සද අයිති අහසටයි

#සඳ_අයිති_අහසටයි

මං සදුම් විහාරා සේනාසිංහ.
ජීවිතේ ගොඩක් දේවල් එහා මෙහා පෙරලෙද්දි මං මුහුණ පොතට එකතු උනේ දෛවයේ තවත් එක් පියවරක් විදියට.ඒ ගෘප් එකක ප්‍රසිද්ධ චරිතයක් හරහා ව්‍යාජ ගිණුමකින්.එතකොට මට වයස අවුරුදු 16යි.ගොඩක් ලස්සනට වැඩේ කරනවා.දවසක් මගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටෙනවා.

" අනේ අක්කේ මාවත් ගන්නකො.."

ඔහු අහස් තිවංක රත්නායක.රියල් එකවුන්ට් එකක්.ඉතින් රිප්ලයිත් වැටෙනවා.ටික දවසකින් අහස් අපිට එකතු වෙනවා.

පස්සෙ තමයි දැනගන්නෙ කොල්ලා අක්කේ කිව්වට අපි දෙන්නාම එකම වයස කියලා.ටික ටික අපි හොදම යාළුවෝ වෙනවා.මුළු දවසෙම චැට්.කොල්ලා හරි දගයා.ඇති වෙන්න බැනුනුත් අහනවා."මං නම් කොච්චි මිරිස් වගේ කියලා තමයි කට්ටිය කිව්වේ.මේ විදියට ගලාගෙන යන ජීවිතේ පුංචි පුංචි වෙනස්කම් සිද්ද වෙන්නෙ ලෝකෙටම හොරෙන්.

එයා මට හිතින් ගොඩක් ආදරේ කරනව කියලා මට දැනුනු දවසක මං අහනවා

" උබත් මට ආදරේ කරනවද බන්"

" පිස්සුද බන්..."

කොල්ලා කියන්නෙ එහෙම.
හිතට වද දුන්න ප්‍රශ්නයක්.මට සැනසීමක් දැනෙනවා.

ඔහොම කාලයක් ගෙවිලා යද්දී මං මුහුණුපොතට සමුදෙනවා.අහස් තමයි ගොඩක් දුක් වෙන්නෙ.එයා මාව නවත්තන්න කරන්න පුළුවන් හැමදේම කරනවා.ඒත් මගෙ අකීකරු හිත නවත්තන්න එයාට බැරි වෙනවා.

මං ඒ හැමදේකින්ම ඈත් වෙනවා.තවත් කාලෙට පස්සෙ ආපහු රියල් එනවා.අහස් හරියට මං එනකල් බලන් හිටියා වගේ ආයෙත් මං ළග දැවටි දැවටි ඉන්නවා.

ඒ අතරේ මං ආදරේත් කරනවා මනුස්සයෙක් කියලා හිතපු නරුමයකුට.ජීවිතේ අන්තෙටම කළකිරිලා මං ආපහු හැමදෙයක්ම දාලා ෆේක් අකව්න්ට් එකකින් මුහුණුපොතට එකතුවෙනවා.. හිත රිදිලා බිදිලා මැරෙන්න හේතු තියෙද්දි මගෙ අයියා තමයි මගෙ හිත හදන්නේ.එයා තමයි මගෙ ළග හිටියේ.

දවසක් අහස් මට කතා කරනවා

"සදුමි.......මට ඔයාට දෙයක් කියන්න තියනව..අනේ ප්ලීස් මාව වරදවා වටහගන්නෙපා......"

"නෑ......අහස් කියන්න මොකද්ද??"

"පොරොන්දු වෙන්න සදුමි ඔයා තරහවෙන්නෙ නෑ කියලා..."

"හරි බන් කියහන්කෝ තරහ වෙන්නෙ නෑ..."

"සදුමි..........."

"ම්ම්ම්ම්......."

"මං ඔයාට ඇත්තටම ආදරෙයි..... මොකද ඔයා කියන්නේ.... මම් කවදාවත් ඔයාව දාල යන්නෙනම් නෑ සත්තයි.....එකපාරක් අවස්තාවක් දෙන්න මට ඔයාගෙ ජීවිතේට එන්න"

ඇත්තටම මම් මේ වගේ දෙයක් අහස්ගෙන් බලාපොරොත්තු උනේ නෑ..ආදරේට වඩා බයක් මගේ හිත වහගත්තා...මේ ආදරේ නිසා මට මගෙ හොදම යාළුවත් නැති වෙයිද කියල.

" අහස්.......මට බෑ ආදරේ නිසා ඔයාවත් නැති කරගන්න අපි යාළුවො වගේ ඉමු හැමදාටම...."

"නෑ සදුමි....... එහෙම නැ කවදාවත් ඔයාගෙන් ඈත් වෙන්නෙ නෑ මම එකපාරක් මං කියන දේ අහන්න"

"ප්ලීස්..... අහස් මට ආයෙ මේ ගැන කියන්නෙපා...."

අහස්ගෙ මුළු ලෝකෙම මං කියල දැන දැනත් මං ටිකක්වත් නොහිතම ඒ ආදරේ ප්‍රතික්ෂේප කලා.මට දැනුන මං කිව්ව දේවල් වලින් අහස්ගෙ හිත ගොඩක් රිදුන කියල.........
ඒත්.....ආදරේ නිසා මීට වඩා රිදෙන්න ඉඩ තියෙනවා.

දින එකින් එක ගෙවිල ගියා අහස් ඉස්සර වගේම මං එක්ක ඉදියා.කතා කලා.ආයෙම ඇහුවෙනම් නෑ ආදරේ ගැන.ඒත් මට දැනුන මං ගැන ගොඩාක් හොයල බලනව කියල..මං ඒකට ආස කලා.

මාස එකහමාරක් විතර අපි ඉදිය සතුටින්...මේ අතරෙ ආයෙම දවසක අහස් මට යෝජනා කරනවා...

" සදුමි...තවම ඔයාට මට ආදරේ කරන්න හිතුනෙ නැද්ද.."

"ම්ම්ම් නෑ බම්.....ඔයා හොදට ඉගෙන ගන්න..අපි දෙන්නම කැම්පස් යමු.ඊටපස්සෙ බලමු ආදරේ ගැන..."

මං එහෙම කිව්වෙ අහස් මම ගැනම හිත හිත ඉදල ඉගෙන ගන්නෙ නැති නිසා..එදත් කොහොමහරි ලාවට එතැනිම් මගෑරල ආවා.....

ජීවිතේට දුක සතුට දෙකම සමානව ලැබෙනව කිව්වට මට සතුටට වඩා දුක තමයි ලැබුණේ..ආදරේ නිසා ඇති වෙන්න විදෙව්වා.තවමත් විදවනවා.හැමදේම එපා වෙන වෙලාවල් අනන්තයි.කාලයට හැමදේම විසදන්න දීලා මං ඔහේ බලාගෙන හිටියා.

අහස් ඒ වෙද්දී හිටියේ හොඳ සමාජෙක නෙවෙයි.කොල්ලා ඇත්ත දැනගෙනත් මගෙ පස්සෙන් හිටියා මාව බලාගත්තා.මට ඒක ලොකු හයියක් උනා.අහස්ගෙ ආදරේ මට දැනුනා.ඒත් මං ඒ ආදරේ නිහඬවම දරාගත්තා.ආයේ ආදරේ කරන්න තරම් හිතක් මට තිබුණේ නෑ.

දවසක් අහස් ,....

"සදුමි,සොරි බන්... මම් චුට්ටක් අද බිව්ව.."

පපුවට දැනුනෙ වේදනාවක්.මං නිසා මේ කොල්ලා නාස්ති වෙනවා කියලා.මං අහස්ට දෙයක් කිව්වොත් එයා ඒක අනිවාරෙම් පිළිගන්නවා කියල මම දැනගෙන හිටියා.මොකද එයාගෙ ආදරේ ඒ තරමටම ශක්තිමත්

" ආයෙ ඔය ජරාව කටේ තියන්නෙපා අහස් හොදද.පොරොන්දු වෙන්න බොන්නෙ නෑ කියල ආයෙම...."

"හරි.ඉතිම් ආයෙ බොන්නෙ නෑ සත්තයි..."

කොල්ල කොච්චර දග උනත් මං ලග මුව පැටියෙක් වගේ.මම ගැන කියල දිවුරුවොත් ඒ දේ කවදාවත් කරන්නෙ නෑ කියල මම දන්නව කොල්ල ඒ තරමටම මට ආදරෙයි.. ආදරයක් නැති උනාට හැබැයි මට අරමුණක් තිබ්බා.අහස්ව එයා හිටපු නරක සමාජෙන් ඈත් කරන්න.එයාව හොඳ කෙනෙක් කරන්න.ඒකට මගෙ අයියත් මට උදව් කලා.මං අහස් ළගට දෙපාරක් ගියා ඒත් මට තේරුම් ගියා එයාගෙ සමාජේ මට ඉන්න බෑ කියලා.මං ආපහු ආවත් හිත තිබුණේ අහස් ළග.ඔව්,ඔයාලා හිතුවා හරි මං මටත් නොදැනිම එයාට ආදරේ කරනවා.ඒත් ඇත්ත පිළිගන්න මට ශක්තියක් තිබුණේ නෑ.

%%%%%%%%%%%%%¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥¥

මේ දවස් වල ආයෙම අහස් ආදරේ ගැන කතා කරනවා.එක අතකින් කොල්ල ගැන මට දුකයි.

" සදුමී මම් ආදරෙයි ඇත්තටම. ප්ලීස්... දැන්වත් එක අවස්තාවක් දෙන්න"

මං ඒ වෙලාවේ අතීතයේ සිදුවෙච්ච සමහර දේවල් නිසා ගොඩක් දුකෙන් හිටියේ.ඔව් මම බැන්නා.අහස්ට හොදටෝම බැන්නා.ඒ මේ ආදරේ නිසා මට අහස්ව නැති කරගන්න බෑ කියල හිතලා....
අන්තිමේදී මං නොහිතපු විදිහට අහස්ගෙ හිත හොදටෝම රිදුණා.

"සමාවෙන්න සදුමි මම ආයෙ ඔයාට කරදරයක් වෙන්නෙ නෑ.ආදරේ ඉල්ලලා පස්සෙන් එන්නෙත් නෑ.ඔයා සතූටිම් ඉන්න.මාව ඕනෙ උනොත් කතාකරන්න.ඔයා වෙනුවෙන් ඕනම දේකට මං ඉන්නවා.මං යන්නම්. පරිස්සමෙන් ඉන්න.ඔයාට මගේ තියෙන ආදරේ කවදාවත් නැති වෙන්නෙ නෑ"

කොල්ලා එහෙම කියද්දි මට හුස්මත් නැවතුණා වගේ දැනුණා.පපුව පිච්චිලා ගියා ..කමක් නෑ මම ආයෙම ආදර කතාවකට මුළ පුරන්න හිතාගත්තා.මේ තමයි මගේ අවසාන ආදරේ අහස්.ඔයත් මාව දාල ගියොත් මේ කෙල්ල ජීවත් වෙන අවසාන දවස ඒක වේවි...

"යන්නෙපා.. අහස්"

"ඇයි,සදූ මං ඉන්න එක ඔයාට දුකක් මම යන්නෙ නෑ ටිකක් ඈතින් ඉන්නම්..මට ඔයා එක්ක ඉන්නකොට මගේ ආදරේ නිසා මට මාව පාලනය කරගන්න බැරි වෙලා ආයෙ ආදරේ ඉල්ලන් එයි.."

"යන්නෙපා..."
"ආදරෙයි.."
"අහස්..."

"මො..කක්... සදූ ඇත්තමද මැණික ඔය"

"හ්ම්ම්"

"ආදරෙයි රත්තරන් පණටත් වඩා...ඔයාව තනි කරන්නෙ නෑ කවදාවත් හැමදාටම සතූටිම් තියනවා..."

අහස් තිවංක රත්නායක මගෙ සුදුමහත්තයා.අහසක් තරම් ආදරේ පුරෝලා හැමදාම හිනාව අරන් පායන්න මේ සදට පුරුදු කලා.දැන් මේ මුළු අහසම මගේ වෙලා...

" ආදරෙයි මගෙ සුදුමහත්තයාට ගොඩාක්..."

" හම්මෝ මේක දාගන්න මං කාපූ කට්ටක්.. ඉක්කන්ට බදින්න ඕනේ බම් නැත්නම් දැම්ම උස්සන් යන්න හිතෙනවා..."

" යනවා යන්න මෝඩයා..."

අපේ ආදරේ දවසින් දවස ලස්සන වෙලා ඉතිරිලා දෝර ගලනවා.අහස් ගතවෙන හැම තප්පරයක්ම මගෙ මූණ හිනාවෙන් පිරෙව්වා.

" ගොඩාක් පිං මහත්තයෝ... මෙච්චර ආදරේ දීලා මාව බලාගන්නවට...

" ආදරේ උතුරා යද්දී මං කිව්වේ ඒ ඇස් දිහා බලාගෙනමයි.
අහස් අද හරිම ලස්සනයි.අද අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවස.මං පුංචි මනමාලියක් වෙලා අහස්ගෙ අතේ පැටලිලා.අදින් පටන්ගන්න අපේ ජීවිතේට හැමෝගෙම ආශිර්වාදය ලැබිලා.

" හීන ගොඩායි මැණික හැබෑ කරගන්න... චූටි චූටි පැටව් තුන්දෙනෙක් එක්ක අම්මිව මගෙ ඇස් දෙක වගේ බලාගන්නවා..."

අහස් එහෙම කියලා මගෙ නලලත උනුසුම් හාදුවකින් සැරසුවා.

" මෝඩයා ආදරෙයි පැලෙන්න..."

මහමෙරක් ආදරේ ගෙනත් සිත සැනසූව...
නුඹ පතමි කල්පයක් සසරෙ මං හැමදාම....
මගේ පෙම නුඹටමයි සසරෙ කෙලවර තෙක්ම....
අහස් ගැබ නුඹ තමයි සඳක් වූ මෙමා හට....

නිමි•
----------------------------------

රැවටීම් වලිම් පිරුණු මුහුණුපොතින් ආදරේ හොයන්න එපා කිව්වට මේ මගේ ආත්මයම වූ මගෙ ආදරය.

හිතට වැදුනනම් අදහසක් කියාගෙන යන්න........

Writer- FB යාලුවෙක්,

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment