හදහන

හදහන.....

මට පොඩි බයක් තියනවා රවින්....
අනේ මන්දා මොකක්ද කියලා කියාගන්න තේරෙන්නේ නෑ

ඇයි නිරෝ ..
මොකක්ද අවුල..
මගේ ආදරේ මදි වෙලාද?
මට තේරෙන්නේ නෑ මොනවත්..

නෑ බබා එහෙම එකක් නෑ
මට ඔයාෆේ ආදරේ තරම් වටිනා දෙයක් මේ ලෝකේ නෑ කියලා ඔයා දන්නවනේ.
මට බය ඔයා නැති වෙයි කියලා.
මට ඔයාව නැති කරගන්න බෑ රත්තරන්

මොනවද මැණික කියන්නේ.
මොනවටද නැති වෙන්නේ..
මම ඔයාව දාලා යන්නේ නැහැනේ..

එත් පොඩි ප්‍රශ්නයක් තියනවා..රවින්.
අම්මලා ඊයේ මගේ හදහන බලලා..
එක....

මොකද බබා..මොනවද කියලා තියෙන්නේ ඉතින්.
කසාද බැන්දොත් මාව මැරෙනවා කියලාද?

මොනවද මහත්තයෝ කියන්නේ..
එහෙම කියලා තියනවනම් කවදාවත් මම  ඔයාව බදින්නේ නැ බබා.
මට එහෙම පව්කාර කමක් කරන්න බෑ..

මොනවද දැන් කියලා තියෙන්නේ ඉතින්..
මොකක්ද අවුල කියන්නකෝ..

නෑ මහත්තයෝ...
කසාදෙ උනත් ඒ තරම් හොද විදිහට තියෙන්නේ නැහැලු
කසාද බැන්දත් දෙන්නා වෙන් වෙනවලු..
එකට හොද ලස්සන පවුල් ජිවිතයක් නැහැලු..

මැණික...
අපි ආදරේ කරන්න පටන් අරන් දැන් කොයි තරම් කල් ද?
අපි අතරේ මොනවත් ප්‍රශ්න මොනවත් වෙලා තියනවද?

එහෙමනම් නෑ තමා බබා
එත්... අම්මා කැමති නෑ මේ කසාදෙ කරනවට..
අම්මාට ඕනා වෙලා තියෙන්නේ අම්මාගේ යාලුවෙක්ගෙ පුතෙක්ට මට බන්දලා දෙන්න
ඒ කේන්දර හොදට ගලපෙනවලු..

ඉතින් දැන් බබා මොනවද කියන්නේ.
ඔයාට ඕනි මගෙන් ඈත් වෙන්නද?

අනේ නෑ බබා... මට මෙහෙ ඉන්න බෑ
මට ඔයාව විශ්වාසයි..
කේන්දරේ මොනවා තිබ්බත් ඔයා මට දුකක් දෙන්නේ නැතිව බලාගනී කියලා..
මට ඔයාව නැති කරගන්න ඕනා නෑ බබා..

ගෙදර ඉන්න එක ඔයාට ප්‍රශ්නයක් කියලා මට තේරෙනවා බබා
දවසක අම්මලා තේරුම් ගනීවි..
අපි කලේ වැරද්දක් නෙමේ කියලා
ඔයා මාත් එක්ක ඒනවා  නේද?

ඔව් මහත්තයෝ... එනවා.
මට ඔයාව ගොඩාක් විශ්වාසයි..
එත් මහත්තයෝ මට අරගෙන එන්න මොනවත් දේවල් ගොඩාක් නෑ

මොනවත් දැන් අරගෙන එන්න කීවාද බබා
මගේ මුළු ලෝකෙම ඔයා වෙනකොට
ඔයාගේන් තොර ජිවිතයක් මට නෑ
ඔය කෙන්දරයකට අපිව වෙන් කරන්න දෙන්නේ නෑ බබා මම

------------------------------------------------------------------------------------
ඔන්න ඉතින් දැන් නිතියෙනුත් මට ඔයාව අයිති වෙලා ඉවරයි..
තියෙන්නේ ඉතින් දැන් මගේ වැඩ කරලා දෙන්න තමා...

අහ්හ් මෙන්න වැඩක්.. දැන් මාව අරගෙන ආවේ මගේන්
වැඩ කරගන්නද අහ්හ්.. ඒවා නම් හැදෙ තමා සුදු මහත්තයෝ..

ඔව් ඔව් මේ හදට තමා එක්කගෙන යන්නේ
පැණි හදට...

අපෝ මහත්තයා හොදටම නරක් වෙලා..

නරක් නොවී ඉන්නේ කොහොමද මගේ පන මගේ ලග ඉන්නකොට..
මට පැණි හදෙන්ම බබෙක් ඕනා.. ඔයා වගේ ලස්සන

--------------------------------------------------

දැන් ඉතින් උබ ඔහොම ගියා කියල කේන්දරේ තියන දේවල් ඇත්ත උන දවසට ආයේ මේ ගෙදර දොර උබට ඇරලා නැ කියලා මතක තියා
ගත්තොත් හොදයි..

කමක් නෑ අම්මා... මට මගේ මහත්තයාව විශ්වාසයි.. ඔයාට ඕනා උනේ කේන්දරේ වැරැද්ද උඩ මාව කොහෙවත් ඉන්න කෙනෙක් ට බන්දලා දෙන්නනේ.
එහෙම වෙනවට වඩා දවසක් හරි සතුටින් මගේ ඉදලා....
මොනවා උනත් කමක් නැ...

--------------------------------------------------

(වසරකට පසු )

මහත්තයා..... ඔන්න ඉතින් අද ඉදන් ඔයාගේ වගකීම් වැඩි..
පුතු පැටියා මම වගේ නම් නෙමේ මහත්තයා වගේම තමා..
දැන් එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්ම බලාගන්න වෙනවා ඔයාට අද ඉදන්

ආදරෙයි දෙන්නටම මගේ පනටත් වඩා...

මහත්තයෝ... අම්මා....

එන්න අම්මා...

මට ආරන්ච්චි උන ගමන් මේ ආවේ...
මට අද මම ගැනම කලකිරෙනවා..
එදා ඔයාලා ගත්ත තීරණය ඇත්තටම හොද තීරණයක් කියලා අද වෙනකොට මම තේරුම් අරන් තියන්නේ
බැරි වෙලාවත් එදා මම කියපු කොල්ලව ඔයා බන්දානම්...
අද වෙනකොට ඔයාට පවුල් ජීවිතයකුත් නෑ.
මිනිහාට හැම තැනකම ගෑනු ලු
ඒ මදිවට අරක්කු බිලා නාස්ති වෙලා ඉන්නේ..
ඉස්සර ඉදන් එහෙමලු. මම නොදැන හිටියට

පරණ දේවල් කතා කරන්න ඕනා නෑ අම්මා
අද අපි සතුටින් ඉන්නවනේ
කේන්දරේ තිබුන දේවල් බොරු කරන්න පුළුවන් උනානේ අපේ ආදරේට

සදරු - Devaka Sadaruwan

( 100%ක් කේන්දර හදහන විශ්වාස කරන්න එපා කියනවත් නෙමේ. අවුරුදු ගානක් පවතින පිළිගැනීම් බොරුමයි කියන්න පුළුවන් කමක් නැති උනත් ආදරේ කියන සාධකය මත ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.. මොනවා උනත් ජිවිතේ ගැන තීරණ ගන්නකොට හිතලා ගන්න )
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment