එක වරක් නුඹට මා එපා නම්

එක වරක් නුඹට මා එපා නම්...

සජිනි..... අනේ හා කියන්නකෝ....
මොනවද සජිනි.... මම හොද නැද්ද?

අනේ කසුන්... තේරුම් ගන්නකො..
තාම ඉතින් අපි ඉගන ගන්න වයසෙනේ..
දැන්ම ඔය දේවල් ගැන හිතන්න තරම් වයසක නෙමේනේ අපි ඉන්නේ.
අනික ඉතින් ඔයා ඔය දේවල් අහන්නේ ඇත්තටම සදාකාලික දේකට නෙමේනේ.

මොනවද සජිනි කියන්නේ?
මම අහන්නේ ඇත්තටම තමා.... මට ඔයාව හැමදාටම තමයි ඕනා...
හා කියන්නකෝ ළමයෝ..

මම හිතලා කියන්නම්....
එක පාර එහෙම උත්තරයක් දෙන්න බැහැනේ..
ජිවිතේ ගැන තීරණයක්නේ..
ඉතින් ටිකක් හිතලා කියන්නම්...
මොකද මම කැමති නෑ කාටවත් බොරුවට ලං වෙන්න. ආදරේ කරනවානම් ඒක ජිවිත කාලෙටම වෙන්න ඕනා.

--------------------------------------------------

කසුන්.... ඔයා කොහෙද ඉන්නේ...
මොකද කරන්නේ..
මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?
ඔයා අහපු දේ ගැන මම ගොඩාක් හිතුවා...

අහ්හ්හ් කොහොමද සජිනි...
මොකක්ද ඔයා කියන්න හදන්නේ මටත් ඔයාට දෙයක් කියන්න තියනවා.

හ්ම්ම් එහෙමනම් ඔයා මුලින් කියන්නකෝ...
ඊට පස්සේ මම කියන්නම් කසුන්.

හ්ම්ම් මේකයි.... මට ලස්සන කෙල්ලක් හම්බ උනා.
මම හිතපු විදිහටම.
ඔයා වගේ නෙමේ..
මම අහපු ගමන්ම හා කියලාත් කිව්වා..
අනිත් එක ඉතින් මම කැමතිම ටයිප් එකේ..
හොද ෆෝවර්ඩ් කෙල්ලක්...
ගිය සතියේ තමා මට බස් එකේදී සෙට් උනේ..
නම්බර් එක ඉල්ලගෙන කතා කළා..
දවස් දෙකක් කතා කරලා යාලුවෙන්න ඇහුවා..
දැන් මම ගොඩක් සතුටින්.
ඔයාව හම්බ උනෙත් නැහැනේ ක්ලාස් එකකදිවත් මේක කියන්න.
ඔයාම කතා කල එක හොඳයි...
ඉතින් ඉතින් මොනවද ඔයා කියන්න තියනවා කිවේ?
කියන්නකෝ.,.....
අහ්හ් ඉක්මනට කියන්න ගර්ල් කෝල් කරනවා..

අහ්හ්හ් නෑ නෑ ඔයා කෝල් එක ආන්සර් කරන්න..
මම පස්සේ කතා කරන්නම්කො...
මගෙන් සුබ පැතුම්..

( ඔයා ඇත්තටම ආදරේ කියන්නේ විහිළුවක් කියලා හිතුවද කසුන්. මම ඔයා අහපු දේට හා කියන්න හදනකොට ඔයා තව කෙනෙක් එක්ක සම්බන්ධයකුත් පටන් අරන්. ඔයා මගෙන් ඇහුවේ.. ඇත්තටම නෙමේ ද? විහිළුවක් උනා ද ඔයාට මාව... ඇයි ඔයා මගේ හැගීම් එක්ක සෙල්ලම් කලේ .. අහපු ගමන් හා කියන්න පුළුවන් කමක් නෑ ඇත්තටම ආදරේ කරනකොට කියලා ඇයි ඔයා තේරුම් නොගත්තේ )

--------------------------------------------------

(වසරකට පසුව )

සජිනි මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද?
කාලෙකින් ඔයාව දැක්කා අද මම ෆේස්බුක් එකෙන්..
ඔයා ගොඩාක් වෙනස් වෙලානේ..
මට අදහගන්න බැරි උනා...

හොදින් ඉන්නවා කසුන්...
ඉස්සර විදිහම තමයි...
වෙනසක් නෑ..

සජිනි.....
මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනා...
මට ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුලුවන්ද?
ඔයා වගේ කෙනෙක්ම තමා හැමදාම මම හෙව්වේ..

අනේ සොරි කසුන්...
කලින් වතාවකුත් ඔයා ඔහොම කීවානේ.
ඔයාට කෙනෙක් හම්බුනා කියලා ඔය ලොකු කතා ටිකක් කියලා ගියේ.
ඇයි දැන් මොකද අර ඔයා අහපු ගමන් හා කීව කෙල්ලට මොකද උනේ?

කෙල්ල මට බොරු කරලා වෙන කෙනෙක් බැන්දා....
පරණ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ සජිනි...
පුලුවන්ද මට ඔයාගේ වෙන්න...

බැහැ කසුන්.
මම ඔයාට කැමති කියන්න කතා කරපු දවසෙම තමා
ඔයා මට කිවේ... ඔයාට හොද කෙල්ලෙක් හම්බ උනා.
ඔයාට එයාව තමා හරියටම ගැලපෙන්නේ කියලා..
ඉතින් මට මාව එපා කියපු කෙනෙක් ආයේ ඕනේ නෑ
ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා කසුන් ආයේ...

සඳරු - Devaka Sadaruwan

ආදරේ කියන්නේ අපිට ඕන ඕන වෙලාවට අනිත් අයගේ හිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙමේ... ආදරේ අවංක වෙන තරමට ජිවිතේ ලස්සන වෙයි )
උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment