#සමාවුව_මැනවි_මට
විහාරා....
විහාරා ....
Doctor විහාරා ඉන්නව ද.....
නර්ස් කෙනෙක් කෑ ගහන සද්දෙට විහාරා
බොන්නට හදපු කෝෆි එක ආයිමත්
ටේබල් එක උඩින් තියල එලියට ඇවිත්
බැලුව ....
Doctor ලොකු හදිස්සියක්...
දැන් ලෙඩක් අරගෙන ආව....
ඒ ලෙඩාට හොදටම අමාරුයි ....
සෑහෙන්න ලේත් යනව....
Please අපි ඉක්මනට යමුද ....
හරි එහෙනම් යමුකො බලන්න .....
Doctor අද night shipt එක උනත්
සෑහෙන්න ලෙඩ්ඩු ගොඩක් ආව නේද....
මිස්ට මහන්සිත් ඇති අදනම්.....
විහාරා සිනාසුනා මිසක් ඊට පිළිතුරැ
දීමට ගියේනෑ....
ඇය ගොඩක් නිහඬ සංසුන් තරැණියක්....
විහාරා හදිස්සි අනතුරැ ඒකකයට ඇවිත්
ලෙඩාව පරීක්ෂා කරන්න ලඟට
කිට්ටු වෙනවත් එක්කම ඇඳමත ලේ
පෙරාගෙන ඉන්න කෙනාව දැක්ක ගමං ම
ඇඟේ ඉහින් කනින් දාඩිය බිදු වැක්කෙරෙන්න
ගත්ත ....
වි...හා..රා ඔ..යා....
ලේ විලක් මත හිටියත් ඔහුට හොදින්ම
මාව අඳුරගන්න පුලුවන් වුනා.....
ඔව් ඒ මං තමයි .....
විහාරා....
මේ මගේ කතාවයි.....
ආ ගැටිස්සියො ටික අදත් පෝලිමට
යනව වගේ රෙදි වියන්න....
ආ කව්ද මේ අළුත් බඩු කෑල්ල....
උබ ඕව ගනංගන්න එපා බං....
හැමදාම අපිට ඔහොම තමයි....
අපි නිකං ගනිකාවො වගේ කියල තමයි
මේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ....
ඒ විහාරගෙ යාළුව සුමුදු ....
සුමුදු සාමාන්‍ය පෙලින්ම සමුගෙන මේ
රස්සාවට ආවත් විහාරනම් උසස් පෙලත්
ලියල ඉන්නෙ ....
ගෙදර තියෙන අඩුපාඩුකම් හමුවේ ඇයට
රස්සාවක් කරන්න ඕනෙ කියල තදින්ම
දැනිල තිබුනෙ .....
ඒත් මේ කාලෙ ඉගෙනීමට හරියන රස්සාවක්
එක පාරටම හොයා ගන්න බෑ.....
එහෙම යනවනම් තියෙන එකම රස්සාව
ගාමන්ට් රස්සාව විතරයි .....
ඒකයි විහාරා හිත හදාගෙන අද රස්සාවට
ආවෙ....
මේ ඇයගෙ පලවෙනි දවසයි.....
ඒත් ගාමන්ට් එක ඇතුලට යනකම්ම පාරදිගට
ඉන්න රස්තියාදු කාරයන්ගෙන් කුපාඩිකම්
කරන්න එන මිනිස්සුන්ගෙන් සිදුවන කායික
මෙන්න මානසික පීඩාව සුළුපටුනෑ.....
ඒත් ටික ටික විහාරා මේ හැමදේම දරාගන්න
පුරැදු වුනේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට
මුදල් අත්‍යවශ්‍ය වෙන නිසයි......
විහාරා ඉහලින් ම උසස්පෙල සමත්වෙලා
වෛද්‍ය විද්‍යාලයට ඒවෙද්දිත් සුදුසුකම්
ලබලයි හිටියෙ .....
කැම්පස් පටන්ගන්නකම් ගාමන්ට් එකේ වැඩට
ආවෙ තවමත් බැරි බැරි ගාතෙ කුලීවැඩ කරන
තාත්තට බරක්වෙන්න බැරි නිසයි.....
මේ බලපල්ලකො අළුතින් ආපු බඩුකෑල්ලගෙ
තියෙන ගනං......
එක එක කොල්ලන්ගෙන් මිනිසුන්ගෙන්
ගැරහුම් හැමදාම නොඅඩුව ලැබුන....
උදේම නාගෙන ආවෙ රෑ වෙනකම් ot
කරල ගියාම හතිය නිසා රෑට නාගන්න
බැරි නිසයි.....
දිගට තියෙන කොන්ඩෙ කඩාගෙන රෝසපාට
ලස්සන ගවුමක් ඇඳගෙන ආපු කෙල්ල දැක්ක
ගමං එතන හිටිය දසුන්ට හිත ගියා.....
දසුන්....
දසුන් කියන්නෙ ලොකු සල්ලි කාරයෙක් ....
එයාගෙ විනෝදාංශයෙන් කොටසක් තමයි
මේ....ඇත්තටම කෙල්ලො කියන්නෙ
සෙල්ලම් බඩුවක් කියලයි ඔහු හිතාගෙන
ඉන්නෙ ......
දසුන්ට ඕනකලේ රැයක් පහන් කරන්න
ගෑනු ශරීරයක් විතරයි.....
මචං අරකිනම් මරැ නේද.....
ඇයි උබට හිත ගියාද....
ගියාද කියලත් අහනව....
බලපංකො දැක්කම පිස්සු වැටෙනව.....
ගාමන්ට් කෑලිනෙ බං මෙහෙම කරනකොට
දුවගෙන එයි......
විහාර එතනින් යනකොට දසුන් මිතුරන් එක්ක
එක එක දේවල් කියල විහිලු කරත් විහාරා
බිම බලාගෙන ගියා මිසක් ඊට ප්‍රතිචාර
දක්වන්න ගියේ නෑ.....
ඒත් එන්න එන්නම දසුන්ගෙ කරදරේ වැඩි
වුනා මිසක් වෙන කිසිම දෙයක් වුනේනෑ......
බලපංකො බං මෙතන නැහිල නැහිල
යන්නෙ .....
ඒත් මට කිසිම නිදහසක් තියෙනව ද කියල....
විහාර සුමුදුගෙ උරහිසට වාරැවෙලා හොදටම
ඇඬුවෙ දසුන්ගෙන් කිසිම ගැලවිල්ලක්
නැති නිසයි ......
අපි පොලිසියටවත් ගිහින් පැමිණිල්ලක් දාල
බලමුද.....
වැඩක් නෑ බං .....
ඒ ගොල්ලො සල්ලි කාරයො අපිට ඒ අයත්
එක්ක හැප්පෙන්න බෑ......
දැන් එතකොට ඒකා උබට ඔච්චරටම වද
දෙන්නෙ මොනව කරන්න කියලද.....
මට එයත් එක්ක එන්නලු හොටෙල් රෑම්
එකකට යන්න ......
මං බෑ කිව්වාම අහනව ඇයි උබට ඕකෙ
ඉන්න ලොක්කන්ට විතරද ඇග දෙන්න
පුලුවන් කියල .....
මං මොකද කරන්නෙ සුමුදු දැන් ...
අනේ මංද බං මටනම් හිතාගන්න බෑ.....
අපි දුප්පත් වෙලා ඉපදෙන එකත් කරැමයක්
බං....
ඒකනෙ මෙහෙම විඳවන්න වෙලා තියෙන්නෙ
විහාර ......
එක් දිනක් වැඩට එද්දි දසුන් යාළුවොත් එක්ක
විහාර යන පාර හරස්කරගෙන හිට ගත්ත.....
ආ මැඩම් ......
මට තාම උත්තරයක් නෑනෙ ......
එහෙනම් උබට බෑද එන්න ...
එන්න බැරිනම් මේක බලපංකො .....
දසුන් විහාර අතට බලෙන්ම දුන්නෙ
ලියුම් කවරයක් .....
ඇරල බලනවකො .....
උපාසක අම්මල වගේ ඉන්න උබල මාර
බඩුනෙ බං......
ලියුම් කවරය ඇරල බලපු විහාරගෙ දෙකම්මුල්
දිගේ කඳුළු බේරැන......
මේ ඉන්නෙ මං නෙමෙයි මහත්තය ......
ඇත්තමයි මම නෙමෙයි ......
ඒක මං දන්නව කෙල්ලෙ.....
මොකද ඔය photos හැදුවෙ මමනෙ ඉතිං ......
දැන් තමුසෙට වෙන විකල්පයක් නෑ....
තමුසෙ මා එක්ක එනවද නැත්නම් මේ
Photos තමුසෙගෙ ගෙදරටයි ගාමන්ට් එකටයි
යවන්න ද මං ......
අනේ එහෙම කරන්න එපා මහත්තය ඔයාටත්
සහෝදරියො ඇතිනෙ........
ඔයාගෙ අම්මත් මං වගේම ගෑනියෙක් මට
මෙහෙම කරදර කරන්න එපා මහත්තය ......
විහාර දසුන්ගෙ දෙපාමුල වැටිල ඇඬුවත් දසුන්
කනකටවත් ගත්තෙ නෑ.....
ඒ වෙනුවට දසුන් හිතුවෙ විහාරගෙන් පලි
ගන්න .....
මොකද මේ වෙනකම් කිසිම කෙල්ලෙක් දසුන්ව
ප්‍රතික්ෂේප කරල නෑ....
ඒ නිසා දසුන් ඒ පිංතූර විහාරගෙ ගෙදරටයි
වැඩ කරන තැනටයි යැවුව......
අපමන දුක් විදල ජීවත් කරපු එකම දරැව
මේ විදිහට ජීවිතේ නැති නහත්ති කර ගත්ත
කියල හිතපු විහාරගෙ තාත්තට දැනුන දුක
දරාගන්න බැරිව හදිස්සියේ පපුවේ අමාරැවක්
හැදිල අකාලයේ මැරිල ගියා......
විහාරට ගාමන්ට් එකේ රැකියාවත් නැතිවුණා ......
නෑදෑ හිත මිතුරො විහාරව පිලිකුල් කලා......
ජීවිතේ නැති කරගන්නව කියල කෝච්චිය
පනින්න ගිය විහාරව ඇදල අරං එතන
හිටපු කෙනෙක් කම්බුල් පාරක් දුන්න .....
ඒ වෙන කව්රුත් නෙමෙයි දැන් විහාරගෙ
ස්වාමිපුරුෂයා .......
එයා විහාරගෙ කතාව සම්පූර්ණයෙන්ම ඇහුව....
ඔයාට ජීවිතේ වරද්දපු ඔයාව වට්ටපු අයටත්
ඔයාව පිලිකුල් කරපු අයටත් පේන්න ඔයා
ජීවිතේ දිනන්න ඕන විහාර......
පිරිමි තිත්ත වෙලා හිටපු මට මගේ මහත්තය
දෙවි කෙනෙක් වගේ පිහිටවෙලා මේ
සමාජයේ සල්ලාලයො වගේ පිරිමි අතරෙ
දෙවිවරැවගේ පිරිමිත් ජීවත් වෙන බව මට
කියා දුන්න .....
අනේ මගෙ පුතාව බේරල දෙන්න නෝන......
නෝනට බුදුබව අත්වෙයි......
ඒ වෙන කව්රැත් නෙමෙයි දසුන්ගෙ අම්ම.....
මගේ දෙපාමුල වැටිල මුළු රෝහලම
දෙවනක් වෙන්න කෑ ගහනව......
මට එතකොට මතක්වුනේ මං එදා දසුන්ගෙ
දෙපාමුල වැටිල මගේ ආත්ම ගෞරවය
රැකගන්න කඳුළු වගුරවපු විදිහයි.......
ඒත් මං දසුන් වගෙ නරැමයෙක් නෙමෙයි.....
ඒවගේ අසරනකම් වලට හිනාවෙලා කුරිරැ
සතුටක් ලබන මන්ද මානසිකත්වයකින්
පෙලෙන කෙනෙකුත් නෙමෙයි .....
ඒනිසා මං කොහොමහරි දසුන්ගෙ ජීවිතේ
ගොඩ ගත්ත......
ගිලන්ව ඇදේ වැතිරිලා ඉන්දැද්දිම දසුන්
මට දෑත් එක්කරමින් වදිනවත් එක්කම මං
දැක්ක දසුන්ගෙ දෙනෙත් වලින් කඳුලැලි
ගලාගෙන යනව.......
ගාමන්ට් මේ වචනෙ ඇසු පමනින් මිනිස්සු
හිතන්නෙ ඒ ගනිකාවො පිරිච්චි තැනක්
කියලයි.....
ඒත් මට මතක්කරල දෙන්න ඕනිවුනේ
හැම රැකියාවකටම ගරැත්වයක් දිය යුතුයි.....
මේ රටේ ප්‍රධානම අපනයන භාන්ඩය වන්නෙත්
ඇඟලුම්.....
ඒ අපේම රටේ තවත් පිරිසකගෙ දහඩිය,කදුළු
අපි ඒවටත් වටිනාකමක් දිය යුතුයි.....
මොන රැකියාවෙත් නරක ගැහැනුත් සිටිනව
පිරිමිත් සිටිනව.....
ඒක මොන රැකියාවටත් පොදු කාරනයක්....
මේ රස්සාවෙන්ම ජීවිතය ජයගත් පිරිස්
අද සමාජයේ ඕන තරම් ඉන්නව ......
මාගේ මේ වෑයම අද සමාජයේ බහුලව
පැතිරෙන එක පැතිකඩක් දිග හැරීම පමණි.....
හිරැනි අමන්ද
උපුටා ගැනීමකි
No comments:
Post a Comment