සුසුමක් හෙලලා කොල්ලා දුවගෙන වගේ ගියේ කෙල්ලගේ ගෙදරට..
පුතා...එහෙනම් මගේ දුවව බලාගන්න.දෙන්නටම මං ආශිර්වාද කරනවා.
හා අම්මේ..
අ.ම්මේ...මං...
එපා දුව...අඩන්න එපා රත්තරං.මෙහෙම යවන්න හිතපු ගමනක් නෙමෙයි මේ.ලස්සන මනාලියක් කරන්න තමා දුවේ මේ අම්මා ආස කරේ..ඒත් මේ වෙන දේවල් නිසා මගේ දුවගේ ජිවිතේ මට වටින්නේ..තාත්තා දුවට ආදරෙයි.ඒත් එයාගේ ප්‍රතිපත්තිය වෙනස්.
දරුණුයි..ඒකයි දුව..පරිස්සමින් ඉන්න..පුතා මගේ දුවව බලාගන්න.
කෙල්ල දණගහලා අම්මට වැන්දා.ඇස්වල කදුලු කැට ගලද්දි කෙල්ල ඒ පපුවට තුරුලු වෙලා මව් සෙනෙහස විදගත්තා.ගීතක වැන්දේ ඊටත් පස්සෙයි.
යමු සරූ...මාව විශ්වාසයි නේද රත්තරං...මගේ කෙල්ලට මං දුකක් දෙන්නේ නැහැ.
අයියේ මගේ තාත්තා...එයාට බැහැ මං නැතුව...
ඒත් මට ඔයාගේ ජිවිතේ නැතිවෙනවා බලන්නත් බැහැ.එයා බන්දලා දෙන්න යන මිනිහ මැරයෙක් සරූ.ඔයා අකමැති නම් මං යන්නම්.සතුටින් ඉන්න කෙල්ලේ...
අයියේ...එපා..මං එනවා.
අඩ අඩාම කෙල්ල එහෙමයි කිව්වේ.දුවගෙන වගේ ඇවිත් කෙල්ල ඒ ගැහෙන පපුවට තුරුලු වුනා.ගීතක කෙල්ල තදින්ම පපුවට තදකරගෙන ඒ හිස අතගෑවා.පාරට ඇවිත් කොල්ලගේ ගෙදර යන්න කොළඹට යන බස් එකට අතදැම්මා.
අයියේ..මගේ ඔලුව රිදෙනවා..
තව ටිකකින් කොටුවේනේ..බැහැලා අපි බෙහෙත් මොනාහරි ගමු..ම්..
කොටුවෙන් බැහැලා කොල්ලා කෙල්ලව පුටුවකින් වාඩි කෙරෙව්වා.
මං සිද්ඨාලේප අරන් එන්නම්..ඔහොම ඉන්න පුලුවන්ද..
පුලුවන් අයියේ ..
කොල්ලා අඩියට දෙකට දුවන් ගිහින් කඩේකින් අවශ්‍ය දේවල් ගත්තා.ඒ පිම්මෙම දුවන් අාපු කොල්ලාගේ අතේ තිබ්බ ඒවා බිම වැටුනේ දැකපු දේට..
එපා....
අතගනිං...මං මේකිව මරනවා..උඔ අතගනිං...වේ ... බ.....%*%## උඔ කවුද යකෝ..පලයං මැරුම් නොකා..
අනේ තාත්තේ එපා....
තාත්තේ ...උඔ මට තාත්තා කියන්නවත් එපා..
එහාට පලයං මිනියෝ..
ගීතක දැගලුවේ ලෙහාන් අතේ තිබ්බ පිස්තෝලය ගන්න.මොකද ඒක තිබ්බේ කෙල්ලගේ පැත්තට දික් කරගෙන..
ඩෝං...🔫🔫🔫
මහ සද්දයත් එක්ක සරූ ලේ විලක් මැද ඇදන් වැටුනේ ගීතකත් ලෙහානුත් පිස්තෝලයට පොර බැද්ද නිසාවෙනි.
සරූ...කතා කරන්න...සරූ......සරූඋඋඋඋ....
ප්ලිස් පේෂන්ට කරදර කරන්න එපා..ඒක එයාව තවත් අමාරු කරවනවා මිස්ටර්..
අනේ ඩොක්ටර් මගේ කෙල්ල..
කලබල වෙන්න එපා පුතා අපි බලමු.වෙඩි උණ්ඩේ බාගෙට වගේ වැදිලා තිබ්බ නිසා ටිකක් ෂුවර් එකක් තියනවා.වෙලාවට මෙතනට ගෙනාවේ.හැබැයි ලේ ගොඩක් ගිය නිසා ලේ දෙන්න වෙයි.ඔී පොසිටිව් තමා ඕන.කලබල නොවී අපි ලේ ටික හොයාගමු මුලින්.
ඩොක්ටර් ...අනේ..මං කොහොම හරි මගේ කෙල්ලව බේරගන්නවා.
එහෙම කියලා ගීතක දහ අතේ කල්පනා කරා.දන්න කියන හැමෝගෙන්ම ඇහුවා.ලේ වර්ගේ හොයන්න කලබලේට කොල්ලට බැරිවුනා.
මං ඔයාව බේරගන්නවා කොහොම හරි...ආදරෙයි වස්තු ..
එහෙම හිතලා කවදාවත් ලේ එකක්වත් චෙක් කරලා නැති කොල්ලා පලවෙනි වතාවට ලේ එකක් චෙක් කරන්න ගියේ කෙල්ල ගැන පිරිලා තිබ්බ ආදරේ නිසා.
මිස්ටර් ඔයාගේ ලේ එක මැච් වෙනවා.තව ටිකකින් අපි ලේ දෙන්න පටන් ගන්නවා.
හා ඩොක්ටර්..
පැය ගානකට පස්සෙයි කෙල්ලට සිහිය ආවේ.සුදු අත රතුවෙන්න කටු ගහලා.ඇස් තිබ්බේ ලාවට අඩවන් වෙලා.වේදනාවෙන් පිරිච්ච කෙල්ලගේ ඇස් දිහාම බලාගෙනයි ගීතක හිටියේ.ලාවට වගේ කෙල්ල කොල්ලා එක්ක හීනා වුනා..
වස්තු ...අමාරුද...
හ්ම්...ටිකක්...😡😡😡😡
කොල්ලා හරි ආදරෙන් කෙල්ලගේ හිස අතගෑවා.ඒ පහසට සරූ හිටියේ ඇස්දෙකම පියාගෙන.
අයියේ..
ම්...
මගේ තාත්තා ආවේ නැද්ද...මාව බලන්න..
හැමදාම ඇවිත් මේ දොරේ සිචුරෙන් බලලා ගියේ ඔයාව.පවු එයා ගොඩක් දුකින් හිටියේ..
ඔව් අයියේ මගේ තාත්තා එහෙමයි.කොච්චර දරුණුයි වුනත් හරි ඉක්මනට සංවේදී ..එයා මේක ආවේගෙට කරපු දෙයක්.මගේ තාත්තා අඩනවා ඇති තනියම.මං එයාගේ හිත ගොඩක් රිද්දුවා .මට තිබ්බේ එයාට තේරුම් කරන්න.එයත් එක්ක කතා කරන්න.මං මහ පවුකාරියක්..
නැහැ වස්තු...එහෙම හිතන්න එපා.මේ සේරම වුනේ මං නිසා..මට තිබ්බේ ඔයාට ආදරේ නොකර ඉන්න.ඒකෙන් ඔයාගේ පවුලම දුක් විදිනවා..ඉක්මනටම ඔයා සනීප වෙන්නකෝ..
මගේ අම්මි ආවේ නැද්ද...
ආවා කෙල්ලේ...හැමෝම දුක්වුනා..
අනේ අද කෝ එයාලා...මට ගෙදර යන්න ඕන...
හරි මැණික මුලින් සනීප වෙමුකෝ අපි.ම්....
කෙල්ලව කොහොම හරි නිදිකරවා ගීතක ගියේ මානසික රෝහලට.
තාත්තේ .......
ලෙහාන් හිටියේ ඔලුව කසන ගමන් තමන්ටම මොනාද මුමුණන ගමන්.විටෙක ඔහු තනියම අඩයි.කොටු කරලා තිබ්බ කාමරේ එහෙට මෙහෙට දුවයි.බයවෙලා කෙල්ලගේ නම කියලා කෑ ගහයි.බිම වැටිලා තමන්ගේම ඔලුවට පහර දී ගනී.වැලපෙයි.
පුතා ...මගේ කෙල්ලට දැන් කොහොමද...
හොදයි අම්මේ..සිහිය ආවා එයාට...ඒත් තාත්තට තාම අඩුවක් නැහැනේද...කෙල්ල ඔයාලව අහනවා.
ඒකනේ බලන්න පුතා.ඩොක්ටර් කියනවා මෙයා සංවේදී වැඩි නිසාලු මේ මනස දුර්වල වෙලා තියෙන්නේ.මේක මානසික ලෙඩක් නිසා සුවවෙන්න කල් යනවලු..මේ මගෙත් වැරදි පුතා😔😔..
දෙයියනේ ..කෙල්ල දැනගත්තොත් එයාගේ තාත්තා එයා නිසා පිස්සු හැදිලා පිස්සන් කොටුවේ කියලා.අනේ...කොහොමද එයා ඒක දරාගන්නේ..
පුතා අපි ඉවසලා ඉමු..කෙල්ලට බොරු කියලා අපිට මේක වසන් කරන්න වෙනවා.මෙහෙම ඉදලා මෙයා සුව අතට හැරෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.අපි හැමදේම කාලයාට බාරදෙමු ...
හ්ම්..
෴෴මාස කිහිපයකට පසු෴෴
තාත්තේ ...
................(හිස වනයි.කතා නොකරයි.හිස කසයි)
අනේ දෙයියනේ මං නිසා මගේ රත්තරං තාත්තා මානසික ලෙඩෙක් වුනා..අනේ අයියේ..මං ලොකු පවක් කරගත්තේ..කවදාවත් ගෙවලා ඉවර කරගන්න බැහැ පවක්...කවුරුත් මට සමාවක් දෙන එකක් නැහැ...
සරූ මේ අහන්න..අපි තාත්තාව බලාගමු..එයාව ආයෙත් යථාතත්වයට ගේමු..මං ඉන්නවනේ...
පසු සටහන෴
කෙල්ල මහ ගොඩක් ආදරෙන් කවලා පොවලා ලෙහාන්ව බලාගත්තා.
කාලයත් එක්ක හැමදේම විසදුනා.කෙල්ලගේ සෙනෙහස කරුණාව මැද ලෙහාන් දවසින් දවස යථාතත්වයට පත්වුනේ හැමෝටම සතුටින් පුරවලා..තාත්තා ආයෙත් දුවේ කියනකම් කෙල්ල බලන් හිටියේ ඇගිලි ගනිමින්..
මගේ දුවේ . ...
තාත්තේ 😢😢😢😢
කෙල්ලගේ ඇස්වල කදුලු...තාත්තව බදාගෙන කෙල්ල මහ හයියෙන් ඇඩුවා.කාලය ගලන් ගියා.හැමෝටම සතුට ගේන ගමන් ලෙහාන් එයාගේ අතින්ම කෙල්ලව ගීතකට බාර දුන්නා.කෙල්ල මහගොඩක් ගෞරවයෙන් පාද වැන්දා .
මොන දේ කරත් තාත්තා කෙනෙක් කියන්නේ දෙවි කෙනෙක්.කොච්චර සැර වැර කරත් හදවතින් දුක්වෙන චරිතයක් කියන්නයි මට ඕන වුනේ..මං දන්නේ නැහැ මෙතනදී මං කොච්චර නිවැරදිද,සර්ථකද කියලා.චූටි අදහසක් විතරයි.
෴සමාප්තයි෴
උපුටා ගැනීමක්
No comments:
Post a Comment