බුකියේ කතන්දර

බුකියේ කතන්දර

මචන්... උඹ බුකියේ නැද්ද?
මම ඊයේ උබව සර්ච් කළා හොයාගන්න බැරි උනා.
මොන නමෙන්ද බන් ඉන්නේ..

මොකටද බන් උඹ මාව හෙව්වේ..
ඕනේ නම් ඉතින් මගේ මොබයිල් නම්බර් එක තියනවා.
ඊට වඩා තව ඉතින් සතියකට දවස් කීයක් මෙහෙම හම්බවෙනවද?
ආයේ අමුතුවෙන් බුකියේ ඉන්න ඕනාද බන්..

ඒක වෙනම කතාවක් බන්.
බුකිය පොඩි වෙනම කේස් එකක් තියන තැනක්නේ..

හ්ම්ම් හරි හරි ඔන්න දැම්මා රික්වෙස්ට් එකක්..
ඇක්සෙප්ට් කරපන්..

මොකක්ද යකෝ මේ නම.
masun kigara?

හ්ම්ම් ඔව් මගේ නම.. නමේ මුල් අකුරු දෙක මාරු කරලා තියෙන්නේ
කසුන් මිගාර කියන එකේ..

හ්ම්ම්....
උඹේ එකේ ඉන්නවනේ බන් ලස්සන කෙල්ලේ ගොඩක්...
මෙතන උඹ දන්න උන් ද ඉන්නේ..

ඔන්න ඔය හේතුව හින්දාමයි බන් උඹව
ඇඩ් කරගන්න අකමැති.
කෙල්ලෝ දැක්කම ඉන්න බෑ..
මොකක්ද බන් ඔය
කවද්ද ඔය වැඩේ නවත්තන්නේ?

අනේ මේ මිගාර විකාර නැතිව ඉදාපන්කෝ..
දැන් මම මොනවත් කලාද ? නැහැනේ
--------------------------------------------------------------
හායි....

හෙලෝ..
කවුද මේ නිපුන්..
ඔයා මිගාර අයියාගේ යාලුවෙක් ද?
මිගාර අයියා මියුචුවල් හිටපු හින්දා අක්සේප්ට් කලේ..

අහ්හ්... මිගාර නම් ලොකු යාලුවෙක් නෙමේ..
මම ලඟදි ඇඩ් කරගත්තේ..
ඔයාට රික්වෙස්ට් එක දැම්මේ ඊට කලින්..

හ්ම්ම් එහෙමද?
හා හා මාත් ඒ තරම් මිගාරව දන්නේ නෑ
මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්..
හොද ළමයෙක් කියලා කීවා ඒකයි ඇඩ් කරගත්තේ
අද වෙනකන් හැබැයි චැට් කරලා නෑ.

එහෙමද කසුනි..

හ්ම් ඔව් නිපුන්..

ඉතින් මොනවද ඔයා කරන්නේ රස්සාවක් කරනවද?
එහෙම නැතිනම් තාම ඉගන ගන්නවාද?

හ්ම්ම් දැන් නම් ඉතින් ඉගෙනගෙන ඉවරයි ගෙදර ඉන්නේ..
තාම ජොබ් එකක් නෑ
අපි ඉතින් හොදට ඉගන ගත්තේ නැහැනේ..

අහ්හ් එහෙමද?
හ්ම්ම්.... මම නම් පොඩි රස්සාවක් කරනවා..

ඔයා එහෙමනම් ලකී...
මට නම් දැන් ගෙදර ඉන්න එක එපා වෙලා..
දන්නේ නැද්ද ඉතින්
ගෙදරටම වෙලා ඉන්නකොට එපා වෙනවනේ.

ඉතින් කසුනි මොකද ගෙදරට වෙලා ඉන්නේ.
කොහේ කොහේ හරි ඇවිදින්න යන්න පුළුවන්නේ
යාළුවො එක්ක..

අම්මෝ.. ඒ ගැන නම් කතා කරන්න එපා
මට ගොඩක් යාලුවොත් නෑ
අනිත් එක ඉතින්
අම්මා ගෙදරින් යන්න දෙන්නේ නෑ මට එහෙම
නිකන් හිරකාරයෙක් වගේ ඉන්නේ..

එහෙමද? පව් අනේ ඔයා..
ඔහොම කොහොමද ජිවත් වෙන්නේ...
බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් එහෙම නැද්ද?

ඔය හේතුව හින්දා තමා මට ගෙදරින් යන්න නොදෙන්නේ.
කලින් කෙනෙක් උන්නා.
මම දන්නේ නෑ මිනිහා මාව රවට්ටනවා කියලා
මම හිතුවේ මට ආදරෙයි කියලා.
බලනකොට මිනිහා බැඳලා...
ළමයිනුත් ඉන්න කෙනෙක්.
අම්මා තාත්තාට පින් සිද්ද වෙන්න මම අද ඉන්නවා පන පිටින්.
නැතිනම් මෙලහට ජිවිතේ නැති කරගෙන.

හ්ම්ම් එහෙමත් කතාවක්ද?
මම නම් එහෙම නෑ ඉතින් ඔන්න..
තාම මට ආදරේ කරන්න කෙනෙක් ලැබුනේ නෑ.
තනිකඩව ඉඳලා මටත් එපා වෙලා..

එහෙමද නිපුන්..
දැන් මට යන්න වෙනවා..
ඩේටා තව ටිකයි තියෙන්නේ..
අම්මා මට කොහොමත් සතියකට සැරයක් තමා කාඩ් එකක් අරන් දෙන්නේ.
අද ගොඩක් වෙලා ඔයා එක්ක චැට් කළ හින්දා ඉක්මනට ඉවර වෙලා
ආයේ දවස් දෙක තුනකින් අම්මා ඩේටා කාඩ් එකක් අරන් දුන්නාම ඇවිත් චැට් කරන්නම්කො..

අනේ යනවද?
ඉන්න මම ඩේටා දාන්නම්..
මට නම්බර් එක දෙන්නකෝ...
අනේ බෑ නිපුන්..
මට නම්බර් එක දෙන්න බෑ.
අම්මා ෆෝන් එක චෙක් කරනවා...
නම්බර් එක දෙන්න බෑ ඒ හින්දා.
අවුලක් නැතිනම් මට කාඩ් එකක පින් නම්බර් එක එවන්නකො..

හ්ම්ම් හා ඉන්න දාන්නම්..
---------------------------------------------------------------------
නිපුන්... කොහෙද ඉන්නේ..
උඹ මගේ එකේ කෙල්ලෙක්ට රික්වෙස්ට් දාලා නේද?

මම? නෑ.,... ඇයි උඹ එහෙම අහන්නේ..
නෑ මම දැක්කා මියුචුවල් ඉන්නවා
ඒකයි ඇහුවේ..

අහ්හ් දැන් එතකොට උඹේ එකේ ඉන්න හැම කෙල්ලම උඹට ලියලා දීලාද කසුන්
මට බැරිද කතා කරන්න..

හරි හරි කතා කරපන්.
හැබැයි බලාගෙන. මම ඔය මගේ එකේ ඉන්න උන් හැමෝම ගැන දන්නේ නෑ.

හරි හරි උඹ ඒ ගැන වද වෙන්න එපා.
මම චැට් කරන්න ගියේ නෑ
ලස්සන හින්දා ඇඩ් කරගත්තේ..

හා ලස්සන හින්දා නම් කමක් නෑ
----------------------------------------------------------
කොහොමද කසුනි..
මොකද කරන්නේ..

මම මේ අම්මා එක්ක පොඩි ගමනක් යන්න හදන්නේ.
ගිහින් ඇවිත් මැසේජ් එකක් තියන්නම්.
අම්මා එක්ක යනකොට මම ෆෝන් යුස් කරන්නේ නෑ.

කොහෙද යන්නේ..

අම්මට මොනවද බඩු වගයක් ගන්න තියනවා කිවා..
ඒකට යන්නේ..
---------------------------------------------------------
මම දුකෙන් ඉන්නේ.
මම ඔයාට පස්සේ මැසේජ් කරන්නම්...
මම දැන් ආවේ ගෙදර. නිදා ගන්නවා මම.

මොකද කසුනි..
මොකක්ද ඔයා දුකෙන් කියලා කීවේ..

වැඩක් නෑ ඔයාට ඒවා කියලා..
මම නිදාගන්නවා.
හිත හැදුනොත් ඔන්ලයින් එන්නම්..

මොනවද කසුනි කියන්නකෝ..
මොකක්ද අවුල කියලා...

අනේ අම්මා එක්ක යනකොට ලස්සන ඇඳුමක් දැක්කා..
මට ඒකට ආස හිතුනා
මම ඉතින් ජොබ් එකක් කරන්නේ නැහැනේ..
ඒ හින්දා අම්මාට කීවා අරන් දෙන්න කියලා
අම්මා... අරන් දුන්නේ නෑ
බැන්නා මට...

අනේ ඉතින් ඒකට දුකෙන් ඉන්න එපා..
මොකද ඉතින් ඒක ඔයාට ගන්න බැරි නැහැනේ.
අඬන්නේ නැතිව ඉන්නකෝ..
ඔයාට පුලුවන්නම් හෙට ටවුන් එන්න..
මමත් ඔයාව දැක්කේ නැහැනේ
මටත් බලන්න එක්ක..
මම අරගෙන දෙන්නම්..

අනේ ඔයා මට අරගෙන දෙනවද?
එත්..

එත් කීවේ..ඇයි කසුනි..

අනේ මට එන්න විදිහක් නැහැනේ..
මට අම්මා එන්න දෙන්නේ නැහැනේ..

එහෙමද?
එහෙමනම් මොකද කරන්නේ...

අනේ ඔයාට පුලුවන්ද දෙයක් කරන්න..
අනේ මට ඒ ඇඳුම ඕනා..
ගන්න විදිහක් නැහැනේ...

මොකක්ද කරන්න පුළුවන් ද ඇහුවේ..

ඔයාට පුලුවන්ද මිගාර ට සල්ලි දෙන්න..
මම මගේ යාලුවට කියලා ඉල්ලගන්නම්..
යාලුවාට හෙට මිගාර හම්බවෙන කතාවක් කිවා..
පුලුවන්නම් රුපියල් 5000 ක් දෙනවද?

එහෙමද? හරි මම එහෙමනම් දෙන්නම්...
එහෙම කරමු...
-------------------------------------------------------
මිගාර....
උබට පොඩි දෙයක් දෙනවා. ඒක හෙට උඹට හම්බවෙන යාලුවට දීපන් කසුනි ට දෙන්න කියලා..

මොකක්ද රුපියල් 5000 ක් ද?

උඹ කොහොමද ඒක දන්නේ?

ඇත්තටම බන් උඹ ඔය තරම් මෝඩද බන්..
කෙල්ලව දැකලත් නෑ
කටහඬ අහලත් නෑ
අඩුම තරමේ... කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා දන්නෙත් නෑ..
රිලෝඩ් දානවා..
දැන් සල්ලිත් දෙන්න හදනවා..
මොකක්ද බන් ඔය වැඩේ..
උඹට ඔය සල්ලි නිකන් ලැබෙන ඒවාද නැහැනේ.
උඹ මහන්සි වෙලා හම්බ කරන දේවල්..
කෙල්ලෙක් ඉල්ලපු ගමන් එහෙම දෙනවද බන්..

දැන් උඹ ඔය ඔක්කොම දන්නේ කොහොමද?

දන්නේද?
කසුනි කියන්නේ මගේ ෆේක් අකවුන්ට් එකක්.
බලපන්කො ඒකෙ තියන ෆොටෝස් වත් ලංකාවේ ඒවාද?
නැහැනේ.. ලස්සනයි කියලා දැක්ක ගමන් ඔහොම වෙන්න එපා බන්.
පොඩ්ඩක් හොයලා බලපන්..
දැන් වෙන එකෙක් උනා නම් අකවුන්ට් නම්බර් එහෙම දුන්නා නම් මෙලහලට සල්ලිත් දාලා.
රැවටෙන්නේ නැතිව පොඩ්ඩක් හොයලා බලලා ආශ්රය කරන්න අයව ජීවිතේට එකතුකරගත්තා නම් හොඳ නැද්ද..

-සඳරු- Devaka Sadaruwan

( බුකි‍ය හොඳ අය වගේම ඕන තරම් ගොඩක් රැවටීම් කරන අයත් ඉන්න තැනක්.. ජීවිතේට කෙනෙක් ළං කරගන්න කොට ඒ කෙනා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් ද කියලා හොයලා බලලා ලං කරගන්නවානම් ජීවිතේට එන ප්රශ්න ගොඩක් අඩු වෙන්න පුළුවන් )
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment