ෆොටෝ මේනියා

ෆොටෝ මේනියා
(82 වෙනි කෙටි කතාව )

හෙලෝ....
නංගි බිසීද?
ටිකක් මට කතා කරන්න පුලුවන්ද?

අනේ මැසෙන්ජර් කෝල් නම් ගන්න එපා කේතක
මම ආස නෑ. කියන්න තියන දෙයක් තියනවනම් කියන්න
මැසේජ් එකක් දාලා.

අම්මෝ සැර..
ඔයාටම වාසියක් වෙන වැඩක් ගැන කතා කරන්න තමයි
කතා කරන්න පුලුවන්ද කියලා ඇහුවේ.
අකමැති නම් ඕනා නෑ..
මම වෙන කෙනෙක් හොයා ගන්නම්.

ඒ කීවේ...

ඒ කීවේ
ඔයාගේ ෆොටෝ දැක්කා.. ඔයා හැමවෙලේම යන යන තැන ෆොටෝ ගන්නවා නේද?
පොඩි ෆොටෝ මේනියාවක් වගේ තියනවනේ
මම මේ දවස්වල අලුත් ලස්සන කෙල්ලෙක් හොයනවා.
ටීවී කමර්ෂල් ටිකකට.
මම හිතුනා එකේ එකකට ඔයා ගැලපේවි කියලා.

ඒ කිවේ.....
ටීවී එකේ යන එකකටද?

හ්ම්ම් ඔව් එහෙම තමයි.
බට් ඔයා කැමති නැතිනම්...
මම වෙන කෙනෙක් හොයා ගන්නම්.
අපි කොහොමත් ලොකු ගානක් ගෙවනවා.

මගෙ එහෙම ලස්සනක් නැහැ අයියා
ටීවී එකේ ඉන්න තරම්.
අනික ඉතින් කොහොමත් මට එහෙම දෙයක් නම්
ගෙදරින් අහලාම ඉන්න වෙනවා.

අන්න එක තමා අපේ තියන එකම කන්ඩිෂන් එක.
මේකට එනකොට ගෙදර අයව..
බෝයි ෆ්‍රෙන්ඩ් ව එක්කගෙන එන්න බෑ.
එනවනම් නිදහසේ ඕනි විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් විදිහට එන්න ඕනා

ඒ කීවේ.....
මම එනවනම් එන්න ඕනා ගෙදර අයට හොරෙන් කියලා ද කියන්නේ

හොරෙන් කියලාම නෙමේ නංගි කියන්නේ.
අපි මේ එක කමර්ෂල් එකකට ඔයාට 75000ක් ගෙවනවා.
හැබැයි ඉතින් ටිකක් කොටට එහෙම අඳින්න වෙනවා.
අම්මලා එක්ක ආවහම ඉතින් ඕවාට කෑ ගහනවනේ
අනික අම්මලා ඉස්සරහ ඇක්ට් කරනකොට ෆොටෝ වලට ඉන්නකොට
නිදහසේ.... ඕනා විදිහට ඉන්න බැහැනේ.
සල්ලි ගෙවල අපිට ඕනා විදිහට කරගන්න බැරි වෙනවනම් අපි එකට කැමති නෑ
ඒ හින්දා තමයි... අපි
අපි එහෙම අම්මලා එක්ක එන්න එපා කියන්නේ.

මම හිතලා බලලා කියන්නම් අයියා..
මොනවගේ දේවල් ද ඕකේ කරන්න වෙන්නේ..

හිතලා බලන්න ඉතින්..
කොහොමද ටීවී එකේ ගිහින් ජනප්‍රිය වෙනකොට.
හැමෝම කැමතිනේ ජනප්‍රිය වෙන්න.
ඔයා දන්නවද? අර මල් කපුරු ඇඩ් එකේ ඉන්න ගර්ල්..
ලංකාවේ ටොප් මොඩ්ල්ස්ලා අතරේ ඉන්නේ.
එයාව ෆීල්ඩ් එකට ගෙනාවෙත් මම.
අර 123 ෆිල්ම් එකේ මේන් ඇක්ට්‍රස් ඉන්නේ
එයත් මම ෆීල්ඩ් එකට ගෙනාව කෙනෙක්.
ඔය කාගේ උනත් ෆේස් බුක් පිටුවල බලන්නකෝ..
මම ගැන හොඳ කියලා ඇති ඕන තරම්,
හැබැයි වැඩේ ට කැමති නම් මට අද හෙටම උත්තරයක් දෙන්න.

--------------------------------------------------

ඔව් බබා කියන්න..
දැන්ද ඇහැරුනේ..

නෑ අයියා..
ටිකක් වෙලා
පොඩි දෙයක් කතා කරන්න තියනවා.
ඔයා බිසී ද?

කියන්න නගා...
දන්නවනේ ඉතින් ජොබ් එකේ වැඩ.
කොයි වෙලේ වැඩක් වැටෙයිද කියන්න බැහැනේ...
ඉතින් කමක් නෑ කියන්නකෝ..
මගේ බබා වෙනුවෙන් වෙලාව තියනවනේ.

හ්ම්ම්ම් මගේ හොඳ අයියා...
අද ෆේස් බුක් එකේ කෙනෙක් කතා කරලා
ටීවී කමර්ෂල් එකකට එන්න කියලා මෙහෙම කීවා අයියා..

--------------------------------------------------

මට මිනිහා කියපු දේවල් වලින් ඔතන වෙන දෙයක් තියනවා කියලා
හිතෙනවා.. මගෙ ජොබ් එකේ විදිහට ඕවා දැක දැක පාඩුවේ ඉන්නවා කියන්නේ
මම කරන වැරැද්දක්.
මගේ නංගිට මාව විශ්වාසයිනේ.
අපි මේකේ ඇත්ත නැත්ත හොයා ගමු..
ඔයා ඕකට යන්න..
හැබැයි... මම ඔයා පස්සෙන් එනවා.
ඔයා බය වෙන්න එපා..

හරි අයියා... එහෙම කරමු..
හැබැයි ඔයා ලඟින්ම ඉන්න ඕනා..

--------------------------------------------------

අහ්හ්හ් ඔයා මේකට එන්න තෝර ගත්ත එක ගොඩක් හොදයි
මේකෙන් ඔයා ගොඩාක් ජනප්‍රිය වෙයි.
ගෙදර අයට කිවේ නෑ නේද?
අපි වැඩේ කරලා ඉවර උනහම පේමන්ට් එක කරන්නම්.
අපි වැඩේ බලමුද?

මේ ඇඳුම් තමා ඔයාට අඳින්න වෙන්නේ..

මේක...
මේක අන්දහම ඉතින් ඇදුම් නෑ වගේනේ..
මට බෑ මේක අදින්න නම්...

අහ්හ් මේ නංගි හුරතල් වෙන්න එපා
මෙතනට ආවානම් අපි කියන දේ කරනවා
මොකද දැන් මෙතන අපිට ඕන දේ නොකර යන එක ගැන නම්
හිතන්නවත් එපා..
අම්මලාට, කාටවත්ම කියන්න එපා කියලා මෙතනට එන්න කිවේ ආසාවට කියලා හිතුවද?
මචන් මේකිව අල්ලගනින්..

අනේ... මට යන්න දෙන්න..

ඔය කෙල්ලව අල්ල ගනින් බන්.,
මුන්ගේ හිතේ අපිට පිස්සු කියලා කොහෙවත් ඉන්න උන් ජනප්‍රිය කරලා දෙන්න
අපිට වාසියක් නැතිව.
අපි කියන විදිහට ඉන්නවනම් ඉතින්
ඔය කියපු දේවල් වේවි..

--------------------------------------------------

ඔහොම නවතිනවලා...
මෙතන කෙල්ලෝ ගෙනත් බොරු කියලා රවට්ටගෙන
ඒ අයව පාවිච්චි කරන්න?
හිතුවද තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න කෙල්ලෝ උඹලට ලියලා දීලා කියලා?
කෙල්ලෙක්ට බටර් ටිකක් ගාලා,ටීවී එකේ යනවා මොඩ්ල් කෙනෙක් කරනවා කියලා
ලොකු ලොකු හීන පෙන්නලා. තව ඒ අස්සෙන් සල්ලිත් දෙනවා කියලා
ගෙන්නගෙන ඒ අය තමන්ට ඕන විදිහට පාවිච්චි කරලා
ගන්න ෆොටෝ පාව්ච්චි කරලා උබලා මොකක්ද මේ කරන්න හදන්නේ
උඹලට නැද්ද ගෑනු දරුවෝ. අක්කලා, නංගිලා..

මොකක්.. කෙල්ලෙ උබ පොලිසියට කීවද මේක...

සදරු -Devaka Devaka Sadaruwan

( අද කැමරාවක් අතට ගත්ත හැමෝම ෆොටෝග්‍රපර්ස්ලා වෙලා. මේ වගේ දේවල් වෙන්නේ නෑ කියලා කියන්න බෑ. වගකීමකින් කරන හොද විනය ගරුක අය නැතිවම නෙමේ. එත් මෙහෙම කරන අය නිසා
හොද අය කවුද නරක අය කවුද කියල තෝරාගන්න අමාරුවක් නැතිවම නෙමේ. කරන දේවල් මොලය පාවිච්චි කරලා කරන්න.
මොකද කොහෙවත් යන අය නිසා වටිනා ජිවිතේ විනාශ කරගන්න එපා )
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment