වෙන්නම් නුබේ මව පියා
හැමදාම ඔහොම දුකෙන් ඉඳලා හරියනවද?
කවදා හරි අපි නැති වුණ කාලෙක කොහොමද ජීවිතේට තනියම මුහුණ දෙන්නේ?
අනේ අම්මා විකාර කතා කියන්න එපා.
ඔයාලට මොනවත් වෙන්නේ නෑ මට මොනවත් උනත්.
උඹට මොනවා වෙන්නද දුවේ.
ජිවිතේ එක පාරක් වැරදුනා කියලා හැමදාම වරදින්නේ නෑ
ඔහොම උඹෙම ජීවිතෙන් පලිගන්න බලාන ඉන්න එපා..
අනේ නෑ අම්මා..
මම පරණ දේවල් අමතක කරලා ඉන්නේ..
මට ටික දවසක් දෙන්නකෝ..
මම හිත හොදටම හදා ගන්නම්
එතකන් අපි ඔය ගැන කතා නොකර ඉමු..
හ්ම්ම් මොනවා උනත් උඹට අපි දෙන්නා ඉන්නවනේ.
අනිත් එක ඉතින් මොනවගෙන් අඩුවක්ද දුවේ උඹට..
ඒ හින්දා කොහොමහරි හිත හදාගන්න බලමු.
--------------------------------------------------
වාසනා.... අපි පොඩි ගමනක් යනවා ලබන සතියේ
උබත් කැමති නම් ජොයින් වෙයන්..
කොහෙද බන් ට්‍රිප් එක්කද?
ට්‍රිප් එකක්මත් නෙමේ..
ළමා නිවාසෙකට.
ලබන සතියේ මගේ බර්ත්ඩේ එකනෙ.
අම්මලගේ වදේට යන්නේ.
අනේ බං මාවත් එක්ක යමන්..
අනිවා මම එනවා.
හරි එහෙමනම්.. යමන්..
මම වෙලාව කියන්නම් ලං වෙලා..
--------------------------------------------------
කොහොමද ඉතින්....
ඔහේ ඉන්නවා රසික..
ජිවත් වෙනවට ජිවත් වෙනවා වගේ...
වාසනා...
මේක මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා..
මම ඔයාගේ පරණ හැමදේම දන්නවා
ඒ දේවල් ඇත්තටම හිතන්නවත් ඕනා නෑ
ඔයාගේ ජිවිතේ අයිතිය මම ඉල්ලුවොත්....
මොකක්ද කිවේ....
ඔයාට පිස්සුද රසික..
නෑ.... මම ඇත්තටම මම ඒක ඇහුවේ..
ඔයා හිතලා කියන්න...
හදිසියක් නෑ
--------------------------------------------------
වාසනා ... ඔෆිස් එකේ කට්ටියම වගේ යනවා..
හෙට උදේම අපේ ගෙදරට එන්න..
උදේ පාන්දරම වගේ යන්න තමා ඉන්නේ.
මොනවත් ළමයින් ට දෙන්න ගන්නවනම් මට පොඩ්ඩක් කියල ගනින්..
මොකද මම ඇති වෙන්න දේවල් අරන් තියෙන්නේ...
හරි බං... මම සල්ලි දෙන්නම් උඹ තව ගන්න තියන දේවල් ටිකක් ගනින්.
වාසනා... උඹෙන් රසික මොනවත් ඇහුවාද?
එක හොඳ දෙයක්නේ බන්. රසිකයා හොඳ කොල්ලා..
කැමති වෙයන්...
ආයේ අඬන්න බෑ බං මට
එක පාරක් උන දේ ආයේ ආයේ වෙනවට මා ආස නෑ.
මම හිතන්නේ නෑ... රසිකයාගේ හිත හොදයි..
උඹ තව ටිකක් හිතලා බලපන්...
--------------------------------------------------
දුක හිතෙනවා බන්...
අපිට මොනවද බන් තියන ප්‍රශ්න කියල හිතෙනව
මේ පොඩි බබාලාගේ මුණු දිහා බලනකොට.
එක ඇත්ත වාසනා..
අපිට අම්මලා තාත්තාලා හැමෝම ඉන්නවා..
එත් මේ පොඩි උන්ට ඉන්නේ
උන් වගේම අම්මලා තාත්තලා නැති තවත් ළමයි ටිකක් එක්ක මේ බලාගන්න අය විතරනේ.
ආන්ටි.... ආන්ටි..... එන්නකෝ මාත් එක්ක සෙල්ලම් කරන්න
අනේ එන්නකෝ ආන්ටි....
මට ආසයි සෙල්ලම් කරන්න...
අපි සෙල්ලම් කරමු පුතේ..
කියන්නකෝ අපි මොනවද කරන්නේ
මොකක්ද පුතාගේ නම..
මගේ හොද ආන්ටි..
කවුරුවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැ ආන්ටි.
මට කියන්නේ පසිඳු කියලා.. මොකක්ද ආන්ටිගේ නම?
අනේ එන්නකෝ ආන්ටි සෙල්ලම් කරන්න..
ආන්ටි කියන්න එපා පුතේ අම්මා කියන්න..
අනේ මට අම්මා කෙනෙක් නැහැනේ
මට එහෙම කෙනෙක් උන්නා නම්
--------------------------------------------------
මට පුලුවන්ද බං මේ ළමයෙක් අරන් හදා ගන්න.
මට ගොඩක් දුක හිතෙනවා..
මට පුළුවන් වෙයිද බං...
උඹ ඔය සීරියස් ද කියන්නේ..
කවදාහරි බදින දවසක උඹට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි කියලා හිතනවද?
මට කවදාවත් බඳින්න ඕනේ නෑ බන්
මට පුළුවන් ඒ පුතාවත් බලාගෙන ඉන්න.
මේ කතාවට මැදට ආවට කමක් නෑ නේද?
මම කලින් අහපු දේම ආයෙත් අහන ගමන්..
මමත් කැමති නම් දරුවාට තාත්තා වෙලා බලාගන්න
එකට මට ඉඩක් දෙනවද?
ඔය ඇත්තටමද රසික...
ඔව් ඇත්තටම තමා....
පුතා........
ඔයා කැමතිද මේ අන්කල් ඔයාගේ තාත්තා වෙනවාට...
සඳරැ - Devaka Sadaruwan
* ජිවිතේදී අපි අපිට පුළුවන් විදිහට අනිත් අයට උදව් කරන්න පුලුවන්නම් ජිවිතේ ගොඩක් දේවල් දිහා සුබවාදීව බලන්න පුළුවන් වෙයි. ජිවත් වෙන කෙටි කාලේ.. පුළුවන් විදිහේ දේවල් වලින් අනිත් අයට උදව් කරන්න.. සතුටින් ඉන්න.. *
උපුටා ගැනීමකි
No comments:
Post a Comment