වරම් නොමැත මාගේ වන්නට

❤❣වරම් නොමැත මාගෙ වන්නට❣❤

"ඒ බං මෙි පෑනක් තියනවනම් දියන්කො...."

"පිස්සුද බං...අපි කවද්ද නෝට් ලිවේ.පොත් ගේන්නැති අපි පෑන් ගෙනෙයිද...."

"නෑ බං අර මල හොන්තුව නැත්තන් අදත් මාව පිනා ගාවට පන්නයි වැඩ කරන්නැ කියල..."

"කෙල්ලෙක්ගෙන් අහල බලපන්.උන් ගේනව ගෙදර තියන පෑන් ඔක්කම...."

"ස්...ස්...මෙි...අඩෝ බලනවකො එල වැස්සි..."

"අහ්...මටද කතා කරේ..."

"උබටත් උබෙි කාඩ් එකම කියන්න ඕවන බලන්නත් නේ...."

"අනේ...එහෙම නැ...ඇයි කියන්න...මොකද කතා කරේ..."

"අඩෝ පෑනක් තියවනම් දිපන්කො...."

"හා...ඉන්න බලනකන්.....ආ..හැබැයි කලු එකක් ඇ..."

"කමක්නැ බං.මොකක් හරි පෑනක් නෙ...."

අෂාන් කියන්නෙ අපේ ඉස්කොලෙ හිටපු දගම දග හරිම වස කොල්ලෙක්.එයා ඉතින් ප්‍රින්සිපල් ගාවට ගිහින් එක පිරියඩ් එකක් වත් හිටියෙ නැත්තන් තමා පුදුමෙ.මොකද කරොත් කරන්නෙ මහ නහටහන්නැති වැඩක්මයි.කිසිම ළමයෙක් ගුරුවරයෙක් අෂාන්ට කැමති නැ.මොකද එයා එච්චරටම මුලු ඉස්කොලෙටම එපා කරවපු චරිතයක් නිසා.හැබැයි ඉතින් එයාටම ගැලපෙන ඒ වගේම වල බහින කල්ලියක් එයා පංතියෙ හදාගෙනයි හිටියෙ.මැඩම්ල සර්ල ආව ගමන්ම කරන්නෙ අෂාන්ව පංතියෙන් එලියට දාන එක.නැත්තන් ප්‍රින්සිපල් ගාවට යවන එක.

****************************************************

"නංගි....කාගෙද මෙි නම්බර් එක..."

"මොකක්ද අනේ..."

"මෙි පෑනෙ බටෙි ඇතුලෙ දාල තියෙන්නෙ...."

"ඇ.....වෙන්න බැ....අහ් හරි මතක් උන‍ා එකත් එකටම ඕන අර වසවර්තියගෙ වැඩක්..."

"කාගෙද ???"

"ඇයි අනේ අර අපෙ පංතියෙ ඉන්න වද කාර කොල්ලා....අෂාන්.ඌ මගෙන් පෑනක් ඉල්ලුව.මම දුන්න මම හිතන්නෙ ඒ වෙලාවෙ වෙන්ඩ ඇති දාන්ඩ ඇත්තෙ..."

"සිහියෙන් නෙවෙිද හිටියෙ...."

"සිහියෙන් තමා...මම ඉතින් මගෙ හැම පෑනකම මගෙ නම ලියල දාල තියනව නෙ.ඒ නිසා වැඩිය ගනන් ගත්තෙ නැ..."

"බලමුකො මගෙ අයින් කරපු සිම් එකක් තියනව.එකෙන් කොල් කරල බලමු..."

හිතාගන්නත් බැ....මම සැක කරා වගේම ඒ එයා තමා.ඔව් ඒ වෙන කව්රුවත් නෙවෙි අපේ පංතියෙ හිටිය දඩබ්බරම කොල්ලා.මම එයාට මාරම බයක් තිබ්බෙ.ඒ නිසාම මම ටක්ගාල රොන් නම්බර් කියල කට් කරා.එත් එයා දැනගෙන හිටියා ඒ කොල් කරෙ මම කියල.

හේතුවක් නම් කියන්න තෙරෙන්නැ.එත් මට සිම් එක ෆෝන් එකෙන් අයින් කරන්න හිත දුන්නෙම නැ.....අෂාන් මට දිගටම කෝල් කරා මැසෙජ් කරා.මාත් ඉතින් එයා මැසෙජ් කරනකොට රිප්ලයි කරා.එයා දවසක් මැසේජ් කරනකොට මගෙ නම ඉස්කොලෙ එහෙමත් ඇහුව.මම එවට ‍බොරු ගොඩක් කිවා.එත් එයා එවා විස්වාස කරා වගෙ හිටියා.මොකද එයා හොදටම දන්නව ඒ මම කියල.දවසක් ඉස්කොලෙදි

"ඒ බං මෙි කවුද කියපන්කො අර(කුරුණෑගල ප්‍රසිද්ද පාසලක නමක්) ඉස්කොලෙ අපේ වයසෙ අමන්දි කියන්නෙ."

"ආ....අර අක්කි පැටියද බං.වැඩක් නැ.එකට ඉව්නව."

"උබ අක්කෙක් ගැන කියනව.යකෝ අපේ වයසෙ එකි...."

"අඩෙි දන්නැ බං.....අපේ වයසෙ එහෙම එකියක් නැ ගොනෝ..."

"එහෙනම් මට මැසෙජ් කරන්නෙ හොල්මන්ද..."

****************************************************

එදා එයා පංතියෙ හැමොගෙන්ම අහපු නිසා මම හිතුවෙ මගෙ බොරුව ආරන්චි උනොත් මම අනිවා ඉම්කොලෙන්ම චාටර් වෙනව කියල දන්නව.....එනිසා එදා හවස ගෙදර ගියපු ගමන් මන් එයාට කිවා ආයෙ මට මැසෙජ් කොල් එපා.මට O/L exam නිසා මම අම්මට ෆෝන් එක දෙනව කියල.ඒ වෙලාවෙ තමා

"අනේ ප්ලිස් අමන්දි එහෙම කරන්න එප‍ා....මාව යාලුවෙක් විදිහට තියන් මැසේජ් කරන්න....ප්ලිස්..."

"අනේ මාව තේරුම් ගන්න අෂාන්..."

"අනේ අමන්දි...ප්ලිස්....මට යාලුවොත් නැ....අනික මගෙ අම්මත් රට.තාත්තත් රට.මම ඉන්නෙ අත්තම්ම ගාව....ප්ලිස්...."

කොච්චර දඩබ්බරයෙක් උනත් එයාගෙ ඒ වචන වලට මගෙ හිත උනු උනා....වචන වලින් කියාගන්න බැරි දුකක් එක්ක මම අන්ත අසරන උනේ ඒ වෙලාවෙ....

අපි කාලයක් මැසෙජ් කරා.මම එයාට ඇත්තම කිවා.අපි ආදරෙ කරන්න පටන් ගත්තෙත් එ කාලෙදිමයි.එයා දඩබ්බර වෙලා තිබ්බෙත් ආදරයක් නැති නිසාමයි.

"අෂාන්...."

"ම්ම්ම්...කියන්න පැටියෝ..."

"ඔයා මට ඇත්තටම ආදරෙයිද...."

"ඔව් රත්තරන්...ඇයි සැකද...."

"ම්ම්ම්ම්....නැ මැට්ටො....මට ආදරෙනම් ඔයා සිගරට් බොන එක,අරක්කු බොන එක,මියුසිකල්ෂෝ වලට යන එක නතර කරන්න..."

"ඒ ඇයි මැට්ටි...."

"මට ඕන මගෙ මහත්තය හොද කෙනෙක් කරන්න රත්තරන්....ප්ලිස් මෙි වදකාර කෙල්ල වෙනුවෙන් ඒ දෙ කරන්න...."

"හම්ම්ම්....පොරොන්දුවෙනව මැනික...."

පිස්සෙක් වගෙ හිටපු අෂාන් මනුස්සයෙක් කරාට එයාගෙ යාලුවොත් මට තැන්ක් කරා....අපේ ආදරෙ හරිම ලස්සනට ගලාගෙන ගියා....ඒ කාලෙදි එයාව ඇකඩමියකට දැම්ම එයාලගෙ ගෙදරින්.මොකද මෙච්චර කාලෙකට එයා ඉගන ගත්තු නැති නිසා....එයා එහෙ හිටියත් වෙලවෙක් ලැබුන ගමන්ම අම්මටත් කලින් මටයි කෝල් කරේ....එක නමි මාරම ආදරයක්.එන්න එන්න ආදරෙ වැඩි උනා මිස අඩු උනේ නම් නැ....එත් එයා ඇකඩමියට ගිහින් ටික කාලෙකින් නපුරු උනා වගෙ දැනුනා.හැමදාම රන්ඩු....කාටත් හොරෙන් මන් අඩපු වාර අනන්තයි.....

****************************************************

"මෙි හෂිනියො දෙයක් කියන්නමි කලබල නොවි හොයල බලපන්...."

"මොකක්ද බං..."

"උබෙි අෂානයට වෙන ලවක් තියනවලු බං..."

"අනේ පලයන් බොරු නොකියා...."

"ආ....මට ‍බොරු කියල උව ගන්නද බං..."

ඕව්..මට ලැබුන ආරන්චිය හරි....එයාට මාත් එක්ක කෙල්ලො 4යි.ඇකඩමියෙ අක්ක කෙනෙකුයි,යාලුවෙක්ගෙ නංගි කෙනෙකුයි,එයාගෙ ලොකු තාත්තගෙ දුවගෙ යාලුවෙකුයි මායි.ඔක්කම 4ක්.මම එයාගෙන් ඒ ගැන ඇහුවම එයා මට බැන්න.මන් ගුටි කාපු වාරත් නැතිවම නෙවෙි.....බැරිම තැන එයාල එක්ක ඉන්න කියල මම අයින් උනා....එදා හවස අෂාන්ගෙ අම්ම මට කොල් කරා...

"අනේ හෂිනි පුතේ අපේ පුතා එක්ක කතා කරන්න....මම ලංකාවට ලබන මාසෙ එනව....එතකන් පුතාව බලාගන්න."

"එයාට ඇන්ටි මම වැතුවට තව 3ක් ඉන්නව...."

අෂාන්ගෙ අම්ම නිරුත්තර උනේ මගෙ කතාවෙන්.

"හෂිනි ප්ලිස් බබා.මම ආයෙ වැරදි කරන්නැ....එයාලගෙන් මට ඔයාගෙන් තරම් ආදරයක් ලැබෙන්නැ...."

"සොරි අෂාන් මට ඔයාව විස්වාස නැ...."

"හරි මන් ආය වැරදි කරන්නැ...සත්තයි..."

"එහ්...මොඩයො...එපා....මම අදරෙයි.."

එයා මගෙ ඉස්සරහට ඇවිත් සමාව අරන් අත කපා ගත්ත.මට ආදරෙ කරපු කෙනාගෙ ලේ දකින්න තරම් හිත හයිය නැති නිසාමයි මම එයාට සමව දිලා ආදරෙ කරෙ.කොහොම හරි අන්තිමට එයා වෙනස් උනා හොද විදිහට....

සාමාන්‍යපෙල A3 B2 C3 S 1ක් අරන් පාස් උනේ ඒ ෆේල් වෙන්න හිටපු කොල්ලමයි.....එත් කියන්නත් දුකයි.මට නම් එච්චර නැ....එයා උසස්පෙල කරෙත් අපේ ඉස්කොලෙමයි.

එයා අර වරදි හදාගත්තට පස්සෙ මට තවත් ආදරෙ උනා.මාව තනියම ක්ලාස් යවන්නැ...අඩුම තරමෙ කැන්ටින් එකටවත් යන්න දෙන්නැ...එයාම ගිහින් හැම දේම ගෙනත් දෙනව.පාරෙ ගියත් මාව අයින් කරගෙන තාත්තෙක් දුවක් පරිස්සම් කරනව වගෙ පරිස්සම් කරෙ.....

****************************************************

"අෂාන් අද එනවද මාව හම්බෙන්න...."

"තමුසෙට විකාරද....මට බැ...ගිය සතියෙත් හම්බුනෙ..."

"ඇයි අනේ මෙි...."

"කටවහගෙන ෆෝන් එක තියපන්...."

එයා එක පාරටම වෙනස් උනේ පුදුම විදිහට....හම්බෙන්න ආවම ඒ ඇයි කියල ඇහුවම කිවෙ...

"උබ උබෙි වැඩක් බලන් හිටපන්...මොන විකාරයක්ද අයිසෙ..."

"අෂාන් ඇයි මහත්තයො මෙි...."

"ඇයි තමා....මට තමුසෙ මහ වදයක්...අපේ අම්මවත් මන් ගැන හොයන්නැ තමුසෙ තරම්..."

"මන් ආදාරෙ නිසානෙ මහත්තයො...."

"ඇති කට වහන් ක්ලාස් පලයන්..."

ආයෙත් ඉස්සර වගෙ හැමදාම රන්ඩු.ෆොන් පොලවෙ ගහනව,සිමි කඩනව එකක් නෙවෙි.මාවත් වදයක් වෙලයි තිබුනෙ එයාට අන්තිමටම....දවසක් ගෙදර එනකොට....

"මොකද පොඩ්ඩි ඇස් රතු වෙලා,මුනත් තඩිස්සි වෙලා...."

"අනේ අක්කෙ මට බැ..."

"හරි හරි අඩන්නැතුව කියන්නකො ඇයි කියල...."

"අෂාන් ආයෙත් වෙනස් වෙල.මට ගහනව....ෆෝන් පොලවෙ ගහනව....ඉවරයක් නැ...."

"අඩන්නෙපා....අපි බලමුකො ඇයි කියල..."

අෂාන්ගෙ අම්ම කොල් කරාට පස්සෙ ගෙවල් දෙකෙන්ම අපි ගැන දැනගෙන තිබුනත් අපේ ගෙදරින් නම් කැමති උනෙම නැ...එහෙමයි කියල මම ආදාරෙ නතර කරෙත් නැ....

මම ආයෙත් හොයල බලනකොට එයාට මාත් එක්ක කෙල්ලො 6ක්.අක්කල දෙන්නයි,මායි අනිත් අය නංගිල.එයාලගෙනුත් එක නංගි කෙනෙකුයි අක්කෙුයි අපේ ඉස්කොලෙ.

"අෂාන් ඔයාට මන් ඇරුනම තව 5ක් ඉන්නවනෙ.මම මෙික නතරනරනව.මට වද දෙන්න එපා.බායි..."

"හරි...හරි...මන් ආයෙ එහෙම කරන්නැ...මෙිපාරට විතරක් සමාව දෙන්ඩ..."

"දෙපාරක් යිස්වාසෙ කඩපු කෙනෙක්ට තව පාරක් විස්වාස කරල මට රැවටෙන්න බැ...."

"අහ් එහෙමද....හරි බලමු හෂිනි...උබව බදින්නෙ මම විතරයි.වෙන එකෙක්ටවත් දෙන්නැ.....මම උබව මගෙ කරගන්නවමයි....බලන් හටපන්...."

එදා ඉදන් මන් බයෙන් හිටියෙ.උසස්පෙලත් එක පාරක් කරා.එත් විස්වාස නැ..ක්ලාස් ගියාට ඉගන ගත්තෙ නැ නෙ.ආදරෙ කරානෙ කරේ.අන්තිමට ආදරෙත් නැ.ඉගන ගෙනත් නැ....
එයා මට පේන්න වට්සැප් ස්ටෙිටස් දානව එයාගෙ යාලු වෙලා ඉන්න අක්කට අෂාන්ගෙ ෂට් අන්දල ෆොටෝ ගහල.මට පෙන්න මගෙ ඉස්සරහින් යනව.එයා මගෙ නමෙි මුල් අකුරයි එයාගෙ නමෙි මුල් අකුරයි තවම පපුවෙ පච්චයක් විදිහට කොටල තියනව..එත් මන් ගනන් ගන්නැ....එයාට හොදනම් මට මොකද....

#ලියන්නෙ : දුෂාන්

මෙය සත්‍ය සිදුවිමකි.නම් ගම් මනඃකල්පිතයි.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment