ඇවිත් යන්න සාරා

#කෙටි_කතාවක්
_________________________________

        #ඇවිත්_යන්න_සාරා#

මම #දිනාල්_රන්සිදු.මට හිතුනා නිකමට වගේ මගේ කතාවත් කාටම හරි කියලා හිතට පුංචිම හරි සහනයක් ලබා ගන්න.

         ගම්බද ප්‍රදේශයක තරමක් පුංචි පවුලක වැඩිමහල් දරුවා මම..මට නංගි බබෙක් විතරයි ඉන්නේ.අද මම මේ කතාව සතුටින් වගේ කිව්වාට මම මහා මෙරක් තරමට ගින්දරක් හිතේ දරාගෙනයි ඉන්නේ...

      "මම මගේ ජීවිතයම පරදුවට තියලා ආදරේ කරපු මගේ අහිංසකාවි  අද කොහෙද?....."

  මේ කියන කතාව වෙද්දි    මම විශ්ව විද්‍යල අධ්‍යාපනය හදාරමිනුයි උන්නේ⁣. බොහොමයක් අඩුපාඩුකම් මධ්‍යයේ මම අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ.ඒත්  මුල් කාලයේදි මට කිසිම වුවමනාවක් තිබුනේ නැහැ ඉගෙන ගන්න.මගේ අහිංසකීට පිං සිදු වෙන්න මගේ ජීවිතේට බලාපොරොත්තුක් දුන්නා.මගේ රස්තියාදුකාර ජීවිතයට මම තිත තැබුවේ එතැන් පටන්.

             අපි ජීවත් වුන පැල්පත ඉදිරිපස වූයේ අප ගම්මානයේ ධනවත්ම පුද්ගලයාගේ නිවස.ඔහුත්, බිරිදත් කොතරම් මාන්නයෙන් යුතු වූවත් දරුවන් දෙදෙන පුදුමාකාර නිරහංකාර ගත්ගුණ වලින් යුක්ත වූවා.මේ නිවස තුලමයි මම අවුරුදු පහක් පුරාවට ආදරය කල සුරංගනාවිය #දහම්_සාරා_සුමනදාස
ජීවත් වුයේ.සුමනදාස මුදලාලිගේ වැඩිමහල් දියනිය.මම කතා කලේ සාරා කියලා .සුමනදාස මුදලාලි මුදල් හදල් වලින් පමනයි පිරිපුන් වූයේ....

          පැහැපත් සිරුරකට හිමිකම් කී ඇගේ හිසකේනම් තරමක් කෙටි එකක්.ඒත් කාට වුවද දැකූ පමනින් සිත ඇද බැද ගන්නා රූ සොබාවක් ඇයට තිබුනා.

           පාසල් යන අවධියෙයි අපේ ආදරයට මුල් අඩිතාලම් වැටුනේ.සැමට හොර රහසේ අපි ආදරය කලා.එය සැබෑම ආදරයක්.අප දෙදෙනාටම උදව්වට හිටියේ ඇගේ සහොදරයා....ඉදුවර.දුරකතනයක් ඒ කාලයේ අප දෙදෙනාම සතුව නොවුනි.අට්ලස් පිටුවක් පුරාවට මගේ ආදරේ අකුරු කරලා ඉදුවර අතේ යවන්නේ පුදුමාකාර සූක්ෂම අයුරින්.

         "දිනූ.....අපිට කවමදාකවත් එකතුවීමක් නැහැ...ඔයා හොදට ඉගෙන ගන්න මාවත් අරගෙනම මේ ගමෙන් යන්න දිනූ...."

හැමදාමත් මගේ දෙසවන් වලට වැකුනේ ඒ වදන්.පාසල් ඇරී ආපසු පැමිනෙන්නේ අප සතර දෙනා.මාත් නංගිත්.#සාරාත් ඉදුවරත්. අපේ සම්බන්ධය ගැන කිසිදු කෙනෙකුට කන වැකීමට මම ඉඩක් තිබ්බේම නැහැ.

           "දිනූ....මට දවසක් ඇහුනා ගමේ මිනිස්සු කියනවා අපේ අප්පච්චි බල්ලො මරලා හරි සල්ලි විතරයි හොයන්නේ කියලා ඇයි එහෙම මිනිස්සු කියන්නේ.."

          මම සුමනදාස මුදලාලිගේ විත්තිය දැන වුන්නත් සාරාට කිසිම දෙයක් කියන්නට ගියේ නැහැ.හොර අරක්කු ජාවාරම ඔහුගේ ධනවත් කමේ රහස වුනා. එළවළු වෙලදාම මුවාවෙන් ඔහුගේ ප්‍රධානම කාර්යය වුයේ එයයි.දරුවන් ගැනවත් සෙවීමක් බැලීමක් කිරීමට තරම් ඔහුට වුවමනාවක් නොතිබින.

            මම විශ්වවිද්‍යාලයේ ඉන්නා මේ කාලයේදි සාරා උසස්ලපෙල හදාරනවා.මේ වන විටදිනම් අප දෙදෙනා සතුවම දුරකතන තිබුනා.

          "දිනූ....මට ඔයාව මුන ගැහෙන්න විදියක් කියන්න ...අප්පච්චි දැන් මගේ පස්සෙන් එනවා වැඩියි....ක්ලාස් යවන්නෙත් නැහැ ඉස්කොලේ විතරයි කියන්න කොහොමද අපි වචනයක් හරි කතා කරන්නේ කියලා අපේ මාමගේ පුතාව මට යෝජනා කරලා ඒ නිසයි මේ හැම දේම......"

        
           "තව අවුරුදුද්දක් ඉවසන්න සාරා....මුකුත්ම නැතිව මට ඔයාව අරගෙන ගිහින් ඔයාට දුකක් දෙන්න මට බෑ....මම ජොබ් එකක් ගන්නකන් ඉවසන්න රත්තරං ..."

             
          "මම හෙට යනවා සාරා..."

ඒ එක්කමයි සාරා දුරකතනය විසන්ධි කලේ...

" දිනූ  ....ඔයා මට ආදරේනම් ඇවිත් දැන්ම මාව බලලා යන්න මම අපේ ගේට් එක ඉස්සරහා  අඹ ගහ යටට එන්නම් අප්පච්චි අම්මා හොදටම නිදි....."

        මගේ පුංචි සුරංගනාවියගේ හිත රිදවන්න තරම් මම කුරිරු වුයේ නැහැ.ඒ කෙටි පණිවිඩය දුටු විගසම මම කමිසයක් හැදගෙන ගෙදරන් එලියට ආවා.අපේ ගෙදර හැමෝමත් තද නින්⁣දේ...

විශාල පොල්වත්තක් මැද සුවිසල් නිවස පිහිටා තිබුනා.මම සෙමෙන් සෙමෙන් වත්තට ඇතුල් වුනා.වත්තට ඇතුලු වන තැනම අඹ ගහ යට කෙල්ල සීතලට ගැහෙමින් උන්නා.

       "දිනූ....කියන්න වෙන කෙනෙක් ඉන්නවද ඔයාට?කැම්පස් ගියාම වෙනස් වෙනවා කියන්නේ බොරුවක් නෙවෙයි තමයි. ඔයාගේ රූපෙට  ගෑහැනු ලමයි අකමැති වෙන්නැහෙනේ කවමදාකවත්.

       මගේ මුලු මුහුනම ඒ සියුමැලි දෑගිලි වලින් පිරිමදිමින් ඇය විමසුවා.

      "කියන්න දිනූ....කාත් කවුරුවත් නැති එකියක් වගේ මම ඉන්නොනේ...ඇයි මට මෙහෙම කරන්නේ සතියකට වතාවක්වත් මාව බලන්න එන්න දිනූ...මට ඔයා නැතුව බැහැ...."

          සීලට ගැහෙමින් හඩන සරාව මම මගේ මුලු පපුතුරටම සමීප කරගත්තා.මගේ කමිසය සිරුරෙන් ඉවත් කොට ඇයට ඇන්දූවේ..හිතල වැඩි කමට ඇය ගැහෙන්නට ගත්ත නිසාවෙන්.

           "මාව එක්ක යන්න දිනූ...මේ දැන්ම ...මට බැහැ මේ අපායේ ජීවත් වෙන්න.ඉදුවරගෙන් අහන්න.අර මිනිහා ආවාම මට දෙන වද තොගය ගැන.මට වෙන මිනිහෙක්ගෙන් අනාත වෙන්න බැහැ.දිනූ....පුලුවන්නම් මේ දැන්ම මාව ඔයාගේ කරගන්න ... මම මගේ හදවතින්මයි කියන්නේ....එතකොටවත් මම මගේ ආදරේ වෙනුවෙන් හැම දේම පූජා කලා කියලා සතුටු වෙන්න පුලුවන්..."

     "අහන්න සාරා....මෙච්චර කාලයක් මම ඔයාව ආරක්ෂා කලා...කිසිම කෙනෙක්ගේ හුලං පොදක්වත් වැටෙන්න නොදි ඉස්සරහටත් ඒක එ⁣⁣හෙමයි.ඔයාගේ දිනූ ඔයාව තනි කරන්නෑ..."

     මම උමතුවෙන් වගේ කුලුදුල් ඒ දෙතොල් මත් දෙතොල් තැබුවේ ජීවිතයේ ප්‍රථම වතාවට.මට මාගේ අහිංසකාවි ගැන දැනුන සෙනෙහස අපමණයි.ඇය ඉදිරිපිට මා පුදුමාකර ලෙස අසරණ වූවා.මගේ ආදරේ වෙනුවෙන් කිසිදු දෙයක් මට කල නොහැකිද?සාරාගේ අප්පච්චිට ඕන කරන්නේ මුදල් ඒ නිසයි සාරාව ඇගේ මස්සිනාට විවාහ කරදීමට පවා සැරසෙන්නේ.

      මට කියලා කිසිම දෙයක් නැතිව සරාව එක්ක ගිහින් ඇයට දුකක් දෙන්න මට පුලුවන්ද ?තේරුම් කලත් තේරුම් ගන්න ඇයට හැකියාවක් නැත. ඇය තවමත් පුංචි එකියක සේය.ගසක් යටට වී අසරණියක් විලස මගේ උණුහුමේ රැදෙන්නට ඇයට සිදු වූයේ මා දුප්පත් නිසාද?

      "සාරා....දැන් යන්න මගේ පණ බලන්න මුලු ඇගම හීතල වෙලා..."

       "දිනූ....ඔයයි මමයි මේ තරම් ලගින් හිටපු පලවෙනි... දවසත් අවසාන දවසත් අද වෙන්න පුලුවන්...මට මෙහෙම ඉන්න දෙන්න මම මෙහෙම මැරුනත් කමක් නෑ.මේ මගේ ආදරේ හීනෙකින්වත් වෙන කෙනෙක් ගැන මම හිතලා නැහැ."

             ඇය මගේ උකුලට වී බොහෝ වේලාවක් හිටියා...පුජනිය වස්තුවක් මා සතුව ඇතිවාක් සේයි මට දැනුනේ මම ප්‍රාර්ථනා කලේ සාරාවම පමණයි.ඇයත් එසේමයි.

          මා එදා නිවසේ ගේට්ටුවෙන් එළියට එනවාත් එක්කමයි සුමනදාස මුදලාලිගේ සගයෙක් ඒ පාරේ මොටර් බයිසිකලයකින් පැමිණියේ.මට සැගවීමට කොහෙත්ම අවස්ථාවක් වූයේ නැහැ.නමුත් වෙන දේකට මුහුණ දීමට මම සිතා ගත්තා.

      

          සාරාගේත් මගෙත් සම්බන්ධය ඇගේ අප්පච්චි තහවුරු කරගෙන තිබුනේ ඒ සිදුවීමෙන් පසුවයි. සාරාගේ පාසල් ගමන පවා නැවැත්තුවා.දුරකතනය සියලු දෙනාට හොර රහසේ ඇය සහවගෙන හිටියා. සාරාගේත් ඇගේ මස්සිනා...දිනුල්ගෙත් විවාහය සූදානම් කරලා තිබුනා.මගේ ඉගෙනීමේ කටයුතු නිසා මට සාරාව මග හැරී ගිය වාර අප්‍රමානයි.

              "අයියේ....මම ඉදුවර කතා කරන්නේ දිනාල් අයියේ..."
       

"කියන්න මල්ලි හදිසියක්ද?"

         "අයියේ මගේ අක්කි...එයාව බේරගන්න අයියේ...අප්පච්චි අක්කිට හොදටම ගැහුවා.දිනුල් අයියා ඇවිත් අක්කිව රූම් එකට දාගෙන දොර ලොක් කරගෙන අක්කි අඩනවා විතරයි මට ඇහෙන්නේ...."

      "මල්ලි මම අද එනවා අක්කිට ලෑස්ති වෙන්න කියන්න...."

      පුලුවන් විදියට මම මගේ කෙල්ලව රැක බලාගන්නවා කියන අදහසින් මම  නුගේගොඩින් නුවරඑළිය බස්රථයකට ගොඩ වුනා.ගෙදරින් දෙන මුදලත් මහපොලින් ලැබුනු සොච්චම් මුදලෙනුත් තමයි මම මාසය ගෙවා ගත්තේ.ඒ අද පටන් මට සැහැල්ලුවෙන් ජීවත් වන්නට නොහැකි වේවි....මට ඇමතුමක් ආවේ මේ අතරතුර.

         "දිනු......ඔයාට බැරිනම් මාව මේ අපායෙන් බේරගන්න.මම දැන්මම මේ ගෙදරින් යනවා...නැත්නම් වහ ටිකක් බොනවා මට සැපයි.ඇවිත් බලන්න මං අර පවු කාරයත් එක්ක පොර බදලා මගේ මුළු ඇගම සීරිලා..

     මට දරා ගන්න බැරි වේදනාවක් දැනුනා.මම රාත්‍රි නවයට ගේ ඉස්සරහට එන බවත් මාත් එක්ක යන්න සූදානම් වෙන ලෙසත් මම සාරාට පැවසුවා .

           මම කී වෙලාවටම එතනට ගියා සාරා මා බලාපොරොත්තුවෙන් උන්නා.කෙල්ලගේ මුළු මුහුනෙම සීරුම් පහරවල්.දෙතොල් තඩිස්සි වෙලා.මම කෙල්ලව මගේ මුහුණට තද කරගෙන හැඩුවා.මගේ පිරිමි හිත සාරා ඉදිරියේ...ලද බොලද වුනා.

          " ඉක්මනට යමු සාරා...අප්පච්චි ආවොත් ඉවරයි අපි දෙන්නම.මම අපේ ගෙදරටත් මේ හැම දේම කිව්වා.ලකී....අතන ඉන්නවා ත්‍රිවිරල් ⁣එකේ යමු......"

            අපිට තවදුරටත් යාමට නොහැකි වුනා.සුමනදාස මුදලාලිත්.දිනුල් දෙන්නාම අප ඉදිරි පිට.

"තොපි මගේ අස් වහලා පැන ගන්නද යකෝ....තෝ මගේ දරුවෙක් නම් නෙවෙයි....මෙච්චර සැපට ඉන්න හොද කොල්ලෙක් හොයලා දීලත් ඉන්න බැරිද?"

          

           "මම කියන දේ කරන්න බැරිවනම් උඹ ජීවත් වෙන්න ඕනෙත්...නැහැ."

            සුමනදාස මුදලාලි ඉදිරියට විත් කෙල්ලගේ හිසකෙන් ඇදලා ගත්තා.

         "අතඇරපන් මගේ සාරාව...."

"කොහෙ ඉන්න සාරෙක්ද බොට ...බොලාගේ සාරා...කොහෙද මෙහෙ මගෙන් ජාතක වුනානම් මම කියන දේ අහන්න ඕනේ......."

"ආ.....හ්..."

මගේ හිස පිටුපසට වැරෙන් පහරක් එල්ල කලේ් දිනුල්...හිසත් බදාගෙන මම මහ පාර අයිනේ...ඇද වැටුනේ ලේ ගංගාවක් මධ්‍යයේ ...

"දිනූ......මගේ දිනූ...අප්පච්චි එයාට මුකුත් කරන්න දෙන්න එපා...අපි දෙන්නට යන්න දෙන්න අප්පච්චි ...."

සාරා එයාගේ අප්පච්චිගේ දෙපා මුල වැටිලා හඩනවා.මම සිහිනෙන් වගෙයි දුටුවේ .

"යන්න දෙන්න බොලාට හිටපිය...."

"දිනූ....නැගිටින්න අපි යමු දිනූ...."

කෙල්ල දුවවිත් මගේ පපුවේ හිස හොවාගෙන හඩපු හැටි මට අදත් මතක සිහිනයක් විලසයි.

අසල තිබුන කලු ගලක් තම දෑතින් ඔසවාගෙන එන සුමනදාස මුදලාලිව මම දැක්කා.ඒත් මට කතා කරගන්නට බැහැ.

       "දි..........නූහ්...."

මට ඇහුනේ එපමනයි.අපේ ආදරය අවසන් වුනේ එතැන් සිටි.මගේ පණ මගේ පපුතුරේම අවසන් සුසුම් හෙලුවා.මට ඒ දේවල් මතක් වෙන හැම මොහොතකම මටත් සාරා ලගට යන්නට හිතෙනවා.

තමන්ගේ ලෙයින් ජාතක වුවත් තමන්ගේ දරුවගේ හිසට ගලකින් ගසා මරා දැමූ වරදට සාරාගේ පියා හිර ගෙයි දඩුවම් විදිනවා.

     මම දැනට ගණකාධිකාරවරයෙක් ලෙස සේවය කරනවා.ඉදුවරත් මගේ පවුලේ තුන් දෙනාත් අද ගමෙන් ඈත් වෙලා ජීවත් වෙනවා.තවමත් මගේ මුලු ලෝකෙම සාරා.හීනෙන් හෝ ඇය එනතුරා මම මග බලාගෙන.....

      _________නිමි______________

තෙරුවන් සරණයි !
උපුටා ගෑනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment