රාජකාරිය දේවකාරිය


....රාජකාරිය දේවකාරිය.....

######################

අක්කේ, මොනාද කල්පනා කරන්නේ..

ආහ්,මුකුත් නැහැ නංගි.,මට අකිලව මතක් වුනා.
ඒක වැඩක් නෑ ඇයි නංගි,කතා කරේ.

මගේ සාරියේ හදන වැඩේ අක්කට කරන්න පුලුවන්ද.?අකිලගේ නංගි මගෙන් ඇහුවේ පුතාගේ ඔළුව අතගාන ගමන්.

මේ මොනවද ආයෙම අහන්නෙ,නංගි සාරියෙ වැඩෙයි,ගවුමෙ වැඩෙයි මං කරලා දෙන්න පොරොන්දු වුනානෙ.ඒ ගැන බය වෙන්න එපා.

නෑ මං ඇහුවේ,අක්කට කරදරයක්ද කියලා.

මොන කරදරයක්ද ළමයෝ,ඔයාට හෙට වැඩක්
එහෙම තියද...?

අනේ නෑ අක්කේ,,ඇයි කොහේ හරි යන්නද,

ඇය එහෙම අහන්නැත්තෙ,අපි අකිලව හොයන්න ඒ තරම්ම ඇවිදපු නිසා,නොගියපු පංසලක්,පල්ලියක් දේවාලයක් නොමැති තරම්.හිතේ විශ්වාසයක් තියනවා කරදරයක් නැතිව කොහේ හරි,හොඳින් ඇති කියලා.
....ඔව් නංගි අපි හෙට කොළඹ යමු...

හදිසියේ⁣ම අක්කේ...

නෑ නෑ බං,උඹේ සාරියේ වැඩේට,බඩු ගන්න රතු පල්ලිය ගාවට යන්න ඕන...

කෙල්ලට මනමාල හිනාවක් ගියා...හා හා අක්කෙ යමු යමු...

###########################

කෝච්චිය ස්ටෙශන් එකට එනකොට නමයට ඇති,අපි එහෙමම මල්වත්ත රෝඩ් එකට ආවේ පල්ලිය ගාවට මගින් දාලා යන්න පුලුවන් නිසා.

අක්කේ..අර ,,,නංගි කිව්වෙ,බයෙන් වගේ..

මොකද,,මොකද ළමයෝ බය වෙලා..

අක්කේ,,අයියා....

මම,එදෙස බැලුවේ මහත් උනන්දුවෙන්.

දෙයියනේ,අකිල ..තනියම කියව කියව
වැරහැලි ඇඳන් හිටියේ මගේ අකිල.
මම මහ හඬින් හඬමින් අකිල ළඟට ගියෙමි.මම පරාදයි නංගි කලින්ම ගිහින්.

අනේ අයියෙ...කතා කරන්නකො,අනේ අක්කේ.

අකිල..මහත්තයෝ.කතා කරන්න මහත්තයෝ අකිලට සිහියක් නැත.මිනිස්සු අපි දිහා බලන් හිටියේ මහ අමුතු විදියට.

අනේ අයියේ, අපිව හොස්පිටල් එකට දාන්නකෝ.මම අසල හුන් ත්‍රිරෝද රථ රියදුරෙකුට කිවෙමි.
.
.
කවුද නංගි මේ..මේ මගේ මහත්තයා අයියේ.

මෙයා මෙහෙ ඇවිත් දැන් අවුරුද්දකට වැඩි මයි හිතේ.

අනේ ඔවු අයියේ,අයියා ලෙඩ වෙලා හිටියේ.අපිට හොස්පිටල් එකෙන් දැන්නුවා අයියා පැනලා ගිහින් කියලා.නංගි උත්තර දුන්නෙ මං වෙනුවට.

අයියේ මෙයාව අල්ලන්න පොඩ්ඩක් උදව් කරන්න.

අපි අකිලව මහ රොහලට රැගෙන ආවෙමු.
.
.
.
.
මිස් ඔයාලා පොඩ්ඩක් එලියෙන් ඉන්න අපි බලාගන්නම්.
හෙද නිළදාරියකු අපිට පැවසීය
මගේ සිත ආපස්සට දිවගියේ නිතැතිනි.

අකිලත් මමත් සම වයස් කරුවන් ,උසස් පෙළ හැදෑරීම සඳහා නගරයේ පාසලට ගිය මට පාසලේදී මුලින්ම හමුවුයේ අකිලයි..
නවක සිසුවන්ට ලැබෙන පනිශ්මන්ට් වලින් මා බේරා ගත්තේද අකිලයි.කාලයාගේ ඇවෑමෙන්
අපි පෙම්වතුන් විය.

අවුරුදු 20 වෙද්දි අකිල පොලීසියට බැඳුනේ.හුඟක් කැමැත්තෙන්.
එ් පොලිස්⁣ කොස්තාපල් කෙනෙක් විදියට.ඊට වඩා සුදුසුකම් තිබුනු, අකිල කිව්වෙ පුරප්පාඩු ආපු ගමන් SI දානවා කියලා.

අකිල පොලීසියට බැඳිලා අවුරුදු දෙකකින් අපි විවාහ වුනා.මගේ බඩට මාස හතරක් විතර යද්දි තමයි අකිල ලෙඩ වුනේ.

මම කල්පනා ලොකයෙන් මිදුනේ,නංගි කතා කළ නිසාවෙනි.

අක්කෙ,පොලීසියෙන්.

මිසිස් ,හෙට්ටිආරච්චි .

ඔව්,ඒ මම.ඇයි සර්.අපිත් එක්ක පොලීසියට යමු.

Pc අරයවත් ගන්න.

යමු මිස් එන්න ජිප් එකට.

මම නංගි සමඟ පොලිස්⁣ රියට ගොඩ වුනේ මහත් දෙගිඩියාවෙන්

ඇයි සර් මේ.මම එය වචන කලෙමි.

පොලිසියෙදි දැනගන්න ලැබෙයි.

############################

ගොඩක් ස්තූතියි මිස්,අපි SI හෙට්ටිආරච්චිව එතනින් ගලවන්න ක්‍රම හොය හොය හිටියේ.

SI හෙට්ටිආරච්චි ..

ඔව් මිස්,SI හෙට්ටිආරච්චි ලොකු පොලිස්⁣ මෙහෙයුමක හිටියේ.

හිතේ ඇතිවු නිම්හිම් නැති සතුට වසන් කරමින්
නංගිත් මමත් මූනින්,මූන බලා,අකිල දෙස නපුරු බැල්මක් හෙලුවෙමි.

අකිලගෙන් ලැබුනේ,පිළිතුරු සිනහවක් පමනි.

හෙට්ටිආරච්චි,හොඳට නාගෙන එන්න,කාලෙකින් නාලා නෑනේ.⁣ inspector පැවසූ දෙයට සිනහා නොවී සිටීමට අපටද නොහැකි වුනි..
.
.
.අපි තිදෙනා බදාගෙන හිටියේ පොලීසිය කියලා අමතක වෙලා.

මම හොඳට නාගෙන එන්නම් මැණිකේ.කාලේකින නෑවෙ නෑ.

ඕ ඕ මැණිකෙ විතරයි වද වුනේ,අපි ඉටිපන්දන් නේ.නංගිගේ නෝක්කාඩුව සෑම මුවටම සිනහා කැන්දවිය.

හා හා නලා එනවකෝ,සිනහ මුවින්ම ඇය පැවසීය.
.
.
.
ඇයි සර් අපිටවත් මේ ගැන කිව්වෙ නැත්තේ,

ඒක පොළිසියේ හැටි මිස්,හෙට්ටිආරච්චි රහස් පොලීසියට බැඳුනේ,SI කෙනෙක් වෙලා,මේක එයාගේ පළමු රාජකාරිය.එ්ක හොඳටම කරා.
ඔයාගේ මහත්තයට හොඳ අනාගතයක් තියනවා මිස් පිස්සෙක් වගේ අවුරුදු දෙකක් හිටියා.
ඔය ඇවිත් ඉන්නේ ලේසි පහසු වැඩක් කරලා නෙමෙයි.මුලු ලංකාවටම මත්ද්‍රව්‍ය ගේන ඒවා නවත්තලා.හෙට්ටිආරච්චි හොස්පිටල් එද්දි ඔක්කොම ඇල්ලුවා.

Inspector වරයාගේ කතාවට අපේ කඳුළු අලුත් වුනා.

############################

අකිල අාවේ අලුත් විදියට.ඔහු ලගින් තේජානවිත බවක් දිස්වුනි.

Congratulations හෙට්ටිආරච්චි .ඔයාට මාස තුනක් නිවාඩුයි,ඒ වගේම ළගම පොලිසියට මාරුවක් හම්බවෙලා.

ස්තූතියි සර්.

.
.

අකිල අපිව මතක් වුනේම නැද්ද.අපි ඔයා වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ.

ඒකනේ අක්කේ මේ මොඩයට රස්සාව ලොකුයි අපිට වඩා.අක්කෙ බඩුටික.

අපි පස්සෙ අයියා එක්කම එමු නංගි.

ඒ මොකටද,අකිල ඇසුවේ නංගිව හුරතල් කරන ගමන්.

නංගිගේ වෙඩින් එකට.

⁣යකෝ මූ,මන් නෑ කියලා ගානක්වත් නැතුව වෙඩින් ගන්න.....කවුද සංදීප ද.

ඔව් අයියේ,ඇය ලැජ්ජාවෙන් පැවසීය.

සඳු අපේ පුතාට කොහොමද....?

ආ දැන්ද අහන්නේ.මම සිහින් පාරක් පිටට ගැසුවෙමි.

මට ඉක්මනට පුතාව බලන්න ඕන සඳු..
දාරක ස්නේහයෙන් දෙනෙතට ඉනූ කඳුලක් අකිලගේ දෙනෙතේ දිලිසුනි.

ඒ දුටු මාගේද දෑසින කඳුලක් වැටිනි.

සඳු ඇයි මේ අඬන්නේ.......

෴෴෴.අවසානයි.෴෴෴

,,,,,,,,.....දිලී.....,,,,,,,,,,,

දිලීම උදයංග වික්‍රමසිංහ

2017.10.28.....

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment