වෙනස් කතාවක්
( කෙටි කතාව )
මේක වෙනස් කතාවක්. ආදර කතාවක් තමයි. එත් ගැනු ළමයෙක්ගෙයි පිරිමි ළමයෙක්ගෙයි තියන ආදරේ ගැන කතාවක් නම් නෙවෙයි. මේක වෙනස් ආදරයක්. එක අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ගැන. සහෝදර ප්‍රේමයක් ගැන.
ඔව්. එයා ගොඩක් හොද කෙනෙක්. මම එයාව දන්නේ නැ. දැකලත් නැ. කතා කරලත් නැ. එයාව මම අදුර ගත්තේ එෆ් බි එකෙන්. චැට් එකෙන්.
" ඔයා මගේ අයියා වෙනවද"
මමයි එයාගෙන් එහෙම ඇහුවේ. මට හිතුනා එයා මගේම අයියා උනානම් කියලා. මට එයා වගේ අයියා කෙනෙක් හිටියනම් කියලා. එයාගේ හොද ගතිගුණ නිසා.
" හා .."
එක තමයි එයාගේ උත්තරේ. බෝයි කෙනෙක්ට ආදරවන්තයෙක් විදිහට ගර්ල් කෙනෙක්ගේ ආදරේ දිනා ගන්න ලේසියි. එත් අයියා කියන හැගීම හැමෝටම ගන්න බැ. එක හැමෝම ගැන ඇති වෙන්නෙත් නැ.
" මම අපේ අම්මට කොච්චර කිව්වත් මට අයියා කෙනෙක් ගෙනත් දුන්නේ නැ."
මම එයාට කිව්වා. ඔව් මට අයියා කෙනෙක් දිගටම ඕන උනා . අයියලා ඉන්න මගේ යාලුවෝ ගැන මම හිටියේ ගොඩක් ඉරිසියාවෙන්. නංගි කෙනෙක්ට අයියා කෙනෙක් ඉන්නම ඕන. ගොඩක් ආදරේ කරන හොද අයියා කෙනෙක්.
" නංගි ෆොටෝ එකක් එවන්න"
අයියා කිව්වට මම ෆොටෝස් යැව්වේ නැ. හේතුව මම දන්නේ නැ. එයාව මම අවිස්වාස කරා නෙවෙයි. මම මහා ගොඩක් විස්වාස කරා එයාව. එත් මම ෆොටෝස් යැව්වේ නැ. මම හිතුවේ නැ එක එච්චර ලොකු දෙයක් කියලා.
" අපි දෙන්නගේ එෆෙයාර් එකට ගෙදරින් කැමති උනා"
අයියා හිටියේ ගොඩක් සතුටින්. අයියා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට මහා ගොඩක් ආදරෙයි. ගොඩම ගොඩක්. චැට් කරන හැම වෙලාවේම එයා ඒ අක්කා ගැන කතා කරන එකමයි කරේ. නොදන්නා ඒ අක්කා ගැන උනත් මට තිබුනේ ලොකු හැගීමක්. ඒ අක්කා ගොඩාරියක් හොද කෙනෙක්. ලස්සන කෙනෙක්. අයියා කියන විදිහට මට එය ගැන තියන රූපේ එක.
" මට වෙඩින් එක කියනවද"
මම වෙඩින් එකට අදින ඒවත් හිතුවා. අම්මටත් කිව්වා ලබන අවුරුද්දේ අයගේ වෙඩින් එක කියලා. මට වෙඩින් හෝම්කමින් දෙකම යන්න ඕන උනා.
" අයියේ මම කෙනෙක්ට ආදරෙයි"
දවසක් ඉතින් මම මගේ මෝඩ ආදර කතවත් අයියට කිව්වා. මට නොගැලපෙන ඒ ආදරේ එපා කියලා අයියා බැන්නා. ඉතින් මට සතුටුයි අයියා මගේ අයියා වගේ මට එහෙම බැනපු එකට. මට ඕන උනේ එහෙම අයියා කෙනෙක්. මට යාලුවෙක් වගේ ඉන්න මගේ වැරදි වලට බනින කෙනෙක්. ඉතින් එයා එහෙමයි.
" ඔලුව රිදෙනවා ඔයි සිගරට් එකක්වත් බොන්න බැරි වෙනවා"
අයියා දවසක් එහෙම කිව්වම මට පුදුම විදිහට තරහා ආවා. මම වැඩිමහල් කෙනෙක් විදිහට එයාට බැන්නා. එයා මගේ අයියා. එයාට හොද නැති පුරුදු තියනවට මම කැමති උනේ නැ.
" අයියේ ඔයා මගේ අයියා. ඔයාට මොනවා හරි උනොත් මට තව අයියා කෙනෙක් හොයා ගන්න බැ. කොල්ලෙක් නම් නැති උනොත් ටිකක් ඉදලා තව කෙනෙක් හොයා ගන්න පුළුවන්"
මම අවන්කවමයි එහෙම කිව්වේ. එයාට එක දැනුනද මම දන්නේ නැ.
" ආය මැසේජ් කරන්න එපා. බායි"
මැසේජ් ගොඩකට පස්සේ අයියා තරහින් එහෙම එවලා තිබුනා දවසක්. මම ඔන්ලයින් ඉද්දීම එවලා තිබුන ඒ මැසේජ් මම දැක්කේ ඔක්කම එකට. මටත් තරහා ගිහින් මම බායි කියපු එක විතරයි කරේ. එත් ටිකකින් මම රිප්ලයි කරන්න යද්දී අයියා මාව බ්ලොක් කරලා.
අයියා ඊලග දවසේ ඔන්ලයින් ඉද්දි මම මැසේජ් කරා. එයා ඩිඇක්ටිවේට් වෙලා ඉදලා තියෙන්නේ.
" බොරු කාරී"
" තමුසේ නිසා මගේ .. "
" මට ආය කතා කරන්න එපා"
බැනුම් ගොඩයි. මම නොකරපු වරදකට බැනුම් ගොඩයි. මම දැනුවත්ව මම කිසිම වරදක් කරේ නැ. එයා මම නිසා උනා කියන දේවල් මට හිතා ගනන්වත් බැරි දේවල්. මම එහෙම උනේ කොහොමද ඇහුවත් එයාගෙන් කිසිම උත්තරයක් නැ. අන්තිමේදී මමම එයාව බ්ලොක් කරා. එයාගේ බැනුම් මැසේජ් ඕන නැ. එයා මගේ අයියා. එත් එයාට මම බොරුකාරියක්. ඉතින් මට අයියා කෙනෙක් ඕන නැ. දෙවියෝ මට අයියා කෙනෙක් දීලා නැත්තේ මට අයියා කෙනෙක් ඉන්න ඕන නැති නිසානේ. ඉතින් මම මොකටද දෙවියෝ මට නොදුන්න දේවල් බලෙන් ගන්න හදන්නේ.
"ඔයා හොදින් සතුටින් ඉන්න"
මට අන්තිමට කියන්න ඕන උණු එකම දේ එක. මම හිතුවේ එයා මගේම අයියා කියලා. එත් මට තේරුම් ගන්න බැරි උනා සහෝදරකමක් වගේ උතුම් බැදීමක් මට ඕන විදිහට ඇති කර ගන්න බැ කියලා.
එයා ගොඩම ගොඩක් හොද කෙනෙක්. හැන්ඩ්සම් කෙනෙක්. එයා වැරදි නැ. මට එයාව අයියා කියලම දැනුනා. එයාට මාව දැනුනේ නැ. එක මගේ වරදක්. මම එයා වගේ හොද කෙනෙක් නෙවෙයි. එයා වගේ අනිත් අය ගැන හිතන්න දන්නා කෙනෙකුත් නෙවෙයි. තමන්ගේම අවයවයක් දන් දෙන්න උනත් අයියා දෙපාරක් හිතන්නේ නැ. එයා ඒ තරමටම හොදයි.
අයියා ගොඩක් තරහින්. එත් එයාගේ තරහා ඉක්මනට නැති වෙයි. එයා එහෙමයි. මට ඕන එකම දෙයයි. මම බොරු කාරියක් නෙවෙයි කියන එකයි. මම එයාට වැරද්දක් වෙන කිසිම දෙයක් කරේ නැ කියන එකයි එයා තේරුම් ගන්න එක. එයා මට කරපු ලොකුම ලොකුම චෝදනාවට මම සම්බන්ධ නැ කියන එක එයාට තේරුම් යන එක. තව මට ආය කවදාවත්ම අයියා කෙනෙක් ඕන නැ. ලබන ආත්මෙදිවත් එපා.
.................................................
ඉතින් මේක ඇත්ත කතාවක් නෙවෙයි. මට නිකන් හිතුන දෙයක්. ඇත්තටම වෙච්ච දෙයක් නෙවෙයි. නිකන් ලිව්වේ. මිනිස්සු අනිත් මිනිස්සුන්ව විස්වාස කරන විදිහ වෙනස්. ඇත්ත කියන අයට වඩා බොරු කියන අයට අනිත් අයගේ විස්වාසේ දිනා ගන්න ලේසියි. ඔහේ කියවන ගැනු ළමයිව අනිත් අය දකින්නේ බොරුකාරයෝ වගේ. දුක් ගැනවිල්ලක් කිව්වොත් අහිංසක විදිහට හිටියොත්. කිව්වා ගමන් ෆොටෝ එකක් එව්වොත් අන්න එහෙම ගැනු ළමයි තමයි හැමෝම විස්වාස කරන්නේ. එක හැමෝටම පොදුයි. බි එෆ් වෙන්න ආවත්, යාලුවෙක් වෙන්න ආවත්, සහෝදරයෙක් වෙන්න ආවත්. අනික තව දෙයක්. මිනිස්සු තමන්ගේ වැරදි අනිත් කෙනෙක්ට දාලා තමන්ගේ හිත නිදහස් කර ගන්න දෙපාරක් හිතන්නේ නැ. හැමෝම නෙවෙයි ගොඩක් අය එහෙමයි. මම යාළුවන්ට කියන්නේ එකම දෙයයි. නොදන්නා මිනිස්සුන්ට ඕනවට හදවතින් ලං වෙන්න එපා.
thanks
යෙනුලි සංකල්පනා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment