ආදරණීය වස්සානය

ආදරණිය වස්සානය

"අඬන්න දෙයක් මෙතන උනේ නෑ නේ.. ඇවිත් කෑම බෙදන්න"

ඒ කටහඬ ආපු දිහාට කෙල්ල ඔලුව උස්සලා බැලුවෙ අසිහියෙන් වගේ.. හිතේ තෙරපිලා තිබුන දුක පිට වෙන එකක් නෑ කඳුලු ගඟක් ගැලුවත්..

මේ මනුස්සයගෙ ඇගේ ඇත්තටම දුවන්නේ කොළ පාට ලේ වෙන්න ඕන!

ඉස්සර ඉන්දියාවෙ හිටපු රජ කෙනෙක් ගෙ ලේ කොළ පාටයිලු.. ඒකට හේතුව ඒ රජතුමා ආදරේ සෙනෙහස කියන දේ දන්නෙ නැති කමලු.. ඒ රජතුමා ජීවිත කාලෙටම කාටවත් ආදරේ කරල නැ කියල තමයි කියන්නේ..

ඒ රජා ගෙත් මේ මනුස්සයගෙත් කිසි වෙනසක් නෑ.. 

එයා මගෙන් ඩිවෝස් එක ඉල්ලලා දැන් මේ අනික් පැත්තට අහනව අඬන්න මොකද්ද උනේ කියල..
කෙල්ල හිතනවා..

"කෑම බෙදල තියෙන්නේ.. කන්න"

රුක්ශාන් ලක්ශි  ව මැරි කරලා එක ගෙදරකට ආව දවසේ ඉදන් එයාට කැව්වෙ ලක්ශි.. තනියම කනකොට එයාට කැවෙන්නෙ නෑ.. පොඩි පොඩි රංඩු උන දවසටවත් ලක්ශි එයාට වෙනසක් කලේ නෑ..

ඒත් අද නම් කෙල්ලට චුට්ටක් වත් දුකක් හිතුනෙ නැ.. මගෙන් වෙන් වෙලා යන්න හදන මිනිහෙක් මත්තේ මොකට නැහෙනවද කියල හිතුවත් ගෑනු කම උඩට ආවා..

"ඒ උබෙ මිනිහා.. අවුරුද්දක් එකට පවුල් කාපු මනුස්සයා.. ගිහිං බලපන්" කියල හිත යට ඉදන් කෙල්ලගෙ ගෑනු කම කෑ ගහනවා... හැමදාමත් වගේ ගෑනු කමට එයාගෙ මුරංඩු කම යට උනා..

කෙල්ලගෙ හිත හයිය නෑ.. පැල බැඳගෙන ආදරේ කරනකොට දාල යන්න හිත දුන්නෙ නෑ.. අවුරුදු 5ක් ආදරේ කරලා එකට එකතු උනේ මෙහෙම අවසානයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..

"මට වතුර එකක් ගේන්න" ලක්ශිගෙ කල්පනාව බිඳ වැටුනේ රුක්ශාන්ගේ කටහඩින්..

"කූල් ද? උනු වතුර ද? "

කූල්..

රුක්ශාන් නම් කාල ඇදට ගියා.. දවල් ඉදන් මුකුත් බඩට වැටුනෙ නැති බව මේ අසරණී ට මතක් උනේ ගෑස්ට්‍රික් වැඩි වෙලා වමනෙට එද්දි..
මැරුනදෙන්.. කියල හිතලා එයත් නිදාගත්තා.. නිදාගත්තා කිව්වට නින්ද ගියෙ නෑ.. ඇදට වෙලා ෆෑන් එක කැරකෙනවා දිහාම බලාගෙන ඉදල  නින්ද ගිහිං..

ලක්ශි එදා ලස්සන අමුතු හීනයක් දැක්කා.. එයා ආසම ඩිස්නි ප්‍රින්ස් කෙනෙක් එයා  ලඟට ආවේ ලස්සන පුලුන් බෝලයක් වගේ වලාකුළක පාවෙලා... දේදුනු පාට පෙති හුඟක් තිබුන මලක් ලක්ශිට දීපු ඒ කුමාරයා හිනා උනා..

ඒත් එයා  ඒ දේදුනු මල අතට ගන්නකොටම ඒ කුමාරයා කැතම කැත විශාල  මකුලුවෙක් උනා.. ලක්ශි ජීවිතේටම දැකල තියන ලොකුම මකුලුවා තමයි ඒ.. ඈ බයම සතා... ඇගේ අතේ තිබුන දේදුනු මල පිහියක් වෙලා... හිතේ ගතේ තිබුන ඔක්කොම වීරිය දාල ලක්ශි  ඌගෙ අප්‍රසන්න අඬු කපලා දැම්මා... කොළ පාට ලේ! උගේ ඇඟෙත්..

ඇහැරෙනකොට කෙල්ලට හොදටම දාඩිය දාල.. වතුර තිබහත් වෙලා... දිව ගිලෙන්න වගේ..

............................

තවත් මාස ගනනක් ගත උනත් එයාගෙ මේ අදුරු ජීවිතේ වෙනසක් උනේ නැ..  දවසෙන් දවස එයාව කඩාගෙන වැටෙන එක විතරමයි උනේ..

එන්න එන්නම රුක්ශාන් එන්න රෑ වෙනවා.. අඩුම ගානෙ තමන්ගෙ ගෑනි කියල හිතලවත්  කෝල් එකක් දීලා බලන්නෙවත් නැ.. ලක්ශි කෝල් කලත් ආන්ස කරන්නෙ නෑ.. රෑට ඇවිත් කතා කරන්න ගත්තම ඈට කෑ ගහනවා කරදරේ කියලත්..

ඒත් ඩිවෝස් එක ගැන ඊට පස්සෙ මුකුත් නොකියපු නිසා ම ලක්ශි මගේ හිත හදාගත්තා..

"ඉවසපන් ලක්ශි... ගෑනියෙක් උනාම ඉවසන්න ඕන.. ගෑනු අපි ඉපදිලා ඉන්නේ ඉවසන්න.. දුක් උහුලන්න.."

.........................................

"අනේ ලස්සනයි රුක්ශාන්... මං හරි ආසයි මේ කලර් එකට..  සෝයි මේ ඩ්‍රෙස් එක... "

ලක්ශි කිව්වෙ රුක්ශාන් ගෙනත් දීපු ඩ්‍රෙස් එක අඳින ගමන්මයි.. උඩ පැන පැන..  එච්චරට ආසයි.. රුක්ශාන් හුඟ කාලෙකින් තමා ලක්ශි ට ගිෆ්ට් එකක් ගෙනාවෙ.. සතුටට කෙල්ල ඉම්බත් එක්ක කොල්ලව..

ඒත් එයා එදා රෑ රුක්ශාන්  කෙල්ලට කිව්වෙ මහ මූසල කතාවක්.. කිසිම ගෑනියෙක් තමන්ගෙ හස්බන්ඩ් ගෙන් අහන්න අකමැති කතාවක්...

"එච්චරයි ඉතිං.  මං ඔයාට වන්දියක් දෙන්න..  මට දැන් එයාව අතාරින්න අමාරුයි.. තේරෙනවද? ඔයත් ගෑනියෙක් නෙ.. පොඩ්ඩක් මං ගැනත් සාධාරණව හිතන්න.."

"එතකොට මං? මං ගැන කවුද හිතන්නෙ? ඔයා කියන්නෙ හරි කතාවක්නෙ.. ඔයා හිතන්නෙ මාව පාරට දාල ඒකි මෙහේ ගේන්නද? ලැජ්ජ නැද්ද? මගෙන් මොනාද ඔයාට අඩු උනේ රුක්ශාන්? අවුරුදු ගානක් දෙවි කෙනෙක් වගේ සැලකුවෙ මං ඔයාට.. ඇයි දෙයියනේ?"

මේ කිසි දෙයක් නොකිය ලක්ශි ඔහේ හිටියා.. මලමිනියක් වගේ..  පුදුමෙකට ඈට මතක් උනා කුවේණි!

මේ ලෝකේ ගෑනු පිරිමි කියල බෙදන්න බෑ.. ඉන්නේ කුවේණිලා.. විජය ලා.. විජය කුමාරයට පුලුවන් උනා  තමන්ගේ නෑදෑ සනුහරේ මරාගෙන තමන්ට රජ කම අරන් දීපූ... ආදරේ නාමෙන් තමන්ට ජාතකව දරුවො දෙන්නෙකුත් බිහි කරපු කුවන්නා ව අසරණ කරල එලවන්න...

අපේ මිනිස්සුත් ඒ පරම්පරාවෙන් නෙ පැවතෙන්නෙ..

මට වන්දි එපා මහත්තයො.. ඔයා ඉන්න සතුටින්.  මං ගැන හොයන්නවත් එපා.  ඕන නැ.. මං ඔයාට සාප කරන්නෙවත් බනින්නෙවත් නැ... ඒත් එක දෙයක්..  දවසක ඔයා තාත්තා කෙනෙක් වෙයි නේ.  ඔයාට දෝණි කෙනෙක් ලැබෙයි.. ඒ දෝණිට ලැබෙන මහත්තයා ඔයා වගේ ඔයාගෙ ගතිගුන තියන කෙනෙක්.. අනිවාර්‍යෙන්ම ඒක එහෙමම වෙනවා.. එදාට රුක්ශාන් මාව මතක් වෙයි ඔයාට..

මහා කලකිරීමකින් ඒ ටික අමාරුවෙන් කියාගත්ත කෙල්ල සෙටි එකට ගිහිං කල්පනා කලා රෑ එලිවෙනකල්ම.. මහ රෑ වෙනකල්ම.. හිතේ තියන දුක දිය වෙලා යනකල්ම... ඇඩුවා නෙමෙයි ඇඩුනා...

එදා රැය නම් කවදාවත්ම අමතක වෙන රැයක් නෙමෙයි... හරිම අන්ධකාර හරිම මූසල රැයක්..

කිව්ව වගේම  පහුවදාම කෙල්ල ගෙදරින් ගියා.. ඒ රුක්ශාන් ගේ මූණ බල බලා තවත් ඒ ගෙදර ඉන්න හිත දුන්නෙ නැති නිසාම යි..

දෙපාර්ශවයෙම කැමැත්ත ලැබුන නිසා ඩිවෝස් එක ඉක්මනින් ගන්න පුලුවන් උනා...

උසාවි ආපු අන්තිම දවසෙ තීන්දුව ලැබුනට පස්සේ රුක්ශාන් කා එකට නැගල හිනා වෙවී ෆෝන් එකත් කනේ ගහගෙන ගියෙ කුරුල්ලෙක් වගේ.. කෙල්ල බලාගෙන හිටියා එක පාරක් හරි කෙල්ල දිහා බලයි කියල..

ඈට වැරදුනා...

.......................................

නිලක්ම ලක්ශි ගෙ හොදම යාලුවා.. ඉස්සර ලක්ශි මැරි කරන්න කලින් ඒ දෙන්නා හරි ෆිට්.. ඇත්තටම කෙල්ල ඉස්සර හරි නිදහසේ සැහැල්ලුවෙන් හිටපු කෙල්ලෙක්.. කිරිල්ලියෙක් වගේ...

කෙල්ල ගත්තා නිලක්මට කෝල් එකක්. . කොයි වෙලේ කෝල් කලත් ඔයා හොඳින් නේද කියල අහපු යාලුවට ලක්ශි හැමදාම කිව්වෙ බොරු.. ලස්සනට ආදරෙන් ඉන්නවා කියල තමයි කිව්වේ..

මොකද කෙල්ල ආස නැ ගෙදර දේවල් පිටට දෙන්න..

එදා කෙල්ල නිලක්ම එක්ක කතා කරලා ෆෝන් එක තිබ්බෙ සැනසීමෙන්.. ඒත් නිලක්මගෙ කතාව ඉස්සර වගේ නෙමෙයි  චුට්ටක් වෙනස් කියල ඈට හිතුනා..

"ඔයාට ඕන මයි කියන නිසා ඔයාට අබ්‍රෝඩ් යන්න මං හදල දෙන්නම්.. ඒත් මං ආස නැ ඒ වගේම කැමති නෑ ඔයාව දුර යවන්න.. "

මෙහේ තවත් ඉන්න බෑ කියනකොට නිලක්ම දීපු උත්තරේ තමයි ඒක..

කිසි දෙයක් වැඩිය හිතන්න හොද නෑ.. එහෙම හිතල කෙල්ල ඒ ගැන නොහිත හිටියා..

කොලිෆිකේශන්ස් හොඳ නිසා හිතුවට වඩා ඉක්මනට ම ජොබ් එකක් ලැබුනා.. 
මාසයක් ඇතුළත යන්න වෙන බවත් නිලක්ම කෝල් කරලා කිව්වා...

ගෙදරට වෙලා රුක්ශාන් ගේ කතා අහ අහා ජීවිත කාලෙම හිතෙන් තැවෙනවට වඩා මේ නිදහස් ජීවිතේ හොදයි කියලත් ලක්ශි හිතුවා..

හිතේ සැනසීමයි දැන්..

..................

ලක්ශි ලංකාවෙන් පිට වෙලා ජීවිතේ අලුතෙන් පටංගන්න යනකොට ළඟ හිටියෙ නිලක්ම විතරමයි..

මං හිහිං එන්නම් නිලක්ම.. කෙල්ල හිනා වෙලා කියනවා..

ඒ හිනාවට යටින් තියන අසරණ කම. අහිංසක කම තේරුම් ගන්න කොල්ලට පුලුවන්  උනා..

"යන්න.. කමක් නැ.. ඒත් ආයෙ එන්න ඉක්මනට.. මං වෙනුවෙන්.. මං බලාගෙන ඉන්නවා.

ලක්ශි බලාගෙන හිටියෙ ඇස් උඩ තියාගෙන..

ඒත්.. ඒත්.. ඔයා? 

කෙල්ලට කතා කරගන්නත් බැ..

ඔව්.. ඔයාට හැමදාම ආදරේ කලා මැනික මම.. අපි දෙන්නගෙම අවාසනාවට ඔයාට ඒක දැනුනේ නැ.. මං කිව්වෙත් නෑ.. මට ඔයාව නැතිවෙයි කියල හිතුන නිසා...

ඒත් දැන් නම් කෙල්ල මට උබ ඕන මයි.. හිත හදාගමු අපි හෙමීට... ඔයාට හිතුන දවසක එන්න... මං ඉන්නම්..

කෙල්ලගෙ අතකින් හෙමිට අල්ලගෙන නිලක්ම කිව්වෙ කෙල්ලගෙ ඇස් දෙකට එබිලා..

කෙල්ල හිනා උනා.. එච්චරයි..

ඒ ආදරේ ගාව මුකුත් කියන්න ඕන උනේ නෑ කෙල්ලටත්.. එච්චරට ඒ වචන ලක්ශි ගෙ පපුවටම වැදිලා තිබුනේ..

.........................

අවුරුද්දක් ගත උනා.  

කෙල්ල ලංකාවට එන දවස... නිලක්ම ඇඟිලි ගැන ගැන හිටියෙ මේ දවස එනකල්... කොල්ලා එයාපෝට් එකට වේලාසනම ගියා... රෝසස් බොකේස් මුකුත් ගෙනාවෙ නැ.. මොකද කෙල්ල හරි සරලයි.. ඒවට උඩ පනින කෙල්ලෙක් නෙමේ...

කෙල්ලව ඈතදිම දැක්ක කොල්ලගෙ පපුවට මොනවද වෙනවා දැනුනා.. 

ලස්සන වෙලා මගෙ සුද්දි...

කොල්ලව දැකලා කෙල්ලගෙත් කට කනේ.. සතුටුයි.. දුවගෙන ඇවිත් තුරුල් වෙලා පපුවට මූණ තියාගත්තේ ඈත් වෙලා හිටපු කාලෙ වැඩි නිසාමයි..

"බබා...
ආයෙ යන්නෙ නෑ මම.. බලාගන්නවා නේද මාව ආදරෙන්? "

කෙල්ල ඇහුවෙ හරි අහිංසක විදියට..

නිලක්ම ආයෙම කෙල්ලව තුරුල් කරගෙන.. නලල ට තොල් තිබ්බේ ඔව් කියනව වගේ...

ලක්ශි හිනා උනා.. කඳුලු අතරින්...

ජීවිතේ ලස්සන කාලෙ පටන් ගත්තා කියල ඈට දැනුනේ ඒ පපුවට වෙලා ඉන්න අතරෙදියි...

........................................

මේ නිමේශයේ මේ තත්පරේ ඔයා හිතෙන් වැටිලා වෙන්න පුලුවන්... කිසි කෙනෙක් නැ කියල හිතෙන්න පුලුවන්.. තනිවෙලා කියල දැනෙන්න පුලුවන්..

ඒත්.. තමන් වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න පුලුවන්නම් ඔයා දිනුම්! හැමදාම දුක් විදින්න ඕන නෑ.. සාම්ප්‍රදායික රාමුවකට කොටු වෙලා සමාජයට බයේ ජීවත් වෙන්න ඕනත් නෑ..

තමන්ගේ වටිනාකම දන්න... හිතට ආදරේ කරන්න දන්න කෙනෙක් එක්ක සතුටෙන් ජීවත් වෙන්න අපි හැමෝම ආසයි...

කරදර කාල වලදි ඩවුන් වෙන්න එපා.. නැගිටින්න! වෙනදාටත් වඩා ආසාවෙන්...

ආශා ලියයි
උපුටා ගැනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment