කෙටි කතාවක් .
ආයෙමත් ආදරෙන්..
මම පහන්දි මුණසිංහ. ගම නුවර. වෘත්තීයෙන් වෛද්‍ය වරියවු මට කාලය ගෙවිමට සිදුවුයේ ඉතාම කාර්යයබහුල විදිහටයි.
ඉතින් මේ . දැන් යන්නේ ද එවැනි ලැබුණු හදිසි දුරකතන ඇමතුමක් නිසයි.මම වාහනය කටුගස්තොටින් රණවන පාරට ඇතුළු කලෙමි.
*" නෝනා... පාරේ ටිකක් දුර එනකොට වමට පාරක් හම්බව වෙයි.එතනින් දාල හම්බවෙන තුන්වෙනි ගෙදර තමයි ලෙඩා..... '' මම ඇය කීවාක් සිහිකර ගතිමි..
තණ පිඬුලු වලින් වැඩුණු මිදුලකි.වියලුණු කොළ හැලීමෙන්,මුළු ගෙදරම පාලුවට ගිහින් ය.මාස කිහිපයෙකින් වත් පවිත්‍ර නොකල මේ ගෙදර,කිසිවෙකුත් සිටිද යන්න සැක සිතුණි.
එවිටම මහළු කාන්තාවක් ගෙදොරින් මතු විණි. මා ඇගෙන් '' මේ..අර..ලෙඩා.." නිම කරන්නටත් පෙර ඇය. " ආ.. මෙහෙ තමයි නොනා එන්න ගෙට." නෝනා.. අර කාමරෙ තමයි ලෙ..ඩා .." පසෙකින් තැනු කාමරයක් වෙත අත දිගු කරමින් ඇය කියයි . මම ඔහු සිටි කාමරයට ගියෙමි.
දුර්වල පෙනුමකින් යුත් ඔහු පසෙකට මුහුණ හරවා නිදාවුන්නේය. ගනින් වැඩි තිබුණු කොන්ඩෙත් රැවුලත් අතරින් මට ඔහුව හදුනා ගැනීම ට අපහසු වුයේ නැත.
දෙපා නැවතුනේ ඉබේමයි.හදවත ඇතුලාන්තෙන් ලෝදියක් ගලාවිත් මගේ ආත්මයම පිච්ච් යනවා සේ දැණිනි. නෙතුම්.මේ මාගේ ආදරයයි...මා පන මෙන් ආදරය කල නෙතුම්.ඒ මීට අවුරුදු පහකට පෙරයි.ඒදා මොහොතක්් වත් ඈත් වී ඉන්නට බැරි වු ඔබ මා අද කෙතරම් ඈත් ඇත්ද. කදුලක් ආවේ නොදැනිමයි. මේ තරම් ඉක්මනින් ඔබව අමතක වුවේ කෙසේද. මට එදවස සිහිවිණි.
*පහන්දි..
*නෙතුම් අයියේ...(මම එ් උරතලයට හිස තියා වුනෙමි .)
*ඔයාට පුළුවන් ද මම නැ..තු..ව ඉන්..න. ( නෙතුම් අයියාගේ හඬ වේදනා බර විණි.)
*බැ.. නෙ..තු..ම් අයියේ.. ඒ..ත්.. මම යන්න ඕන.
* ගියාම මාව අමතක වෙයි නේද..
*කවදාකවත් නැහැ
*කවදාවත් අමතක කරන්නත් එපා .මගෙ රත්තරං ... ( නෙතුම් මා දෑත් දැඩිව අල්ලා ගත්තේය. ඒ දෙනෙත් වලින් ගැලු කදුළු...)
අනේ නෙතුම් අයියේ.ඔබ මට මොන තරම් ආදරය කරන්න ට ඇතිද. මේ අතින් ඔය හිස මත තබා සිය දහස් වර දිවුරුම් ගන්න ට ඇත.
* ප..හ..න් .දි. කොහේ ගියත්., මො..න..ව.. කලත් මාව අමතක කරන්න එ..පා.. කවදා හරි මේ.. නෙතුම් ලඟටම එන්න .එදා...ටත් මම ඔයා වෙනුවෙන් පහන්දි....
ඒ විදිහට මම එදා මගේ ආදරය ද ඇතුගල්පුරයේ තනිකර දමා කොළඹ සරසවියට ආවෙමි.ජීවතයේ කඩඉම් බොහොමයක් ගෙවිගොස් ඇත.පසුව කාලයත් සමඟ මම, නුවර ප්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරියක් වීමි. ගෙවු කාර්යයබහුල ජිවිතයත් එක්ක ,මම ඔබව අමතක කලාද නොවේ.. "මට සමාවෙන්න නෙතුම් අයියේ." ඒ අතිතය මට මඟහැරිණි.
ගලාගෙන එන කදුළු බිදු මට. නවත්ව ගන්නට බැරිවිනි.
"නෝනා... මගෙ දරුව ව හොද කර ගන්න , පුළුවන් නේඳ" ඇය අසයි " ඇ.යි ..මෙ..හෙම වුණේ..." හැඩුම්බර වු මම ඇසුවෙමි.
"කොච්චර කිවුවද නෝනා..ඔය බීල බීලමයි ඔහොම වුණෙ .කවුදෝ..කෙල්ලක් ගැන ඒ කාලෙදි කියව කියව පිස්සෙක් වගේ හැසිරුනේ..පස්සේ බොන්න පුරුදු වුණා. කිවුවට ඇහුවෙි නැ.අන්තිමේදි ලෙඩ වෙලයි නතර වුණේ... " මේ තරම් ආදරය ක්. මම හැඩිණි.
"නෙ...තු..ම් අයි...යේ" මම නෙතුම් අයියා ලගින් වාඩි වුණෙමි . " ප..හ..න් .දි." නෙතුම් අයියා ඒ ගිලුණු ඇස් මදක් විවර කරමින් මිමිනුවේද මගෙ නමයි. "ඔයාගෙ ප..හ..න්දි අා..ව නෙ..තු..ම් අයියේ .. මම ආවා." මට ඉකිගසා හැඩිණි . කතාකරගන්නට පවා ශක්තියක් නැති නෙතුම් අයියා,මා දැත් අල්ලා ගත්තේය. එදා මෙන් ඒ උණුසුම අදත් මට දැනිණි. " නැහැ නෙ.තු..ම් අයි..යේ ...මම ඔයා..ට මුකු..ත් ම වෙන්න දෙ..න්නෙ නෑ මෙහෙම බැ..අයි..යේ. අපි යමු ඉක්මනින් හොස්පිට්ල් එකට " ඔහු නෙතු වලින් ද කදුළු කැට ගලා යයි.එදා ආදරයම නොවේද මේ.දෛවය කාලයකදි ඔබ මා වෙන් කලත්,දෛවය විසින් ම අද ඔබ ලගට මා රැගෙන විත් ඇත.ආයෙත් නම් ඔබව නැතිකර නොගනිමි.මාගේ නෙතුම් අයියේ. මා ඒ දෑත් සිප ගතිමි.
නිමි.
ඒ මා නෙතුම් අයියාව හමු වු අවසාන දවසයි.දෙදෙනාම ඇඩුව තරම්.. එදා දළදාව දනි..
කස්තුරි
උපුටා ගැනිමකි
No comments:
Post a Comment