ආදර කතාවක්..
කෙටි කතාවක්
"දෙයියනේ සුදු මහතතයෝ.....කී වෙනි පාරද ෆෝන් එක රින්ග් වෙන්නෙ ....ආන්ස්වර් කරන්නකෝ... "
කෙල්ලට හොදටම ඇඩිලා.....ඇස් වල කදුලු පුරවගෙන ආයිත් ඩයල් කලා..
"මේ...සකුනි..'
දැනට ප්‍රයිවට් බෑන්ක් එකක වැඩ.පවුලෙ එකම කෙල්ල...ඒ උනාට කෙල්ලට ගෙදරින් නිදහසක් තිබුනෙ නෑ.කිසි දේකින් අඩුවක් තිබුනෙ නැතත් නිදහසක් නැති ජීවිතේ කෙල්ලට එපා වෙලා තිබුනෙ...
'මිහිරාන්..'
එයා තමයි මේ සුදු මහත්තයා..කෙල්ලගෙ ජීවිතේට ඇවිත් අවුරුද්දක් නෑ...කෙල්ලගෙ අහින්සක ඇස් දෙකට කොල්ලා වශී වෙලා උන්නෙ..ගෙදරට හොරෙන් ගලාගෙන ගිය මේ ආදරේ ...මේ දෙන්නා මේ අවුරුද්දටම මීට් වෙලා තිබුනෙ දෙපාරයි..මේ තුන් වෙනි පාර.මිහිරාන් කැම්පස් එකේ අවසන් වසරෙ කලමනාකරණ පීඨයේ..
"හෙලෝ..හෙලෝ සුදු අම්මි...මාව ඇහෙනවද?? "
"රත්තරන් ඔයා කොහෙද?මම බස් එකට නැග්ගා.හය වෙනකොට මම ටවුන් එකේ .ඔයා ඇවිත් නේද ඉන්නෙ?ඇයි ආන්ස්වර් නොකලෙ..ම්ම්ම්?? "
"සුදු අම්මි...චුට්ටක් අහන්න මැණික..මම මම තාම බෝඩිමේ...මට මට නින්ද ගියා වස්තු...අනේ සුදු අම්මි...කොළඹ බස් එකක නැගලා අවිස්සාවේල්ල ට එන්න..මම පුලවන් ඉක්මනට එනවා.. "
"මොනාද ඔයා මේ කියන්නෙ..ගෙදරින් ආවෙ වැඩට යන්න.ඔය දන්නව...මේ හැමදේම ගෙදරට හොරෙන් කරන්න මම කොයි තරම් බයකින්ද කියල...මොනාද ඔය??මම කවදාවත් බස් එකේ ඒ තරම් දුරක් ගිහින් නෑ... "
සකුනි අඩන්න ගත්තෙ මේ පාර කියලා නොබලා..ගෙදර කවුරු හරි දැක්කොත්....
"මගෙ අම්මි මේ අහන්න...මගෙ පන පරිස්සමට ගෙදර යන්න..අම්මට කියන්න අසනීපයි කියලා..මට මගෙ පන අඩනවා බලා ඉන්න බෑ..... "
"බෑ...බෑ...සුදු අයියා....ඔයා දන්නවා අපෙ ආදරේ අපි මීට් වෙන අන්තිම දවස මේ..තාත්ති මාව කැලුම්ට බන්දල දෙයි ඉක්මනට.මට ඔයාව බලන්නැතුව යන්න බෑ...අනේ...ඉහි ඉහි....
මම එනවා..ඔයා එන්න....ම්ම්ම්.... "
මිහිරාන්ට තමන් ගැනම ආවෙ කේන්තියක්...අමතර පන්ති කරන නිසා රෑ ටියුට් වගයක් හැදුවා.ඒකයි කොල්ලට නින්ද ගියෙ...
කෙල්ල බලංගොඩ කොළඹ බස් 1ට නැගලා ජැකට් එක දාගෙන ශෝල් 1කින් මුස්ලිම් වගේ මූන වහා ගත්තෙ බයට.ටික දුරක් එනකොට වමනෙට එනව..මේ ගමන සකූට හරිම නුහුරුයි...
"ඇයි දුව...මේ බෑග් එකට වමනෙ කරන්න..ම්ම්ම්ම්ම්.....හරිනෙ... "
එහා පැත්ත ශීට් 1 හිටපු ඇන්ටි කෙල්ලට උදව් කල...
"මැණික...මම අවිස්සාවේල්ලට ආවා.. "
ඒ මිහිරාන්...එක හුස්මට බයික් 1 ආපු කොල්ල නැවත්තුවෙ අවිස්සාවේල්ලදි.....
"හ හරි සුදූ...මත් තව චුට්ට දුරයි... "
"ඇයි මගෙ මැණික....අමාරුවෙන් වගේ.... ?"
"මට වමනෙ ගියා සුදු ...බය වෙන්න එපා..අවිස්සාවේල්ල බහින්න..... "
එතකොටම සකූ බහිනවා මිහිරාන් දැක්කා...කෙල්ලගෙ මැලවුණු මූන දැක්කම කොල්ලට දුක හිතුනා...
දෙන්නගෙම ප්ලෑන් එක මේ වෙනකොට අවුල් වෙලා තිබුනෙ.මිහිරාන් සකූ වත් බයික් එකේ දාගෙන සමන් දේවාලෙ වදින්න යන්න හිතන් හිටියෙ.මිහිරාන් ගෙ පරක්කුව නිසා හැමදේම වෙනස් වෙලා...
"මට සමා වෙන්න පන...මගේ වැරැද්ද....අපි.මේ ලග පන්සලක් බලලා යමු.....ම්ම්ම්... "
"හා සුදු අයියා....කමක් නෑ...හිතල දොයියා ගත්ත නෙමෙයිනෙ......... "
දෙන්නාම කොල්ලගෙ බයික් එකට නැගලා ඉස්සරහට ගියෙ කන්න හිතාගෙන උදේට..ඒත්....
"දෙයියනේ අයියේ කැලුම්.......එයාලගෙ ෆැමිලි එකම ඉන්නවා.අනේ අපිව දකී...මොකද කරන්නෙ කියන්න මට....අනේ... "
හිතුවෙ නැති මේ කරදරේ නිසා දෙන්නම හොදටම බය උනා...කොල්ලා දැක්කෙ ඉස්සරහ තිබ්බ බෝඩ් එක....කොල්ලා දෙපාරක් නොහිතා බයික් එක ඇතුලට දැම්ම...
"හෙල්මට් එක ගලවන්න එපා...ඔහොම ඉන්න.... "
කියපු කොල්ලා ඇතුලට ගිහින් කාමරයක් වෙන් කර ගත්තා.
"යමූ...."
සකූගෙ අතින් අදගෙන කාමරේට ආපු මිහිරාන් දොර ලොක් කලා...බය වෙලා හිටපු කෙල්ල පියවි සිහියට ආවෙ ඒ හඩින්..
"අනේ තාත්ති...මෙහෙ අපි අනේ..... "
ආයිත් කෙල්ල මහ හයියෙන් අඩන්න ගත්තෙ කෙල්ල මෙහෙම තැනකට එන්න හීනෙන් වත් නොහිතුව නිසා...
කොල්ලටත් දැනුනෙ පුදුම කලකිරීමක්...
"කැලුම් ව දැක්කම මට බය හිතුනා අම්මි.මට සමා වෙන්න ...අපි තව චුට්ට කින් යමු..ම්ම්ම්....හොද ලමයනෙ...අඩන්න එපා..එන්න මගෙ ලගට...එන්න කෝ.... "
කෙල්ල ඒ පපුවට බර උනේ අඩාගෙනමයි...
"මාව විස්වාස කරන්න අම්මි..මට ඔයාව මෙහෙම තැනකට ගේන්න ඕනි උනේ නෑ.අපේ ආදර කතාවෙ අන්තිම දවස පන්සලක ගෙවන්න මට ඕනි උනේ.මට බය හිතුන අරුන් අපිව දකී කියල... "
"මට ඕනි උනේ බුදු සාදුගෙන් ඔයව් ඊලග අත්මෙවත් මට දෙන්න කියලා ඉල්ලන්න...තේරුනාද??? "
කොල්ලා කියෙයුවෙ සකූ වැරදියට හිතයි කියල බයෙන්..ඒ ඇස් වල කදුලු කෙල්ලගෙ ඔලුවට වැටුන .කෙල්ල ඇස් උස්සල බැලුවේ කොල්ලගෙ මූන දිහා...දෙයිය්නේ කදුලු....කෙල්ලට ඉහිලුම් නැතුව ගියා....කොලලව ඇදේ ඇදේ වාඩි කරවපු කෙල්ල කොල්ලගෙ මූන දෝතට ගත්තා...
"අනේ ඇයි මහත්තයෝ මේ...ම්ම්ම්ම් බලන්න.මට ඔයාව විස්වාසයි..මට ඔය පපුවට තුරුල් වෙල ඉන්නත් පුලුවන් ...මෙතන හොදයි...ම්ම්ම් "
කෙල්ලට ඕනි උනේ කොල්ලගෙ දුක නැති කරන්න.තමන් මෙතනට කැමති කියල පෙන්නන්න.කෙල්ල හිත යටින් පිච්චි පිච්චි උන්නෙ.
"සුදු අම්මි....මේ බලන්න....ආදරෙයි ගොඩක්..උම්ම්ම්ම්ම.....මා.. "
කොල්ල කෙල්ලගෙ නලල මත හාදුවක් තියල සකූව තුරුල් කර ගත්ත...දෙන්න පැයක් විතර එහෙම ඉන්න ඇති......
"තාත්තී ... "
"ම්ම්ම්ම්ම්...."
"පොරොන්දු වෙන්න.... "
"මොකක්ද?? "
'මම නැති උනාට සතුටින් ඉන්නවා කියලා..... "
"ම්ම්ම්හ්හ්හ්හ්... "
"අනේ...මට සමාවෙන්න මහත්තයෝ....අපේ අම්මලා කවදාවත් අපිට කැමැත්ත දෙන්නෙ නෑ...ඔයාව මට ලන් කරන් මම කලේ වැරැද්ද ක්...මට සමා වෙන්න .මට කැලුම්ව බදින්න වෙනවා...අද අපි මුනගැගෙන අන්තිම දවස.ලස්සන කෙල්ලෙක් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි...මට සමා වෙන්න.... "
"මොනාද මැණික මේ කියවනේ.මේ අපේ ලැබීම.ඔයා නමින් දියුරනවා...මම හොදින් ඉන්න්වා..හැබැයි මේ ඇස් දෙකට තරම් කාටවත් ආදරේ කරන්නෙ නෑ.... "
"දෙන්නම හොදටම අඩනව..... "
කෙල්ලට මේ දේවල් දරා ගන්න බෑ.....ඒත් කෙල්ල තීරනයක් ගත්තා...අන්තිමට....මගෙ හැම වටිනාක්මක්ම දෙන්නෙ මගෙ මහත්ත්‍යට් විතරයි ...
"සුදු අයියෙ.... "
"ම්ම් "
"දෙයක් කියන්නම්.. "
"ම්ම්ම් "
"මාව ඔයාගෙම කර ගන්න...මේ කාමරේ ඇතුලෙම.මට හැමදාම සතුටින් ඉන්න පුලුවන්..මගේ හැම වටිනාකමක්ම ඔයාට දුන්න කියලා. "
මිහිරාන් පුදුම වෙලා කෙල්ල දිහා බලන් හිටියා...නෑ ඒ ඇස් කියන්නෙත් ඒ කතාවමයි...ඒ ආදරේ....
"කමක් නැද්ද...."
ටිකක් වෙලා නිහඩව හිටපු.කොල්ල... ඇහුවා
"කමක් නෑ.... "
ඒ හඩේ තිබුනේ ස්තීර බවක්...
"මම ගෙදර යන්න එක්ක ආවෙ.මගෙ බෑග් එකේ ශෝටකුයි ටී ශර්ට් එකකුයි ඇති...වොශ් එකක් දාගෙන ඇද ගන්න...මම එන්නම්.... "
එහෙම කියපු කොල්ලා කාමරෙන් එලියට ගියා...
හිමින් ඇදෙන් නැගිටපු සකූ බාත් රෑම් එකට ගියෙ සතුටින්...
මේ ආදරේ වෙනුවෙන් මට කරන්න පුලුවන් මෙච්චරයි ....වතුර මල යට ඉදන් කෙල්ල හිතුවා....කොල්ලගෙ ඇදුම ටිකක් ලොකුයි....ඒකත් දාගෙන කෙල්ල එනකොට කොල්ලා කෑම ගෙන්නලා...ඇදට වෙලා බර කල්පනාවක.
"ඉන්න...මාත් එන්නම්..."
.කොල්ලා බාත් රූම් 1ට ගියා...කොල්ලා ගෙදර ගෙනියන්න ගෙනාපු බෙඩ්ශීට් 1 ඇදට දැම්මෙ කෙල්ලව මේ ඇද රෙදි උඩ තියන්න තිබුනු අකමැත්ත නිසා.කොහේ කොහේ යන මිනිස්සු එනවද දන්නෙ නෑ....
මිහිරාන් එනකොට කෙල්ල මලක් වගේ ඇස් දෙකත් පියන්...ඇද උඩ...කෙල්ල ලගින් වාඩි උන මිහිරාන් කෙල්ලගෙ මූනට බර උනා...කෙල්ල හීනියට ඇස් ඇරල බැලුවා..
"සුදු අම්මි...කමු.... "
"ම මට බඩකිනි නෑ... "
කෙල්ල කියපු හුරතලේට කොල්ලට හිනා...ඉමෝ වලින් මේ හුරතලේ දැක්කට ලගටම දැක්කෙ අද....
කොල්ලටත් නොදැනි ඒ තොල් පෙති වලට බර උනේ ඒකයි.පලමු වතාවට තොල් පෙති වලට දැනුනු පහසට වෙව්ලල ගිය කෙල්ල ඒ උනුසුමට නතු උනේ ඉබේමයි...
මිහිරාන් ඒ තොල් අතෑරියෙ ගොඩක් වෙලාවකින්...රෝස තොල් රතු පාට වෙලා...කොල්ලට ලෝබ හිතුන...තාමත් කොල්ලා හිටියේ බාත් රූම් ඉදල ආපු ගම්න් ශෝට පිටින්.
කොල්ලා කෙල්ලගෙන් ඈත් වෙන්න හැදුවෙ ටී ශර්ට් 1 දා ගන්න.ඒත් කෙල්ල තාමත් ඇස් පියන් කොල්ලගෙ කර වටේ අත් දෙක දාගෙන කොල්ලට තුරුල් උනා...කෙල්ලගෙ හිතේ තිබුනෙ එකම දෙයයි...ඒ කොල්ලට අඩ තමන්ගෙ ජීවිතේම දෙනවා කියලා...
සකූගෙ මේ උනුසුම මිහිරාන්ටත් අලුත් අත්දැකීමක්..මේ කොල්ලගෙත් පලවෙනි ආදරේ.... "සුදු අම්මි කෝ ඉන්නකෝ..අයියා ටී ශර්ට් එකක් දා ගන්නකම්... "
"ම්ම්ම්ම්හ්හ්හ්හ් "
කෙල්ල කියුවෙ ඇස් තවත් තද කර ගන්න ගම්න්...
මිහිරාන්ටත් දැනුනෙ මහ පුදුමාකාර හැගීමක්...කොල්ලා කෙල්ලවත් තුරුල් කරන් ඇදට බර උණා...
ටිකෙන් ටික ඇග උනුසුම් වෙද්දි....කොල්ලගෙ තොල් පෙති කෙල්ලගෙ මූණෙ දග කරන්න පටන් ගත්තා...ජීවිතේ පලමු වතාවට දැනෙන මේ ආදරණීය හැගීම් එක්ක සකූ නම් හොදටම මත් උනා....
මිහිරාන්ගෙ තොල් සකූගෙ බෙල්ල කන් පෙති හොයන් ආවෙ කෙල්ල කිතියෙන් කෙදිරි ගාද්දි...
"මහත්තයෝ .....ම්ම්ම්ම්ම්.. "
"මගෙ මැණික... "
හිමීට පටන් ගත්ත මේ සිප ගැනීම චුට්ට චුට්ට වේගවත් උනා...
කොල්ලගේ ඇගිලි තුඩු කෙල්ලගෙ සුදු බන්ඩියේ දග කලේ කෙල්ලගෙ කෙදිරිලි හඩ මැද....
"අනේ පන....ම්ම්ම්ම්...මම.ම්ම්..ගොඩක් ආදරෙයි...ම්ම්ම් "
සකූ කෙදිරිලි හඩින් පවසද්දි කොල්ලාටත් සීමාවන් අමතක උනා....
කෙල්ලගෙ ටී ශර්ට් 1 ගෙලෙන් පන්නල ඒ සුදු පපුව දිහා බලා හිටියෙ පුදුමෙන්..කිරිම කිරි පාට පපුව දුටු මිහිරාන් මත් උනා....අගිලි තුඩුත් තොල් පෙතිත් පපුව පුරා දග කරද්දි සකූ කලේ කෙදිරිලි හඩක් නගපු එක විතරයි.කෙල්ල හිටියෙ වෙනමම ලෝකෙක..
කොට ශෝටෙන් මතු උන කෙල්ලගෙ සුදු කකුල් දිහාවට මිහිරාන් ඇදිල ගියෙ නොවිවසිල්ලෙන්..
ඒත්....
කරන්ට් 1ක් වැදිල වගේ මිහිරාන් නතර උනා....
මම මොනාද මේ කරන්නෙ....පිස්සෙක්
මිහිරාන් ට තමුන් ගැනම ආපු කේන්තිය පාලනය කර ගත්තෙ ඇද විට්ටමට අතින් ගහල...මාව විස්වාස කරලා ආපු කෙල්ල..මම නම් බල්ලෙක්....ඉක්මනින් උඩට ආපු මිහිරාන් බෙඩ් ශීට් 1 කෙල්ලගෙ ඇග වටේ එතුවා..
හාදු නොවැටෙන කල්හි..සකූ හිමීට ඇස් අරියා...ඇස් වල කදුලු පුරවන් තම් දිහා කොල්ල බල්න් ඉන්නවා...
"මට සම වෙන්න මගෙ මැණික ...මම බල්ලෙක්...අනේ... "
කෙල්ලට හිතන්න ඉඩක් නොතියම කොල්ල කෙල්ලව තුරු කර ගත්තා.හුස්ම හිරවෙන තරමටම අගට තද කර ගත්තා..
"මට ආදරේ කලේ...ලස්සන මලක්....මම ඒ මලට ආදරේ කලා විතරයි මගෙ මැණික ...මට මේ ආත්මෙ ඒ මල අයිති නෑ...එහෙමෛ කියලා ඒ මලේ පෙති කඩල දාන්න මට බෑ... "
"මම කැලම්ට බාර දෙන්නෙ.මේ මලව "
"මේතරම් දුර ගියාට මට සමා වෙන්න වස්තු .මට මාව පාලනය කර ගන්න බැරි උනා..මට සමා වෙන්න... "
කෙල්ලව තුරල් කරන් කොල්ල අඩනවා.
"අනේ මහත්තයෝ ඇයි ඔයා අඩන්නෙ.මේ හැමදේම උනේ.මගෙ කැමැත්තෙන්.මට මීටත් වඩා දුර යන්න ඕනි...ප්ලීස්.... "
"මරනවා මන් උබව..."
මිහිරාන් කෙල්ලට රිදෙන්න අත තද කල...
"ඌයි..... "
"අම්මා තාත්තා ඔයාව හැදුවෙ මලක් වගේ ඔයාගෙ මහත්තයා ට බාර දෙන්න්...ථේරුම් ගන්න මගෙ පන.මට ඒ දේවල් ගන්න පුලුව්න්...ඒත් ඔයගෙ දරුවන්ගෙ තාත්ත්ට ඔයා මොනාද දෙන්නෙ....ම්ම්ම්.. "
"ඔයාට ආදරේ කලාට ඔයගෙ වටිනාකම නැති කරන්න මට බෑ..ඔයා මට දීපු ආදරේ ඇති.ඔයා මෙහෙම තීරනයක් ගත්තෙත් ඒ ආදරේ නිසා .ඉතින් වෙන මොනවද්...ම්ම්ම්..මගෙ පන අයියට තුරුල් වෙලා දොයියා ගන්න.අපි ටිකකින් නැගිටල පන්සලුත් ගිහින් ගෙදර යමු...ම්ම්ම්.. "
"ම්ම්ම්ම්....ආදරෙයි තාත්තියෝ....
කෙල්ල කොල්ලව බදාගෙන අඩල අඩල නින්ද ගියා..කොල්ලා කෙල්ල ඇහැරෙනකොටත් ඔලුව අත ගානව... "
"උම්ම්ම්ම්ම .. "
"මගෙ පන නැගිට්ටද...හරියටම පැයක් දොයි ...හ පැටික්කි වගේ..... "
"නැගිටින්න මැණික ...අපි පන්සල් යමු.. "
කොල්ලා කියුවා වගේ කෙල්ල මූන හෝදගෙන හිමීට ලෑස්ති උනා...කාමරෙන් එලියට යන්න හදදි කොල්ලා ගෙ කකුල් බදාගෙන කෙල්ල වැද වැටුනා..
"ඔයා දෙවි කෙනෙක් මගේ පන ...ඔයාව ලබන්න මගෙ පින් මදි..මට සමා වෙන්න.. "
මුකුත් නොකියපු කොල්ල..ඒ නලලට තොල් තඩ කලේ තමන් ඇඩුවොත් කෙල්ලව පාලනය කර ගන්න බැරි නිසාමයි..
දෙන්න පන්සල් ගිහින් බුදුන් වැදලා ප්‍රාර්ථනා කලේ ලබන ආත්මෙවත් දෙන්නට දෙන්න ලැබෙන්න...
පසුවදන......
මේක වෙලා දැනට මාස 3ක්.සකූ මගෙ හොද යාලුවෙක්.සකූ මාත් එක්ක මේ දේවල් කියුවෙ අඩ අඩ.සකූව කැලුම්ට බන්දනවා මැයි වල.සකූ තාමත් අඩනව..නොකා නොබී ඉන්නවා....හූල්ලනවා...මිහිරාන් කියලා වෙනසක් නෑ..එයා සකූට කතා කරන එක අඩු කලා.එයා බයයි සකූ වැරැද්දක් කරෛ කියලා.ඒත් එයා හැමදාම හවසට කතා කරලා මගෙන් සකූ ගැන අහනව..එයාව බලා ගන්න කියනව...ඒක වෙන්න ඇති ඇත්තම ආදරේ ...මටත් දුකයි ඒ දෙන්න ගැන.මේ කතාවෙ එච්චර ලස්සන නැතුව ඇති...ඒත් තමන්ගෙ කෙල්ල අතෑරල ගියාම අතින්වත් අල්ලලා නැතත් නිදා ගත්ත කියන පිරිමි ඉන්න ලෝකෙ මිහිරාන්ල වගේ අය දෙවිවරු..
මිහිරාන්ට තිබුනා හැමදේම අරන් පැත්තකට වෙන්න .ඒත්....ඉතෘ ටික ඔයාලට බාරයි.
ආ...මිහිරාන් මට කියුවා එයා සකූට වෙච්ච පොරොන්දු ඉශ්ට කරනවලු
අම්මල හොයල දෙන කෙනෙක් බදිනවලු.ඒත් සකූට තරම් කාටවත් ආදරේ කරන්නෙ නෑලු.
අහිංසා
No comments:
Post a Comment