උරුමය

❤💞උරුමය💞❤

"ඒ දිනිති බලනවකො අරු.....හොද අත්තක් වගේ බං....."

"හම්ම්ම්ම්ම්....එක තමා බං....මොනා උනත් හොද සල්ලි තියන ෆැමිලි එකක පොරක්...."

"උබ ලස්සනයිත්නෙ අපට වඩා...බලපන් පොඩ්ඩක් ට්‍රයි කරල.සෙට් උනොත් කාටද පාඩු...."

"ඌත් අපේ ක්ලාස් එකේම එකෙක්ද බං...."

"ඔව්....ඔව්.....හැන්ඩ්සම් පොරක්......අර බලපන් යන්නෙ අපේ ක්ලාස් එකටමයි....."

"හරි....හරි....එහෙනම් අද ට්‍රයි කරල බලමු......"

මීට කලින් කවදාවත් ඇවිත් නැති නිසා මම ක්ලාස් එකට ගියපු ගමන් බය වෙලා වගෙ බලන් හිටියෙ කොතනද ඉදගන්නෙ කියල.ඉස්සරහටම යන්න බය හිතුන නිසයි මැද හරියෙ තිබුන පේලියක වාඩි උනේ.....මම තනියම හිටියත් එතන එහාපැත්තෙ පොලිමෙි ගෑණුලමයි වගයක් බෑග් තියල ගිහින් තිබුනා.ටික වෙලාවකින් සර් ආව නිසා කෑ ගහ ගහා හිටපු සේරමල නිෂ්ශබ්ද උනත් මම හිටපු පේලියට කිසිම කෙනෙක් ආවෙි නැ
.........කවුරු ආවත් නැතත් මන් මගේ පාඩුවෙ ඉන්නව කියල හිතල ටික වෙලාවක් ඉන්නකොට තමා මට තේරුනේ එහාපැත්තෙ පේලියෙ හිටපු ගෑණු ලමයෙක් මන් දිහා බලනව කියල......මාත් වැඩිය ගනන් ගන්නැතුව හිටියෙ කෙල්ලෙක් කවද්ද කොල්ලෙක්ගෙ පස්සෙන් එන්නෙ.මගෙ මොකක් හරි අවුලක්ද දන්නෙත් නෑනෙ මන් දිහා බලන්නෙ කියල හිතුන නිසාමයි........ක්ලාස් එක ඉවර වෙලා පහලට ඇවිත් කාර් එක ගාවට ගිහින් දොර අරින්න යතුර හෙව්වත් හම්බුනේම නැ.....එතකොටම තමා පිටිපස්සෙන් ඉදල ගෑණු ලමයෙක් කතා කරනව ඇහුනෙ......

"එක්සියුස් මි....."

"ආහ් ඇයි......."

"මෙි ඔයාගෙ කාර් එකේ කී එක තිබුනා ක්ලාස් එකේ ඩෙස්ක් එක උඩ....."

"අනේ....thanks.....thank you soo much......මම මෙි එක තමා හෙව්වෙත්....."

"ආහ් එහෙමද....එක නෙවෙි අලුතින්ද ආවෙි ක්ලාස් එකට....."

"ඕ....අද තමා ඉස්සරලම ආවෙි.....එක නෙවේ මට මෙි උදව්ව කරපු කෙනා කව්ද දන්නෙත් නැනෙ මම....."

"ආ.....මම දිනිති....එතකොට මෙි මගෙ යාලුව හෂිනි....."

"ආ....හරි....හරි....⁣ඔයාල ටවුන් එකට යනවනම් කැමතිනම් මාත් එක්ක ටවුන් එකට ගියැකි....."

"හෂිනි මොකද කියන්නෙ.....යනවද....."

"අම්ම්ම්....හා....යමු එනමි....."

"ආහ් හරි.....අපි එන්නම්...."

ජිවිතේ කවදාවත් කෙල්ලෙක්ව කාර් එකක දාගෙන ගියපු නැති මට එදා නමි පෙර පිනක් පහල උනා වගෙයි දැනුනෙ........මම ඉතින් හිමිහිට විස්තර කතා කරන ගමන් ටවුන් එකටම ආව.......

"එහෙනම් අපි යන්නම්....තැන්ක්ස් අපිව ඩ්‍රොප් කරාට....."

"වෙල්කම්.......එහෙනම් මම ගියා....බායි....."

ඒ ගෑණු ලමයි දෙන්නව ටවුන් එකෙන් දාල මම කෙලින්ම ගියෙ මගෙ යාලුවගෙ ඔෆිස් එක ගාවට.ඒ මග යනකොටත්.....

"හෙලෝ....නලීනයා කොහෙද බං ඉන්නෙ....."

"මං මෙි උබලගෙ ඔෆිස් එකට එන පාරෙ විනාඩි 10යි මචං...."

"ආ....හරි...හරි....පරිස්සමට වරෙන් මචං...."

මම ෆෝන් එක කට් කරනමන් තවත්ටිකක් ඉක්මනට යන්න ගියෙ යාලුවව රස්තියාදු කරන්න බැරි නිසාමයි........පොරොන්දු උනා වගේම විනාඩි දහයකටත් කලින් මම යාලුවගෙ ඔෆිස් එක ගාවට ගියෙ එයාට පරක්⁣කු වෙලා ඇති කියල හිතුන නිසාමයි.....

"අනේ මචං සොරි ඈ පරක්කු උනා නම්....."

"නෑ.....නෑ පිස්සුද බං.....එක ගානක් නැ.....මම නිකන් කොල් කරේ.....කොහෙද ඉන්නෙ බලන්න....."

"ආ....එහෙමද....එල....එල.....මෙන්න මචං යතුර....තැන්ක්ස් ආ......"

"එලම....එලම.....දැන් කොහෙද යන්නෙ නලිනයා....."

"අහ්.....ගෙදර තමා බං....ආයෙ හෙටත් ක්ලාස්නෙ.....මෙි හෙටත් ඕන මචං කාර් එක හරි..."

"හරි....හරි.....අරන් පලයන්....අරන් පලයන්......."

"එහෙනම් මම ගියා....පරිස්සමින් කොල්ලෝ......."

යාලුවට එයාගෙ කාර් එකත් දිලා මම පොත් ටිකත් අරන් බස් එකේ ගෙදර එන්න ආවා....ගෙදර ආවත් මගෙ හිතේ මැවි මැවි පෙනුනෙ එයාගෙ ඒ ලස්සන රූපෙමයි.....සුදු කොට කොන්ඩෙ ස්ට්‍රෙිට් කරල හිටපු ලස්සන කෙල්ලෙක්.කවදාවත් කෙල්ලෙක් කතා නොකරපු මට එයා කතා කරපු ඒ වචන මුලු රෑ පුරාම දෝංකාර දුන්න.......පස්සෙ දවසෙත් උදේ පාන්දරම නැගිට්ටෙ ⁣වෙදටත් වඩා උනන්දුවකින් ක්ලාස් යන්නයි......මම මගෙ යාලුවගෙ ඔෆිස් එක ගාවට ගිහින් බලාන හිටියෙ යාලුව එනකන්......

"හලෝ.....මචං ගුඩ්මොනින්....."

"ගුඩ් මොනින්....ගුඩ් මොනින්......ඒක නෙවෙි.....මෙි මොකො දැන් උබ හෙන ඩිසන් වෙලා එහෙම...."

"දන්නැද්ද ඉතින්.....කොල්ලොනෙ......"

"මොකද කෑල්ලක්වත් සෙට් උනාද....."

"තවම නෑ....සෙට් වෙමින් පවතිනව ඉතින්....."

"අෆ්⁣ෆා.....පාටි ඕන ඇ.....දුන්නැත්තන්නෙ....."

"හරි....හරි....එකෙන්ම දෙන මචං......දන්නවනෙ ඉතින්......"

"හා....හා....මෙන්න යතුර...වාහනේ කුඩුු උනත් කමක්නැ උබ පරිස්සමින් ගිහින් වරෙන් ඇ....."

"හරි...හරි පිස්සුද මචං.....එහෙම කරනවද මම....උබ බය නැතුව හිටහන්....මම ගිහින් එන්නම්....."

මගෙ කාර් එක වගෙ මම කාර් පාර්ක් එකේ කාර් එකත් නවත්තල යන්න හදනකොටම තමා පුරුදු කටහඩක් ඇහුනෙ.....

"නලින්...නලින්...."

"හලෝ...දිනිති....ගුඩ්මොනින්....."

"ගුඩ්මොනින්.....කොහෙමද ඉතින්....."

"හොදයි අනේ....ඒත් කිසිම යාලුවෙක් නැ නෙ මෙි ක්ලාස් එකේ....."

"අයියො......මෙි අපි ඉන්නෙ අනේ......"

"හම්ම්ම්ම්....හම්ම්ම්ම්........එකත් ඇත්තනේ....."

එදා ක්ලාස් එකේදි මට එහාපැත්තෙන් වාඩි උනේ දිනිතියි එයාගෙ යාලුවයි.හවස ක්ලාස් ඉවර වෙලත් එයාල ආවෙ මාත් එක්කමයි.තිබුන ෆ්‍රෙනඩිශ්ප් එක නිසා මම නම්බර් එක ඉල්ලුව ගමන්ම එයා දුන්නෙ අපි හොද යාලුවො නිසාමයි......

ටිකදවසක් මැසේජ් කරල අපේ යාලුකම තව තවත් වැඩිවෙනකොට තමා අපේ යාලුකම තවත්ටිකක් දුර ගියෙ....ඒ යාලුකම ආදර කතාවකට පෙරලන ගමන්මයි.........එයාව හම්බෙන්න යන හැම දවසකම වගේ මම ගියෙ යාලුවගෙ කාර් එකත් ඉල්ලගෙනයි..........

"අනේ බබා.....ඔයා කවද්ද අපේ ගෙදරින් අහන්නෙ කියන්කෝ....."

"හරි හරි මැණික.....ඉන්නකො ටිකක්.....තව ටික කාලයක් දෙන්නකො මට......"

"හම්ම්ම්ම්ම්......අනේ මන්ද....හැමදාම ටික කාලයක් කියනව....."

"හරි හරි අනේ තරහ වෙන්න එපා ඉතින්......ඉන්නකො ඔහොම......"

දිනිතිලගෙ ගෙදරට ඇවිත් දිනිතිට ප්‍රපොසල් එකක් ගේන කිවත් මම හැමදේම ටික ටික කල් දාදා හිටියෙ ඇත්තටම මම ගොඩක් දුප්පත් කෙනෙක් නිසා දිනිතිලගෙ ගෙදරින් අකමැතිවෙයි කියල හිතපු නිසාමයි......ඒත් එහෙම කාලයක් යනකොට තමා දවසක් දිනිතිගෙ අයිඩින්ටි කාඩ් එක මගෙ යාලුවගෙ කාර් එකෙ බිම වැටිල තිබුනෙ.ඒක මටවත් දිනිතිටවත් කිසිම ගානක් ගියෙ නෑ.....එදා ඉදල තමා මගෙ ආදර කතාව වෙනස් වෙන්න ගත්තෙ.....

"මචං හෙටත් කාර් එක ඕන......"

"හෙට....අඩෝ හෙට නම්.......ඇයි හෙට ක්ලාස්ද...."

"ඔව් බං....කෑල්ලත් එනව....."

"මචං මං හෙට ලොකු වැඩකට යනවනෙ ඔෆිස් එකේ......"

"අයියෝ.....එහෙමද......හරි අවුලක් නැ....මම ශේප් එකක් දාන්නම්....."

මගෙ යාලුව⁣ට කාර් එක දෙන්න විදිහක් නෑ කිව නිසාම මම එදා ක්ලාස් යන්නැතුව ඉන්න තිරනය කරා.....මොකද එහෙම ගියොත් බස් එකේ යන්න වෙන නිසාමයි......ඒත් එදා උදේ ආව මැසේජ් එකෙන් මම පොඩ්ඩක් බය උනා.....

Bb ada khd gye car eke oya....oyage car eka dkka mm ada ynw ape clz gawin.

එයාගෙ ඒ මැසේජ් එකට රිප්ලයි කරන්න විදිහක් නැතුව ඉදල බැරිම තැන මම කිවෙ මගෙ යාලුවෙක් ඉල්ලන් ගියා කියලයි.....එත්....

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

"හායි....දිනිති නේද ඔයා....නලින්ගෙ gf නේ....."

"ඕ....ඔයා කව්ද....ඇයි නලින්ගෙ කාර් එක අරගෙන එයා නැද්ද අද......"

"මො....මොනව....නලින්ගෙ කාර් එක......"

"ඇයි හිනාවෙන්නෙ......නලීන්ගෙ නෙවෙද....."

"මෙහෙමයි ඔයා රැවටිල එයාට....මෙික මගෙ කාර් එක.මෙන්න ඔයාගෙ අයි.ඩි එක.ඊයෙ මෙික තිබ්බ මගෙ කාර් එකේ......"

"එතකොට කො නලින්....එයා බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක් නෙවෙිද.....එයා මට බොරු කරාද....."

"යමුකො....මම පෙන්නන්න නලින්ලගෙ ගෙදර.ඔයාම ගිහින් කතා කරන්න......"

"හම්ම්ම්ම්ම්ම්ම්......."

****************************************************

"දිනිති ඔයා ඔතන ඔය තියන පාරෙ කෙලින්ම ඉස්සරහට යන්න....
නලිනයා අැති කොහෙ හරි අස්සකට වෙලා...."

"ආහ් හරි අයියෙ.....මම බලන්නම්....."

මම යාලුවොත් එක්ක පිට්ටනියට වෙලා කතා කර කර ඉන්නකොට ඈතින් දිනිති එනව දැකපු නිසා මම යන්න හැදුවත් දිනිති කෑගහපු නිසා මම නතර උනා......එයා අව ගමන්ම මගෙ ටීෂට් එකේ කොලර් එකෙන් අල්ලගෙන කැගහන්න ගත්ත......

"තමුසෙ මහ බොරු කාරයෙක් හලෝ.....ලැජ්ජයි තමුසෙ ගැන.....අනුන්ගෙ වාහන වල ඇවිත් තමන්ගෙ වගෙ රගපානව.....චික් විතරක්....මම මෙහෙම හිගන්නෙක් එක්කද යාලු උනේ.....මෙි හිගන්නටද මම ආදරේ කරේ.....ජරා සතා...."

"ප්ලිස් දිනිති මාව තේරුම් ගන්න....ඔයා මට නෙවෙිද ආදරෙ කරේ....සල්ලි වාහන වලටද....ඒත් එවා දවසක නැති වෙනව....මගෙ ආදරෙ එහෙම නැ....."

"අනේ යනව යන්න හලෝ....හිගන්නෙක් එක්ක ඇවිත් මට බෑ දුක් විදින්න මම යනව....."

එයාගෙ ඒ වචන නිසා මම පිස්සෙක් වෙලයි හිටියෙ.එයාගෙ නම්බස් පවා වෙනස් උනා.....මගෙ යාලුවගෙ නම්බස් පවා බිසි උනා....එක දවසක් එයා මට පේන්නම මගෙ යාලුවගෙ කාර් එකෙන් ඇවිත් ක්ලාස් එක ගාවින් බැස්සා......ඒ දේ දැකපු නිසා මම පිස්සෙක් වගෙයි හිටියෙ......

****************************************************

(මාස 06 ට පසු)

පරන පුරුද්දට මම හැමදාම වගෙ උදේ නැගිටපු ගමන්ම ෆොන් එක අරන් බලනකොට එයාගෙන් මැසේජ් එකක් ඇවිත්තිබුනා.....

Nalin......mt oyaw hmbenna ona.plz enwd.oya mt adre kra nm eka winadiykt enwd mw hmbenna....

කවදාවත් නැතුව එයාගෙන් ඒ ඇවිත් තිබුන මැසේජ් එක දැකල මම පුදුම උනා....ඒත් මම එයාට ඇත්තටම ආදරෙ කරපු නිසා තවමත් ඒ ආදරෙ හිතේ තිබුන නිසා මම එයාව හම්බෙන්න ගියා.......එයා මාව දැකපු ගමන් අඩාගෙන ඇවිත් මගෙ අත තද කරල අල්ලගත්ත......

"අනේ නලින් ප්ලිස්....මට ස⁣මාවෙන්න එදා බැන්නට....."

"ඇයි මොකද උනේ කියන්නකො......"

"එදා ඔයාට බැනල ආවට පස්සෙ ඔයාගෙ යාලුව එක්ක එෆෙයා එකක් මම පටන්ගත්තෙ ඔයාට රිදවන්න හිතාගෙනයි....ඒත් එයා මට බොරු කරා.....එයාට තව gfල 4ක් ඉන්නව.....එයාගෙ ඒ සල්ලි වලට ආදරෙන් එයාට ආදරෙ කරාට එයා මාව සෙල්ලම් බඩුවක් ගානට දාලයි ආදරේ කරේ.....මට සමාව දෙනවද ප්ලිස් නලින්......"

"හම්ම්ම්ම්ම්ම්.....කමක්නැ මැණික.....මගෙනුත් වැරදි උනානෙ....."

"ශ්ශ්ශ්ප්.....ඇති....ඇති පැටියො තව මුකුත් කියන්නෙපා.....මට දුකයි......ආදරෙයි නේද...."

"හම්ම්ම්ම්ම්....ඔව් මගෙ පන....ඔයා තමා මගෙ ජිවිතේ...."

"මටත් එහෙමයි පැටියෝ.....මට මෙි තියන ආදරෙ තිබුනොත් ඒ හොදටම ඇති....වෙන කිසි දෙයක් එපා....සල්ලි නෙවෙි ආදරෙයි ජිවිතෙයි කියන්නෙ......"

#ලියන්නෙ : දුෂාන්.
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment