“ දෙගංතීර…”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"අම්මේ......"
"අම්මේ....."
"අම්මෝ.................හ්"
"දරුවෝ.....මොකෝ බන් මේ කෑ ගහන්නෙ?මේ ලමයි කෑ ගහන විදියට අපේ ලේ ටික රත් වෙනවනෙ"අම්මා ආවෙ පුටු පෙරලගෙන..මං කෑ ගහපු ටෝන් එකේ උච්ඡස්වරේ වැඩිද මන්ද😋
"ඒකනෙ ඒකනේ...ඕක තමයි අම්මට කතා කරන්න ඕන නියම ටෝන් එක..දැං මං කී පාරක් නම් අම්මට කතා කලාද?අන්තිමට කෝමහරි ඇහුනෙ "අම්මෝ" කිව්වමනේ" මං මූණත් ඇද කරලම කියල දැම්ම.
"අනේ මෙහෙමත් කොල්ලෙක්...දැං ඔය බෙරිහන් දීල කොහොමහරි මං අර කුස්සියෙ ඉඳං ගෙන්නගත්තෙ මොකටද?"
"අම්මො..මං පටා.....ර් ගාල හංදියට දුවල එන්නං..හා ද?"මං අම්මගෙ උරහිසෙනුත් ඔලුව තියාගෙන ඇහුව.
"අනෙ අම්මප මෙහෙම හුරතලයක්!!....ඇයි බං..අච්චර දුර හංදියට කොහොමද පුතේ පයින් දුවල එන්නෙ?"අම්මගෙ ඇස් දෙක නලලෙ..
"හරි හරි ඉතිං..නිකං කතාවට වගේ කිව්වෙ..බයික් එකේ යන්නෙ"
"හ්ම්..හැබැයි ඔය දඬුමොණරෙන් රේස් යන්න හෙම තියාගන්නව නෙවෙයි" අම්ම හැරිල යන්න ගිහින් ආයෙ නැවතුනා..
"අප්පොච්චියේ..අනිවාර්යයෙන් ඉතිං මොකක් හරි බාල්දියක් තමයි" හිතල තප්පරයක් ගියේ නෑ අම්ම මං ලඟ.
"පුතාට එහෙනම් සුපර් මාකට් එකටත් ගිහිං එන්න පුලුවන් නේ..ගෙදර අඩුපාඩු ගොඩයි..ඔය යන එකේ බඩු ටිකත් අරන් ම එන්න" අම්මා මං දිහා බලාගෙනම කිව්ව..
"හ්ම්...දෙන්නකො ඒනං..හැබැයි ඔන්න ඔය කිරල මැනල ගන්න ජාති නං බෑ හොදේ..ඔය රතුලූණු රටලූනු අල ජාති නං අරං එන්න කියන්නෙපා...මට බෑ ඕව තෝරල කිරල මැනල ගේන්න....ගෑනු ලමයි වගේ ඕව තෝරද්දි විලි ලැජ්ජාවෙ පන යනව"
"හරි හරි..කෝමත් මං උඹට නං කියන්නෙ නෑ එලළවළු ගේන්න කියල..එව්ව කියල පාඩු කරගන්නෑනෙ මං දැං"
"හා හා ඉක්කන්ට දෙන්න මට පරක්කු වෙනව"මං කිව්වෙ ඔලුවත් කස කස සෙටිය උඩට වැටෙන ගමන්.
අම්මගෙන් බඩු ලිස්ට් එකත් අරං මං නැග්ගෙ මගේ වාහන දෙයියගෙ පිට උඩ.ඇත්තටම කිව්වොත් ඒක මේ එහෙමට ලොකු බයිසිකලයක් නෙවෙයි.ඒක තාත්තගෙ චැලිය..තාත්ත අපිව දාල සදහටම යන්න ගියත් මේක විකුනල දාන්න අපි දෙන්නගෙම හිත හදාගන්න බැරිඋනා...ඉතිං බයිසිකලයක් උනත් ගෙදරට කරල.තියන්න හොද නැති එකේ මං ඒක පාවිච්චි කරනව.ඉස්සර තාත්ත සලකනව වගේම සලකන්න බැරිඋනත් මමත් පුලු පුලුවන් විදියට හෝදල කරල තියාගන්නව.අම්ම දඬුමොණරෙ කියන්නෙ ඕකට තමා..
හංදියට ගිහින් මං ආපු වැඩෙත් කරගෙනම මං ගියේ සුපර්මාර්කට් එකට.ඒ අම්මගෙ බඩු ලිස්ට් එකට සාදාරණයක් කරන්න.මෙන්න යකෝ කඩේට ගොඩවෙන්න ලැබුනෙ නෑ සමදරා ඇන්ටි මං ලඟ.
හිසේ ඉඳං දෙපතුල දක්වාම නිරීක්ෂණය කරපු සමදරා ඇන්ටා හීනි හිනාවකුත් දැම්ම.එයාගෙ දෝනියැන්දා නිලුපුලී තමයි මගේ ප්රතම පේර්මය.නමුත් ඉතිං වෙන කස්ටියට වගේ ප්‍රතම පේර්මය කසාදෙන් හමාර කරන්න තරම් පිනක් මට තිබුනෙ නෑ.නිලුපුලී කැම්පස් සිලෙක්ට් උනත් හරි මගෙන් වෙන්වුනා.
"ආ දිනුල, පුතා කඩේ ආවද?"
"නැතුව ඉතිං මේ නාන්න යනව වගේ පේනවද?"කියල අහන්න මගේ කට කොකියෑවත් මං ඉතිං හීන් හිනාවක් දාල "ඕ ඇන්ටි" කිව්වා
"දැන් පුතා මොකෝ කරන්නෙ"කවුරු කොහොම කොතන මුන ගැහුනත් අහන දෙවනි ප්‍රශ්නෙ ඕක තමා..ඕකට ඉතිං මට උත්තර දීල හරි පුරුදුයි
"මුකුත් නෑ ඇන්ටි.ගෙදරට වෙලා ඉන්නව අම්මටත් උදව් කරන්.job කීපෙකටම ඇප්ලයි කලා"
මං සේරම ප්රශ්න ටික නිරාකරණය කරල දුන්න.නැත්තං අහයි ඊලඟට "ඉතිං ඔහොම ඉඳල හරියවද පුතේ කියල.මං දන්නැතෑ ඕවා..
"ආ හරි පුතේ..මට බැංකුවට යන්නත් ඕන.මං යනව එහෙනං..අම්මව මතක් කරා කියන්නකෝ"
දැන් නම් මොකට මතක් කරනවද ඉතිං..මෙයා මං නිලුපුලී එක්ක යාලුවෙලා හිටපු කාලෙනම් එකසිය ගානට අපෙ අම්මව මතක් කරන්නැති"
"හා ඇන්ටි"මං ඔලුවත් පාත් කරල හිනාවකුත් දාන්ම අයිනට උනා.හිතන්න ඇති මං නිලුපුලී ගැන අහයි කියල.එතකොට ඉකිං දිගාරින්න බැරියැ සුපර්මාර්කට් එකේ කස්ටියට ඇහෙන්නක් එක්කම දූගෙ පැටිකිරිය.
ඇතුලට ගිහින් අම්මගෙ ලිස්ට් එකට බඩුත් අරන් කැෂියර් එකට එනකොට තමා මං ඒ මූණ දැක්කෙ..
මං කැෂියර් එක ලඟ තිබුන තට්ටුවට බඩු ටික හැලුවා.ටිකක් සද්දෙ ඇහෙන්නත් එක්කම.එයා ඔලුව උස්සල බලල හිනාවක් දැම්මා.එයා බඩු ගණන් දාන අතරෙ තමයි මං එයාව හරියටම බලා ගත්තෙ.
වැඩිය උසකුත් නැති මිටිත් නැති එයා මහලොකු රූප සුන්දරියක් නෙවෙයි.තලෙලුයි..ඒ උනාට හරිම පින් පාටක් ඒ මූනෙ තිබුනා.හිනාවෙනකොට තමයි තවත් ලස්සන..මං බලන් උන්නා
"මහත්තයා නවසිය අසූ දෙකයි ගාන.තියෙනවනම් රුපියල් දෙකක් එක්ක දෙනවද?"
ඔලුව උස්සලා මං දිහා බලන ගමන් කෙල්ල ඇහුවා.
"අනේ නංගි පොඩි සල්ලිනම් කීයක්වත් නෑ"හතර වටේම තියන සාක්කු ටික අතගාන ගමන් මං කිව්ව
"කමක් නෑ ඉතුරු රුපියල් අටට ටොෆි දෙන්නකෝ"
මං දිහා හිනාවෙලා බලපු එයා ඉතුරු සල්ලි එක්ක ටොෆි හතරක් අතේ ගුලිකලා.
"මේක ඔයා තියාගන්න.."ටොෆි ටික ආයෙම එයා පැත්තට තල්ලු කරපු මං ඉතුරු සල්ලිත් අරං අඩියට දෙකට එලියට පැනගත්තෙ එයාට වචනයක් කියන්න ඉඩ නොතියම.
බයිසිකලෙන් ගෙදර එනතාක්ම මගේ හිත තිබුනෙ අර කෙල්ල ගැන.අපරාදෙ..නම්බර් එකක්වත් ඉල්ලගන්න බැරිඋනානෙ..අවසිහියෙන් ආපු මං තව ටිකෙන් ගෙදරත් පාස් කරන් යනවා අම්මා කෑගැහුවෙ නැත්තං..
ටොෆි වලින් පටන් ගත්ත අපේ ආදර කතාව හොරාටම දලු ලාන්න ගත්තෙ අපි දෙන්නටත් නොදැනිම.සමහර වෙලාවට මං හේතු හදන් සුපර්මාර්කට් එකට ගියා.අම්මට ඇනයක් වෙවීම බඩු ගේන්න ඇහුවා.සමහර වෙලාවට අහල පහල ඇන්ටිලටත් නොමිලෙම කඩේ ගියා.ඒ එයාව බලන්න තියෙන ඕනකමට...අපි දෙන්නගෙ ආදරේ හුවමාරු වෙච්ච එකම විදිය තමවි කඩේ ඉතුරු සල්ලි වෙනුවට දීපු ටොෆි,චොකලට්...
කෝමහරි කට්ට කාලා මම එයාගෙ phone number එකත් ඉල්ලගත්තා.එයා සුපර්මාර්කට් එකේ වැඩ කරන්නෙ ඒලෙවල් රිසාල්ට් එනකම් විතරයි.අපි ඉතිං උදේ දවල් රෑ වෙනසක් නැතුව මල් කැඩුවා..සමහර දවසට එයා කඩේ ඉද්දි මම පාරෙන් එහා පැත්තෙ ඉඳන් ව්‍යංගයෙන් කතා කලා.මොකද නැත්තං දවල් වෙලාවට අපිට කතා කරන්න චාන්ස් එකක් නොලැබුනම නිසා.
අම්මටවත් පිලිවෙල කරන්න බැරිවුනු මගේ ජීවිතේ සමහර අපිලිවෙල තැන් පිලිවෙලක් කරල මාව මනුස්සයෙක් කලේ එයා.
"මොකක්ද මැට්ටො අද අර ඇඳන් ආව ටී ශර්ට් එකේ හැටි?ලිපේ බැහැලා හිටිය වගේ දැලි ද දූවිලි ද මන්දා කොහේට ගියත් පිලිවලකට යන්න පුරුදුවෙනවකෝ" ඇඳුමෙ පැලඳුමේ ඉඳන්ම මාව පිලිවෙලක් කලේ එයා.
"ආහ් අර වෙන්රෝ කම්පැනියෙ ඉන්ටවීව් එක හෙට.මතක් කලේ නැත්නම් උවමනාවෙන්ම අමතක කරගන්නවනේ..අර ලානිල් පාට ශර්ට් එකට නිල් සුදු ටයි එක දාන් යන්න.ඉන්ටවීව් වලට යනකොට ඇස් කඩන් යන පාටවල් අඳින්නෙ නෑ"
මමත් නොදැන එයා මං වෙනුවෙන් ජොබ්වලට ඇප්ලයි කලා.හිත රිද්දන්න බැරි කමට මාත් ඒවට ගියා.අවුරුදු දහනවයක චූටි කෙල්ලෙක් උනත් අවුරුදු විසි තුනක් වෙච්ච මගේ ජීවිතේ අකුරින් අකුර පිලිවෙල කලේ එයා.
"හෙලෝ මගේ කෙල්ලේ"
"අනේ කොල්ලෝ..මම මේ වැඩ..මොකද අවේලාවෙ ආහ්??"
"ඔයාට පොඩි දෙයක් කියන්න අරගත්තෙ"
"මොකක්ද"
"ඔයා තවදුරටත් මං වෙනුවෙන් දේවල් කරන්න මහන්සි වෙන්න එපා නංගි.."
"අ...අනේ...ඇයි අයියෙ මේ...."
"හ්ම්....ඔයා තවදුරටත් මංවෙනුවෙන් මහන්සි වෙන එකේ තේරුමක් නෑ....මොකද මං දැන් ජොබක් කරන මිනිහෙක්" මං හිනාවෙවී කිව්ව..
"දෙයියනේ.....සත්තමයි කියන්න....."
එහෙම තමයි මම අලුත් තැනක රස්සාව පටන් ගත්තෙ.මගේ ඊලඟ හීනෙ තිබුනේ චාම් වෙඩින් එකක් අරන් නංගිව අපේ ගෙදරට කැන්දන් එ
........................................................................................................................
"මිස්ටර් දිනුල...වයිෆ් කෝල් කලා.පුතාට ටිකක් අසනීපයිලු..පුලුවන් නම් කලින් ගෙදර එන්න කිව්වා."
මං හීන ලෝකෙන් මිදුනා.එදා මම හිටිය තැනයි අද මම හිටිය තැනයි අතරෙ ලොකු ගැප් එකක්..එදා මම බොස් කෙනෙක් යටතේ වැඩකරපු නිකන්ම නිකන් සේවකයෙක් විතරයි.අද මම සේවකයෝ දාහක් මෙහෙයවන බොස් කෙනෙක්.
මම ෆෝන් එක අතට ගත්තා.
"හෙලෝ නිලුපුලී, මම දැන් ගෙදර එනවා"
මම තිව්වා.
ඔව්..මම දැන් ඉන්නෙ නිලුපුලී එක්ක තමයි...අපිට දරුවෙක් ඉන්නවා..
.......................................................................................................................................
"අඩෝ දිනුලයා..උඹේ පලවෙනි දරුවා වෙනුවෙන් අපිට පාටියක් දීපන් ආ..දැන් උඹ රස්සාවකුත් කරන එකේ.."
"යකෝ ඒක මාර කතාවක්නේ..මමනේ තාත්තා වෙන්නෙ..තොපි සේරම එකතු වෙලා මටයි සඳූටයි පාටි දීපල්ලා..අනික බං මේක මහලොකු රස්සාවක්ද..අම්මයි,මායි සඳුයි කාල ඇඳල ඉන්නකොට පඩියම හේදිලා ඉවරයි බං"
එදා අපි හිටියෙ විහඟලගෙ ගෙදර සෙට් වෙලා.සඳූ හිටියෙ අපේ කුලුඳුල් පැටියා බලාපොරොත්තුවෙන්.එදා මම සෑහෙන්න බිව්වා.ඇත්තටම කිව්වොත් සතුටට..මම තාත්තෙක් වෙන්න යන්නෙ කියන සතුටට..ගෙදරට කෙලින් යාගන්න පුලුවන් ගානට බිව්වෙ සඳූ තරහ වෙයි කියල හිතල.ඒත් මම කෙලින් කියල හිතන් ගියාට ගිහින් තිබුනෙ ඇදේට.
එදා අම්මා වන්දනාවෙ ගිහින්.සඳූ විතරයි ගෙදර.වෙරිමතේ බයිසිකලෙන් ආව මම ගෙදරට මෙහා හන්දියෙදි ඇක්සිඩන්ට් වෙලා.හරියටම කිව්වොත් සඳූ කලින් වැඩකරපු සුපර්මාර්කට් එක ලඟ.
මම එන්න රෑ වෙත්දි මට කෝල් කරපු සඳූ මගෙන් ප්‍රතිචාරයක් නැති තැන හොදටම බයවෙලා..උඩහ ගෙදර මල්ලිත් කතා කරන් මාව හොයන්න පිටත් වෙලා තියෙන්නෙ මම ටිකක් වැඩිපුර බිව්ව කියල දිල්රුක් කිව්ව නිසා මල්ලිගෙ බයිසිකලෙන්.
සුපර්මාර්කට් එක ලඟ පෙරලිච්ච මගේ බයිසිකලේ දැකපුගමන් අඬාගෙන කෙල්ල බයිසිකලෙන් බිමට බැහැගන්න හදලා තියෙනවා.ඒත් එක්කම පය පැකිලිච්ච එයා බිමට වැටිලා.
අන්තිමේදි සිද්ධ උනේ එකම හොස්පිට්ල් එකේ ඇඳවල් දෙකකට අපි දෙන්නට ඇඩ්මිට් වෙන්න උන එක.ඒත් කවම කවදාකවක් එයා ආයමත් මගේ ඇස් ඉස්සරහට ආවෙ නෑ...මගේ එකමෙක වැරැද්දක් නිසා පුංචි පුතු පැටියෙකුත් තුරුලට දීලා එයා නොඑන ගමන් ගියා..එයාගෙ අන්තිම මොහොතෙදි වත් මට එයා එක්ක වචනයක් කතා කරන්න බැරිවුනා...අඩු තරමෙ මට සමාවෙන්න රත්තරං කියන්නවත්......
.....................................................................................................................................................
මං ගෙදර යනකොටත් නිලුපුලී දරුවවත් සූදානම් කරන් ගේට්ටුව ගාව.දෙන්නවම දාගත්තු මම වාහනේ ලෑල්ලටම පෑගුවා.
"බය වෙන්න එපා දිනුල.දරුවගෙ ඇඟේ රස්නෙ විතරයි.සෙමත් එක්ක එන උන වෙන්න ඇති"
"අනේ මන්දා නිලූ...මම දැන් පොඩි දේටත් බයයි.සඳූ වගේ දරුවත් මට නැතිවෙයිද කියල නිතරම හිතෙනවා.ඒ අතින් ඔයා මං ලඟ ඉන්න එක මට දාහෙන් සම්පතක්"
සඳූ මාව දාලා සදහටම ගියාට පස්සෙ මම තනිකර පිස්සෙක් උනා..පොඩි දරුවෙකුත් එක්ක තනි වුනා වගේම අම්මත් එකතැන් උනා.අන්තිමේ මට රස්සාවටවත් යන්න බැරිඋනා.උන් මාව රස්සාවෙන් දොට්ට දැම්මෙ මම එතනට මුකුත් කරලා නැති ගානට.කොණ්ඩ රැවුල් වවාගෙන පිස්සෙක් වගේ අම්මටයි දරුවටයි කැපවෙච්ච මට අන්තිමේ සිද්ධ උනේ අම්මගෙ අවසන් කටයුතුත් මගේ අත්දෙකින්ම කරන්න.
නිලුපුලී තමයි ඒ හැමදේටම මට උදව් කලේ.අම්මගෙ අවසන් කටයුතු කරගන්නත්.ඒ වෙද්දි සතේටම හිඳිල තිබුන මගේ පොකට් එකට සල්ලි දැම්මෙ එයා..ඒ මාව දැලේ දාගන්න නෙවෙයි..හැබෑ අනුකම්පාවෙන්.ඒ වෙද්දි එයා රස්සාවක් කලා.යාලුවෙලා හිටපු මිනිහගෙන් දරුනු බූට් එකක් කාපු එයා කසාදෙ කියන දේට සදහටම තිත තියලයි තිබුනේ.
අන්තිමේ නිලුපුලී මම ලඟට ආවා.එයා බලෙන් ආවවත්,මං බලෙන් එයාව ගෙන්නගත්තවත් නෙවෙයි,අපි දෙන්නා දැන් ජීවිතේ අවබෝධෙන් ගෙවනවා.සඳූගෙ දරුවා නිලුපුලී හදාගන්නෙ තමන්ගෙ දරුවා වගේ..
මම ආයෙත් කසාද බැන්දෙ දරුව ගැන හිතලා.නිලූ කවදාවත් බලෙන් එයාට හිමිතැන ගන්න හැදුවෙ නෑ.හරිම ඉවසීමෙන් වැඩකලා.සඳූගෙ මතකය මගෙන් අයින් කරල දාන්න එයාට උවමනා උනේ නෑ..
හැබැයි මම මගේ පවුල ගැන හිතල බීමට සදහටම තිත තිව්වා...
පසුව ලියමි..
මගේ ජිවිතේ ගැහැණුන් තිදෙනෙක් මට හමුවී ඇත.පලමුවැ්න්නිය තමාගේම ලේ කිරෙන් මාව පෝෂණය කලාය.ඈ මා කලලයෙන් මෙලොව එලිය දුන් තැනැත්තියයි.නමින් අම්මා යි.අනෙකා තරුණ වියේ මා සෙල්ලක්කාරයකු වු විට ඉන් මා මුදවාගෙන යහපත් දිවියකට ඇතුල් කල තැනැත්තියයි..ඒ සඳූයි..මගේ දෙවනි මවයි..
තෙවැන්නිය මට කලින් හමුවූවද මට ලං නොවූ එහෙත් මගේ මැදිවියේ සාර්ථකත්වයයි...මගේ දරුවාට නමටවත් කුඩම්මා නුවූ ඔහුගේම මෑණියන් තරමට ආදරය කරන්නියයි.
මේ ගැහැනුන් ත්‍රිත්වයම මගේ දිවිය අරුත් ගැන්නුවෝය...ඒත් සඳුගේ මරණයට අදටද මා සිතින් වන්දි ගෙවන්නෙමි.......
සමාප්තයි..........
උපුට ගැනීමකි
No comments:
Post a Comment