වෛරයක් වූ ප්‍රේමයක්

❤❤වෛරයක් වු ප්‍රේමයක්❤❤

"මෙි පිස්සුද හලො ඔයාට......විකාර කියවන්නැතුව ඉන්නවකෝ...."

"අයියො....අයියො...මෙි...මෙි කාවින්දි.....ප්ලීස් හලෝ...අදවත් හා කියනවකො...."

"මම ඔයා‍ට සැරයක් කිවා විදුෂ.....අයෙ මගෙ පස්සෙන් එන්ඩ එපා...."

"අනේ ඇයි කියන්ඩකො මට බෑ කියන්නෙ...."

"බෑ කියන්නෙ බැරි හින්ද...මම කැමති නෑ....එච්චරයි...."

"හරි....එහෙනම් අකමැති වෙන්ඩ හේතුව මොකක්ද...."

"හේතුව තමා අහේතුව....."

"මෙි යමු යන්න දිල්කි....නැත්තන් අදත් බස් එක ගාවටම එනකන් සීනි බොතලෙ පස්සෙ එන ඇබලයා වගෙ එයි පස්සෙන්...."

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

මම කාවින්දි ශෙහන්සා......මට හිටියෙ තව අක්ක කෙනෙක් විතරයි.ගෑණු ලමයිම දෙන්නෙක් හිටියත් අම්මයි තාත්තයි වැඩිපුරම ආදරෙ කරෙ මට.මොකද මම චුටි කාලෙ ඉදලම කරපු හුරතල් වැඩ නිසා හැමෝම මට ආදරෙ කරා.මම ඉස්කොලෙ ගියෙ කුරුණෑගල තිබුන ප්‍රසිද්ධ මිශ්‍ර පාසලකට.මිශ්‍ර ඉස්කොලයක් නිසා ගෑණු ළමයි පිරිමි ළමයි කියල ලොකු වෙනසක් නැ....හැමෝම හිටියෙ එකට.....

ඒ කාලෙදි තමා අපේ ඉස්කොලෙම හිටපු අපේ වයසෙ වෙන පංතියක කොල්ලෙක් වෙච්ච විදුෂ මගෙ පස්සෙන් එන්ඩ පටන් ගත්තෙ.මට නම් විදුෂව මහ කරදරයක් වෙලයි තිබුනෙ.ඉස්කොලෙදියි ක්ලාස් වලදි එයාගෙ වැඩෙි මගෙ පස්සෙන් එන එක.මට වෙලාවකට මහ හිසරදයක් වෙලයි තිබුනෙ.කොච්චර බැන්නත් බලු කුක්කෙක් වගෙ මගෙ පස්සෙන් එන එක තමා එයාගෙ ලොකුම වැඩෙි උනේ......

ඉතින් ඔහොම අවුරුද්දක් විතර මගෙ පස්සෙන් අඩ අඩ ආපු නිසාම මටත් පොඩි දුකක් හිතුනත් මම එක එයාට දැනෙන්න ඇරියෙ නැ.මොකද එයා දැන ගත්තොත් මම එයාට පොඩි හරි ආදරයක් තියනව කියල එයා තවත් වදයක් වෙනව කියල මට තේරුන නිසාමයි......

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

"ඒ බං මේ මගෙ කෑල්ල ආවද...."

"කොයි එකද බං...."

"ඔහොම අහන්ඩ එපා ඉතින්.10ක් නැ නෙ.ඉන්නෙ එකයිනෙ...."

"ආ....ඒ උ‍බෙි කෑල්ලද....අඩෝ....කවද්ද බං එකි උබට හා කිවෙි...."

"තවම නැ ඉතින්....එත් බලමුකො...."

"අන්න එනව උබෙි සිහින කුමාරි....පලයන් අදත් පස්සෙන්....."

එදා අපට තියරි ක්ලාස් තිබුන දවසක්.මම යන ක්ලාස් වලටම තමා විදුෂත් ආවෙි.මොකද අපි දෙන්නම කරෙ ටෙක්.

"Good morning කවි...."

"Good morning...."

"කොහොමද ඉතින්...."

"හොදයි..."

"මං මෙි ඔයාගෙ පස්සෙන් එන අව්තිම දවස.අදවත් කැමතිද කියන්නකො....."

"බලමු...."

"අපෝ....ඔහොම කියන්න එපා කවි.....උත්තරයක් දෙන්නකො......"

"ඉතින් එක තමා බලමු කිවෙ...."

"ආහ්...හා...හා....හරි....හරි....ඔය‍ා කැමති කාලයක් අරන් මට උත්තරයක් දෙන්නකො.....මම අවුරුද්දක් බලන් හිටපු එකෙ තවත් බලන් ඉන්නම්....."

එදා හවස මම ගෙදර ආව ගමන්ම කරෙ ඉක්මනට ෆෝන් එක අරගෙන එයාට කැමති කියපු එක....අපි දෙන්න ගොඩක් රෑ වෙනකම් මැසේජ් කරා....කෝල් කරා...අපි දෙන්නම ගොඩක් ආදරෙන් තමා හිටියෙ.එයත් අපේ ගමෙිම නිසා අපි දෙන්නම හොල්ට් එකට ඇවිත් ඈතින් වෙ වෙනම හිටියත් බස් එකේද එක ලග තමා හිටියෙ.අපි ක්ලාස් ගියත් එක ලග තමා වාඩිවෙලා හිටියෙ.ඒ කාලෙදි තමා දවසක්........

"නංගි මෙහෙ එනව...."

"ඇ...ඇ..ඇයි අක්කෙ...."

"ඇයි අක්කෙ තමා....තමුසෙගෙයි විදුෂගෙයි තියන ඇයි හොදැයිය මොකක්ද කියනව බලන්න මට....."

"එයා...එයා...මෙි...අපේ ඉස්කොලෙ.අපෙ වයසෙ කොල්ලෙක්නෙ.....එච්චරයි....."

"ආ....ඇත්තට.....එක වෙන්න ඇති බස් හොල්ට් එකේ ඇතින් ඉන්න දෙන්න බස් එකේ තුරුල් වෙලා යන්නෙ....නේද...."

"ක....ක....කවුද ඔයාට ඒ...ඒක...කිවෙි...."

"කවුරු හරි...තමුසෙ වහාම එකා එක්ක තියන සම්බන්දෙ නවත්තන්ඩ ඕන....එච්චරයි...."

"අනේහ්...බෑ....බෑ.....මට එක කරන්න බෑ....මම එයාට ආදරෙයි....එයා තමා මගෙ ජීවිතේ....."

"චටාස්"...."කට වහපන්....අාය කියන්නැ නංගි.....මෙි අන්තිම වතාවට කිවෙි..."

කවදාවත් කොයිතරම් තරහ ගියත් මට ගහන්න අතක් උස්සන්නැති මගෙ අක්ක එද‍ා මගෙ කම්මුලට ගහපු පාරෙන් මම විසි වෙලා ගියා....

"කවි....ඇයි පැටියො මෙි කන රතු වෙලා..."

"අක්ක අපි ගැන දැනගෙන විදු....එයා කියනව මෙික නතර කරන්නලු....එත් මට බෑ....මට ඔයාව ඕන...."

"මටත් ඔයාව ඕන කවි....මාව තනි කරන්න නමි එපා පැටියො...."

"කවදාවත්ම නැ...."

****************************************************

අපේ ආදරෙ මෙහෙම අවුරුද්දක් විතර තියනකොට ඉස්කොලෙට අපි ගැන ආරන්ච් වෙලා තිබුන.අපේ අම්ම තුන් වතාවක් හතර වතාවක් විතර ඉස්කොලෙට ගියෙ මගෙ නඩු නිසාමයි......අන්තිමට මටයි විදුෂටයි සතියක විතර පංති තහනමකුත් වැටුන.ඒත් අපි අපේ ආදරෙ නම් කවොවත්ම නතර කරේ නැ.....එයාගෙ ඒ ආදරෙ එන්න එන්නම වැඩි උනා.....අපිට පංති තහනමකුත් තිබුන නිසා අම්ම හැමදාම වගෙ මාව ක්ලාස් වලටයි ඉස්කොලෙටයි ගිහින් දාන්න එක්කන් එන්න යන්න පුරුදු වෙලා තිබුන.....ඒ කාලෙදි තමා විදුෂ එන්න එන්නම වෙනස් උනෙ....

"අනේ විදුෂ ප්ලිස් ක්ලාස් එන්න...යාලුවො එක්ක රස්තියාදු ගහන්න එපා...."

"අනේ යනවකො හලෝ....තමුසෙ අම්මයි අක්කයි එක්කම ඉන්නව....මට ආදරයක් තියනව නමි කවදාවත් ඔහොම කරන් නැ නේ..."

"මෙි...මෙි...මොනවද ඔයා කියනවන්නෙ.....මම ඔයාට ආදරෙයි විදුෂ.....ප්ලිස් ඔහොම කතා කරන්ඩ එපා...."

"මෙි හලෝ....යනවකො ගිහින් ඉගන ගෙනගන්නව....මට වද නොදි...."

කාලයක් පනට පන දෙන්න වගෙ හිටපු විදුෂ එක පාරටම වෙනස් උනා....එයා රස්තියාදු ගහන්න පටන් ගත්ත.යාලුවො එක්ක එකතු වෙලා බොන්න පුරුදු වෙලා හිටියා....එයාගෙ ඒ වැඩ නිසා මටත් එයාව ටික ටික එපා උනා....ඒත් ඒ මොන දේ උනත් මම එයාට මගෙ හිතින් තනියම මම ආදරෙ කරෙ එයා මගෙ පලවෙනි ආදරෙ නිසාමයි........එත් එයාට නම් මං ගැන කිසිම ගානක් තිබුනෙම නෑ.....මම එයාගෙ පස්සෙන් ආදරෙ ඉල්ලගෙන වැද වැටි වැටි ගියෙ මම එයාට හදවතින්මඅවංකව ආදරය කරපු නිසාමයි.....එත් එයා එක දවසක් කියපු දේකින් මට එයාව එපාම උනා.......

"අනේ විදුෂ.....දැන් අැතිනෙ තරහ වෙලා හිටිය‍ා....දැන්වත් යාලු වෙන්නකො....."

"මෙි තමුසෙට පිස්සුද කවි...."

"අනේහ්....අනේ...අැයි මෙි විදුෂ මට මෙච්චරටම දුක් දෙන්නෙ ඔයා...."

"මෙි තමුසෙ තමුසෙගෙ පාඩුවෙි යන දිහාවක යනවකො....මට තමුසෙගෙන් වැඩක් නැ.......මට තමුසෙට වඩා හොද ලස්සන කෙල්ලක් ඉන්නව....."

"ඇයි විදුෂ මට මෙචිචරටම රිද්දන්නෙ....ඔයාට වෙන කෙනෙක් නැ නේ....මම විතරයි නේද ඉන්නෙ....කවදාවත් දාල යන්නැ කියපු ඔයා ඇයි අද මෙහෙම...."

"අනේ මෙි....තමුසෙ ඇනයක් හලො...මට කෙල්ලෙක් ඉන්නව....මට වද නොදි පලයන් දැන්වත්....."

"හම්ම්ම්ම්.....සොරි.....ආය කරදරයක් වෙන්නැ.....සතුටින් ඉන්න....එත් එයාට නමි මෙි වගෙ දුකක් දෙන්න එපා...."

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

එදා මට විදුෂගෙ ඒ බැනපු විදිහ මට දැනුනෙ උල් පිහියකින් මගෙ පපුවට අනිනවටත් වඩා ලොකු වෙිදනාවක්.....එදා ගෙදර ඇවිත් කාටත් හොරෙන් මම තනියම කාමරේට වෙලා අඩපු තරමක් දන්නෙ මගෙ ඇස්දෙක විතරයි.....මැරෙන්න තරම් හිතුනත් මම ජිවත් උනේ අම්මයි අක්කයි තාත්තයි ගැන හිතලමයි.එයා මාව දාල ගියෙ එයා මගෙ ඇත්තම උරුමක්කාරය නොවෙන නිසා කියල හිත හදාගෙන හිටියෙ.ඒත් මෙි ලගකදි ඉදල ආයෙත් විදුෂ මගෙන් ආදරෙ ඉල්ලගෙන මට කරදර කරන්න පටන් ගත්ත.කොච්චර අඩ අඩා ගිහින් මම ආදරෙ ඉල්ලුවත් මට බැනල එලවපු කෙනාට ආයෙත් ආදරෙ කරන්න මම මොඩ උනේ නෑ......එත් එයා මට කිවෙි....

"තමුසෙ මට ලැබුන්නැත්තන් කාටවත් කාගෙවත් වෙන්න දෙන්නෙත් නැ.....එක මතක තියාගනින්....."

ඒ එයා කියපු අනතිම වචන ටික.මම එයා මොන දේ කිවත් ඉවසන් හිටියෙ මගෙ දෙමපියො සහොදරියයි නිසාමයි....එයාගෙන් මට මොන තරමි තර්ජන ආවත් මම ඉවසන් ඉන්නෙ හැමදේම කාලයට විසදන්න ඉඩදිලයි.මොකද මොන බාදක තිබුනත් මගෙ ආදරෙ උරුම කෙනා මාව හොයාගෙන එනව කියල මම විස්වාස කරන නිසයි...

සත්‍ය සිදුවිමකි.නම් ගම් මනඃකල්පිත වෙි.

ලියන්නෙ : දුෂාන්

Dushan

#කවුරු කොච්චර කිවත් අවංකව ආදරෙයි කියල අවංකව ආදරෙ කරන්නෙ අම්ම තාත්ත සහොදර සහොදරියො විතරයි.අනිත් අය ලග තියන ආදරෙ අවංකයි කිවට එතන තියෙන්නෙ එක විදිහක පොඩි බැදිමක් විතරයි.....තමන්ගෙ දෙමාපියන්ට සහොදර සහොදරියන්ට විරුද්ද වෙලා ආදරෙ කරන්න එපා.මොකද අපිට පිටතට පේන කෙනා නෙවෙි එතන ඉන්නෙ.අවංකව ආදරය කරානම් කවදාවත් වෛර කරන්න බැ.....කොච්චර ආදරෙන් බැදිල හිටියත් එක පොඩි දෙයක් නිසා වෛර කරනව නම් කවදාවත් එතන අවංක ආදරයක් තිබිලත් නෑ.එහෙම කෙනෙක්ගෙන් අවංක ආදරයක් බලාපොරොත්තු වෙන්නත් බෑ....
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment