කෙටි කතාව÷
"හෙලෝ"
"සර්....බෝම්බයක් පුපුරල.."
"කොහෙද? හරි...ඉක්මනින්ම අපි එනව"
"සුනිල් කොල්ලො ටික ඉක්මනට රෙඩි කරගන්න....අපි එතනට යන්න ඕන."
"මම මා යටතේ සිටි සෙබලුන් සමග වහාම හමුදා මූලස්ථානයෙන් පිටත් වූයෙමි.."
ජීප් රථ පෙල භීතිය පිරි වීදි දිගේ වේගයෙන් ඇදී ගියහ..
ඒ මෙරට සිය ඉතිහාසයේ අදුරුම කලක් ගෙවූ අවධියයි....සටන් පෙරමුන ගිනි ඇවිලුනු, මරනයම ජීවිතය කරගත් තවත් එක් සෙබලෙක්වූ මම යුද්ධයේ අමිහිරි බව හොදින්ම විදගත්තේ එදාය. ඔව් එදායින් පසුව මාස කිහිපයක් ආබාධිතව සිටි මාව අගනුවරට මාරු කෙරුනේ උසස් වීමක්ද සමගයි....
ජීප් රියේ සිටි මා ක්‍රමයෙන් අතීතයට ඇදී ගියේ...ඒ අමිහිරි දවස් සිහියට නැගෙමිනි..
*******************************
"තිලක්..කසුන්..ඔයාල ඉස්සරහ බලන්න.."
එදා සූර්‍ය රශ්මිය උතුරු ප්‍රදේශයම ගිනියම් කරන විට..මා මාගේ කන්ඩායම සමග වනාන්තරයට ඇතුලු වූයේ ත්‍රස්ථවාදීන් ගැන සෝදිසි කිරීමකටයි....වනය නිහඩය නිසලය...ඒ අතර කොහේ හෝ සිට එන වෙඩි වරුසාවක් ගැන භීතිය...අප හදවත් වේගවත් කරන්නට විය, වනය තුල, බොහෝ දුරක් අප ගමන් කලෙමු. එකවරම අප දුටුවේ තරමක් එලි පෙහෙලි කල තැනකි, එතන වූයේ ගඩොල් වලින් කල නිවෙසකි. මිනිත්තු කිහිපයක් ඒ දෙස බලා සිටි අප..එයට ඇතුලු වීමට තීරනය කලෙමු......
සෙබලුන් කිහිපදෙනෙක් පිටත තබා අප
හතර දෙනෙක් එයට ඇතුලු වූවෙමු..එහි එක් කාමරයකින් සිහින් කෙදිරිලි හඩක් ඇසෙන්නෙට විය..
කාමරයට ඇතුලු වූ අපගේ ගිනි අවි පහතට හෙලුනේ අප නොදැනුවත්මය.. එහි සිටියේ මහලු කාන්තාවකි...ඉතා වියපත් වූ ඇය පැදුර මත දිගාවී සිටියාය...අප දුටු විට මහත් බියට පත් ඇය අප දෙස ආයාචනාත්මකව බැලුවාය..
"බය වෙන්න එපා...අපෙන් කරදරයක් නෑ..."
ඇය අසනීපයෙන් සිටි බව පෙනුනි. මම මාගේ වතුර බෝතලයෙන් ඇයට වතුර ස්වල්පයක් පෙව්වෙමි..වෙනත් ජාතියක වුවත් ඇයද මිනිස් කාන්තාවකි..
"ඩෝං...."
එක්වරම පලාතම දෙදරවමින් ඇසුනේ වෙඩි හඩකි...මා අසල සිටි සෙබලා විසිවී ගියේය. ඒ සමගම ඇසුනේ මහා වෙඩි හඩවල් රැසකි...අප හසුවී ඇත. උන් අපට දිගින් දිගටම වෙඩි තබන්නට විය....මා සගයින් එකිනෙකා වැටෙන විට මහා වේදනාවක් සමගින් මා උරහිසටද වෙඩි වැදිනි....හිටිවනම සියල්ල නිහඩ විය. අවසන ජීවතුන් අතර සිටියේ මමත් අර මහලු ස්ත්‍රියත් පමනි.
තව මොහොතකින් ඔවුන් පැමිනේවි. මා ඉතා අපහසුවෙන් අසල වන ලැහැබේ සැගවී ගතිමි. මට මතක එපමනය...
-------------------------
මට සිහිය එනවිට ඇදිරි වැටී තිබින. මා දෑස් ඇර බලන විට මා අසල සිටියේ තරුනියකි. එක බැල්මෙන්ම මට සියල්ල වැටහුනි. මා ඔවුන්ගේ අත්අඩංගුවේය..නැත, ඒ මා සිටි තැනමය....නමුත් මේ තරුනිය?? ඔව්, ඇය ත්‍රස්ථවාදියෙකි.
"උඹ කව්ද? ඇයි මාව මැරුවෙ නැත්තෙ?"
"ෂ්...."
ඇය සිය දඹරැගිල්ල දෙතොලතර තැබුවාය....
"කියපං....තොපි අපේ කොල්ලො මැරුව. මාවත් මරපිය..."
ඇය වැරෙන් මගේ මුහුනට පහරක් ගැසුවාය...
"ඇයි..උඹල අපේ උන්ව මැරුවෙ නැද්ද? උඹව මරන්න තිබ්බ මට, ඒත් උඹල මගේ අම්මව මැරුවෙ නෑ...මගෙ අම්මට වතුර දුන්න"
ඇගෙ දෑසේ වූයේ වෛරයයි....නමුත් අද මට සිතෙන්නේ එහි යම් කරුනාවක්ද වූ බවයි..
"උඹට බඩගිනිද.....මේක කාපන්, උඹලගෙ අය ඒවි මෙතනට....අපි යනව මෙහෙන්,"
"මොකක්ද නම..?"
"ශිරෝමි.....!!"
ඇය මද සිනහවක් පෑවාය...ඉන්පසු ක්ෂනයෙන් පිටත් වූ ඇය වනය තුල අතුරුදන් විය.
**********************
"සර්.....අපි එතනට ආවා.."
අගනුවර කැලඹූ බෝම්බයේ හඩ වියැකෙන විට ඇසුනේ සයිරන් නලා හඩ සමග විලාප හඩකි, තැන තැන විසිරුනු මස් වැදලි, සුන්බුන් වූ මෝටර් රථ අතර දිවයන මිනිසුන් මට සිහිකලේ යුධබිමයි..
අපද තුවාල කරුවන්ට පිහිට වී වහා පරීක්ෂන ඇරඹුවෙමු....
"ප්‍රහාරය එල්ල වීමෙන් පසුව අමාත්‍යවරයා නිරුපද්‍රිතව එම ස්තානයෙන් ඉවතට රැගෙන ගොස් ඇත..."
මාධ්‍යවේදීන් සිය කැමරා වලට පවසන විට මා අසලට පැමිනි සෙබලෙක් කාන්තා මුදල් පසුම්බියක් මට දිගු කලේය.
"සර් මේක සුයිසයිඩ් ඇටෑක් එකක්. මේක කරල තියෙන කෙල්ලගෙ පර්ස් එක මේක."
එහි වූ හැදුනුම්පත දුටු මා සසල විය. ඒ අතර එහි තිබී බිම වැටුනු චායාරූපය අහුලා ගතිමි. දෙවියනේ....ඒ ඇය, ශිරෝමි..!!
********************
යුද්ධය නිමාවිය, සාමය උදාවිය...නමුත් මා ඉදහිට සිහිනයෙන් අවදි වන්නේ ඇය දැකීමෙනි...
සාමයේ පරෙවියන් පියඹායන උදෑසනක ඒ පාලු ගඩොල් නිවස අසල සිට ඇය මා දෙස බලා සිටියි. තවමත් ඇයගේ මුවේ වූයේ මද සිනාවකි.
____________________නිමි_______________________
උපුටා ගැනීමකි
No comments:
Post a Comment