දෙමාපිය ගුණ

දෙමාපිය ගුණ

දුවේ....
මොකද කරන්නේ බත් එක දිහා බලාගෙන භාවනා කරනවද?

මොනවද අම්මා මේ හැමදාම...
පොල් සම්බෝලයි බතුයි...
එහෙම නැතිනම් පරිප්පුයි බතුයි..
මොකක්ද අම්මා....
වෙන මොනවත් රස කෑමක් හදන්නම බැරිද?

මොනවා කරන්නද දුවේ...
තාත්තා ගල් කඩලා හොයන තුට්ටු දෙකෙන් හැමදේම කරන්න ඕනානෙ..
උඹලා තුන්දෙනා ඉස්කෝලේ යවන්න ඕනා. ගෙදර කන බොන දේවල් බලන්න ඕනා.
අමතර පන්ති ගැන බලන්න ඕනා...
හැමදේම කරලා ජීවත් වෙන්නත් ඕනනේ.

අනේ මොනවද අම්මා.
ඔය තරම් කරගන්න බැරි නම් මොනවටද අපිව හැදුවේ..
හිතා මතා නොකීවත් අම්මාගේ හිත ඒකෙන් රිදෙනවා කියලා දැනෙන හින්දාම එකෙන් පොඩි සතුටක් නොලැබුනාම නෙමේ.

මොනවද දුවේ කියන්නේ..
අපි උබලව අතක් පයක් නොකඩා හදාපු හින්දාද ඔහොම කියන්නේ..

ඔහොම කතා කරන්න එපා නෝනී...
දරුවෝ ආස ඇතිනේ අනම් මනම් තව කෑම කන්න. මම හෙට තව ටිකක් වැඩියෙන් වැඩ කරලා කීයක් හරි හොයාගන්න බලන්නම්. මහන්සිය නොබලා..

තාත්තා....
ලබන මාසේ මුල ට්‍රිප් එකක් යනවා කියලා ඉස්කෝලෙන් කිවා.
මට ඒකටත් සල්ලි ඕනා..
හැමපාරම ට්‍රිප් ගියහම මම පැත්තකට වෙලා ඉන්න ඕනා අතේ සල්ලි නැති හින්දා. මේ පාර නම් එහෙම ඉන්න බෑ මට සල්ලි ටිකක් වැඩි පුර ඕනා

(ඒ ලොකු අයියා.... අයියා තමා පවුලේ වැඩිමලා.. ඉගන ගන්න පුළුවන් කම තිබ්බට වැඩිය කැමති යාළුවො එක්ක ඇවිදින්න..)

මොනවද පුතා තාත්තා පුළුවන් විදිහට කරනවනේ...
දැන් ඔහොම කියන්නේ ඇයි?
මොනවත් කරන්නේ නෑ වගේ

(අම්මා හැමදාම කියන කතාව පටන් අරගෙන... පුලුවන් උපරිමයෙන් අපිට කරනවා උනත් අනිත් ළමයි එක්ක බලනකොට එයාලට ලැබෙන දේවල් භාගයක්වත් අපිට ලැබෙන්නේ නැති තරම් අපිත් ආසයි සතුටින් අනිත් ළමයි වගේ ඉන්න කියලා අම්මාලා තේරුම් නොගන්න එක ගැන තිබුනේ පට්ට තරහක්.. තාත්තා ලොකු සල්ලිකාර පවුලක උනත් ඉතින් අම්මාව බැදපු හින්දා පවුලෙන් අයින් කරලා.. අද මෙහෙම කුලී වැඩ කර කර දුක් විදින්න වෙලා තියෙන්නේ.. )

මට ඒවා වැඩක් නෑ අම්මා. මට බෑ යාළුවො ඉස්සරහ නෝන්ඩි වෙන්න
මට සල්ලි ඕනා ඔන්න මම මාසෙකට කලින්ම කිවා...
දැන් යනවා මම පාඩම් කරන්න...

පුතාට තේ එකක්වත් හදලා ගිහින් දුන්නා නම් නෝනා.
විභාගෙත් ලගනේ..
පාඩම් වැඩ කරන්නත් ඕනානේ..
අනික ඉතින් ඔය ළමයි ටික එකතු වෙලා යන අන්තිම ට්‍රිප් එක හින්දානේ ඔය කියවන්නේ
මොනවා හරි කරලා බලමු ඉතින්...

--------------------------------------------------

අම්මේ.,... අම්මේ

චුටි....පුතා මොකද කෑ ගහන්නේ...

මගේ ගණන් පොත ඉවර වෙලා. ටීච කිවා හෙට එනකොට
පොතක් අරන් එන්න කියලා..
මට පොතක් ඕනා..

ගේ හරියේ සත පහක් නෑ ළමයෝ..
පොඩ්ඩක් හිටපන්. මම කනත්ත වත්තේ වත් ඇවිදලා බලලා එන්නම්.
පොල් ගෙඩියක් දෙකක්වත් වැටිලා තියනවද කියලා
එකෙන් වත් උඹට පොතක් ගන්න සල්ලි හොයාගන්න..

ජිවිතේ අවුරුදු ගානක් හැමදාම දුක විතරක් වින්දා උනත්
හොයන හැම සතේම වියදම් කලේ අපි වෙනුවෙන්.
අවුරුද්දකට සැරයක්වත් අම්මා තාත්තා ඇදුමක් ගන්න සල්ලි වියදම් නොකළට
පුළුවන් හැම වෙලේම අපේ හැම අවශ්‍යතාවයක්ම පුළුවන් පුංචිම විදිහට හරි කරලා දෙන්න
මහන්සි උනේ නැතිවම නෙමේ.. එත් ඉතින් හැමවෙලේම හිත රිදෙන කතාවලින් හිත රිද්දන එක අපි තුන්දෙනාගෙම පුරුද්ද වෙලා තිබුනේ. ඒ කොහොම අපි සැලකුවත් අම්මවත් තාත්තාවත් අපි කාගේවත් හිත රිදෙන වැඩක්, කතාවක් කිවේ නැ කියන එක අපිට ඒ කලේ තේරුම් ගන්න පුළුවන් කම තිබුනේ නෑ

අද... මගේ ජිවිතේ වැදගත් දවසක්....
අයියා අද වෙනකොට ලංකාවේ නෑ රස්සාවට ඕස්ට්‍රේලියා ගියේ කසාද බැදලා..
මල්ලි අද වෙනකොට ලංකාවේ පිළිගත්තා බැංකුවක කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා..
මම ආදරේ කරපු ,කැම්පස් එකෙන් යාලු උන සමීර ව කසාද බැඳලා අද ජිවිතේ වැදගත්ම පදවිය ලබන දවස..

ඔව් අද මම අම්මා කෙනෙක් වෙනවා..
වෙනදාට වඩා අද මට දැනෙනවා මම කොයි තරම් ඒ කාලේ වැරදි විදිහටද හැසිරිලා තියෙන්නේ කියලා.
අම්මා තාත්තා ට සලකන්න ඕනා කියන හැගීම හිතට වද දුන්නත් අද ඒ දෙන්නම ජිවතුන් අතර නෑ
හිත දුකෙන් පිරිලා තියන තරම වචන වලින් කියන්න බැරි තරම්.
පුළුවන් විදිහට අම්මාගේ තාත්තාගේ අවසන් කාලේ සැලකුවා උනත්... අපි වෙනුවෙන් ජිවිත කාලෙම කැප කරපු අම්මා තාත්තා වෙනුවෙන් අපි සැලකුවා මදි කියන එක හිතට දැනෙන්න මම අම්මා කෙනෙක්ම වෙනකන්ම කල් ගියපු එක හිතට මහා බරක්...

මොනවද බබා කල්පනා කරන්නේ..
අද සතුටින් ඉන්න ඕනා දවසක්නේ..

මහත්තයෝ.... අපි අම්මලා තාත්තලා වෙනුවෙන්..
පින්කම් ටිකක් කරමු...
මගේ හිතට ගොඩක් ලොකු දුකක් දැනෙනවා...

හරි බබා අපි පින්කම් කරලා පින් අනුමෝදම් කරමු...

සඳරු - Devaka Sadaruwan

( ජිවිතේ කොයි තරම් ලොකු තැන් වලට ගියත් , කොයි විදිහේ තැනක උන්නත් ජිවිතේ අපිට පුළුවන් කාලේ අපි අපේ දෙමාපියන්ට සලකන එක තරම් හිතට සහනයක් දැනෙන වෙන මොනවත් දේවල් නෑ. ජිවිතේ අයනු ආයනු කියන්නේ අපි දෙමාපියන්ගෙන්.. ඒ අය ජීවිතෙන් සමුගත්තට පස්සේ අපිට සලකන්න බැරි උනානේ කියලා දුක හිතනවාට වඩා... ඉන්න කාලෙ පුළුවන් විදිහට සලකන්න... මොකද අපේ ජිවිතේ වටිනාම අය අපේ දෙමාපියන් )

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment