ආදරය VS අයිතිය
කෙටිකතාව
අම්මී...ටීච කියුවා හෙට පේරන්ට්ස් මීටින් කීලා..."
"හරි සුදු මහත්තයා මම එන්නම්...කීයටද...??"
"නයින් තර්ටි අම්මී..."
"ඕකේ..සුදු මහත්තුරු...අම්මි වෙලාවට එතන...මගෙ පුතු දැන් දොයියා ගන්න....."
"අම්මි උම්ම්මා...."
"උම්මා විතරක් මදි පුතු..."
"හයියෝ..තව චුත්තෙන් පුතුට අමතක වෙනඅනෙ..."
"දසමාසේ...උලේකත්වා......."
පුතුගේ හුරතලය මදූගේ සියලු දුක්ක දෝමනස්සයන් සමනය කරනවා හැමදාමත්...ලොකු දූ සාරංගට අයිති වෙද්දි මෙතුල චූටි පිතු අයිති උනේ මදූට.ඉන්ටර්නැශනල් ස්කූල් එකකට ගියා කියලා පුතාට සිංහල කතා කරවන්නවත් හොඳ වැඩ කරවන්නත් මදූ අමතක කලේ නෑ...
.................
"ගුඩ් මෝනින්...මෙතුල බබාගෙ මමී නේද..?"
"ගුඩ් මෝනින් ටීචර් ...මම මෙතුලගෙ අම්මා.."
මදූ පැවසුවේ සිනාවෙමින්...
"මෙතුල....මෙන්න අම්මි ඇවිත්....අටිකක් ඉන්න මැඩම්...තාම පේරන්ට්ස්ලා ඔක්කොම ඇවිත් නෑ..."
"ඉට්ස් ඕකේ ටීචර්.."
මෙතුල පුතු දුවගෙන ආවෙ තවත් ඔහුගේම වයසෙ හුරතල්පාට ගෑණු ලමයෙක් එක්ක.මදූට ලොකු දූ මතක් උනේ නිතැතින්..
"අම්මි මේ මෙතුනි...මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් .."
චූටි මෙතුල කියුවෙ කට ඇද කරමින්...
මදූ පොඩිඋන් දෙන්න ලගට පාත් උනේ මව් සෙනෙහස උතුරද්දි ...
"ආන්ටි...ලව් යූ...උම්ම්ම්ම්මා..."
චූටි කෙල්ල මදූගෙ කම්මුලක හාදුවක් තැවරුවා..
."ලව් යූ ටූ මයි ඩෝල්..."
මදූ පොඩි උන් දෙන්නව තුරුල් කර ගත්තා...
"සුදු අම්මී..."
මදූ ගැස්සිලා ගියෙ සුපුරුදු පරණ ආමන්ත්‍රණයට ...ඒ හඩමයි...ඔව්.ඒ ඔහුගේ නෙත් කැල්මමයි...නමුත් ඒ ඇස් රැදිලා තිබ්බෙ මෙතුනි ලග...
"තාත්ති ලේට්ද සුදු අම්මි..."
"නෝ තාත්තී...මගෙ තෝයි තාත්ති..."
කෙල්ල හුරතලේට ඔහුගෙ ඇගේ එල්ලෙද්දි මදූ නිමේශයකින් අතීතයට ගියා...
..................
"මොකෝ මේ මූණ ඇද කරන්.."
"බන්ඩි සිදෙනවා තාත්ති.."
"අර මොකෝ...මොනාද ජරාවක් කෑවෙ.."
"මුකුත් නෑ අනේ..අර ලෙඩේ..."
"මොන ලෙඩේද..."
"මෝඩයා..බබානෙ මෙයා.."
"මට පුලුවන් ඕක සනීප කරන්න ටික කාලෙකට..."
"කොහොමද..?"
"මේ බන්ඩියට මම වගේ සුදු කොලු පැටියෙක් දීලා..."
"ආ...මෝඩයා..."
"ඇයි එපාද..?"
සනෝජ් අහන්නෙ තරහා මූණක් මවාගෙන...
"තාත්ති..."
මදූ ඒ මූණ තමන් පැත්තට හරවා ගන්නවා..
"දෙන්නකො...පැටව් දෙන්නෙක්ම එක පාර.."
"අනේ සුදු අම්මි..තම ඔයාලගෙ ග්ව්දරින් කැමතිත් නෑ...මම විහිලුවක් කලේ මැණික.."
එතනින් එහාට තියෙන්නෙ දෙන්නටම අඩන මාතෘකාවක්..
"ඒක නෙමෙයි පුතෙක් හම්බුනොත් මෙතුල කියලා දාමු...දුවෙක් උනොත් මෙතුනි කියලා දාමු..."
ඊට පස්සෙ දෙන්නම බබාලට නම් හදනවා..
......................
""සුදු අම්මි..."
මදූ පියවි සිහියට ආවෙ ඒ ආදරණීය ආමන්ත්‍රණයට ....නෑ ඒ නම් කතා කලේ මදූටමයි...
"සුදු මහත්තයා..."
කොච්චර කාලයක් වෙන් වෙලා හිටියත් ඒ ආමන්ත්‍රණය තුලත් වෙනසක් තිබුනෙ නෑ..
"එතකොට මෙතුල..ඔයාගෙ පුතාද..??ඒ නමමයි.."
"මෙතුනි...ඔයාගෙ දුව..ඒකත් ඒ නම.."
"පොරොන්දු කඩ කරන්න බෑනෙ සුදු අම්මි.."
...........
"අනේ මාව සාරංගට බන්දවා තාත්ති...මම කොහොමද අම්මලට පිටු පාන්නෙ...අනේ මට ඔයාවත් ඕනි තාත්ති.."
"අම්මලා අකමැත්තෙන් එයාලගෙහිත රිද්දලා මට ඔයාව මගෙ ලගට ගන්න බෑ සුදු අම්මි...හැබැයි එක පොරොන්දුවක් ...ඔයාට තරම් කාටවත් ආදරේ කරන්නෙ නෑ..මේ ආදරේ මැරෙන තුරාවට මෙහෙමමයි..."
"සුදු අම්මි මට එක පොරොන්දුවක් වෙන්න..."
"මොකක්ද තාත්ති.."
"ඔයාගෙ බබාලට අපි කතාවෙච්ච විදිහට නම් දාන්න ඕනි..."
"ඔයත්.."
"මම බැන්ඳොත් නෙ..."
"එහෙම බෑ රත්තරන් මට පොරොන්දු වෙන්න..ඔයා බදින්න ඕනි...ලස්සන බබලා හදන්න ඕනි.."
"සුදු අම්මි...සාරංග එක්ක ජීවත් වෙද්දි එයාගෙන් මාව බලාපොරොත්තු වෙන්න එප...එයා ආදරේ කරන විදිහ වෙනසැති..ඉවසන්න.."
"ම්ම්"
"සතුටින් ඉන්න රත්තරන්න්..."
එදා දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් ඔවුන් දෙපැත්තට උනා...
.........
ඒත් මදූගෙ ජීවිතේ හරි ඉක්මනට වෙනස් උනා..සාරංගට කවදාවත් මදූව තේරුම් ගන්න බැරි උනා..අන්තිමට දෙන්නා දෙපැත්තට උනේ දරුවො දෙන්නා දෙපැත්තට උනා.."
"කෝ දූගෙ අම්මා..."
"එයා ප්‍රෙග්නන්ට් සුදු අම්මි..කෝ හස්බන්ඩ්.."
"අපි සෙපරේට් උනා සුදු මහත්තයා.."
මදූ කියද්දි ඇස් වලට කදුලු පිරුනෙ සනෝජ්ගෙ...
"ඔයා තාමත් එදා වගේමයි...ඒ කතාව හිනාව.."
"අපි දෙපැත්තකට උනාට කවදාවත් අපෙ ආදරේ දෙපැත්තට උනේ නෑ සුදු මහත්තයා ..ඒකයි අදටත් ඔයා මට සුදු අම්මි.මම ඔයාට සුදු මහත්තයා කියලා කතා කරන්නෙ..ඒත් අපේ හිත්වල ආදරේට එහා දෙයක් නෑ..."
"මට සමාවෙන්න සුදු අම්මි...ඔයාව බලෙන් හරි මගෙ ලගට ගත්තනම් අද ඔයා සතුටින්..."
"මේ වෙන්න තිබ්බ දේවල්...ඒ ගැන හිතන්න එපා.."
"ඔයාට ලස්සන පවුලක් තියනවා මට නැති උනාට.මට ඒ ඇති.."
"මම අද මෙතුනිගෙ අම්මට කියනවා ඔයාව මීට් උනා කියලා.එයාව බැදපු දවසෙම මම එයාට ඔයා ගැන කියුවා..අපෙ ආදරේ ගැන කියුවා...මම ඔයා ගැන හෙවුවා..එත් ආරංචියක් ලැබුනෙ නෑ.."
"එපා සුදු මහත්තයා ප්‍රශ්නයක් ඇති වෙයි..."
"එහෙම වෙන්නෙ නෑ.."
"අම්මි...ටීච එන්නලු..."
මෙතුල මදූගෙ අත අල්ලා ගනිද්දි මෙතුනි සනෝජ්ගෙ අත අල්ලා ගත්තා..
ඊට පස්සෙ, මෙතුල මෙතුනිගෙ අතින් අල්ලා ගත්තම සනෝජ් හා මදූ මීට අවුරුදු හය හතකට පෙර මැවූ පුන්චි පවුලේ සිහිනය සැබෑ උනා වගේ දෙන්නගෙ සිත්වලම සතුටක් මෝදු වෙද්දි මැද්දෙ හිටපු දරුවො දෙන්නා දැකලා දෙන්නම වර්තමානයේ සිත් ගාල් කලා...
...................
හිමි වීමම ආදරය නොවේ..එබැවින් ආදරය කර වෙන් වූ පලියට අනෙකාට ලැජ්ජා කිරීම පලි ගැනීම වෙනුවට ඒ ආදරේ සිතෙහි කොණක තබා ගන්න.ජීවිතයට අලුතෙන් පැමිනෙන අයට ඉන් අසාදාරණයක් නොවන පරිදි..එවිට අනාගතයේ දවසක අතීතය දෙස බලා සිත සනසා ගැනීමට ඔබටත් මටත් හැකි වනවා නියතයි...
උපුට ගැනීමක්
No comments:
Post a Comment