සමාවෙයන් සහෝ
ළමයි.... මොකද ඔය දඟලන්නේ..
වාඩි වෙනවලාකෝ....
පොඩි උන් වගේ මොකද?
දැන් තමුන් 3 -4 වසරේ නෙමේ... දැන් ඉන්නේ 12 වසරේ..
පොඩි ළමයි වගේ දඟලන්න එපා.....
ඉඳගන්නවාලා...
සර්....අනේ ඕලෙවල් වලින් පස්සේ අපි කට්ටියම එකට සෙට් උනේ අද
එකයි ඉතින් මේ..
එතකොට ඔක්කොම මේ ඉස්කෝලේ හිටපු අයමද?
අලුතෙන් එක්කෙනාද ඇවිත් ඉන්නේ..
නෑ සර්.. අලුත් තුන්දෙනෙක් ඉන්නවා.
තාම නම් මොනවත් කරන්න වෙලාවක් හම්බ උනේ නෑ..
මොකක්ද ඒ කතාව ළමයි.
මොනවත් කරන්න කියන්නේ..
රැග් එහෙමනම් ඉතින් තියාගන්න හදන්න එපා.
දන්නවනේ ... එහෙම කරලා බොරුවට ප්රශ්න හදාගන්න එපා..
නෑ නෑ සර්... අපි කීවේ ඉතින් පිළිගැනීමේ වැඩ ගැන.
අලුත් ළමයි එක්ක කතා බහ කරලා..
අඳුනගන්න දේවල් ගැන...
අහ්හ් මට මෙතන කෙනෙක් අඳුන්වලා දෙන්න ඕනා..
මොකද මේ ළමයා මුලින් මාත් එක්ක කතා කළා..
එන්න සාලිය...
මේ ඉන්නේ සාලිය.
මෙහෙට වඩා ටිකක් දුරක ඉඳන් ඇවිත් තියෙන්නේ..
මම හිතන්නේ මෙහෙ නෑදෑ ගෙදරකද කොහෙද නැවතිලා ඉන්නේ නම්.
මේ වගේ පාසලකට එන්න හොඳ විභාග ප්රතිපලයක් අරගෙන තියනවා..
එහෙම ගන්න එකට ඇත්තටම ඉතින් ගොඩක් මහන්සි වෙලා තියනවා..
මොකද ඇත්තටම මේ සාලියට ටිකක් තදබල විදියට මීමැස්මොරේ තියනවලු.ඒ නිසා නිතර ෆිට් එක හැදෙනවලු.
හැබැයි ඉතින් ඒක ප්රශ්නයක් කරගන්නේ නැතිව පුළුවන් උපරිම හොඳට වැඩ කරලා තියනවා
අපි ඒක අගය කරන්න ඕනා..ඒ නිසා ඒ ළමය ගැන පොඩ්ඩක් විශේෂයෙන් බලලා උදව් කරන්න .
--------------------------------------------------
මේ උඹට අර සාලිය කියන එකා ඇල්ලුවද බන්..
මට නම් ඌව සෙට් උනේ නෑ.
නිකන් අනුකම්පාවට දඟලනවා වගේ..
මටත් ඔහොමම හිතුනා බන්.. ඌට එහෙම අසනීපයක් පේන්න නෑ..අර හොඳට දුවල පැනල ඉන්නෙ..අපිටත් වඩා හොඳට නිදි මරාගෙන පාඩම් කරනව කියන්නෙ..
මූට අනිත් උන්ට වඩා රැග් කරන්න ඕනා..
නැද්ද..?
අනිවා... කෝ ඌට කතා කරපංකෝ...
සාලිය... අලුත් එකා...
මෙහෙට එනවා....
උඹ කොහේ ඉඳන්ද ආවේ...
පොළොන්නරුවේ ඉඳන්..
ඇයි එහෙම අහන්නේ.,..
මෙතන ප්රශ්න අහන්නේ අපි..
උඹ අපි කියන දේවල් කරපන් එච්චරයි..
මොකද බන් මූට කරන්න කියන්නේ දැන්..?
නැගපන් සාලිය ඩෙස්ක් එක උඩට..
නැගලා අත් දෙක දිගහැරගෙන ඉඳපන්..
අනේ.,.. මට එහෙම ඉන්න අමාරුයි ..කැරකිල්ලට එනවා..
ඒවා වැඩක් නෑ කීව දේ කරපන්..
--------------------------------------------------
මචන් ඔය අලුත් එකාට ඔය තරම් රැග් දෙන්න එපා බන්..
පව්...
බලපන් අර කඳුළුත් එනවා..
මේ උඹට ඉතින් කදුළු එනවනම් උඹ ගිහින් පිහලා දාපන්...
මූට කොහොමත් ගොඩක් රැග් එක දෙන්න ඕනා....
අසනීප කතා මොකටද මෙතනට..
අනුකම්පාව ගන්න.. එක්කෝ බැරිනම් ඉතින් ගෙදරට වෙලාම ඉන්න ඕනා
නැතිනම් ඉතින් ආවනම් මේවා විඳගෙන ඉන්න ඕනා..
--------------------------------------------------
මොකද දරුවෝ උනේ...
කලන්තේ දාලා වැටිලා නේද?
පොඩ්ඩක් ඉඩ දෙන්න මොකද මේ ළමයට උනේ... මේ ළමය වෙව්ලනවා නේද.. අර අසනීප ළමය නේද මේ? නහයෙන් කටෙන් සෙම දාල වැටිලා ඉන්නෙ?
දන්නේ නැ සර්.
එක පාරටම කැරකිලා වැටුනා....
හරි හරි ඉක්මනට මේ ළමයව සික් රූම් එකට අරන් ගිහින් නර්ස්ට කියන්න බලන් ඉන්නෙ නැතුව! මිනිහට සිහිය ආවහම මම හොයාගන්නම් මොකක්ද උනේ කියලා..
--------------------------------------------------
ළමයා එක පාර කැරකැවිල්ල හැදිලා පුටුවෙන් වැටුනාලු.
මම හිතුවේ කවුරුහරි මෙහෙ ළමයෙක් මොනවත් කරලා කියලා..
එත් සාලිය කියනවා කවුරුවත් මොනවත් කලේ නෑ කියලා
දැන් ළමයාව ගෙදර යැව්වා..
මොනවා උනත් ඔය ළමයි ඒ ළමයට උදව් කරන්න ඕනා..
අසනීපයක් තිබුණා කියලා ඉගන ගන්න අයිතියක් නැතිව නෙමේනේ
--------------------------------------------------
බලපන්.. ඌ අපිව පාවලා දීලා නැ.
මිනිහට හොඳටම තිබුනා අපිව පාවලා දීලා අපි රැග් කළා කියලා කියන්න .
එහෙම කීවා නම් අපිව මේ ඉස්කෝලෙන් පන්ති තහනම් කරනවා කියලා ඌ නොදන්නව නෙවෙයි නේ...
එත් ඌ හොඳ එකෙක් බන් අපි ඌට නොසෑහෙන්න වද දුන්නා උනාට
ඌ ඒවා ගැන හිතලා නෑ
අපි ගැන හිතලා තියනවා බන්..
එත් මට හිතෙනවා ඌ දන්නවා අපිව පාවලා දුන්න නම් අපිත් එක්ක මේ ඉස්කෝලේ ඌට ඉන්න වෙන්නේ නෑ කියලා...
ඒ හින්දා නිකන් ඌ එහෙම කළා වෙන්නත් බැරි නෑ...
උඹ හිතන දේවල්.. එහෙම වෙන්නත් බැරි නෑ
බලමුකෝ.... ඒත් බන් අසනීපෙ බොරුවක් කියල හිතුවට ඌට ඇත්තටම මීමැස්මොරේ තියනව බන් එදා ෆිට් එක හැදිල වැටුණ හැටි දැක්ක නේ...
එහෙනම් ඉස්කෝලෙ එන්නෙ මොකටද බන් ගෙදර ඉන්න බැරි යැ...
--------------------------------------------------
(අවුරුදු එක හමාරකට පසු..)_
මම දන්නේ නෑ බන් උඹලා මාත් එක්ක ඔය තරම් තරහ ඇයි කියලා
මම උඹලාට දැනුවත්ව වැරද්දක් කරලා නෑ
එත් ඉතින් හැමදාම මම උඹලගේ දේවල් ඉවසගෙන හිටියා...
මම තේරුම් ගන්න ඕනා බන්.
මගේ මොනවා හරි වැරද්දක් ඇති..
මම ආයේ ඉස්කෝලේ එන්නේ නෑ බන්.
පුළුවන් විදිහට ගෙදර ඉදන් ඉගනගෙන වැඩ ටික කරගන්න බලන්නම්.
උඹලට හොඳට වැඩ ටික කරගන්න ලැබෙන්න කියලා විශ් කරනවා...
--------------------------------------------------
වසර 6 කට පසු...
සර් එන්න.... අපේ සර් ඉන්නවා...
අද සර් ගේ වෙලාව හොදයි...
මිස් මට මේ ජොබ් එක ලැබේවිද මිස්..
එක නම් අපේ සර් ගේ අතේ තමා තියෙන්නේ..
සර් බලන විදිහට සුදුසුකම් තියනවනම් ඉතින්..
ජොබ් එක ලැබේවි..
වාඩි වෙන්න....
කොහොමද ඉතින්....
සාලිය........... සර් සාලිය නේද?
අහ්හ් කොහොමද?
අදුන ගන්න පුළුවන් උනාද?
ඇප්ලිකේෂන් එක දැක්ක ගමන් මම අදුන ගත්තා..
තාම ජොබ් එකක් නැද්ද?
නෑ සර්...
තාම ජොබ් එකක් ලැබුනේ නෑ..
සර් නම් හොද තැනක ඉන්නවා....
සර් සර් කියන්න එපා ඉතින්..
එක පන්තියේ හිටපු අයනේ.,.
අන්තිම මාස ටික මම ගෙදර ඉඳන් හොදට මහන්සි උනා..
එකෙන් මට කැම්පස් යන්න පුළුවන් උනා.. ඒ හින්දා අද මම මේ තැන ඉන්නවා.
ඒ දවස්වල මට මොනවා කීවාත් ඒ දේවල් හින්දා මට හිතුණා කවදා හරි හොදම තැනකට යනවා කියලා..
මට මගේ ටාගට් වලට යන්න ඇත්තටම බැලුවොත් ශක්තියක් උනා උඹලා කරපු දේවලුත්...
අනේ මට සමාවෙන්න සාලිය..
ඒ දවස් වල කොලු කමට කරපු වැරදි වලට...
ඒ දේවල් වලට දැන් මොනවත් කියලා වැඩක් නෑ ..... හැමෝම සර්ව සම්පුර්ණ විදිහට ලෝකෙට එන්නේ නෑ.
මොනවා හරි අඩුපාඩුවක් තියන කෙනෙක්ව කොන් කරන එක වද දෙන එක නෙමේ කරන්න ඕනා පුළුවන් විදිහට ඒ අයට උදව් කරන එක..
කමක් නෑ උඹට මෙතන ජොබ් එක කරගෙන යන්න පුළුවන්..
-සඳරු - Devaka Sadaruwan
( අපේ ජීවිත මොන විදිහට අනාගතේ වේවිද කියන්න අපිට බැහැ. කාගේවත් අඩුපාඩු වලට අසනීප වලට අපි පුළුවන් විදිහට උදව්වක් කරනවා මිසක් ඒ අයගේ ඒ දේවල් වලට හිනාවෙන එකෙන්,කොන් කරන එකෙන් ඇත්තටම කරන්නේ වැරැද්දක්.. එයාලට උදව් කරලා ජිවිතේ සතුටින් ගෙවන්න. )
උපුටා ගැනීමකි
No comments:
Post a Comment