මුලාව

2012 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වු සිදුවීමක් ඇසුරින් ලියැවෙන මෙම කතාවෙහි එන සියලු නම් හා ගම් මනඃකල්පිත වේ.

            ~ මුළාව ( කෙටි කතාව ) ~

අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන පණිවිඩයකින් කියැවුණෙ හබරණ ප්‍රදේශයේ වනගත ප්‍රදේශයක් තුළ නවිනතම වර්ගයේ මෝටර් රථයක් තුළ මළ සිරුරක් පිළිස්සෙමින් තියෙන බවයි. ඒ අනුව අදාල පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් සහිත ජීප් රියක් ලහි ලහියේ පිටත් වුයේ සිදු වී
ඇති දෙය කුමක්ද යන්න සෙවීම සඳහාය.

" සර්....බොඩී එක හොඳටම පිච්චිලානෙ.. ලෑන්ග් කෲසර් වර්ගයේ ජීප් එකක්...
කොහොමද  ගිනි ඇවිලුනේ.....මේ එක්සිඩන්ට් එකේ හැටියට..."

" ඒක තමයි ලොකුම ප්‍රහේලීකාව.....රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් කැඳවන්න....මේ ගිනි ගැනීම ගැන හොයලා බලන්න...බොඩී එක  DNA පරීක්ෂණයකට ලක් කරන්නකො අනන්‍යතාව තහවුරු කරන්න.."

"සර්....වාහනයේ නම්බර් ප්ලෙට් එක අනුව මේකේ අයිතිකාරය කෝටිපති  ව්‍යාපාරිකයෙක්...සුමුදු එදිරිසුරිය කියලා කොළඹ 07 පැත්තේ..."

මේ ආරාංචීය කනේ වැකුණු ගමන් ඔහුගේ දයාබර සංසලා එදිරිසුරිය මේ ස්තානයට  පැමිණියේ තම නෑ හිත මිතුරන් කිහිප දෙනෙකු සමඟින්‍ ය.

" මිසිස් එදිරිසුරිය....වෙරි සොරී...මේ වෙච්ච  සිදුවීම ගැන....ඔයාගේ උදව් උපකාර ඕනේ  මේකේ අබිරහස හොයා ගන්න...."

" ඔව්...ඉන්ස්පෙක්ටර්...බොඩි එකේ අතේ තියෙන මේ මුදුව මගේ හස්බන්ඩ්ගේ තමයි..."

" ඒ කියන්නේ මේ බොඩි එක මිස්ටර් සුමුදු එදිරිසුරියගේ කියලා නේද...මේ ගැන වෙන මොනවාද කියන්න තියෙන්නේ....? " 

" ඔව්....ඉන්ස්පෙක්ටර්...පහුගිය මාසය පුරාවට කප්පම් ඉල්ලලා අපේ හස්බන්ඩ්ගේ මොබයිල් එකට නිර්නාමික කෝල් ආවා...."

"ඇයි....ඒ ගැන පොලිසියට පැමිණිලි කරේ නැත්තේ....? "

" ජීවිතයට ඇති ආදරය නිසානේ...කවුද හිතුවේ....මේ වගේ දෙයක් කරාවි කියලා..."

" මිසිස් එදිරිසුරිය බොඩි එක අපි පෝස්ට් මෝටම් එකට හබරණ හොස්පිට්ල් එකට ගෙනියනවා...අපිට මේ ගැන කට උත්තරයක් සටහන් කර ගන්න ඕනේ දැන් එන්න පොලිසියට යන්න...."

" හොඳමයි....ඉන්ස්පෙක්ටර් ....."

දින කිහිපයකට පසු....!

" සර්....අර හබරණ...කැලේ පිලිස්සුනු බොඩි එක ගැන JMO  වාර්තාවක් ලැබිලා තියෙනවා....ඒකේ තියෙන්නේ මේ බොඩි එක සුමුදු එදිරිසුරියගේ දරුවන්ගේ DNA සමඟ කිසිම ගැලපීමක් නැහැ කියලා...ඒ මදිවට සුමුදු එදිරිසුරියගේ අම්මාගේ DNA එක්ක ගැලපීමක් නැහැ කියලා..."

" මොනවා....සාජන්...මේ බොඩි එක වෙන කාගේ හරි එකක්ද....?"

" අනික සර්...රස පරීක්ෂක වාර්තාවේ හැටියට පෙට්‍රල් දාලා ගිනි තැබීමක් සිදු වෙලා තියෙනවා  කියලා තියෙනවා...රිය අනතුරක් ගැන කිසිම සඳහන් වීමක් නැහැ..."

" එතකොට සාජන්....මිසිස් එදිරිසුරිය  අපිට  බොරු කිව්වේ ඇයි...."

" ඒක තමයි...සර්...ලොකුම ප්‍රශ්ණය  මෙතැන...."

" අනික සර්....අපි මිස්ටර් සුමුදුගේ පහුගිය මාසයේ දුරකථන අංක පිලිබඳ විශ්ලේෂණ  වාර්තාවත් පරීක්ෂා කළා....ඔය කියන තර්ජන සහිත කෝල් ආවා කියන එකත් පිලිගන්න බැහැ...."

" එහෙමද ....මෙතැන ලොකු ප්‍රහේලීකාවක් තියෙනවා....මුල, අග ඉක්මනින්ම හොයා ගන්න වෙනවා....."

මේ අතර සතියකට ඉහතදි හබරණ ප්‍රදේශයේ සුසාන භූමීයකදි වළ දමන තම  නෑදෑකෙනෙකුගේ මෲත ශරීරය වළලන ලද ස්තානයෙන් අතුරුදහන් වීම පිලිබඳ පැමිණිල්ලක් පොලිසියට ලැබුනේ මේ අතරතුරදිය.

" ඉන්ස්පෙක්ටර් හත් දවසේ දානේට අපි ආවා පහන් පත්තු කරන මිනි වළ ළඟට...  ඒ වෙන කොටත් එතැන වෙන මිනියක් වළලා....මේක ලොකු ප්‍රහේලීකාවක්....
මිනිය එතැනින් අතුරුදහන් වෙලානේ..."

ඒ අනුව පොලිසිය පැමිණිලි කරන ලද නෑදෑයන්ගේ DNA  සමඟ අබිරහස් ලෙස පිලිස්සී ගිය සිරුරේ DNA සමඟ පරීක්ෂා කිරීමේ දි  100 % ක් ගැලපෙන බව තහවුරු කර ගැනීමට සමත් විය.

ඒ අනුව අදාළ සුසාන භූමියේ කම්කරුවෙකු ලෙස සේවකයෙකු අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම සිදු විය.

" තමුසෙට දැන් බේරිමක්...නැහැ...4 වැනි තට්ටුවට ගෙනියන්න කලින් ඔක්කෝම  විස්තර කිව්වොත් හොඳයි...."

" අනේ...සර්...වයසක මට හිරිහැර කරන්න එපා....ඔක්කෝම ඇත්ත කියන්නම්....මේ හැම දෙයක්ම කළේ සුමුදු මහත්තයාගේ උවමනාවටයි....මහත්තයාට ඕනේ කිව්වා අලුත වල දාපු පිරිමි මිනියක්. ...මට හොඳට සැලකුවා....ඒ මිනිය මහත්තයාගේම වාහනේට  දාලා පෙටැල් වත්කර ගිනි තිබ්බා..සුමුදු සර්ගේ මුද්ද පවා පිච්චෙන්න දැම්මා...සුමුදු සර් ඩිංගි බෝට්ටුවකින් මිගමුවෙන්  ඉතාලියට පනිනවා කිව්වා...."

ඒ අනුව පොලිසිය සුමුදු එදිරිසුරිය නැමැති පුද්ගලයාගේ චායාරූපය පුවත්පත්වල පළ කොට ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පැතිය.

මීගමුව ප්‍රදේශයේ  සුමුදු එදිරිසුරියගේ හැඩ  රුවට සමාන අයෙකු සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව පසුව ඔහු අත් අඩංගුවට පත් විය.

" සුමුදු...තමුසේගේ හැම සෙල්ලමක්ම අපිට අහු වෙලා ඉවරයි...කියනවා බලන්න මේ වගේ මුළා කිරීමක් කලේ ඇයි කියලා..."

" අනේ ඉන්ස්පෙක්ටර්..මේ හැම දෙයක්ම කළේ....මගේ ලෑන්ඩ් කෲසර් ජීප් එකටයි මගේ ජිවීතයටයි දාලා තිබ්බා මිලියන 20  ක රක්ෂණ ආවරණය පිටරට ඉන්සුවරන්ස්  සමාගමකින් වංචා කරලා ගන්නයි....සල්ලි අරගෙන පිටරටකට වෙලා ජීවත් වෙන්නයි අපි දෙන්නාගේ අදහස වුනේ...දැනුයි....
ඒකේ බරපතලකම දැනෙන්නේ සර්....."

ඒ අනුව සුමුදු එදිරිසුරිය හා සංසලා එදිරිසුරිය යන අයට එරෙහිව උපක්‍රමිකව  ව්‍යාජ අපරාධයක්  මවා පාමින් පොලිසිය නොමඟ යවා වංචා සහගතව මිලියන 20 ක රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට තැත් කිරීම යටතේ කොළඹ වාණිජ මහාධිකරණයේ  නඩු පවරනු ලැබීය.  කිසිම ඇසින් දුටු සාක්ෂියක් නොමැති මේ නඩුවේ සුසාන භූමි කම්කරුවා රජයේ සාක්ෂිකාරයෙකු බවට පත් වී සියල්ල අධිකරණ හමුවේ වමාරන ලදි.

       ඒ අනුව ව්‍යාපාරික  සුමුදු එදිරිසුරිය හා සංසලා එදිරිසුරිය මහාධිකරණය හමුවේ වැරදිකරුවන් බවට පත් වීම නිසා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම විය.

                          නිමි
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බොරුවක් කරලා ඒ බොරුව වහන්න තව බොරු 10 ක් කියන්න වෙනවා....
අපරාධයක් කරලා කවදාවත් බේරේන්න බැහැ යහලුවනේ...පවට බිය ඇතිව ජීවත් වෙන්න හැම දාකම....අයුක්තියෙන් අසාධාරණයෙන් සල්ලි හම්බු කරන්න හිතාගෙන ඉන්න අයට හොඳ පාඩමක් වේවී මේ කෙටි කතාව.....!
ගුරුගේ පන්හිදෙන්
උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment