කෙටි කතව...
මීට අවුරුදු දෙක හමාරකට කලින්...මේ ටව්මම...මෙහෙමම...බලන් හිටියා අපේ දිහා... ඔයාට මන් කිව්වා .... මට පුලුවන් තරමකට ....
"අනේ... මොනව හරි කරන්න..මට බෑ අයියේ ...අපේ ගෙදරින් මේක දන්නවා...එයාල ඔයාට කැමති නෑ... ඔයාට රස්සාවක් නෑ කියල...ජොබ් එකක් හොයන් ඇවිත් අපේ ගෙදරින් අහන්න.... ඒත් ඔයා මොකුත් කනකට ගත්තෙ නෑ....ගෙදරින් මාව හුගක් හිර කලා..පස්සෙ පස්සෙ.. හැම පුන්චි දේටම...අපි අතරෙ රන්ඩු.. ඒව ලොකු ලොකු උනා...අපි හදපු මාලිගා කඩන් වැටිල..ඒවට අපිවමයට උනා ... ඉදල හිටල අපි කතා කලාට වෙනද වගේ නෑ අපි... අම්මලා මාව ගිහින් මාතර නතර කලේ.. ඔයා ඇවිත් ගේ ඉස්සර කෑගැහුවට පස්සෙ ....
කාලෙ ගියා... අපේ ආදරෙත් අතරමග නැවතිලා... ඔහේ බලාගෙන හිටියා....මේ හිත එහෙම්මම පුරන් වෙලා...
එදා මන් මේ ස්ටේඅහන් එකෙන් ට්‍රේන් එකට නැග්ගෙ මගෙ මුළු හිතම, මගෙ ලෝකෙම මෙතනම නවත්තල ....
අවුරුදු දෙකහමාරකට පස්සෙ .....ආපහු දවසක් ......ඒ ස්ටේෂන් එකෙන්ම මම බැස්සා...
තාම ඒ වගේමයි....ඒ කාලෙ අපි අත් අල්ලන් ගියපු පාරවල් එහෙම්මම තියනවා ...ඒ පාරෙ කඩ සාප්පු... අපි අයිස්ක්‍රීම් අරන් කාපු...බීම බොන්ඩ ගියපු ...ඒ හැම තැනක්ම ඒ වගේමයි...කිසි වෙනසක් නෑ ... පිට බිත්ති දූවිලි බැදුණ කඩ පේලි ...ඒව ඇතුලෙ දාන චයිනිස් රයිස්....ඇත්තමයි ඒව චීනෙටත් වඩා රසට මෙහෙ අයියලා දානව...කොටු මේසෙ වටකරල තිබ්බට වැඩක් නෑ
"බරා...ස් ......"
ගාල හුලග ආවම...
උසට.... ඒකටම කැපෙන මහතට... හැන්ඩි කොල්ලෙක්.... shirt එකත් පැත්තක විසිකරල දාල ...
"මොනාද මල්ලි...?"........ ඌ ඇහුවම....
"මොනාද සඳුු...."?
ඔයා මගේ මූණ බලනවා..
....." චිකන් කොත්තුවක්...." අර හැන්ඩියා ආයෙ අහනවා...
"ම්ම්ම්ම්ම්ම්ම්ම්.....එපා!...."
මම අයියගෙ මූන බලල ඇඹුල් කරගන්නව...
"රයිස් එකක්..".... ඇස් යටින් බලල කකුලෙ මාපටගිල්ලෙන් ඔයාගෙ කකුලට ඇන්නම ඔයා දන්නවා.....කැරට් ..බිත්තර ...මස්... බත් ... මිරිස්... ඔය වගේ මාරුවෙන් මාරුවට විනාඩි ගානෙන් රසම රස රයිස් එක එනවා.... පෙප්සි දෙකක් ගෙනත් තිබ්බම ඒකෙන් එක හමාරක් මට... බාගයක් ඔයාට...රයිස් එකේහතරෙන් තුනක් ඔයාට.. එකක් මට...ඒ තරම් සැරයි මට කන්න බෑ... ඒත් හරි රසයි...කෝම හරි හැම සතියකම ආවම කෙන්දිරි ගාල එතනටම ඇදන් යන්නෙ ඒ රසට ආසාවට...මාව කව්රුත් අදුනන්නෙ නෑනෙ.. ඒ නිසා ලොකු බයක් නෑ...
.....
"චූටි අම්මි අද වෙන මොනා හරි කමු..."...ඒම දවසට වෙන කොහෙන් හරි ස්නැක්ස් මොකුත් අරන් එනවා....
"කොයි බොරුව අහන්ඩත් කලින් මොනව හරි කාල ඉන්ඩ ඕනෙනෙ රිලවි..පැය ගානක් බන්කු රත්කරලනෙ එන්නෙ....
".................................
ඔය වගේ තැනින් තැනට ... පෙලින් පෙලට අපි ආගිය මතක ඉතිරි වුන ඒ ටවුම... තාම එහෙම්මම.... අපි නැතිව කාලය එහෙම්ම ...අතරමග නැවතිලා වගේ......
තව චුට්ටක් තනියම ඉස්සරහටම ඇවිදිනකොට හම්බ උනේ බස් හෝල්ට් එක...ඔතන අපි ඉදන් ඉන්න ඇති...අපේ පිටිපස්සවල්වල පොඩි පොඩි දියපොක්කලන් එනකන්ම... උරහිස්සට වාරු වෙලා...එතනින් යන එන කපල්වලට එක එක ඇදකුද කියන එක තමයි අපේ ලොකුම වැඩේ....
"අර... ඒ කොල්ලට වඩා කෙල්ල උසයි... අරක අක්කයි මල්ලියි ලව් එකක්... අම්මෝ අර කොල්ලගෙ මහත....."
ඕම කියල අපි හිනා වෙනව....
"එපා නන්ගියෝ එහෙම හිනාවෙන්ඩ.. මිනිස්සු අපිට මොනා කියනවද... අපි දන්නෙ නෑ නෙ...."
මට ලැජ්ජ හිතුනා..ඒත් ටිකකින් ඔයා....
"අම්මෝ...මේ කපල් එක... ..."
"කෝ ... කෝකද...? කෝ...."
මට ඕනෙ උනේ තව එකක් බලන්න....
"ගියා..."...
ආපහු ටිකකින්....
"අර ... අර බලනව.. අර..කොල්ලකෙට්ටුයි... කෝටු කිතය්ය වගේ ...කෙල්ල අලි පැටිය වගේ... අර... "
එයා මට පෙන්නුවේ අපේ ඉස්සරහ නතර කරල තියන වෑන් එක...කව්රුත් නෑ...ඒත් ටිකකින් ...අව්වට දිලිසෙන කන්න්නාඩියේ අපි දෙන්නව පේද්දි....
"මැට්ට... මෝඩයා... හුචමා...." මම නැගිටල බෑක් එකෙනුත් ගැහුවා....
අතීතයෙන් ගෙනාපු රූපරාමු එක්ක අඩියෙන් අඩිය යද්දි අපේ ඒ හැම මතකෙම අලුත් වෙවී ...ඉවසන්න බෑ මේ පපුව පැලෙන්න ඔන්න මෙන්න දැන්......
Public හෝල් එක ගාව තාම ජෝඩු ජෝඩු....ඒ අතර හුරුපුරුදු මූණු දෙකක්...
"ඔයයි... මායි...
ඉස්සර මේ හෝල් එකේම..මේ විදියටම...මතකද දන්නෙ නෑ... මේ දොරකොඩම... අපිත් උන්න කියලා....
කාටම හරි එක කෙනෙක්ට...අනේ ඒ හොදටම ඇති මට..
අනේ මේ ගිනි කන අහසට...රළු පොලවටවත් අඩු ගානෙ මතකනම්... දෙස් දේවි... අපේ ආදරේ නමට...ඉකි ගසාවි .....හිත ඇතුලෙම මහ සුලිසුලගක පැටලිලා මම....තවත් එක අඩියක්වත් යන්න බෑ....එහෙම්මම ඉදගත්ත ගල් පල්ලිය ලග කොට බැම්මක....
කාටත් හොරෙන් තනිවුනු නිමේෂයක දෙතොල්පෙති එකට තැවරි තැවරි දැනුනු උණුහුම...කාටත් නොදැනීම ඇස්පියවිලා...ලෝකය මොහොතකට නැවතුනු හැගීම ....තවත් නම් මට හිත අස්සෙ තෙරපගන්න බෑ.... ලෝකයම දැක්කාවෙ... මන් අඩනවා....හිරවෙලා උන්නු කදුලු කැට සේරම විසිරෙද්දි....ඒ කදුලු අස්සෙන් දැක්කෙ ඔයාව... ගල් පල්ලිය ඉස්සරහ ...කඩ පෝලින් දෙකට මැදි වුනු...පාරෙ... හැමදාමත් ...මන් එනකම් බයික් එක උඩ ඉදගෙන පෙර මග බලන ඔයාව......
" එන්න න්ංගියෝ...සේරම දාල..මොකුත් ගේන්න එපා.... දෙන්න බෑ කියපු දේවල් සේරම තියල ඔයා මන් ලගට එන්න...මට දැන් පුලුවන් මගෙ කෙල්ල බලාගන්න.....",,
ඒ වචන ආයෙ ආයෙම දෝන්කාර දෙනකොට..ඔයා පාර පැනල මන් ලගට ආව...
නිමි
සදුනි නිසංසලා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment