නිහඩයි අවංක ආදරේ

❤❤නිහඩයි අවන්ක ආදරේ❤❤

"හෙලෝ තාත්ති අද ඉක්මනට එනව නේද????"

"හම්ම්ම්ම්.....බලමුකො ආ....හවස බෝඩ් මිටින් එකකුත් තියනව...."

"අනේ මහත්තයෝ ඇයි මෙි.....බබයි මායි බලාගෙන හිටියෙ තාත්ති අදවත් ඉක්මනට එයි කියල....."

"අයියෝ පිලිස් චතුනි....තේරුම් ගන්නකො....."

"ඔයාට දැන් මගෙන් වැඩක් නැති උනත් මෙි දරුව වෙනුවෙන් වත් එයා ගැන හිතල ඉක්මනට එන්න මහත්තයො......"

"තමුසෙට සිංහලෙන් තිවනෙ.මට පවුල් නඩත්තු කරන්නයි මෙි ඔෆිස් එකේ වැඩයි ඔක්කම එක පාර කරන්න බැ....තේරුමි ගන්නවකො දෙයක් කිවම....."

"සමාවෙන්න මහත්තයෝ.....බුදු සරණයි.පරිස්සමින් මගෙ දෙයි‍යො...."

"හා...හා....හුරතල් ඕන නැ....ඕක තියකව.මම එන විදිහට එන්නම්...."

****************************************************

"අම්මී...තාත්ති අද ඉක්මනට එනව කිවද? බබට චොකලට් ගේනව කිවද?.."

"හම්ම්ම්ම්....ඔව් පුතේ.තාත්ති චොකලට් ගේනව කිව....ඉක්මනට එයි...."

"අද එනම් තාත්ති අවම අපි සෙල්ලම් කරමු අම්මී...."

"හම්ම්ම්ම්....බලමුකො පුතේ..."

චතුනි කියන්නෙ පෞද්ගලික බැංකුවක වැඩකරපු විශ්‍රාම ගිය මැනේජ කෙනෙක්ගෙයි ටීච කෙනෙක්ගෙයි පවුලෙ එකම කෙල්ල.චතුනිට හිටියෙ තව අයියල දෙන්නෙක් විතරයි.එකම කෙල්ල වගේම බාලම කෙල්ල නිසා අයියල දෙන්න නංගිව පරිස්සම් කරෙ නාගයෙක් මැණිකක් රකිනව වගෙ.චතුනිගෙ කල වයසත් හරි ගියාට පස්සෙ ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකට තමා චතුනි කැමති වෙලා කසාද බැන්දෙ.

රංග...රංග තමා චතුනිව කසාද බැදපු කෙනා.රංග කියන්නෙ ලොකු ප්‍රයිවට් කම්පැනි එකක අයිති කාරයෙක්.රංගගෙ තාත්තයි චතුනිගෙ තාත්තයි හොදම යාලුවො නිසයි රංගව චතුනිට ප්‍රපෝස් කරන්නෙ.

චතුනි අවුරුදු 25 ටම පිටස්තර පිරිමි තෙනෙක් එක්ක සුහදව කතා කරා නම් කතා කරේ ඒ රංග එක්ක විතරයි.චතුනි කියන්නෙ රංගගෙ දෙවනි පෙම්වතිය.එත් චතුගෙ ප්‍රතම නොඉදුල් කුලුදුල් ආදරෙ උනේ රංග.

දෙන්න ආදරේ කරන්න කලින් මුලිනිම යාලුවො වගෙ ඉදල හොදම යාලුවො වෙලා දෙන්නට දෙන්න තේරුමි අරන් තමා ආදරෙ කරන්න පටන් ගන්නෙ.මෙයාල අවුරුද්දක් විතර ආදරෙ කරල තමා මැරි කරන්නෙ.

රංගයි චතුනියි මැරි කරල වෙනම ගෙදරක තමා ජිවත් උනෙ.මැරි කරපු මුල් දවස් වල විතරක් නෙවෙි බබා හම්බුනත් එයාල ආදරෙ කරෙ හරියට ආදරෙ කරන්න පටන් ගත්ත මුල් දවස් වල වගෙමයි....

****************************************************

"සර් මෙි ෆයිල් එක චෙක් කරා....සර්ගෙ සයින් එක දැමිමනමි කම්ප්ලිටි..."

"අහ් රයිට්...රයිට්....ඕකේ....."

"ආහ්...මෙි.....දිනිති මෙහෙ එන්නකො..."

"සර්..."

"හවසට කොහොමද යන්නෙ..."

"බස් එකෙ තමා සර්...."

"අයියො...බස් වල ගාටන්න ඕන නැ...මම ලිෆ්ට් එකක් දෙනිනම්..."

"එත් සර්..."

"වැඩිය හිතන්නෙපා කෙල්ලෙ...."

දිනිති කියන්නෙ රංගගෙ අලුත් සකට්ට්‍රි.දිිනිති කියන්නෙ සුදු කෙට්ටු ලස්සන කෙල්ලෙක්.දිනිති රංගගෙ ඔෆිස් එකේ වැඩට ආව දවසෙ ඉදල තමා හැම දේම වෙනස් උනේ.දවසක් දෙකක් ලිෆ්ට් එකක් දුන්න රංග දැන් දවසෙ ප්‍රධානම වැඩක් වෙලා තියෙන්නෙ දිනිතිට ලිෆ්ටි එකක් දෙන එකයි.

"චුටි මන් දැන් දවස් දෙක තුනක්ම දැක්ක රංග වෙන ගර්ල් කෙනෙක්ව කාර් එකෙ ඉස්සරහ සිට් එකේ දාගෙන යනව...."

"මෙි ලග පාතකට එන කෙනෙක් වෙන්න ඇති ලොකු අයියෙ..."

"මෙි ලග පාත නෙවෙි බං.එකා ගියෙ වෙනම පාරක...."

"එහෙනමි ඔෆිස් එකේ වැඩකට වෙන්න ඇති.මගෙ රංග එහෙම කෙනෙක් නෙවෙි...."

"හමිම්ම්ම්...හමිම්මි..."

රංග ගැන චතුගෙ ලොකු අයිය දැකපු දේ කිවත් චතු එවා ගානකට නොගෙන හිටියෙ රංගව දෙවි කෙනෙක් වගෙ විස්වාස කරපු නිසයි.....

****************************************************

දවසක් උදේ පාන්දරම රංගගෙ ෆොන් එකට ආව කොල් එකක් ආන්ස කරෙ චතුනි.එත් කතා කරපු කෙනා කතා කරපු විලාශයට චතුනි ගල් ගැහිල වගෙ හිටියෙ.එත් එක්කම රංග ඇවිත් ෆෝන් එක උදුරගෙන කට් කරල චතුනිගෙ කනට ගැහුවෙි

"තමුසෙට මාත් එක්ක ඉන්න ඕන නම් තමුන්ගෙ වැඩ බලන් හිටපන්.මගෙ එවා හොයන්නැතුව...."

රංගගෙ එ් වචන චතුට පිහියකින් අනිනව වගෙ දැනුනත් චතු ඉවසන් හිටියෙ දරුව නිසාමයි....

"කවුද බබි අද ඔයාගෙ ෆොන් එක ආන්ස කරපු ගැනි..."

"අයියෝ දිනිති බබ....එ් අපේ ගෙදර සර්වන්ට්..."

"චීයා අනෙ....සර්වනිට්ලව කරට ගන්න එපා.ඉන්නකො මම ආවම බලා ගන්නම්..."

රංගත් දිනිතිත් කොෆි ෂොප් එකට වෙලා කොෆි 2ක් අරන් බොනව දැකපු චතුගෙ අයියා රංගට කොල් කරාම රංග බෝඩ් මිටින් එකක ඉන්නව කියල ඉක්මනටම ෆෝන් එක කට් කරා.ඒ ගමන්ම වගෙ චතුනි කොල් කරෙ පුතාට අසනිප නිසයි....

"හෙලෝ මහත්තයො අනේ ඉක්මනට එන්නකෝ...පුතාට හොදටම උන...."

"ඔය වීල් එකක දාගෙන එක්කන් යනව....මම ඔෆිශියල් ම්ටින් එකක ඉන්නෙ...."

චතු තව වචනයක් වත් නොකියා පුතාවත් එක්කගෙන බෙිත් ගන්න ගිහින් එනකොට රංගයි දිනිතියි කොෆී ෂොප් එකෙ ඉන්නව දැක්කත් මොකුත් නොකිය ඉවසුවෙි දරුවට තාත්තෙක් නැතිවෙයි කියල තිබුන බයටයි.

****************************************************

"බබ අපි ට්‍රිප් එකක් යමුද....."

"හරි පැටියො කවද්ද කොහෙද...."

"අනිද්ද යමු....නුවර එලියෙ....."

"හම්ම්ම්ම්....ඕකේ...."

****************************************************

"මෙි චතුනි...මගෙ ඇදුම් බැග් එකක් රෙඩි කරන්න.මට ඔෆිස් එකේ වැඩකට ගමනක් යන්න තියනව..."

"කොහෙද අනේ එ....මාවයි පුතාවයිත් එක්කන් යන්නකො...."

"ඔයාල එක්ක ඔෆිස් වැඩ වලට ගිහින් පුලුවන්ද...අනික මම යන්නෙ අලුත් කම්පැනි එකක් දාන්න කතා කරගන්නත් එක්ක...."

"හම්ම්ම්ම්.....පරිස්සමින් මහත්තයො...."

****************************************************

චතුනිට බොරුවක් කිව රංග දිනිතිත් එක්ක නුවර එලියෙ යන්න පිටත් උනේ පාන්දරමයි.ඒ යනකොට තමා රංගගෙ කාර් එක ඇසිඩන්ට් උනේ.ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ රංගගෙ එක ඇහැක් අන්ද උනේ විදුරු කට වලට කැපිල.දිනිතිට පොඩි පොඩි සිරිම් තුවාල විරතයි තිබුනෙ.රංග නුවර හොස්පිට්ල් එකෙ ඉන්නකොට දිනිති දවසක් දෙකක් අවත් ආය රංගව බලන්න ආවෙ නැත්තෙ රංගට දැන් එක ඇහැක් පෙන්නෙත් නැ.ඒ වගේම කකුලකුත් කැඩිල රොද පුටුවෙනුයි ගියෙ.චතුනිට රංග ගැන ආරංචිය ආව ගමන් ඉක්මනටම පුතාටත් ඇදුමක් අන්දගෙන රංගව බලන්න නුවර ගියෙ පිස්සියක් වගෙ....

"මහත්තයො....."

"ක...ක...කවුද..."

"මම චතුනි....මගෙ මහත්තහට අමාරු නැ නේද මහත්තයො...."

"නැ....නැ...මැනික....ම...ම...මට සමා වෙන්න...මම ඔයාට බොරු කලාට....ඒ කරපුව තමා විදවන්නෙ..."

"ශ්...ශ්....ශ් ඇති මහත්තයො.ඇති.ඒ දෙවල් ගැන කතා කරන්න ඕන නැ.කොහොම හරි මට මගෙ මහත්තය ඉන්නව.බබට තාත්ති ඉන්නවනෙ දැන්...."

"හම්ම්ම්ම්.....ආදරෙයි මැනික.ඔයාල තමා මගෙ ජිවිතෙ....."

"අපිත් ආදරෙයි මහත්තයො....."

#දුෂාන්

#Dushan D Ekanayake

#සල්ලි වලට බලයට රූපයට කැදර කමෙි ලන් වෙන ආදරය කවදාවත් අවන්ක ආදරය කරන්නැ......එත් අවන්ක ආදරේ කවදාවත් බාහිර දෙවල් වලට නෙවෙි ආදරෙ කරන්නෙ.ඒ කෙනාගෙ අවංක හදවතටයි.#
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment