________ස්පා කෙල්ල_________
(මෙය කෙටිකතාවකි)
*අද මම ගෙනාවේ තරමක් අමුතු කතාවක්.මේකේ තේමාව නම් ගණිකා වෘත්තීය.කතාවට මොකටද ගණිකා වෘත්තීයක් සමහරෙක් අසන්න පුලුවන්.ඔව්.ඒත් මම මේ කියන්න හදන්නේ ගණිකා වෘත්තීය ගැන නම් නෙවෙයි.ගණිකාවකට පෙම්බැඳි තරුණයෙක් පිලිබඳව.ම්ම්.එහෙනම් කියවලාම බලන්න.)
"...ම්.අද නම් මහා කරුම දවසක්.බස් එකකට නැග්ගා මදැයි.ඉඳගන්නවත් ඉඩ නෑ.මොනවා කරන්නද ඉක්මනින් ගියේ නැතිනම් බොසා මාව මරන් කයි.මිනිහා ටිකක් නූලක් ගිනි කාරයෙක්නේ.පොඩ්ඩ ඇත්නම් මිනිහට ඩෝං යනවා.මං හිතන්නේ මිනිහගේ වයසේ වැරැද්ද.අපි පොඩි එවුන්ට කෑ ගැහුවට මොකද මුන්ගෙනේ නියම වයසේ වැරැද්ද තියෙන්නේ"
සෙනඟ පිරුණු 138 බස් රථයට ගොඩවැදුණු කපිල රථයේ සෙනඟ අතුරින් තමන්ටම කියා ඉඩක් සාදා ගැනීමට වෙහෙසෙන අතරතුර කොන්දොස්තර මහා හයියෙන් බෙරිහන් දෙන්නට විය.
"ඕයි...දැන් තමුසෙට එක පාරක් කිව්වා නේද.ඉස්සරහට යන්න කියලා.කියන දේ අහලා යනවකෝ උදේ පාන්දර අපිට පව් නොදී.යනවා ඉතිං"
කොන්දොස්තරගේ වචන හමුවේ ඔහුගේ මුව විවර වුනේ ඉබේටමය.
"මොන බම්බුවක්ද ඕයි කියන්නේ.තව කොහේ යන්නද.ඇස් පේන් නැද්ද මිනිහෝ.තව යන්න පුලුවන් නම් මම යනවනේ.උඹ වගේ දෙකයි පනහේ එවුන්ගෙ වචන අහන් නැතිව.උඹලා මොකටද සෙනඟ පිරිච්චි බස් එකට තව මිනිස්සු පටවන්නේ.මල පෙරේතයෝ."
කපිලගේ වචන හමුවේ කොන්දොස්තර නිහඩ විය.ඔහු පවසන කතාව සත්‍යයකි.බස් රථයේ සෙනඟ යහමින් පිරි තිබුණද ඒ කිසි වගක් නොසිතා ඔවුන් තව මිනිසුන් පටවන්නේ පොල් පටවන පරිද්දෙනි.කපිලගේ වාංමාලාවට රථයේ මගීන්ගේද සහාය ලැබුණි.මේ අතර කපිලගේ බෑගය අසුනක වාඩි වී සිටි යුවතියක් ගත්තාය.
"Thanks නංගි."
යුවතිය වරින්වර කපිලගේ මුහුණ දෙස බලන්නට විය.ඔහුගේ මුහුණේ සුලු මොහොතකට පෙර තිබූ රලු සොබාවය කෙමෙන් මැකී ගොසින්ය.දැන් ඔහු කඩවසම් තරුණයෙකි.ඔහුගේ කඩවසම් බව නිසාමද කොහේදෝ යුවතිය වරින්වර ඔහු දෙස බලන්නට සිතුවේ.කපිල සෙමෙන් යුවතිය දෙස බලන්නට විය.ඔහු මහත් ඕනෑකමින් ඇය දෙස බලන බැව් ඈ දැනන් සිටියාය.ඈ කට කොනකින් සරාගි හිනාවක් ඔහු වෙත පෑවෙය.ඔහුට දැන් ඈ සමඟ කතා කිරීමට අවශ්‍යම බව සිතුනි.නමුත් රථයේ මිනිසුන් සිටින නිසා කතා කල නොහැක.දකින මිනිසුන් ඔහු ගැන යම් පහත් තත්ත්වයකින් සිතාවී යන බියෙනි.
"බහින අය ඉස්සරහට යන්න.ඉක්මනින් යන්න.පරක්කු කරන්න එපා.යනවකෝ ඕයි..."
කොන්දොස්තර පැමිණ බහින්න සිටින මිනිසුන්ට නැවතුම්පොළ මතක් කරදෙන්නට විය.
ඒ සමඟම ඔහු අසල අසුනේ වාඩි වී සිටි යුවතියගේ අසනේ එක් කොටසක් හිස් විය.ගත වූයේ නිමේෂයකි.කපිල ඇය අසලින් වාඩි විය.ඇය සෙමින් සෙමින් ජනේලය දෙසටම හේත්තු විය.දැන් කපිලට ඈ සමඟ යහමින් කතා කිරීමට මඟක් විවර විය.පුදුමයකි!.ඔහු ඒ පිලිබඳව සිතුවා පමණි.ඈ ඔහු අමතන්නට විය.
"අද බස් එකේ හුඟක් සෙනඟ නේද?"
"හ්ම්.ඔව් ඉන්න සෙනඟ මදිවට තව පටවනවා.මම මිනිහට බැන්න නිසා ටිකක් හරි ගියා.නැති නම් තවත් පටවනවා.බස් කාරයෝ ඔහෝමමයි"
කපිල තරමක් උජාරුවෙන් ඇයට පැවසිය.
"කතා කරාට අහන්න බැරිවුණා.අයියා මොනවද කරන්නේ?."
"ම්.මමද?"
"ඔව්."
"මම පිටරටින් බඩු ගෙන්වන කොම්පැණියක මාර්කටින් සම්බන්ධ ජොබ් එකක් කරන්නේ."
"ලොකු කොම්පැණියක් වෙන්න ඇති නේද?"
"ඔව්.සාමාන්‍ය ලොකු කොම්පැණියක්.ඒක නෙවෙයි නංගි මොනවද කරන්නේ?"
"මම නම් සැලෝන් එකක වැඩ කරන්නේ.උදේ අටට ඕපන් කරන්නේ.ඒත් අද කලින්ම ආවා.නැත්නම් බස්වල සෙනඟ පිරෙනවනේ"
දැන් යුවතිය කපිල සමග කතාවට වැටී අවසන්ය.ඔහුට ඔහුගේ බොස්වද අමතක වී ගොස්ය.දැන් ඔහුගේ අබිප්‍රාය කුමක් සඳහාද?
"ආ.සැලොන් එකක නම් මටත් කොන්ඩේ කපන්න පුලුවන් නේද.අනික නංගිමට කියලා."
කපිල මුව තුළ කෙල සඟවා කීවේය.
"අපෝ නෑ.මේක ladies only එකක්.ඇයි එහේම ඇහුවේ?"
"නෑ.ඉතිං දන්නැද්ද අපි දන්නේ කොන්ඩේ කපන සැලොන්නේ.ඕවාට ගිහින් නෑනේ.ඒක නෙවෙයි.නංගි බැදලද ඉන්නේ"
"දැන් නම් නෑ.කලින් බැදලා හිටියේ.දැන්නම් ලිහලා ඉන්නේ'
යුවතිය සිහින් සිනාවක් පාමින් කීවාය.
"ආ..ඒක..අමතක වුණානේ.ඔයාගේ නම අහන්නත් බැරි වුණා.මොකක්ද ඔයාගේ නම?.මගේ නම නම් කපිල.හැබැයි මම කැමති ඔයා මට අයියා කියලම කතා කරනවට."
"ඕ.ඔව් නේද.ඒකනේ.මගේ නම නම් සකුන්තලා.අයියා මට සකූ කියන්නකෝ"
"ඉතිං සකූ.ඔයා ආපහු බදින්න හිතුවේ නැද්ද.ලමයි එහේම නැද්ද ඔයාට?.ඇහුවට තරහා වෙන්න එපා හොදේ"
"නෑ අයියේ.හස්බන්ඩ් මාව දික්කසාද කරේ බැදලා මාස දෙකෙන්.අපි අතර වෙන්න ඕනි දේවල් ඔක්කොම වුණා."
"වෙන්න ඕනි දේවල් කිව්වේ.?"
"අයියෝ ඔයාට ඒක තේරුණේ නැද්ද?.ඒ කිව්වේ කසාද බැදලා ලමයි හදන්න අඩිතාලම දාන එක.මම කියන එක තේරුම් ගන්න පුලුවන් නේ.ඒත් මට ලමයි හදන්න තරම් වාසනාවක් නෑ.සමහර විට ඒක එයාගේ වරදක් වෙන්නත් පුලුවන්.ඒ ඔක්කොම ප්‍රශ්න නිසා අපි නීතියෙන්ම වෙන් වුණා."
"ඇත්තටම පව්.ඔයා.මටත් දුකක් ඇතිවුනා.ඔයාට බහින්න තව දුරද?."
"තව හෝල්ට් දෙකක් විතර.ඔයාට ලඟද?"
"අපෝ නෑ.මම මේ බස් එක නවත්වන අන්තිම හෝල්ට් එකට යනකන් යනවා.
"අහ්.එහේමද.එහෙනම් මම කලින්ම බහිනවා නේද.ඔයාට තව යන්න තියෙනවා නේද.ඒක නෙවෙයි අයියේ ඔයා බැදලද?"
"අනේ නෑ නංගි.මම තවම බැදලා නෑ.ඇයි එහේම ඇහුවේ?."
"නෑ.ටිකක් වැඩිපුර කතාකරන නිසා"
යුවතිය සරාගී සිනාවක් පෑවේය.ඔහුගේ නෙත් ඇගේ නෙත් මත ගැටෙන්නට විය.මොහොතක් ඈ දෙසම ඔහු බලා සිටින්නට විය.ඈද ඔහුගේ නෙත් දෙසම බලා සරාගී මවාපෑමක් පෑවාය.දැන් ඔහු ඇයට පෙම්බඳින බැව් හොදින් වැටහේ.
"අහ්.සකූ මට ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද?.මම ගිහින් ඔයාට කෝල් කරන්නම්.එතකොට අපිට පස්සේ මීට් වෙන්නත් පුලුවන්නේ."
ඔහු ඇගෙන් නම්බර් එක ඉල්ලා සිටියේය.
"ආ.අයියේ මගේ ෆෝර්න් එක කැඩිලා.වතුර ගිහින්.මට අයියගේ නම්බර් එක දෙන්න.මම ගිහින් කොල් කරන්නම්."
ඔහු ක්ෂණිකව බෑගය තුල වූ පොතකින් කුඩා කොල කැබැල්ලක් කඩා කමිස සාක්කුවේ රදවා තිබූ පෑන ගෙන නොම්මරය ලියා ඇගේ සියුමැලි අත්ල මත තැබුවේය.
"හ්ම්."
"නංගි.මගේ හිතේ ඔයාට කැමැත්තක් තියෙනවා.ඔයා කැමැතිද දන්නෑනේ.හිතලා බලලා කියන්නකෝ."
"හරි.මේ මට බහින තැන තව ඩිංගෙන් අමතක වෙනවා.එහෙනම් අයියේ මම මෙතනින් බහිනවා.පරිස්සමින් යන්න.බුදුසරණයි!"
යුවතිය බසයෙන් බැස නොපෙනී යනතුරුම ඔහු ජනේලය තුලින් බලා සිටියේය.හිස් වූ අසුනට මෙතෙක් වේලා සිටගෙන සිටි පුද්ගලයකු පැමිණ අසුන් ගත්තේය.ඔහු කපිල සමඟ කතාවකට මුල් පිරුවේය.
"මහත්තයා කොලඹද?."
"ඔව්.ඇයි එහේම අහන්නේ?"
"නෑ.මහත්තයෝ.මහත්තයා කලින් අර දැන් බැහැලා ගිය ගෑනු ලමය දන්නවද?"
"ම්.කලින් නම් දන්නෑ.ඒත් දැන් දන්නවා."
"අන්න මහත්තයෝ මහත්තයාට එතනයි වැරදුනේ."
"මොකක්ද වැරදුනේ?"
"ඔය කෙල්ල මරදානේ ස්පා එකක කෙල්ලෙක්.මම අහගෙන හිටියේ මේකි මහත්තයට කියපු බොරු ටික.ඇහේ ඉදන් පට්ට ගහන්න ඕනි.මහත්තයත් ඉතිං ඒකිට පැණි හැලුවනේ.ඒකි හැම මිනිහටම ඔය ටික කියනවා.දැන් නම් ඒකි නමගිය ගණිකාවක්. ්
ඔය දැන් ගියෙත් මිනිහෙක් එක්ක ඇඳක ඉන්න මිසක් සැලොන් එකකට නෙවෙයි.් ඒ යන අතරතුර කාගේ හරි පර්ස් එකකටත් විදිනවා.අන්න ඒක තමයි එ්කිගේ දින චර්යාව මහත්තයෝ."
කී ඔහු අසුනින් නැගිට ඉදිරිපසට ගියේය.දැන් කපිලගේ හිතට අමුත්තක් දැනෙන්නට විය.ඔහු සෙමින් කලිසමේ පිටුපස සාක්කුවට අතදමන්නට විය.අහෝ!.අර මනුස්සයා කී දේ සත්‍යයකි.කපිලගේ පසුම්බියද ඈ ගෙන ගොස්ය.කපිලගේ ඉහමොල රත්වෙන්නට විය.ඒ සමඟම ඔහුට බොස්වද මතක්විය.
"පට්ට වේ..."
Isiwara vishwa akash
උපුටා ගැනිමකි
No comments:
Post a Comment