අවසන් ලියුම

.....................අවසන් ලියුම .......................

  ...සුදු අයියේ,...

..මොකෝ මේ කෑ ගහන්නේ සිදංගනා.ඔහෙම කෑ ගහන්න හොඳනෑ ඔය කාලෙට.

සුදු අයියට ලියුමක්,...

..කාගෙන්ද අප්පෙ මේ මට ලියුමක්.කෝ බලන්න .....

                                               නිදර්ශනා විහඟි,
                                                නො.....................,
                                                2017.11.20.
පැතුම් අහිංසක ,
නො......................,

                  දළඳා සමිඳු පිහිටයි.!!!
                   ....................................

ආදර,සුදු අයියා වෙත.

    සුදු අයියේ,ඔයාගේ තීරණේ,මම පිළිගත්තට,මොකද මට ඔයාව අමතක කරන්න බෑ සුදු අයියේ,මට ඔයාට මේ දේවල් දුරකතන ඇමතුමක් මගින් කියන්න තිබුනත් එසේ නොකරන්නෙ,අයියාගේ හිත රිදවලා,මට මේ ගමන යන එක කරන්න බැරි නිසා.ඒ ඔයා මාව නවත්තන නිසා.සුදු අයියෙ ඔයාට මේ ලියුම ලැබෙද්දි,මම ලංකාව දාලා ගිහින් ඉඳි.මම ගැන ආයේ හොයන්න එපා.මම කොහොම හරි හිත හදා ගන්නම්.

            අයියේ ඔයාට මතකද මාව යාලු කර ගන්න මගේ පස්සෙන් ආපු කාලේ,ඒ කාලේ හරි ලස්සනයි අයියේ.මම කොහේ ගියත් ඔයා එතන..මතකද අයියේ,දවසක් වැස්ස දවසක මට කුඩේ ගෙනි යන්න බැරි වෙලා,කඩේ ගාව ඉද්දි,ඔයත් එතනටම ආපු හැටි,වැස්ස පායනකම්ම අයියා කෙරුවෙ මගේ දිහා හොරෙන් හොරෙන් බලපු එක විතරයි.

               සත්තයි අයියේ,එදා මම ගොඩක් සතුටු උනා,ඒ වගේම තමයි එදා තමයි මට අයියා කෙරේ හැඟීමක් ආවේ,ඒ ආදරයද කියලා තාම මට හිතා ගන්න බෑ.මම ඒ සිදුවීම මතක් කර කර ලොක සතුටක් ලැබුවා අයියේ.

                  ඒ දවස් වල අයියා තුන් හතර පාරක්ම අපේ ගෙවල් ලඟින් එහේ මෙහේ යනවා,මම දන්නව ඒ අයියට මාව දකින්න තියන ආසාව කියලා,ඒකයි මමත් නොදන්නවා වගේ එලියේ මොකක් හරි වැඩක් කෙරුවෙ.

                අයියට මතකද  මුලින්ම මාත් එක්ක කතා කරපු දවස,එදා නිවාසාන්තර දවසේ අයියගෙ නංගිගෙ කකුලක් උලුක්වෙලා මම එයාව අයියලයි ගෙදරට එක්ක ආපු දවස.එදා ඔයා ඔලුව කහ කහ මාත් එක්ක කතා කෙරුවෙ වචන දෙක තුනයි.මතකද අයියේ ඒකත් ගොත ගගහා අහපු හැටි.එදා මට ගොඩක් සතුටු හිතුනා අයියගේ ලැජ්ජාව දැකලා ..

               ⁣කොහොමින් කොහෙම හරි අයියා,උසස් පෙළ ඉහලින්ම පාස් වුනා.මං හිතන්නෙ,එදා අයියට වඩා මම සතුටු වෙන්න ඇති.ඒ කරලා අයියා කැම්පස් ගියාම මම පාලුවෙන් හිටිය හැටි මට තාම මතකයි.මම හිතුවාඅයියට අලුත් කෙනෙක් ලැබිලා මාව අමතක වෙයි කියලා.
                එ්ත් මම වැරදියි අයියේ,අයියා පලවෙනි නිවාඩු ආපු දවසෙත් ගෙදර යන්න කලින් ආවේ මාව බලන්න,මට පුදුම විදියට ඒක දැනුනා අයියේ.එදා තමයි අයියා මාත් එක්ක හරියට කතා කෙරුවෙ.

  ,,විහඟි මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ..?අයියා එහෙම අහද්දි මගේ හිතේ මල් පූදින්නැති,මම අයියට නොපෙන්නුවට.

,,,,,කියන්න පැතුම් අයියෙ,කියලා මම කියද්දි ඔය දෙතොලතර ඇදුන හිනාව මට අදවගේ මතකයි මගෙ සුදු අයියේ.

           මෙතන කට්ටියනෙ විහඟි,ඔයාට පුලුවන් ද බීච් එක පැත්තට එන්න,මම ඔලුව වනද්දි අයියට ආයෙම සිනාවක් ගියා.හැබැයි මම බය වෙලා හිටියෙ කිව්වොත් හරි අයියේ.

         එදා තමයි අයියා මට කැමති කිව්ව දවස,එදා ඔයා පරවි දූපතේ පන්සල දිහා බලං මගෙන් ඇහුවෙ,මං දිහා බලං අහන්න තියන ලැජ්ජාවට කියලා මං දන්නව.,,විහඟි මම..ඔයාට ගොඩක් ආදරෙයි නංගි......
එහෙම කියලා මගේ දිහා බලද්දි,මට හිනාවක් ගියා මතකද....? අයියේ.

                මම කිව්වෙ එක දෙයයි,"""ඇයි දෙයියනේ මෙච්චර පරක්කු කෙරුවෙ"""""එදා අපි දෙන්නා අපි දිහා බලන් හිටියේ කවදාවත් නොදැකපු දෙන්නෙක් වගේ,

            අහම්බෙකින් වගේ මටත් එන්න උනේ සුදු අයියගෙ කැම්පස් එකටමයි.එදා මට රැග් සීසන් එකෙන් බේර ගන්න අයියා කොච්චර දේවල් කලාද....

           කැම්පස් එකේ තමයි අපි හොඳටම ආදරේ කෙරුවෙ ,කාගේ තහංචියක් ද නේ.ඒ ගස් යට තියන බංකු වලට කතා කරන්න පුලුවන් නම් කියයි,අපි දෙන්නගේ ආදරේ තරම.

          අයියා කැම්පස් අවුට් වුන ගමන් ජොබ් එකක් කෙළඹින්ම හොයා ගත්තේ මං හින්දා කියල දන්නවා අයියේ.ඒත් දවසක අපිට මෙහෙම දුරස් වෙන්න වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ සුදු අයියේ.

          එදා අයියා අපේ ගෙදරින් මං ගැන අහලා,අපේ අම්මලගේ කැමැත්ත ගත්තු දවසෙ මට හිතුනේ මට මුලු ලොකෙම ලැබුණා.කියලා.
ඒ එක්කම අපිට ගෙවල් දෙකේම ආශිර්වාද ලැබුණා....
                මම කොහොමද සුදු අයියේ මේක අමතක කරන්නේ.අපි දෙන්නගෙ වෙඩින් එකට මාසයක් තියෙද්දි වෙච්චි මේ සිද්දිය,

              සිදංගනාට සිද්දවුන ඒ සිද්දියට මමත් ගොඩක් දුක් වුනා,ගෑණියකගේ පවිත්‍රතාව විනාස කරපු නරුමයන්ට මම අදටත් හෙන ඉල්ලනවා අයියේ,

           සිදංගනා අයියගේ නෑයො කියලා දැන ගත්තේ එදා අයියා මට විස්තරේ කියද්දි,සිදංගනාගේ පවුලේ වැලපීම්,සිදංගනා ජීවිතේ නැතිකරගන්න හදපු එක.ඒවා කියලා අයියා කවදාවත් මගෙන් ඒ වගේ ඉල්ලීමක් කරයි කියලා මම ජීවිතේට හිතුවෙ නෑ සුදු අයියේ.

.               මතකද අයියා මගෙන් මූන හංගගෙන කිවුවා " විහඟි මට සිදංගනාව බඳින්න අවසර දෙනවද""ඔව් අයියේ මට දැණුනේ ලෝකෙම මගේ ඔලුවට කඩං වැටුනා වගේ.

           ඔවු මං එදා අයියට අවසර දුන්නා,ඒ අයියගෙ කැපකිරීම ගැන හිතලා සතුටින්.මොකද මාව අව්රුදු පහක් ආශ්‍රය කරලත් මට කිසිදු හානියක් නොකරපු නිසා.
ඒත් අයියේ.

        අයියා සිදංගනාව බැඳලා එයාට ජීවය දෙද්දි මට මගෙ ජීවිතයම නැති වුනා අයියෙ.මට අයියලා දිහා බලං හිත හදා ගන්න බෑ මගෙ අයියේ.ඒකයි මම මේ තීරණේ ගත්තේ.එකත් මගෙ දෙමව්පියන් මම හින්දා තවත් දුක විඳිනවා බලන් ඉන්න බැරි නිසා.
මේවා මේ විදයට ලිව්වෙ සුදු අයියගේ හිත රිදවන්න නෙමෙයි මගේ අයියේ.මගේ දුක ටිකක් අඩු කර ගන්න.

       ඔයාලා දෙන්නටයි ලැබෙන්න ඉන්න දරු පැටියටයි තෙරුවන් සරණයි අයියේ.හැමදාමත් සතුටින් ඉන්න....

    පුංචි ඉල්ලීමක් අයියේ..ඔයාලට ලැබෙන දරුපැටියා දුවෙක් වුනොත් පුලුවන් නම් මගේ නම ඒ පැටික්නිට දානවද සුදු අයියේ.

        ...                              ඔයාව අමතක කරන්න
                                          බැරුව දුක් විඳින
                                            නංගි...

                                            විහඟි ....
                   

සුදු අයියේ,ඇයි මේ..ඇය අඬන්නෙ කාගෙන්ද මේ ලියුම.

විහඟි,,,ලංකාව දාලා ගියා.සිදංගනා ...

සුදු අයියේ,විහඟි කියන්නේ මම මේ ලොකේ අදහන එකම දෙවියන්,මට ජීවය දුන්⁣නෙ එයා අයියේ ඒ මට ඔයාව දීලා.මම ඉල්ලනවා අයියේ
විහඟිට හොඳ ජීවිතයක් ලැබෙන්න කියලා.

  සුදු අයියේ දැංවත් අඬන එක නවත්තන්නකො ඉතිං.

මට ,,,මට සමාව දෙන්න විහඟි .......

෴෴෴....අවසානයි....෴෴෴

,,,,,,,,,,,,,,........දිලී...........,,,,,,,,,,,

දිලීම උදයංග වික්‍රමසිංහ

2017.11.20
උපුටා ගෑනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment