රෝස පෙති

🌸 රෝස පෙති 🌸
(කෙටි කතාවක්)

"මැණික.."

"ම්ම්.."

මහනුවර වැවෙන් එන සීතල හුළගට ආදරේ හාදු තියලා දෙව්සර කෙල්ලගෙ ඇස් දිහා බැලුවේ.. කොල්ලා හිටියෙ දෙව්ලිගෙ උකුලෙ ඔලුව තියාගෙන..
වේල්ස් පාර්ක් එකට දිනපතා එන පෙම්වතුන් අතරෙ හීන පොදි බැදගත්ත තවත්  අහින්සක සමනල ජෝඩුවක් මේ..

" වෙලාව කීයද..? 😳 "

දෙව්සර ඇහුවෙ දෙව්ලිගෙ වොච් එක බැදලා තිබුණ අත තමන්ගෙ පැත්තට අඹරවගන්න ගමන් හරිම දගකාර විදියට..

" ඌයි මෝඩයා.. 😠 "

කෙල්ලට රිදුනා.. දේව්ට අතින් පාරක් ගහලා ආදරේට රැවුවෙ ඒකයී..

" නපුරා 9. 20 යි අනේ.. තව ක්ලාස් පටන් ගන්න විනාඩි 40ක්ම තීනවා.. 😍 "

"එහෙනම් මට දොයිය බබා වෙන්න වෙලා තීනවා.. 😍 තීනවා..😍"

"කපටියා 😠 "

බොරුවට රැවුවට කෙල්ලගෙ හීනි ඇගිලි තුඩු දඩබ්බරයගෙ මුදු මුදු කෙස් ගස් අතර දග කරේ හරිම හෙමින්.. හරිම ආදරෙන්..

" ඇත්තමයි මැණික.. සනීපෙට දොයියවෙනවා"

" දොයියන්නකො ඉතින්.. බන්කුවෙන් පල්ලට වැටෙන් නැතුව.. 😂 මන් ඇහැරවන්නම්.. 😘"

දෙව්සර ඇස් පියාගෙන චුට්ටක් නිදාගන්න හැදුවත් දෙව්ලිගෙ කටට බ්‍රේක් නෑ..

" මේ අහන්නකො දේව්.. අපි මැරි කරාම දවසක  ඔයා මගෙ ඔඩොක්කුවේ මේම දොයියන්න.. මන් දොයියවෙනකන් නලළට උම්මා ගොඩක් දෙන්නම්.." 😘😘

කෙල්ලගෙ ඇස් දිළිසෙනවා.. දෙව්සරගෙ පපුවට පිරුණෙ ලොකු ආදරයක්.. කොල්ලා මුකුත් නොකියම තලෙළු මූණ පුරාම ඇදිච්ච ලස්සන හිනාවකින්ම ආයෙත් ඒ උකුලෙ රස්නෙට තුරුල් උනා..

දෙව්සර කවීන් නානායක්කාර.. සාමාන්‍ය තරාතිරමක දෙමව්පියො දෙන්නෙක්ගෙ දරුවෙක්.. තාත්තා පොලිසියේ.. කොල්ලා සෙල්ලක්කාරයා.. ඒත් පණ වගේ ආදරෙයි තමන්ගෙ අම්මට තාත්තට වගේම දෙව්ලිට.. දෙන්නම ඒලෙවල් ක්ලාස්වල..

දෙව්ලි සනාරා තඹවිට.. කෙල්ලගෙ අම්මා ටීචර් කෙනෙක්.. තාත්තා ගුරු උපදේශකවරයෙක්.. දෙව්සර වගේම සරල සාමාන්‍ය ජීවිත ගත කරපු ලස්සන පවුලක් දෙව්ලිගෙ පවුල..

මේ ආදරේට පුන්චියට හරි උදැල්ලක් දැම්මා නම් ඒ ඉස්කෝලෙ හිටපු අශේන්.. ඒත් මොකද්දෝ හේතුවක් හන්දා අශේන්ගෙ දෙව්සරට පුන්චි බයක් තිබ්බා..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" අනේ මේක ගොඩක් ලස්සනයී දේව්.."

දෙව්ලි කිව්වෙ දෙව්සරගෙ කම්මුලක් ආදරෙන් පිරිමැදලා..

අද කෙල්ලගෙ උපන්දිනේ.. පාර්ක් එකේ පුරුදු බන්කුවට ඇවිත් බන්කුව පිහදලා දෙව්ලිව ඉන්දවපු දෙව්සර ඒ නළලට රස්නෙ හාද්දක් තියලා අතට දුන්නෙ රැපින් කරපු ගිෆ්ට් එකක්..

වීදුරු කැටයක් උඩින් ටිකක් ලොකු වීදුරු බෝලයක් ඇතුළෙ පුන්චි පුන්චි රෝස මල්පෙති ගොඩාක් වැටිලා තීනවා.. ඒමැද කපල් එකක් ඩාන්ස් කරනවා..

"මගෙ මැට්ටි හැපි බර්ත් ඩේ.. 🎂"

දෙව්සර දෙව්ලිව පපුවට තුරුල් කරගත්තෙ හරිම ආදරෙන්.. දෙව්ලිත් ඒ හුස්මට ලන් උනේ දරාගන්න බැරි සෙනෙහසකින්.. කෙල්ල කොහොමත් ආසයි රෝසමල්වලට.. ඒ හන්දා දේව් තවත් දෙයක් ගෙනත්..

"මේක අපේ අම්මිගෙන්.."

එහෙම කියන ගමන් කොල්ලා සාක්කුවෙන් අතට ගත්ත චූටි තද රතු රෝස මලක් දෙව්ලිගෙ කනේ රැදෙව්වා..

"අනේ මන් ගොඩක් ආදරෙයි දේව්.. ඒත් හෝව් හෝව් හෝව්.. කාගෙන් කියලද කිව්වේ..?? " 😳😳😳😳

රෝස මල දැක්කම සතුටට හිනා උනාට කෙල්ලට පස්සෙයි මතක් උනේ දෙව්සර කියපු සම්පූර්ණ වාක්‍ය..

" මන් අපේ අම්මිට ඔයා ගැන කිව්වා මැට්ටියේ.. 😘😘 ඒක කිව්වේ.."

හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බැරුව කෙල්ල දඩබ්බරයගෙ බෙල්ල වටේට අත දාලා බාදාගත්තෙ සතුට වැඩිකමට..

" දන්නවද, අම්මි මට මුකුත්ම කිව්වෙ නෑ.. ඔයාගෙ ෆොටෝ පෙන්නුවම අම්මිට ගොඩක් ආස හිතිලා මැණික.. තව මාස තුනයිනෙ එක්සෑම් එකට ඒ ටික දවස මහන්සි වෙන්න කිව්වා දෙන්නටම.. අම්මි ඔයාට කතා කරයි එක්සෑම් වලින් පස්සෙ.."

"අනේ මගෙ පණ ඇත්තමයි මන් ගොඩක් ආදරෙයී.. දන්නවද මට අද ලැබුණ හැම ගිෆ්ට් එකටම වඩා මට මේ දේට සතුටුයී.. ඔයාගෙ අම්මිගෙ ආදරෙත් ලැබෙනවා මට දැන්.."

දින සති මාස ගෙවුනෙ සතුටත් එක්ක.. ආදරෙත් එක්ක.. හඳත් පොළවට   කවි ලියන්න ඇති මේ දෙන්නගෙ ආදරේ දැකලා..
එක්සෑම් ලන් උනා කියලා ආදරේ අඩුවක් උනෙත් නෑ.. ඒත් දෙන්නා තමන්ට පුලුවන් තරමින් මහන්සි වෙලා එක්සෑම් කරා..

එක්සෑම් ඉවර උනාම දෙව්සරගෙ අම්මා කිව්වා වගේම දෙව්ලිට කතා කළා.. අම්මගෙ ආශිර්වාදෙත්  දෙන්නට ලැබුනෙ තාත්තවත් ළගදිම කැමති කරගමු කියන පොරොන්දුව පිට.. මොකද දෙව්සරගෙ සතුට අම්මගෙත් සතුට..

එක්සෑම් රිසාල්ට් ආපු ගමන් කොල්ලා පොලිසියට ගියෙ, තාත්තගෙ අඩිපාරෙම.. දෙව්ලි විද්‍යා පීඨ තේරුණා..
මේ වෙද්දි දෙව්ලිත් අම්මා වගේම චූටි ටීචර් කෙනෙක්..

" ගුඩ් මෝනින් චූටි ටීචර්.."

" දෙව්සර පොලිස් ස්ටේෂන් එකට උදේම ගියපු ගමන් ගන්න පළවෙනි  කෝල් එක ඒ.."

"ගුඩ් මෝනින් තකතීරුවා 😠 "
දෙව්ලි කේන්තියෙන්..

" අප්පෝ බිම් බෝම්බෙ පිපිරුණා නේද උදේ පාන්දර.. 😂😂 😳😳 "

"ආන්...... 😠😠 මන් බිම් බෝම්බෙයක්ද.. අනේ යන්ඩ අප්පා ආය.. ඊයෙ රෑ කියන්නෙවත් නැතුව දොයියලා.. 😠😠

" මහන්සියට නින්ද ගියා ගෑනියේ.. 😘😘 "

" මන් දන්නවා රන්කද.. අවුස්සන්න ඇහුවේ.. වැඩ කරන්න ඔයා.. මටත් දැන් ක්ලාස් එකක්"

" දන්නවා ලබ්බියේ.. බුදු සරණයී.. පරිස්සමින් මගෙ මැණික.."

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දෙව්සරගෙයි, දෙව්ලිගෙයි, ආදර කතාව හරි ලස්සනට දෛවය ලිව්වා.. තවත් පිටු කීපයක් තීනවා ලියන්න.. එයින් එකක් ඒ හදවත් දෙක එකට එකතු වෙන දවස..

"රත්තරනේ අම්මිලා නැකත් බලාලා.. ❤️ 😘"

කෙල්ල කිව්වෙ සෝපා එකේ ඉදගෙන හිටපු දෙව්සරට කිරි තේක දෙන ගමන්..

" අම්මි කිව්වා මැණික.. තව මාස 4යි මට හිතාගන්නත් බෑ.. 'මැයි 25' අපි කොච්චර ඇඟිලි ගැන්නද දෙයියො ඒ දවස එනකන්.."

දෙව්සරගෙ ඇස්වල පුන්චි කඳුලු බින්දු දෙකක්.. ඒ කඳුලුවල තිබුණෙ සතුට..

ආපහු වතාවක් ඒ නළල පුන්චි හාදුවකින් තෙත් කරපු දෙව්ලි කොල්ලගෙ එක කකුලක් උඩින් ඉදගත්තා..

" මේ යුනිෆෝම් එක ඊරියේ.. ගෑනු ලමිස්සියො කකුල් උඩ ඉන්දවගන් නෑ මේවා ඇදගෙන.."

"එහෙනම් ගලවමූ.. 😍😍 "

එහෙම කියපු කෙල්ල හැදුවෙ දෙව්සරගෙ කලිසමේ බෙල්ට් එක ගලවන්න.. 😂😂

දෙව්ලි එහෙම කරන්නෙ බොරුවට කියලා කොල්ලා දන්නවා..

"යකෝ මේකි බලහන්කො 😳😳 "

කොල්ලා කියවන්නෙ ආදරෙන්..

දෙව්ලි බෙල්ට් එක ගලවලා ඉවරයි.. ෂිප් එක ලග බට්න් එකට අතක් තියද්දිම,

" උඹට මම අද...... 😍😍 "

දෙව්සර කෙල්ලව සෝපා එකේ පෙරලගෙන කිස් කලේ දඩබ්බර හිතේ ආදරේ විසේකාරකම් කරද්දී..

විනාඩි ගානක් කොල්ලගෙ හාදු වැස්සේ දෙව්ලිගෙ සිනිදු තොල් තෙමෙන්නැතී..  මුලින් දැගලුවට පස්සෙ දෙව්ලි මීක් නෑ.. දෙව්සරගෙ හුස්ම නුහුරු විදියට පපුවම හිරිවට්ටද්දි ඊට එහා යන්න නොදී කෙල්ල දඩබ්බරයගෙ කනක් රිදෙන්නම හපලා පැනගත්තා..

"අහුවෙයිනෙ දවසක.. දෙන්නම් බැටේ.. ඊරි ❤️❤️ "

" අහුවෙයි අහුවෙයි 😜 "

" හුහ් අල්ලලා දානවා හිරේට.. 😠😠  දාලා මාත් ඒක අස්සටම එනවා 😍😍"

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දෙව්ලි වැඩ ඇරිලා එන ගමන් හිටියේ.. බස් එකෙන් බැහැලා ගෙවල් තියන පාරට පොඩි දුරක් කෙල්ල පයින් එන්න ඕනී.. දෙව්ලිගෙ ඇගේ ගෑවී නොගෑවී ගියෙ බයික් එකක්.. කෙල්ල බනින්න අත දික් කරද්දියි දැක්කෙ ටිකක් ඈතට වෙන්න බයික් එක නවත්තලා බලන් ඉන්න අශේන්.. අවුරුදු පහක්ම රට ඉදලා අශේන් ලන්කාවට ඇවිත්.. ඉස්කෝලෙ යනකාලෙ තිබුණ සල්ලාල පෙනුම තවත්වැඩි වෙලා කියලයි දෙව්ලිට හිතුනේ..

සාරියට ඉහුන මඩ ගැනත් නොහිතා කෙල්ල බිම බලාගෙනම අශේන්ව පහු කරගෙන යන්න හැදුවේ..

" හේයි කතා නොකරම යනවද සොරි ආ මඩ ඉහුනා නෙහ් හිතලා නෙමෙයී.. නෙමෙයිම කියන්නත් බෑ ඉතින්..ටිකක් හිතලා කරේ"

ඒ කටහඩට නැවතිච්ච දෙව්ලි හීනියට හිනා උනා.. ඒත් කැමැත්තකින් නෙමෙයී..

" කොහොමද ඉතින්.. ෆයිව් ඉයර්ස්.. අවුරුදු පහකට පස්සේ.. ඔයා තවත් ලස්සන වෙලා දෙව්ලී.."

ඒ ඇස් බැල්ම  හරි අමුතුයි කියලා කෙල්ලට තේරුණා..

" ඔයාට කොහොමද ඉතින්, මන් දැන් ටීචින් අශේන්.."

" මට අවුලක් නෑ.. කෝ අර ප්‍රේම කුමාරයා..? "

" ඉන්නවා මන් යන්නම්"

තවත් කතා කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙයි කියලා බයට දෙව්ලි අශේන්ව මග ඇරලා ගෙදර ආවා.. මේ ගැන කිසිම දෙයක් කෙල්ල දෙව්සරට කියන්න ගියෙත් නෑ.. දෙන්නා අතරෙත් ප්‍රශ්නයක් උනොත් දෙව්සරට හරි නැතිවෙයි කියලා දෙව්ලි හිතුවේ.. කාලෙත් එක්ක සිද්ධිය කෙල්ලටත් අමතක උනා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දවස් ගෙවිලා ලන් උනා දගකාර  සෙනෙහස යාවෙන දවස්..  මේ එක  දවසක රෑ..

" තව හරියටම දවස් විස්සයි මැණික් කැටේ මගේ.."

"හ්ම් බැන්දට පස්සෙ නෝ හෙල්ලුන් පොල්මැල්ලුන් ආ.. මන් ලග ඉන්න ඕනි දවසම.. නාන්න ගියත් කන්න ගියත් බොන්න ගියත් ටොයිලට් ගියත් මන් එක්ක.. 😍😍😍😍"

" අපොයි කල් දාගන්න බැරිවෙයිද නැකත .. 😳 "

" මෝඩි මේ අහන්නකො හනිමූන් රූම් එක කැන්ඩ්ල්වලින් ඩෙකරේට් කරමු ආ.."

" කැන්ඩ්ල් ඔයා ඔලුවෙ ගහගත්තත් කමක් නෑ.. මට ඕනි රෝස පෙති ගොඩාක්.. ගොඩම ගොඩක්.. ඇඳ හැමතැනමයි බිමයි.. ❤️❤️"

" අපරාදෙ මල් ටික තැලෙනවනෙ නිකරුණේ 😜 "

කෙල්ලට නෑහෙන්න කොල්ලා කිව්වෙ තොලක් හපාගෙන..

" ඒ කිව්වේ..? 😳😳"

" නෑ ඉතින් මන් මේ කිව්වෙ වෙඩින් එකට ගන්න පළතුරු පරිස්සමට අරන් තියන්න වෙයි තැලෙනවනෙ 😳 😳 "

" අනේ අප්පා මන් සීරියස්.. 😠😠 "

" හරි හරී ඔයා ආස විදියට මගෙ රත්තරනේ.. මගෙ මැණික ඉල්ලන මට දෙන්න පුලුවන් හැමදේම දෙනවා මන්.. ආදරෙයි රන්කද.."

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"පැන්චි ඔයා ජුවලරි ටික අරන් ගෙදර යන්නකෝ.. මන් සාරීස්වල ඉතිරි වැඩ ටික ඉවර උනාම හවස ගෙනත් දෙන්නම් ඔයාට.."

වැඩ ඇරිලා එහෙම්මම සැලෝන් එකට ගියපු දෙව්ලි එයාටම හදවපු ජුවලරිස් ටිකත් අරගෙන සාරි ජැකට් වල තව ඇඩ්ජස්මන්ට් වගයක් තීන හන්දා මැෂිමන්ට් දීලා ආවෙ දෙව්සර ඒවා අරන් එනවා කිව්ව හන්දා..

වෙඩින් එක අනිද්දා.. හෙට වෙනකොට ගෙදරට කට්ටියත් එනවා.. අම්මයි තාත්තයි එනකන් කෙල්ල ගෙදර ටිකක් අස් කලා.. හවස හතර හමාර විතර උන හන්දා දෙව්ලි දෙව්සරටත් මැසේජ් එකක් තියලා නාගන්න ලෑස්ති උනේ..

නාලා කොණ්ඩෙත් පිහ පිහ කාමරේට එද්දි වෙනදා නැති පුන්චි අමුත්තක් දැනුනත් ඒ ගැන වැඩිය නොහිතම දෙව්ලි ටවල් එක අයින් කරලා ඇද උඩ තිබුණ ඇදුම ඇදගන්න නැමුනේ.. ඒත් කෙල්ලගෙ පිටට දැනිච්ච නුහුරු ස්පර්ශයෙන් ගැස්සිලා ගියා..

හැරිලා බලනකොට අඩියක් විතර දුරකින් හිටියෙ අශේන්.. ඒ ඇස්වල ගින්දර තියනවා වගේ කෙල්ල දැක්කේ.. නිරුවත් ලැම අත් දෙකෙන්ම වහගත්ත කෙල්ල කෑ ගැහුවෙ පුලුවන් උපරිම හයියෙන්..
ඒත් වැඩි වෙලා කෑ ගහන්න දෙව්ලිට බැරි උනා.. අශේන්ගෙ ශක්තිමත් අතකට දෙව්ලිගෙ තොල් හිර උනේ ඇසිල්ලකින්...... 😔😔

හැමදාමත් දෙව්සරටම අයිති වෙච්ච, ඒ පින්කාරයාටම අයිති වෙන්න තිබුණු, ඒ දඩබ්බරයටම ලැබෙන්න තිබුණු දෙව්ලිගෙ හැම නොඉදුල් උණුහුමක්ම එකෙන් එක එකෙන් එක අශේන්ගෙ කාමාතුර සිරුරට යට උනා.. ඇස් වලින් ගලාගෙන යන කදුලු මුලු ටයිල් පොළවම තෙත්කරද්දි කෙල්ල පුලුවන් තරම් පොර බැදුවෙ අශේන්ගෙන් බේරෙන්න..

පුලුවන් උපරිම වෙර දාලා දෙව්ලි අශේන්ට ගහන්න අතට ගත්තෙ දෙව්සර කෙල්ලගෙ 18 වෙනි උපන්දිනේට දීපු කපල් එකක් ඩාන්ස් කරන  රෝස මල් පෙති තිබ්බ වීදුරු ස්ටැචූ එක.. ඒත් ඒකත් අවාසනාවට කෙල්ලගෙ අතින් අතඇරිලා කෑලිවලට කැඩුනා.. ස්ටැචූ එක ඇතුලෙ තිබුණ පුන්චි පුන්චි රෝස පෙති මුලු කාමරේ පුරාම විසිරිලා ගියා..

දෙව්ලිගෙ හීනේ.. රෝස පෙතී.. දෙව්සර.. ඒ උණුහුමට ගුලිවෙන්න රෝස පෙති උඩ තුරුල්වෙලා රෑ එලිවෙනකන් කියවන්න, හැම හීනයක්ම හීනයක් විතරක්ම උනේ ඇස් ඉස්සරහාපිටම..

කොච්චර හයියෙන් කෑගැහුවත් කාමරේ බිත්ති හතරෙනුත් එළියට ගිහින් වත්තත් පහු කරගෙන ගේට් එකෙන් එළියට ඇහෙන්න තරම් ඒ සද්දෙ දුර ගියෙ නෑ.. කාමාතුරයට අහින්සකීගෙ මුලු ආත්මයම බිලිවෙන්න ගියෙ පුන්චි මොහොතයී.. දෙව්ලිගෙ දැගලිල්ල නවත්තන්න බැරිම තැන අශේන් අතට අහුවෙච්ච වීදුරු ස්ටැචූ එකේ ගනකම රවුම් කෑල්ලකින් කෙල්ලගෙ ඔලුවට ගැහුවා.. ඒ දරුණු පහරට ටිකක් නිසොල්මන් වෙච්ච කෙල්ල ආයෙම දගලන්න ගත්තම අශේන්ගෙන් ලැබුණෙ අර වීදුරු කෑල්ලෙන්ම මරු පහරක්..

කාමාෂාව සන්සිදිලා අශේන් පියවි සිහියට එනකොට ප්‍රමාද වැඩියී.. අහින්සකී ලේ විලක් මැද අවසන් හුස්ම විතරක් රදවගෙනයි හිටියේ.. කරකියාගන්න මුකුත් නෑ කියලා හොදටම තේරෙද්දි දෙව්ලිගෙ නිසල දේහය තනිකරලා අශේන් පැනගත්තා......

ඉස්සෙල්ලම ගෙදරට ආපු අම්මයි, තාත්තයි, ඊට පස්සෙ ටිකෙන් ටික ගමේ වටේ පිටේ මිනිස්සුත් වට උනා ගේ වටේට..

"" මැණික මන් සාරි ටික අරන් එද්දි ටිකක් වෙලා යයී.. හදිසි කේස් එකකට යන්න වෙලා මට.. ආදරෙයි රන්ක්ද.. උම්ම්මා.. මගෙ පැන්චි කෑම කාලා දොයියන්න මන් එනකන්..""

දෙව්ලිගෙ ෆෝන් එකට මැසේජ් එක දාපු කොල්ලා ජීප්වලට නැග්ගෙ තවත් කීප දෙනෙකුත් එක්ක.. ටිකෙන් ටික ජීප් දෙක ලන් උනේ දෙව්ලිලගෙ ගෙවල් පැත්තට.. ඒවත් කොල්ලා දැනන් හිටියෙ නෑ කිසිම දෙයක්.. දෙව්ලිලගෙ මිදුලෙම ජීප් නතර කරලා දෙව්සර යටතේ වැඩ කරපු ඔක්කොම ගේ ඇතුළටත් වටේටත් යනකොට කොල්ලට දැනුනෙ පපුව හිරවෙන ගතියක්.. ඇතුලෙන් ඇහෙන මහ අදෝනාව දෙව්සරගෙ කන් වලට සද්දෙ වැඩි නෑ.. ඒත් ඒ දෙව්ලිගෙ අම්මා.. එයා අඩන්නෙ අනේ මගෙ රත්තරන් පුතේ.. කියලා.. අත් දෙකෙන්ම කන් දෙක වහගෙන ටිකබ්වෙලාවක් හිටපු කොල්ලා පිස්සුවෙන් වගේ දිව්වෙ දෙව්ලිගෙ කාමරේ පැත්තට..

දැක්ක දෙයින් දෙව්සරට ඇස් අදහාගන්න බැරි උනා.. අහින්සකී ඇගේ නූල් පොටක් නැතුව ලේ විලක ලොකු නින්දක.. කෙල්ලගෙ ඔලුව ඉක්මනට කකුල් දෙක උඩට ගත්තු දෙව්සර ඉකිගගහා යුනිෆෝම් ෂර්ට් එක ගලවලා ඒ ලස්සන ඇග වැහුවා.. තවත් කවුරුත් ඒ දේවල් දකින්න ඕනි නෑ.. එහෙම දැක්ක එකෙක්ව දෙව්සර ඉතුරු කරන්නෙත් නෑ..

මුලින් කොල්ලගෙ කටින් වචනයක්වත් පිට නොවී කදුලුවැටුනත් දෙව්ලිගෙ තැලිලා පොඩි වෙච්ච මූණ දෝතටම අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියෙ පිස්සෙක් ගානට..

" ම න් උඹට කිව්වෙ කාලා මන් එනකන් දොයියන්න කියලා විතරයි මගෙ ර න්. ක.ද.. මෙහෙම දොයියන්න කිව්වෙ නෑ මන් උ ඹට.. මගෙ රන්කද  නැගිටපන් දෙයියෝ.. ම  මන් මන් අපිට රෝස පෙති දාපු ඇදක් හැදුවා දෙයියෝ..  මන් හැදුවා.. මුලු හොටෙල් එකටම රෝස දානවා අනිද්දා මන්.. මගෙ මැණිකව රෝස මලක් වගේ මන් බලාගන්නවා.. ලස්සන මනමාලියක් කරනවා.. රන්කද.. මගෙ මූණ දිහා වෙනදා වගේ බලන්ඩ දෙයියා..වෙනදා මන් ඔයාගෙ ඔඩොක්කුවේ.. අද ඔයා මගෙ ඔඩොක්කුවේ.. ඇයි රන්කද මේ.. මගෙ රත්තරන් එක පාරක් ඔය ඇස් ඇරලා බලන්න එක පාරක්.......  .....

දෙව්සර ඇඬුවා.. ගොඩක් ඇඬුවා .. කෑගැහුවා.. අවුරුදු හත අටක හීන ඇස් මානෙ දියවෙලා යනකන් දෙව්සර ඇඬුවා.. කොල්ලා නොමැරී මැරුණා.. ඒත් අහින්සකී ඒ උකුලෙ නිහඬයී..

දෙව්සර කවීන් නානායක්කාර පොලිස් ඔෆිසර් උන්මන්තකයෙක් උනා.. කොල්ලගෙ මතකයෙ තිබුණ එකම දේ රෝස පෙති විතරයී......

වසර හතකට පසූ.. 🌼

මීට අවුරුදු දෙකකට කලින් 'දෙව්සර' දඩබ්බර ආදරවන්තයා සම්පූර්ණ සුවය ලැබුවා.. වාසනාවකට වගේ කොල්ලට අතීතය අමතක නැහෑ.. හැම මතකයක්ම සුව වෙනවත් එක්කම ලැබුනා.. ඒ අවුරුදු දෙක තුළ කොල්ලා ආයෙම පොලිසියෙ දරපු නිලතලය දක්වාම ආවා.. දෙව්සරගෙ පළවෙනිම රාජකාරිය උනේ අවුරුදු හතක් තිස්සෙ යට ගියපු දෙව්ලිගෙ මිනීමැරුමෙ කේස් එක විසදන එක.. දීර්ග මෙහෙයුමකින් පස්සෙ  දෙව්සරට පුලුවන් උනා අශේන්ව පිටරටකදි අත්අඩංගුවට ගන්න.. දෙව්ලි වෙනුවෙන් තිබුන ආදරේ නාමෙන් අශේන්ට දෙන්න පුකුවන් උපරිම දඬුවම ' මරණ දඬුවම' නියම උනා.. ඒවගේම මිලියන ගානක දඩයකුත් නියම උනා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අදටත් දෙව්සරගෙ ඇගේ හැම නහරෙකම ලේ දුවන්නෙ දෙව්ලිගෙ නමින්.. ඒ පපුව ගැහෙන වාරයක් පාසා පණ ගැහෙන්නෙ දෙව්ලිගෙ නමට.. ඒ දරදඬු ඇස්වල කඳුලු වියලුන දවසක් නෑ.. සදාකාලයටම මේ හැමදේම එහෙමමයී.. ❤️❤️

ආදරේ.... කොහෙද ගිහින්..
සමනලුනේ ඈ කොහෙද කියන්..
ආදරේ තවම කියන්..
සමනලුනේ.... මා තනිව කියන්....
                              
                                           දෙව්සර 💔

තවත් කෙටි කතාවකින් හමුවෙමූ..
අදහසක් කියලා යන්න මගෙ යාලුවනේ.. 😌😌

බුදු සරණයි හැමෝටම..

සෞමි සෙනාරා නිර්මාණයක්..
#කතෘ_අයිතිය_සුරකින්න..
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment