තමන්ට තමාව අහිමි වුණොත්
දුව...
කැම්පස් යන්න බැරි උනා කියලා ඉතින් දුක් වෙන්න ඕනා නෑ.
තාත්තා කෝස් වගයක් බලලා තියනවා. ඒ ටික කරගන්න.
ඒ ගමන් අපි බලමු රස්සාවක් හොයාගන්න.
කෙල්ලෙක් කියලා ඉතින් බෑ.
දැන් ජිවත් වෙන්න නම් රස්සාවක් තියෙන්නම ඕනා කෙල්ලෙක් ට.
මට එක තේරෙනවා අම්මා.
මම හිතුවේ මට කැම්පස් යන්න පුළුවන් වෙයි කියලාමයි.
එත් ඉතින් මොනවා කරන්නද?
එකත් බැරි උනානේ..
දැන් එක ගැන හිතලා දුක් වෙන්න එපා
අපි එන විදිහට බලමු..
දැනට මේ ටික බලලා හොද කෝස් එකක් කරන්න පටන් ගත්තා නම්.
---------------------------------------------
නිශා....
මොකද බං කරන්නේ...
ගෙදරට වෙලාම ඉදලා කම්මැලි බං
මටත් එහෙම තමා බන්.
තාත්තා කෝස් වගයක විස්තර ගෙනත් තිබුනා.
බලලා හොද එකකට යන්න කියලා හිතාන ඉන්නේ.
තාම මොනවද කියලවත් බැලුවේ නෑ.
ආහ්හ්හ් උබ මටත් හොරෙන් යන්න නේද බන් හදන්නේ ඒ කියන්නේ..
1 වසරේ ඉඳන් එකට උන්නු අපිව අමතක කරලා
පිස්සුද බන්..
මම තාම බැලුවේ නෑ , බලලා කියන්න තමා හිටියේ..නෙතු
දැන් එහෙමවත් කියපන්කො..
හරි හරි බලලා මොකක් හරි එකක් කියපන් මමත් එනවා
---------------------------------------------------------------------------
ආයේ ඉස්කෝලේ යනවා වගේ අපි එකට..
සතියට දවස් 3ක් එහෙමනම් නේද බන් නිශා..
හ්ම්ම් ඔව් නෙතු එත් මට කැම්පස් යන්න බැරි යන එක ගැන පට්ට දුකයි බන්
මම හිතුවේ නෑ මට යන්න බැරි වෙයි කියලා.
දැන් ඕවා හිතන්න එපා බන්.
ජිවිතේ මෙහෙම වෙන්න ඇති අපිට ගෙවන්න තියෙන්නේ...
මේ විදිහට හැඩ ගැහීගෙන යන එකයි තියෙන්නේ..
-----------------------------------------------------------------------------
නිශා එක පාර බලන්න එපා..
අතන හෝල්ට් එකට එහා පැත්තේ කනුව ලග ඉන්න බෝයි උබ දන්නවාද කියලා බලපන්කො.
මට සති දෙක තුනක් විතර නෝට් හැමදාම අපි පස්සෙන් එනවා කියලා.
කොල්ලා නම් හැන්ඩියා.
ඒ උනාට ඉතින් අපි පස්සෙන් එනවාද වෙන වැඩක් ද දන්නේ නැ.
හ්ම් ඔව් ඔව් මටත් මිනිහව මතකයි.
අද උදෙත් මම ආව බස් එකෙමයි ආවේ.
බලාගෙන ආවට මම වැඩිය ගනන් ගත්තේ නෑ
ඒ උනාට අපි පස්සෙන් එනවා කියන එක නම් ෂුවර්
හම්මා... අන්න මිනිහා එනවා.
----------------------------------------------------------------------------
එස්කියුස් මී
ඔයා නිශා නේද?
මම පිවිතුරු..
ඔයා නම් මාව දන්නේ නෑ . එත් මම ඔයා ගැන ටිකක් දන්නවා.
දන්නවමත් නෙමේ. මම ටිකක් හොයලා බැලුවා..
මම මේ අහනදේට ඔයා එක පාර උත්තරයක් දෙන්න ඕනෙම නෑ.
මොකද පාරෙදි දැකලා ඇවිත් අහන කොල්ලෙක් අහන දේකට එක පාර උත්තර දෙන්න
තරම් ඕනේ නැහැනේ.
එත් ඇත්තටම මම ඔයාට කැමතියි.
ඒකයි ඔයා ගැන විස්තර හෙව්වේ.
කැමති නම් කෝල් එකක් දෙන්න
කතා කරලා බලන්න..
---------------------------------------------------------------------------
මම හිතාන උන්නේ කොල්ලා එන්නේ මගේ පස්සෙන් කියලා.
එත් ඒකත් උබ පස්සෙන්නේ.
උබ කතා කරනවා නේද නිශා
මට එහෙම නම් ඕනා කියලා එකක් නෑ
උබට ඕනේ නම් කතා කරපන් ආ නම්බර් එක
පිස්සුද මැට්ටි.
බලපන් කොල්ලාගේ ලස්සන
අතට ආපු චාන්ස් එක නැති කරගන්න එපා.
මොකක් හරි හොද ජොබ් එකක් කරනවත් වගේ.,
පොඩ්ඩක් කතා කරලා බලපන්..
-----------------------------------------------------------------------
දුව ඔන්න වැඩේ හරි..
තාත්තා දුවට ජොබ් එකක් හොයලා තියනවා.
මේක නම් වාසනාවට හම්බ උන ජොබ් එකක්
ඉගනගෙන ඩිග්රි අරන් උනත් මේ වගේ කම්පැනි වලට යන්න කට්ටිය පොර කනවා
තාත්තාගේ යාලුවෙක් තමා මේ තැන සෙට් කරලා තියෙන්නේ
එක නම් මාර ලක් එකක් අම්මා
කවද ඉදන්ද යන්න තියෙන්නේ....
හෙට ඉදන්ම යන්න වෙනවා.
හරියට ජොබ් එක කරගනින් දුවේ.
මේ වගේ එකක් ආයේ නම් හොයාගන්න වෙන්නේ නැ
උබට වරදින එකක් නෑ
---------------------------------------------------------------------
(මාසෙකට පසු )
නිශා.... ඔයා මොකද හිතන්නේ මම අහපු දේ ගැන
මම ඇත්තටම ඔයාට ආදරෙයි..
අපි දැන් සති දෙක තුනක් ඉතින් කතා බහ කලානේ
මම හිතනවා ඔයා දැන් මම ගැන පොඩි හරි විස්තරයක් දන්නවා ඇති කියලා
පිවිතුරු.. මට ඔයා ගැන අවුලක් නෑ එහෙම
අකමැත්තක් නෑ
ඇත්තටම මමත් ඔයාට ආදරේ කරන්න පටන් අරන්ද කොහේද?
මට ගොඩක් සතුටුයි...
ගොඩක් ....................................
-------------------------------------------------------------------
පිවිතුරු මොකද කරන්නේ...
මුකුත් නෑ මැණික
ඔෆිස් එකේ වැඩ ටිකක් තිබුනා
ඒ ටික කරගෙන ඉන්නවා ඉතින් මගේ පණ ගැන හිත හිතා...
අම්මෝ කියන බොරැ..
දැන් මම කෝල් කරනකන් මතක් උනෙත් නැ මම ඉන්නවාද නැද්ද කියලා... නැද්ද හා........
අපෝ නැ ලමයෝ එහෙම එකක් නැ
මම ඔයාට පොඩි දෙයක් කියන්න හිටියේ.. මම කැමති නැ ඔයා වැඩ කරන්න ඔෆිස් යනවාට.. දැන් වැඩට ගියා ඇති
ඒ කිවේ පිවිතුරු
ඒ කිවේ මම කැමති නැ .ඔයා වැඩට යනවාට මම කැමති නැ
අනේ පිවිතුරැ...
ජොබ් එකක් නැතිව අවුලෙන් ඉන්නකොට තාත්තා ගොඩාක් මහන්සි වෙලා මට මේ මේ රස්සාව හොයලා දුන්නේ...
මේක නැති කරගෙන මොනවාද මම කරන්නේ.... අනික ජොබ් එකක් කරන එක හොඳයිනේ...
මම කියන දේ අහන්න බැරිද දැන් ,
මම ආස නැ ඔයා රස්සාවකට යනවාට.. එච්චරයි.
----------------------------------
දුවේ... මොකක්ද ඔය කරන්න හදන්නේ.. ඔය රස්සාව හොයා ගන්න කොයි තරම් තාත්තා මහන්සි උනාද කියලා උබ නොදන්නවා නෙමේනේ..
අනේ අම්මා මට මගේ දේවල් කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්නකෝ...
අනේ මන්දා උබ මොනවා කරගන්න හදනවාද කියලා. ඔය කොල්ලා තාම උබව බැඳලා නැහැනේ. රස්සාවෙන් අයින් වෙයන් ඕනේනම් බැදලා. ඔය ලමයා ගෙදර එන්න කීවත් එන්නෙත් නැහැනේ...
අනේ අම්මා මට පිවිතුරු ව විශ්වාසයි.ඒ නිසා මම ඒක කරනවා.. ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්නකෝ.
--------------------------------------
බබා ඔයා වෙනස් වෙලාද මහත්තයො. මාත් එක්ක වෙනදා වගේ කතා කරන්නෙත් නැ...ආදරෙත් අඩු වෙලා වගේ..
මොනවාද අනේ කියවන්නේ. ඔයා වගේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියලා හිතුවාද? මට වැඩ තියනවා. ඔයා වගේ නිකන් ඉන්නේ නැ මම.. ප්ලීස් වැඩ ටික කරගන්න ඉඩ දීලා පාඩුවේ ඉන්නකෝ.. එහෙම බැරිනම් අපි මේක නවත්වමු.. මට දැන් මේක එපා වෙලා
මොනවාද ඔය ඔයා කියන්නේ... ඔයාමනේ මට රස්සාවෙන් අයින් වෙන්න කිවේ.. මමත් රස්සාව කරගෙන උන්නානේ... ඇයි දැන් ඔහොම කතා කියන්නේ.. මාව දැන් ඇත්තටම එපා වෙලා වගේ..
ඔව් කියන එක තේරෙන්නේ නැද්ද..
මට තමුසේ වගේ කෙනෙක් ඕනා නැ
--------------------------------
අපි උඹට කිවා දුවේ... බැදලාත් නැතිව හැමදේම තිරණය කරන්න එපා කියලා
දැන් බලන්න.. රස්සාවත් නැ
කොල්ලාත් නැ.
Sadaru _ සදරැ
==========================
වෙලාවකට තමන්ගෙ ජීවිතේ තීරණ වෙන කෙනෙකුට ඕනි විදියට ගන්න දෙන්න ඕනි නැති අවස්ථාත් තියනව.කොයි තරම් විශ්වාස කෙනෙක් වුණත් කසාද බඳින මොහොත වෙනකන් කොහොම වෙනස් වෙයිද කියන්න කාටවත් බැහැ.ඒ වගේ වෙලාවක මහන්සියෙන් හොයාගත්ත රැකියාව වගේ දෙයක් නැති කරගන්න තීරණය කළොත් ගොඩක් පසුතැවෙන්න වෙයි .
ආදරේ කරන්න. ඒත් ජිවිතේ හැම තීරණයම හිතට දැනෙන දේවල් විතරක් නෙමේ බුද්ධියෙන් හිතලා ගන්න.
-සඳරු - Devaka Sadaruwan
උපුටා ගැනීමකි
No comments:
Post a Comment