හැම කෙනාම් වැදගත්

හැම කෙනෙක්ම වැදගත්
76 වෙනි කෙටි කතාව

වර්ෂා.... මොකද බන් ඔය කරන්නේ
උබට පිස්සුද? ඔය තර්ඩ් ක්ලාස් මිනිස්සු එක්ක කතාවට යන්න..
උබට තත්වයක් තිබුනේ නැති උනාට අපිට තියනවා බන්.
ප්ලීස්.... අපිට ලජ්ජා කරන්න එපා...

මොකක්ද බන්....
උබලාට  නම් පිස්සු ශෂී..
මොනවද ඔය කියන්නේ..
අර කොල්ලාටත් ඇහුනා..
අපිත් එක්ක එකට වැඩ කරන කොල්ලෙක්නේ බන්
ඔහොම හැමෝම ඉස්සරහ කියපුවහම හරිද?

මෙහෙමයි.... වර්ෂා....
උබව අපි යාලුවෙක් විදිහට ආශ්‍රය කරන්නේ
උබත් පොඩ්ඩක් හරි පොෂ් කියලා හිතලා.
ඔහොම ඔය තර්ඩ් ක්ලාස් මිනිස්සු එක්ක සම්බන්ධතා
කතා බහ කරන්න යනවානම් අපිට උබවවත් හලලා දාන්න තමා වෙන්නේ

උබලා පොෂ් වෙන්නේ මොනවගෙන්ද කියලා මට නම් තේරෙන්නේ නෑ බන්
උබල ඔය පොෂ් කියන්නේ ඔය අදින ඇදුම් වලින්ද?
එහෙම නැතිනම් කෑම කන කඩ වලින් ද?
එහෙමත් නැතිනම් යන එන වාහන වලින් ද බන්
හැමෝම උපදින්නේ එක විදිහට නම්
මැරිලා යන්නේ එක විදිහට නම්
මොකක්ද බන් ඔය වෙනස

වර්ෂා.... ප්ලීස් බන් ගොනෙක් උනාට කමක් නෑ
තපුලන්න එපා.
හැම මිනිහටම තත්වයක් තියනවා.
අනික ඔය මනුස්සයා අපේ පියන්...
ඔහොම කතා කර කර ඉන්න ගියහම අපිත් ඒ ගානට වැටෙනවනේ...

අනේ මන්දා බන් උබලාට කියන්න දෙයක් මට නෑ
එක නෙමේ උබලා ඇනුවල් ට්‍රිප් එක යනවද?
ලොක්කා කිවා යනවා නම් අද නම් දෙන්න කියලා.
ලබන සතියේද කොහෙද යන්නේ..

කොහෙද බන් යනවා කියන්නේ..
හැමෝම යනවාලුද?

අහ්හ් ශෂී...
ඒ කියන්නේ හැමෝම යනවනම් උබ එන්නේ නැද්ද?
මම නම් යනවා. මම හිතන්නේ හැබැයි
පියන් අය්යාත් යනවලු...

හම්මට ඒ උබේ අයියාද ?
අපි එක දැන ගෙන උන්නේ නැහැනේ..

එක කුස ඉපදෙන්න ඔනාද බන් අයියා කියන්න
හරි හරි සමන් එහෙම නැතිනම් අපේ පියන්  කොල්ලාත් යනවාලු..

හ්ම්ම් ට්‍රිප් එක නම් ඌ ගියාට කමක් නෑ
අපේ බඩු ටික උස්සගෙන යන්නවත් කෙනෙක් ඉන්න ඔනානෙ..
ඒ හින්දා එකට නම් කමක් නෑ

--------------------------------------------------

සමන්......
මේ බෑග් ටික වාහනේට ගිහින් දානවා...
ගිහින් දාලා එනවා තව තියනවා පොඩි බඩු ටිකක් අරගෙන යන්න.

හරි ශෂී මිස්.

මේ සමන්... ඔය හරියට දානවකෝ...
මොනවද ඔය කරන්නේ...
ඔතනින් නැගිටලා ඔය සිට් එක දෙනවා මේ මිස්ට..
තමුන් අතන හිටගෙන යනවා..

මොනවද බන් කරන්නේ.
ට්‍රිප් එකවත් විනෝදෙන් යන්න දීපන්කො බන්
ඔෆිස් එකේ ඉන්නකොටත් මරාගෙන වැඩ ගන්නවා.
අදවත් ප්ලීස් බං..

මේ වර්ෂා උබටත් මම ආයේ කියන්නේ නැ
මාත් එක්ක ඌ ගැන කතා කරන්න එන්න එපා.
හරිද?

හ්ම්ම් ඔකේ..

--------------------------------------------------

වතුර හරි සැරයි නේද බං...
ඒ උනාට බලපන්කො අර ලස්සන...
මෙතන ඉදන් නම් පට්ට ෆොටෝ ටිකක් ගන්න පුළුවන් වෙයි..
ඉන්ස්ටා දාන්න.,.

ශෂී බලාගෙන... සෙල්ෆි ගත්තා වගේ නෙමේ..
පරිස්සමින්.... බලාගෙන ගනින්..

මේක ගගක් බන්..
ඕන තරම් මිනිස්සු මේවගේ නානවා ඇති...
මේ තරම් ලස්සන තැනක ෆොටෝ එකක් නැතිව
වැඩක් තියනවද බන්
පොඩ්ඩක් හිටපන්..
මම මේක ගන්නකන්...

හේ ශෂී...... අනේ ශෂී වැටුනා...
ඒකිට පිනන්න  බෑ
කවුරුවත් නැතිද අපෙ කෙල්ල ගහගෙන යයි...

කොතැනට මිස් වැටුනේ..

මෙතනට සමන්..

පොඩ්ඩක් බලමු මිස්....
මම පැනලා බලන්නම්...

--------------------------------------------------

කෙල්ල හුස්ම ගන්නවා නේද සමන්..

ඔව් මිස්... හුස්ම ගන්නවා.
වතුර ටිකක් පෙවිලා වගේ..
පොඩ්ඩක් බඩ තද කරන්න..
වතුර එලියට එන්න

හුප්ස්...  අප්...... ස්

මොකද බන් මට උනේ..
කොහොමද උඩට ගත්තේ...
කවුද මාව බේරාගත්තේ ශෂී..

උබව බේර ගත්තේ..
උබ ඔය උඩ දාගෙන ඉන්න පොෂ් අයියලා නම් නෙමේ
උන් පැත්තවත් බැලුවේ නෑ
අර උබේ  තර්ඩ් ක්ලාස් සමන් තමා
පැනලා උබව බේර ගත්තේ...
දැන් වත් තේරුම් ගනින්
හැම කෙනෙක්ම වැදගත් කියලා මචං

--------------------------------------------------

සමාවෙන්න සමන්..
ගොඩාක් පින් මගේ ජිවිතේ බෙර ගත්තාට

මනුස්ස ජිවිතයක්නේ මිස්.
හැමෝම හැමදේම කරන්නේ ජිවත් වෙන්නනේ..
දැන් මොනවත් අමාරුවක් නැහැනේ නේද මිස්

නෑ සමන්.., සමන්ට පින් සිද්ද වෙන්න
මම ජිවතුන් අතර.
මම හැසිරුණ විදිහට සමා වෙන්න..

සදරු - Devaka Sadaruwan

* ජිවිතේ අපිට හැම මනුස්සයම වැදගත්... තත්වය තීරණය වෙන්නේ හැසිරෙන විදිහ කරන දේවල් වලින් මිසක් වෙන දේවල් වලින් නෙමේ. සතුටින් ඉන්න *
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment