වරදක් උනේ...අයදිමි සමා...

වරදක් උනේ..., අයදිමි සමා..

දුවේ උබට කියන දේ තේරෙන්නේ නැද්ද?
අපි උබට වැරද්දක් කරලා නැහැනේ කවදාවත්.
ඔය මිනිහා උබට ගැලපෙන්නේ නෑ
උබට දැන්ම බදින්න ඕනා නම් අපි හොද කොල්ලෙක් හොයලා දෙන්නම්

අනේ අම්මා කියන දේ අහන්න
මට ඉසංක ඇරෙන්න වෙන කෙනක් ඕනා නෑ
මොකක්ද ඔය තරම් අම්මලා මගේ සතුටට තියන අකමැත්ත
මම දුකෙන් ඉන්නවා බලන්නද ඕනා ඔය තරම්

උබට දුකක් නැතිව ඉන්න දෙන්නයි අපිට ඕනා.
කියන දේ තේරුම් ගනින්කෝ..
ඔය වැඩේ කරලා කවදාහරි දුක් විදින්න වුනොත් අපි කොහොමද එක දරාගන්නේ

මම අයෝමි.. අම්මලා තාත්තලා ලොකු සල්ලි කාරයෝ නොවුනත් දුකක් නොදී බලාගත්ත හින්දා ළමා කාලේ දුක් විදින්න දුන්නේ නෑ කියලා මගේ ජිවිතේ හැම තීරණයක්ම ඒ අයටම ගන්න දෙන්න ඔනාද?
කොහොමත් දෙමාපියෝ ළමයි හැදුවා නම් ඒ අය උස් මහත් කරන්නම ඕනා. අම්මලා ඉසංකට අකමැති ඇයි කියලා කියන්නෙත් නෑ. මට දුක් විදින්න වෙනවා කියලා විතරක් කියනකොට එන තරහ කියාගන්න තේරෙන්නේ නෑ

මොකද දෝනි කරන්නේ කන්නේ නැද්ද?
ඔහොම නොකා නොබී ඉදලා හරියනවද?

ප්ලීස් අම්මා මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ..
එන ගමන් මම කාලා ආවේ..
ගෙදර කෑම වලට වඩා පිටින් කෑම එක නිදහසේ කන්න පුලුවන්
මෙතන කාලා තව කතා අහන්නත් ඕනානේ

මොකක්ද උබ කිවේ.. උබ ඔය කාටද කතා කරන්නේ
උබ එනකන් කන්නේ නැතිව බලාගෙන හිටපු උබේ අම්මාට ද?

අනේ මහත්තයා නවත්වන්නකෝ..
දුවට මහන්සි ඇතිනේ..
බඩගිනි එන්න ඇති ඒ හින්දා මගින් කාලා එන්න ඇති.
දැන් එන්නකෝ...

ඇයි මොකද ගහන්නද අත ඉස්සුවේ..
ඉතින් ගහලා බලන්න. මමත් නිකන් ඉදිවිද කියලා
හැදුවා කියලා හැම දේම කරන්න ඔනාද?

අනේ එන්න මහත්තයා....
අපි යන්න..
දුව දැන් පොඩ්ඩක් තරහ අරන්නේ ඉන්නේ.
පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙමුකෝ.
යමු අපි ගිහින් කළා ඉමු..

මට කන්න ඕනේ නෑ නොනි..
මම නිදා ගන්නවා.
මොනවට මේ වගේ දරුවෙක් හැදුවාද මන්දා..
අර පොඩි එකාත් මේවා හිතටදකිනකොට මොනවා හිතනවා ඇතිද?

--------------------------------------------------

ඉසංක...

ඔව් මැණික... ඔයා අදත් අඩලාද...
මොකද අදත් අම්මාලා බැන්නද?

ඔව් මහත්තයෝ...
මට නම් මෙහෙ ඉන්න බෑ
මාව එක්කගෙන යන්නකෝ..

අනේ මැණික ඔයාව එක්කගෙන ඇවිත් කොහොමද?
මටත් හරියට රස්සාවක් නැ.
එහෙම කියලා ඉතින් ඔයාට ඔහොම දුක් විදින්න දෙන්නත් බැහැනේ
බබා මම දෙයක් කියන්නම්..
වැරදියට හිතන්න එපා.
කොහොමත් මට කවදාවත් ඔයාලගේ ගෙදරින් කැමති වෙන්නේ නැහැනේ.
දැන් එක අපි හොදටම දන්නවනේ

කියන්න මහත්තයෝ මොනවද මම කරන්න ඕනා
මට බෑ ඔයා නැතිව ඉන්න.
මට ඔයාව ඕනා.
අම්මලා මට හැමදාම දෙන්නේ දුක් විතරයි
ඔයා ලග ඉන්නකොට විතරයි මට සැනසීමක් තියෙන්නේ

මෙහෙමයි බබා
ඔයා අම්මලාට කියන්න..
ඔයා මාත් එක්ක තියන සම්බන්දෙ නවත්වනවා හැබැයි ඒ වෙනුවට.
ඔයාට  තනියම දෙයක් පටන් ගන්න ඕනා.
තියන දේපල වලින්  ඔයාට වැඩි කොටසක් ලියලා දෙන්න කියන්න
තාම මල්ලි පොඩි නේ
ඌට ඒවා තේරෙන්නේ නෑ ඒ හින්දා අවුලක් වෙන්නේ නෑ
එහෙම ලියාගත්තාට පස්සේ අපිට එක වහලක් යට ඉන්න පුළුවන්.

ඔව් මහත්ත්යෝ... එක හොදයි
අම්මලාට රිදන්නත් එක හොද වැඩක්..
මම ඉක්මනටම එක කරගන්නම්..
මට ඉක්මනට ඔයාගේ ලගට එන්න ඕනා මහත්තයෝ

--------------------------------------------------

දැන් හැමදාම කියන්නේ මට ඉසංක එක්ක තියන සම්බන්දෙ නවත්වන්න කියලානේ
මොකක්ද එකට හේතුව කියලා මම දන්නෙත් නෑ

ඔව් දුවේ අපි කියන්නේ එක තමා.
ඔයාට දවසක දුක් විදින්න වෙනවට අපි කැමති නෑ එකයි මේ තරම් කියන්නේ
නැතිව ඔයාට ආදරේ නැතිව නෙමේ.
කියන දේ තේරුම් ගන්නකො.

හරි මම එක නවත්වනම්.. එක කොන්දේසියක් උඩ
මට මේ දේපල වලින් අයිති කොටස ලියලා දෙන්න ඕනා.
මට එතකොට මගේම දෙයක් පටන් ගන්න පුළුවන්
මට ඉසංකව ලේසියෙන් අමතක කරන්න බැ මට බිසී වෙන්නේ නැතිව.

මොනවාද දුවේ කියන්නේ
මේ හැමදේම ඔයාටයි මල්ලිටයි තමයි.
එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ.
ඉතින් එත් මේ හදිසියේ.,.

දැන් එක කරන්නත් බැරිද?
මොකක්ද මම කැමති මොනවත්ම කරන්න දෙන්නේ නෑ
මොනවද මට කියන්නේ මැරෙන්න කියලාද?

හරි හරි අපි ලියලා දෙන්නම්
ඉක්මනටම

හ්ම්ම්ම් එක හොදයි.
ඉක්මනට එහෙම නම් එක කරලා දෙන්න

--------------------------------------------------

වැඩේ හරි.. මහත්තයෝ....
අම්මලා හෙටම දේපල ටික මගේ නමට ලියලා දේවි.
එතකොට ඉතින් මට ඔයා ලගට එන්න පුලුවන්..

හරි බබා එහෙමෙන්ම් අපි ඉක්මනටම වැඩේ කරමුකෝ.
අනිත් එක ඉතින් මට මේ ටිකේ පොඩි බිස්නස් එකකට සල්ලි ටිකක් හොයා හොයා ඉන්නේ
ඉතින් මට පුළුවන් වෙයිද?

මොකක්ද මහත්තයෝ

පුළුවන් වෙයිද ඔයාගේ නමට තියන ඒවා මගේ නමට ලියාගන්න අපි බැන්දාට පස්සේ

ඔයා මොකද මම මොකද මහත්තයෝ..
දෙන්නා දෙන්නෙක් නෙමේනේ බැන්දම එක්කෙනේක්නේ
මම ලියලා දෙන්නම් ඔයාගේ නමට.

මගේ හොද මැණික.
මම මෙහෙ වැඩ ටික ලෑස්ති කරන්නම්කො., එහෙමනම්
ඔයා වැඩට යනවා වගේ ගෙදරින් එන්න,
එනකොට මතක් කරලා ඔප්පු ටික එහෙම අරගෙන එන්න

---------------------------------------------

මට අද ගොඩාක් සතුටුයි මහත්තයෝ...
අම්මලට පාඩමක් උගන්වන්නත් පුළුවන් වෙනවා. දැන් ඉතින් අද කසාද බැන්දහම
ඔයාට එක එක කතා කිව එකට විදෝ විදෝ ඉදිවී. අපි බැදලා ලස්සනට ඉන්නකොට

එක ඇත්ත..
මමා යාළුවො දෙන්නෙක් එක්කගෙන ආවා සාක්ෂියට අත්සන් කරන්න
කසාදෙට අත්සන් කරලා කෙලින්ම ලෝයර් ලගට ගිහින්
ඔප්පු ටිකත් ලියගෙනම යමු බබාඑතකොට වැඩ ටික ඔක්කොම එක දවසේ වෙනවනේ

හරි මහත්තයෝ...

හ්ම්ම් හනිමුන් කියාලා ඉතින් අමුතු දේවල් නම් නැතිව ඇතිනේ උබලාට නේද ඉසංක.
කලින්ම ඒවා ගිහින් ඇතිනේ..

අනේ අනේ උබලාට ඒවා වැඩක් නෑ
උබලා ආව වැඩේ කරපල්ලකෝ..
මෙතන වෙන දේවල් හොයන්නේ නැතිව..

--------------------------------------------------

මට අද ගොඩාක් ලොකු නිදහසක් දැනෙනවා...
කියාගන්න බැරි තරමට
මම ඔයාගේ උනා කියන එක හීනයක් වගේ.
ඔයාට ගොඩාක් පින් මහත්තයෝ.. මාව සතුටින් තියනවාට

හ්ම්ම්ම්

මොකද මහත්තයෝ නිකන් දුකෙන් වගේ..

අනේ එහෙම එකක් නෑ බබා මම පොඩ්ඩක් කල්පනා කර කර හිටියේ..
ඉතින්.. නිදාගමුද?

අද අපේ හනිමුන් දවසනේ..
කලින්ම නිදා ගන්නවද මගේ මහත්තයා

--------------------------------------------------

ඉසංක.... ඔයා කොහෙද?
මාව බය කරන්නේ නැතිව එන්නකෝ..
මොකද කරන්නේ..

මිස්.. මහත්තයා මේ ලියුම දීලා යන්න ගියා..
මේකත් මට කියලයි ලියා ගත්තේ..
මට පෙන්නේ මිස් රැවටිලා වගේ..

මොකක්.. කෝ දෙන්න...

ඉසංකා...
මේ ලියුම ඔයාගේ අතට ලැබෙනකොට
ඔයාට හිතාගන්න බැරි තැනකට මම ගිහින්.
ඇත්තටම මම ඔයාට ආදරේ කලේ නෑ
එත් මම දැන ගෙන හිටියා ඔයා මට ඇත්තටම ආදරෙයි කියලා
ඉතින් මට ටික කාලයක් ඔයාට ආදරෙයි වගේ ඉන්න සිද්ද උනා.
මොකද මට ඔයාලගේ ඉඩම් ටික ලියාගන්න ඕනා උනා
ඊයේ කසාදෙ ඇත්තටම උන එකක් නෙමේ.
ඒ මගේ යාලුවෙක් තමා රෙජිස්ටාර් විදිහට වැඩේ කලේ
හැබැයි ලෝයර් නම් ඇත්තම කෙනෙක්.
හැබැයි ඉඩම් ලියා ගත්තේ මගේ නමට නෙමේ.
එතන හිටපු යාලුවාගේ නමට.
මිනිහාගෙන් එකට මම සල්ලි ගත්තා.
මට අද මගේ කසාද බිරිදත් එක්කම ලංකාවෙන් යනවා.
ඔයාට දැන් දේපල ගැන තියන ආසාව අමතක කරලා දාන්න පුලුවන් වගේම
මම ගැන හිතන එකත් නවත්වන්න වෙනවා.
අම්මලාගේ තාත්තලා කියන සමහර දේවල් දරුවෝ අහන්නේ නැති උනහම ඔය වගේ දේවල් වෙනවා.
ගෙදරට කතා කරලා මම කිවා හොටෙල් එකේ බිල ගෙවන්න කියලා.
ඒ අය ඇවිත් ගෙවලා දායි..

මොකක්...
ඔයා කොහොමද ඉසංක මට ඔහොම දෙයක් කලේ..
දේපල ටික ගන්න මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කලාද?
මට ජිවත් වෙලා වැඩක් නෑ දෙවියනේ...

අනේ දුවේ මොනවද මේ කරගන හදන්නේ.
උබට කවුරු නැතත් අපි ඉන්නවා කියලා අමතක උනාද?
උබට ඕක තමා අපි මුල ඉදන්ම කිවේ ඕක නවත්වන්න කියලා
උබ දේපල ලියන්න කිව දවසෙම අපි තේරුම් ගත්තා මොකක්ද වෙන්නේ කියලා.
හැබැයි උබ අපි කියන දෙයක් පිළිගන්න පුළුවන් තත්වෙක නෙමේ හිටියේ..
ඇත්තටම ඔය දේපල උබට ලියලා දුන්න ඔප්පු බොරු ලියකියවිලි.
ඒ හින්දා ඒවා ගැන අපි දැනුම් දීලා තිබුනේ..
ඊයේ රැ ඔය කියන ඉසංක රටින් පනින්න යනකොට පොලිසියෙන් අල්ලාගෙන තියනවා
දැන් අර මිනිහට බොරු ඔප්පු හදලා වික්කා කියලා නඩු දාලා තියෙන්නේ

මුල ඉදලම මම අම්මලා කියපු දේ ඇහුවානම්.. අද මට මෙහෙම වෙන්නේ නැහැනේ
ආදරේ කියලා බොරු කාරයෙක්ට රැවටිලා මම තව ටිකෙන් ජීවිතෙන් වන්දි ගෙවනවා.
මට සමාවෙන්න අම්මා...
මට සමාවෙන්න තාත්තා...

දරුවෝ වැරදි කලාට ඒවා අම්මලා තාත්තලා ඒවාගෙන් බේරෙන්න උදව් කරනවා මිසක් අයින් කරලා දන්නේ නෑ...

සදරැ - Devaka Sadaruwan

( අම්මලා තාත්තලා ගොඩාක් වෙලාවට උත්සහ කරන්නේ දරුවන්ට හොදම දේවල් කරන්න. එහෙම නෙවෙන තැන් නෑ කියලා කියනේ නැ. එත් ගොඩක් තැන් වල අපිට නොපෙනන දේවල් ඒ අයට පේනවා.
මොනවා උනත් ආදරේ කරන්න ඕනා තමන්ට හිතෙන දැනෙන කෙනෙක්ට.. දෙමාපිය ආශිර්වාදෙත් එක්ක විවාහ වෙන එක හැමදේකටම වඩා වටිනවා. තමන්ගේ හිත්වල තියන ආදරේ හැමෝටම ලබෙන්න., බොරු කාරයන්ට අහු නොවී ජිවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා )
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment