දිලීම උදයංගගේ නිර්මාණයක්


******************************
.. අනේ ඩොක්ටර් මගේ දරුවව බේරලා දෙන්න.
සිරිල් ඩොක්ටර්ට බැගෑපත් විය.

තාත්තෙ ,කලබල කරන්න එපා ,,අපි ඉන්නේ ඒකට තමයි.කියලා ලෙඩාව දැඩිසත්කාර ඒකකයට ගත්තා..
.
.
.

නොම්මර එකේ චන්ඩියෙක් වුනත්,මේ වෙලාවෙ සිරිල් හිටියේ ගොඩක් බය වෙලා.
ඒ සිරිල් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන,තමන්ගෙ දියණිය කරගත්තු වැඩේ හින්දා.

,,,තරින්දි,සිරිල්ගේ දුව.දැන් දැඩිසත්කාරෙ ඉන්නෙ,තමන් විසින්ම තමාගේ.අතකපා ගත්තු නිසා.

...ඒකට හේතුව වුනේ,සිරිල් ගේ,මැර කම.තරින්දි තේරෙන කාලෙ,ඉඳලම තාත්තගේ මේ වැඩවලට අකමැත්තෙන් හිටියේ,ඒත් ඒක තාත්තාට කියන්න බය වුනා ,

      ඒත්,අම්මා තරින්දිලාව අත හැරල,මේ ලෝකෙන් සදහටම යද්දි තරින්දිට වයස දහසයක් වුනා විතරයි.අම්මා නැති අඩුව තරින්දිට නොදැනෙන්න වැඩ කරාට,සිරිල්ගෙ චන්ඩිකම් වල අඩුවක් වුනේ නෑ.

         තාත්තාගේ මේ වැඩ හින්දා,තරින්දිට යාලුවෝ හිටියෙ නැහැ,ඉස්කෝලෙදි වුනත් හැමෝගෙන්ම ලැබුනේ,බය පක්ෂපාතිත්වය විතරයි .මේ වයසෙදි වෙන ගෑනුළමයිට ලැබෙන පිරිමි ළමයිගෙ  බැල්මවත්  තරින්දි මත නොවැටුනේ මේ හේතුව හින්දා.
 
         ඒකයි තරින්දි සිරිල්ගෙන් මේ වැඩ නවත්තන්න කියලා ඉල්ලීම් කෙරුවෙ,තරින්දි කීප සැරයක් කිව්වත් තාත්තගේ ඒ වැඩ නවත්තන්න අපොහොසත් වුනා.තරින්දි මේ තීරණේ ගත්තේ බැරිම තැන.
.
.
.
....ඩොක්ටර් කොහොමද දැන් මගේ දුවට,සිරිල් එහෙම ඇහුවේ වැටෙන කඳුලක් වලක්වමින්.

.දුවගේ ලේ ගොඩක් ගිහින්,තාත්තෙ.අපිට දුවට ලේ දෙන්න වෙනවා.ඒ වුනාට දුවට තියෙන්නේ දුර්ලභ ලේ වර්ගයක් O- ,මේ ඉස්පිරිතාලෙ ඒවා නැහැ,තව පැය දෙකතුනක් ඇතුලත දෙන්න ඕන,ඩොක්ටර් එහෙම කියද්දි සිරිල්ගේ හදවත ගැහෙන සද්දෙ සිරිල්ට ඇහෙන්න වුනා.

..⁣කොහෙන්ද ඩොක්ටර් මට එ ලේ වර්ගෙ හොයා ගන්න පුලවන්.සිරිල් එහෙම ඇහුවෙ ඒ ගැන දැනුමක් නැති නිසා.

...තාත්තා ලේ බැංකුවෙන් අහන්න.එ් අය ගාව විස්තර ඇති.ඩොක්ටර් සිරිල්ට කිව්වෙ ලේ ඉක්මනට ඕන නිසාමයි.

.
.
මහත්තයා,මෙන්න මේ ලේ වර්ගෙ තියනවද..?
ඩොක්ටර් දුන්න තුන්ඩුව දෙන ගමන් ඇහුවා.

.....බොහොම කනගාටුයි මිස්ටර්,දැනට ඒ ලේ අපි ගාව නැහැ.ඒත් ඒ ලේ තියන කෙනෙක්ගේ නම්බර් එක තියනවා.එයා ලේ දීලා මාස දෙක හමාරක් වගේ වෙන්නෙ.එයා කැමතිනම් ඩොක්ටර් ගාවට එක්ක යන්න.සිරිල්ට කියන ගමන් නම්බර් එකත් දුන්නා...
.
.

හෙලෝ......

හෙලො .. මේ නදීක මහත්තයා නේද..?

ඔව්,කව්ද මේ...

අනේ මහත්තයා මට මේ නම්බර් එක දුන්නේ ලේ බැංකුවෙන් .

අනේ මම ලේ දීලා මාස තුනක් නැහැනෙ,

අනේ මහත්තයා මගේ දූගේ ජීවිතේ බෙරලා දෙන්න,මම මහත්යට ඕන ගානක් දෙන්නම්.

...මම කවදාවත් සල්ලි වලට ලේ දීලා නෑ,අංකල්.මම ඒන්නම් ⁣මට විනාඩි දහයක් දෙන්න..

ගොඩක් ස්තූතියි මහත්තයා,සිරිල්ගෙ කටින් ප්‍රතම වතාවට ස්තූතියක් පිට වුනා,ඒ තමන්ගෙ  දුව වෙනුවෙන් ..
.
.
.

නදීක,දැඩිසත්කාර ඒකකය ගාවට එද්දි දැක්ක දෙයින් කලබල වුනා.

...ඔව ,ඒ සිරිල් දැකලා,තමන්ගේ තාත්තගේ මිනී මරුවා,තමන්ට ගම එපා කරවපු මිනිසා.
අතීතය මතක් වුනෙ නිතැතින්.
.
නදීක,රන්ඩුවෙදි මගේ අතින් මැරුන සිරිපාලගේ පුතා ද..මම කොහොමද මේ කොල්ලාගෙන් උදව් ඉල්ලන්නෙ.එහෙම හිත හිත ඉද්දිමයි ඩොක්ට එතනට ආවේ.

කෝ ආවද ලේ,දෙන්න.ඩොක්ටර් ඇහුවේ නදීක දිහා බලන ගමන්.

ආ ..ඔව් ඩොක්ටර් ,මම ලේ දෙන්න ආවේ,පරන දේවල් අත ඇරලා නදීක ඉදිරිපත් වුනා.හැබැයි ඩොක්ටර් මම ලේ දීලා මාස දෙක හමාරයි.

නදීක කැමතිනම් දෙන්න පුලවන්,හැබැයි ඇඟ ටිකක් වීක් වෙයි.
.
ඒකට කමක්නෑ ඩොක්ටර් ,ඇතුලට යන්න අඳින ගමන්,
නදීක කිව්වා.
.
.
.
.
.දැන් බය වෙන්න දෙයක් නෑ,තාත්තෙ.වෙලාවට ලේ හම්බ වුනා.ඩොක්ටර් එහෙම කිව්වෙ සිරිල්ට තට්ටවන් දාන ගමන්.

පින් සිද්ද වෙනව ඩොක්ටර් ,කවදාවත්නැති වචන සිරිල්ගෙ කටින් පිටවුනා.

මට නෙමෙයි තාත්තෙ,අර නදීකට තමයි පින් දෙන්න ඕන.ඩොක්ටර් කිව්වෙ හිනාවෙන ගමන්.

මට දැන් බලන්න පුලුවන් ද ඩොක්ටර් .සිරිල් ඇහුවේ දුවව බලන්න හදිස්සියෙන්.

ඔව් පුලුවන්..ඩොක්ට කියද්දිම.සිරිල් ඇතුලට ගියා.

...දුව තාම ,නින්දේ..නිසා.සිරිල් ගියේ නදීක ගාවට..

මට සමාවෙන්න පුතේ,,,,කියන ගමන් නදීකගේ කකුල් අල්ලගෙන අඬන්නට වුනා.
..
.නදීකට සිරිල් ගැන ඇති වුනේ දුකක්,නදීක සිරිල්ගේ ඔලුවට අත තිබ්බෙ ඒ නිසා.

...සිරිල් ඒ අත අත අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.

..කියන්න කියන්න පුතේ ,පුතාට මං නිසා වෙච්චි අසාධාර⁣ණේට මන් කරන්න ඕන මොකද්ද,පුතා මගේ ජීවිතේ ඉල්ලුවත් මම ඒක සතුටින් දෙනවා.

මාමේ මාමා දැන්වත්,ඔය වැඩ අත අරින්න,ඒ ක තමයි මාමාට මට දෙන්න පුලුවන් ලොකුම දේ.
නදීක එහෙම කියද්දි ,සිරිල් බලන්හිටියේ අදහන්න බැරිව.

මගෙ දුවටත්,මන් නිසා අනාත වුනු මේ දරුවටත් ඕන මම මේ වැඩ අත අරින එකනම් ..ඔව් මම මේ දැන් මේ වැඩ අත් හරිනවා..දුව දිහා  බලලා නැවතත් නදීකගේ අත ඉඔගෙන ගියා....

෴෴෴.අවසානයි.෴෴෴

,,,,,,,,,........දිලී......,,,,,,,,,,

දිලීම උදයංග වික්‍රමසිංහ

2017.11.08
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment