#තනිවූ_ඔහූ..
( කෙටි කතාව )
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ
සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවනේ
ලොව සොඳුරුය පින්බර ළඳුනේ
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ
මිහිරියෙ ඔබ අහසෙහි සඳු වේ
මගෙ සිතිවිලි එහි ඇති කඳු වේ
ඒ තරමට සෙනෙහස මතු වේ
නිහඬව නිදියයි සිත නතු වේ
සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳ ද ඔබ අරගත්තේ....
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොළකැටි අත් යුග මත්තේ
එච් ආර් ජෝතිපාල මහාතා විසින් ගායනා කරන සුමියුරු ගී රාවය සහාස් දැලියබණ්ඩාරට ඇසුනේ සුපුරුදු අවහන්හලට ඇතුලු වුන පළමු මොහෙතේය.. අවුරුදු 3කට සිට සෑම දිනකම පැමිණි අවහන් ඔහුට හුරුපුරුදු වුයේ අතීතයේ ඔහුගෙත් ඇයගෙ ප්‍රේමයේ සුවඳ තවමත් දැනේන නිසාය..
" සර් අදත් කිරි කෝපි නේද ? .
" හ්ම්ම්. ඔව්.. "
" සර්.. මං දන්න දවසේ ඉදන් එනවා මේතනට.. එයාව අදවත් හම්බ වුනෝත්.."
අවන්හලේ සේවකයාගෙ සිතේහිද සහාස් වෙනුවෙන් ඇදුනේ අනුකාම්පාවකි.. පෙර දින පේම් කල යුවතියව ඔහු දැක ගැනිමට පැමිණෙන බව අවන්හලේ කාටත් නොරහාසකි... අතීතය තුළ දැඟිලි බැඳ සිනහා සී කිරි කෝපි තොල ගාන්නේ ඇයගේ ඇස් දෙස බලාය.. ඉතින් ඒ සොදුරු අතීතයට දැනට අවුරුදු 5කි. අතීතයෙ වැලලෙන පෙම තවමත් ඔහුගෙ සිත තුල පමණක් දළුලන්නේ ඔහු පළමු පෙම හා අවසන් පේම එයම පමණක් නිසාවෙනි..
" අංකල් ... "
සහාස් අතීතයෙ මිදුනේ කුඩා දියණියකගේ කටහඬනි. රෝස පාට චුටි මල් ගවුමක් ඇද සමනල් කොණ්ඩ කටුවක් ගසා සහාස් ඉදිරියෙ සිටි කුඩා දියණිය කෙරෙහි සහාස්ට ඇති වුයේ සෙනෙහසකි. කට උල් කර චුටි කිරි දත් පෙන්නා සිනහාසුනු දියණිය කෙරෙහි සහාන්ට හුරුපුරුදු කමක් දිස් විය .
" ඇයි දූ.. "
පරාජිත ප්‍රේමයෙහි කදුල තනිකම හොඳින්ම විදින සහාන් ඒ සියල්ල අමතක කර කුඩා දියණියට අත පැවේ ඈ වැනි දියණියකට ඔහුත් පෙරුම් පිරුවා නේදැයි සිතාය... ඔහුට දැනුනේ අසීමිත පිය සෙනෙහසකි..
" දෝණි එන්න මේහේ. කියලා තියේ නේද නොදන්න අය ලගට යන්න එපා කියලා.. "
" අම්මා... "
දියණිය පමණක් නොව සහාස්ද හැරි බැලුවේ තමන්ගේ ප්‍රේමයෙ උරුමක්කාරියට හිමි කටහඬ ඇසෙන නිසාය .. අදහන්න ඒ ඇයයි.. වසර 5ක් නික්ම වුවත් එදා පටන් හිමි සුන්දරත්වය තවමත් ඇය ලඟ එසෙමය.. වෙනසක වුයේ ඇය තවත් පිරිපුන් වී තිබිම පමණි . එතෙක් මේතෙක් තුර වෙනස් නොවු තම ප්‍රේමයේ උරුමක්කාරිය අද ඔහු ඉතිරියෙ සිටින්නේ කුඩා දියණිය අත රැදිවය.. ඔහුට ඇයට උරුම කර දෙන්න පේරුම් පිරි උතුම් මව් පදවිය අද ඇයට තව කෙක් උරුම කරදි ඇත.. ඉතින් සහාස්ගෙ හිතේ ඇති වුයේ තරහක් ඊරිසියාවක් නොව ඇය කෙරෙහු උපන් සෙනෙහසයි..
⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
අවුරුදු 05ක් අතීතයට ..
..................................
සීතල එක්ක මුසුවුන නිදිමත නිසා සහාස් පොරොනයට ගුලි වුයේ උදෑසන අවදි විම කෙරෙහි වු කම්මැලි කම නිසාවෙනි...
" සහාස්... පුතේ... නැකිටින්න දරුවෝ.. "
" අනේ අම්මා තව පොඩ්ඩ ඉන්න දෙන්න . "
" අද පංතිනේ පුතේ නැකිටින්න.. විභහාගය ඉවර වුනහාම නිදා ගමු . "
" අනේ අම්මා... "
" නැකිටින්න.. විභහාගය නොකර කොහොමද හාමුදාවට ගිහින් ලෝක්කේක් වේන්නේ තාත්තා වගේ .."
සහාස්ගෙ මව සහාස්ට මතක් කරලුයේ සහාස්ගෙ පමණක් නොව සහාස්ගෙ පියාගෙද එකම සිහිනයයි..
" අභිමාලි .. දන්නවද අපේ පුතාව දවසක මං වගේම රට වෙනුවෙන් යන්න ඔනි.. හොඳට ඉගෙන ගෙන කෝප්‍රල් කෙනෙක් වඩා ඉහලට යවන්න ඔනි...".
සහාස් ඉපදි පියා විසින් ඔහුගෙ මුහුණ බලපු මොහොතේ මව ඉදිරියෙ තැබු මුල්ම පොරොන්දුව මව සහාස්ට පැවසුවේ සහාස්ගෙ පියා රට වෙනුවෙන් දිවි පුදා නිවසට කරමතින් ආ පලමු මොහොතේය.. එදා සිටන් සහාස්ගෙ එකම පැතුම වුයේ එයයි.. ඉලක්කය වුයේ එයය..
" පුතේ අද උයන්න පරක්කු වුනා පුතා කෑම එකක් අරන් යන්න මඟින්.."
" හරි අම්මේ.. "
තම මවගේ දෙපා මුල දණගසා වැද සහාස් පැමිණියේ " නිවන" ආපන ශාලාව වෙතයි.. සංසාරයෙ පැතු විලසින්දෝ සහාස්ගෙ සිත ගිය එකම තරුණිය එදා ආපන ශාලාවෙන් ඔහුට හමු විය.. එදා පටන් නිම්මි අහිංසා ඔහුට පේම් කරන තුරු නිතර ආපනශාලාවට යාමට සහාස් පුරුදු විය.. ඔහුගේ පමණක් නොව නිම්මිගේත් සිත තුළ ඔහු කෙරෙහි ඇති වුයේ සෙනෙහසකි ආදරයකි.. ඇයද බලා සිටියෙ ඔහුගෙ ඇරයුම ලැබේන තුරුය.."
" එක්ස්කියුස් මී නංගි මං මේතනින් වාඩි වේන්නද? "
දවස් ගානක් තිස්සේ පෙරුම් පිරු සහාස් එදා ඇයට පේම් ඇරයුම තිළිණ කරන්නට සිතා ගත්තේ ඇය වෙනකෙකූ සෝරා ගනි කියා බය නිසාය.. ඉතින් එදා පටන් ඇරඹි ඒ ප්‍රේමය සහාස්ගේ නමට ලියවිනි.. නිවස් වලින්ද අවසර ලබා ගත් ඔහුන්ගෙ ප්‍රේමය අවිහිංක විදිහට ගලා ගියේය..
" නිම්මී හෙට මට ඉන්ටවිව් .. හමුදාවට යන්න..
" අනේ සහාස් මං නිසා තිරනය වෙනස් කරන්න.. "
" තේරුම් ගන්න නිම්මී මේක මගේ විතරක් නෙමේ අප්පාච්චීගෙත් බලාපොරොත්තුව.. "
ඉතින් නිම්මිගෙ අවසරයකින් තොරව ඔහු එදා මාධුරුඔය වෙත පිටත් වුයේ දහාසක් බලාපොරොත්තු ඇතිවය.. ඔහුගෙ ගමන දිගු විය.. බලාපොරොත්තු වු ලෙසම ඔහු දිගුගමනක් පිටත් වියේ දිනේන් දින උසස් විම් ලබමිනි..
" නිම්මී.. බය වෙන්න එපා රත්තරං මං ඉක්මනින් එනවා .. "
" අනේ සහාස් ඉවසන්න බෑ.. "
" හරි ළමයෝ.. මං ඔය මුහුණ බලන්න ලබන සතියේ එනවා.. දැන් ඉතින් සතුටුද.. හිනා වෙන්න.. "
එදා ඇයට වු පොරොන්දුව ඔහුට ඉටු කරන්න බැරි වෙද්දි නිම්මී බලා සිටියේ සති ගණන් නොව අවුරුදු ගණන්ය..
" කෙල්ලේ උඹ හිල්ලුවා ඇති. ඔකාව අමතක කරපං.."
" අනේ අම්මේ.. සහාස්ට කරදරයක්ද? අවුරුද්දකට වැඩි දැන් ලියුමක් වත් නෑ.. "
" මොන කරදරද බං.. ඌ ඊයෙත් ගෙදරට කෝල් කරලා.. මැගිලියා කිව්වේ.. උඹට කතා කරන්නේ නැත්තේ වෙන හේතුවක් ඇති.. "
" අනේ සහාස් එහෙම නෑ අම්මේ.. "
" කට වහා ගනින්.. ඌ දෙමළ කෙල්ලෙක් හොයන් ඇති.. ඔක අමතක කරලා බඳින්න ලැස්ති වෙයන් වෙන එකෙක්ව.. දැන් උඹට වයස හරි ..
එදා ඉදන් ඇගේ හිතට සහාස් කෙරෙහි ඇති වුයේ අපුලකි.. ඇගෙ කෝපි මල් හිනාවට උරුම කම් කියු සහාස් එදා පටන් ඇයගෙ වෛරයට හේතුව විය..
ඇගේ විවාහයෙන් පසු ගමට පැමිණි සහාස් එදා මේදා තුර ඇයව සෙව්වේ ආදරය ඉල්ලිමට නොව අවසන් වතාවට හෝ ඇගේ මුහුණ දැක ගැනිමටය.. ඉතින් අද ඔහුගෙ ඉදිරියේ පැතුම ඉටු වී ඇත .
.......................................
නිම්මී සුරතල් දියණිය වඩා ගෙන පියවර තැබුවේ ඇගෙ සැමියා වෙතයි . .. ඉතින් අදින් පසු ඔහු ඇයව යලින් නොසොයාවි.. ඇය ඉදිරියට යලින් නොපැමිණේවි ..
" සර් යන්නද "
." ඔව්... හ්ම්. අද ඉදන් මං ආපහු එන්නේ නෑ.. "....
" මිස් ආවද සර්.. "
" හ්ම්... "
සහාස් නැවත බැලුවේ නිම්මිගෙ පවුල දෙසය..
ඉතින් ඒ පවුල හිනැහෙයි.. සහාස්ගෙ ඇසට ඉනුවේ සතුටු කඳුලුය.. අවුරුදු 05 තිස්සේ දකින්නට අසන්නට සිත පේරුම් පිරු සතුට අද ඔහුගෙ ඇස් මානයේ ඇත. තමන්ගෙ පේම්වතිය බිරිඳ තමන්ගෙ දරුවන්ගෙ මව කරන්නට පෙරුම් පිරු යුවතිය අද වෙනකෙකූගෙ වුවත් ඔහුගෙ සිතේ ඇත්තේ සතුටක් මිස තරහාවක් නොවේ..
" සර් යන්න පුලුවන්ද .. "
" ඔව්.. "
තමාන්ට හිමි එකම අතින් ආපනශාලාවේ සේවකයාට මුදල් දිගු කර එක කකුලින් පොළවට බර දී කිහිලි කරුවට බර වී සහාස් නැගි සිටියේය..
" අම්මේ අර අංකල්.. "..
කුඩා දියණියගෙ අත දිගුවුයේ සහාස් වෙතයි.. නිම්මි දෙස තව වරක් හැරි බැලු සහාස් ආදරෙයි මැනික කියා කියන්න සිතුවත් අද ඇය අන්සතු පිවිතුර් මලක් නිසා සිත තුල ගුලි කරගෙන එක් පාදය සහා කිහිලි කරුව පොළවට බර කර පියවර තබන්නට විය..
එදා යුද්ධයෙදි බිම් බෝම්බයකට තමන්ගෙ අත සහා පාදය අහිමි නොවුනා නම් අදටත් නිම්මී ඔහුගෙය.. ඇගෙ සතුට පමණක් සිතූ සහාස් අදත් ඇය වෙනුවෙන් සිනාහාවෙයි . එහෙත් අදටත් ඔහු නිම්මිහෙ නමින් ඉපදුනු සෙනෙහස හිතේ ගුලි කරන් තනිවු පුද්ගලයෙකි..
නිම්මියේ . ...
එදා ඉපදුන සෙනෙහස
අදත් එහෙමයි ඔබ නමින්
කියා ගන්නට බැරි වු දුක
අදත් එහෙමයි සිත තුළින්
හිනෙහෙන්න ඔබ ඔහු හා
සමුගන්න මට අවසරයි
තනිව විදවමි එදා මේන්
අදත් මං තනිකඩයි..
නිමි..
උපුටා ගැනීමකි
No comments:
Post a Comment