💞💞ටියුෂන් ප්‍රේමය💞💞
"ඒ බං සිසිතයා....අරකිට උබලගෙ ඉස්කොලෙ නේද.....??"
"කෝකිද බං කලනයෝ....කියහන් හරියටම....කොතන ඉන්න එකද උබ ඔය කියන්නෙ....."
"අර අතන රෝසපාට ටීෂට් එකක් ඇදගෙන ඉන්නෙ බං....අන්න එකි...."
"ආ....අර 4වෙනි ෆෑන් එක යට ඉන්න එකි නේ....අපේ ඉස්කොලෙනම් තමා....ඒත් ඇයි මෙි හදිසියෙම උබ එකි ගැන හොයන්නෙ...."
"නෑ....නෑ....එහෙම නෙවෙි....මෙි මචං එකිට කොල්ලෙක් ඉන්නවද....."
"අර අපේ තිසුමියටද....."
"නම දන්නෑ....අර මම කිව එකි...."
"ඔව්...ඔව්....තිසුමි කියන්නෙ එකි තමා බං....ඉස්සර නම් එකෙක් හිටියා....දැන් එක ඉවරයිද කොහෙද...."
"ආ....හරි...හරි....තැන්කු ආ...."
එදා අපට බයෝ ක්ලාස් තිබුන දවසක්.උදේ ඉදලම පේපර් ලියල ලියලම එපා වෙලා හිටපු නිසා කොල්ලො සේරම වගෙ පිටිපස්සට වෙලා කෑ ගහ ගහ හිටපු එක තමා කරෙ.සර්ට නම් ඉතින් කිසිම ගානක් නෑ....මොකද සර්ට අදාල වෙන්නෙ ලමයා පංතියට එනකොට කාඩ් එක ගත්තද නැද්ද කියන එක විතරයි.සල්ලි දීලා කාඩ් එක ගත්තනම් ඉගනගත්තත් නැතත් ඒක සර්ට නම් අදාල උනෙම නෑ....මාත් ඉතින් අනිත් කොල්ලො වගෙම මගෙ යාලුවො ටිකත් එක්ක පිටිපස්සටම වෙලා ක්ලාස් එකේ කෙල්ලන්ට අනම් මනම් කිය කිය හිනා වෙවි ඉන්න කොට තමා එයාව දැක්කෙ........
මාස තුනක් හතරක් එයා පස්සෙන් ගිහින් ගිහින් මටත් එපා වෙලයි තිබුනෙ.හැමදාම වගෙ ක්ලාස් ඉවර උන ගමන්ම මම කරෙ ඉක්මනට එලියට පැනල එයා එනකන් බලන් ඉන්න එක.කාලයක් පස්සෙන් ගිහින් ගිහින් අන්තිමට කොහොම හරි කැමැත්ත ගත්ත....
අපි දෙන්නම කරෙ එකම සබ්ජෙක්ට් නිසා දෙන්නටම ක්ලාස් තිබුනෙ එකම දවස් වල.අවුරුදු 19ක් උනත් ප්‍රථම ආදරයක් කියල එකක් නම් මට තිබුනෙම නෑ....මගෙ ප්‍රථම ආදරෙ උනේ තිසුමි.....
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
"මෙි පවන් අපි දෙන්නම ගියපාර නිකන්ම පිස්සු නැටුවනෙ කරේ......"
"හම්ම්ම්ම්ම්.....ඉතින්..."
"බස්සෙක් වගෙ හම්ම්ම්ම්....හම්ම්ම්ම්....ගාන්නැතුව කතා කරනවකො මැට්ටො......"
"හරි....හරි....කියන්නකො ඉතින්....."
"මෙි අපි දෙන්නම මෙිපාර කොහොම හරි මෙඩිසින් යන්නම වැඩ කරමුද......"
"හම්ම්ම්ම්ම්...."
"අනෙ මට බැ මෙි බකමුනා එක්ක කතා කර කර ඉන්න මම මෙච්චර ආදරෙන් කතා කරත් මෙි උලම හම්ම්ම්....කියනව විතරයි.......තරහයි මම...."
එහෙම කියල තිසුමි නැගිටල යන්න හදනකොට මම එයාගෙ අතින් හයින් අල්ලගෙන හිටියෙ.කටර් එකක් වගෙ කියව කියව හිටපු මගෙ කෙල්ල ආයෙත් මගෙ ලගට ඇවිත් ඉදගෙන මගෙ උරහිසට ඔලුව තියාගෙන මගෙ අතින් අල්ලගෙන මට තුරුල් උනේ හරියට හා පැටියෙක් වගෙ......
"මැට්ටි අද ගෙදර යන්නැද්ද.....ආ....."
"තව වෙලා තීනව.....මම ගෙදරට කිවෙ 3.00ට ඉවර වෙනව කියල.එතකොට මට ඔයා එක්ක ගොඩක් වෙලා කතා කර කර ඉන්න පුලුවන්නෙ......"
"හම්ම්ම්ම්.....එහෙමද......හාකො...හාකො...."
අපට ක්ලාස් 1.00ට ඉවර උනත් එයා කියල තිබුනෙ 3.00ට ඉවර වෙනව කියලයි.ක්ලාස් ඉවර වෙලා අපි දෙන්නම අත් පටලගෙන වැව රවුමට යන්න අපි දෙන්නම පුරුදු වෙලා හිටියා.......අපේ ආදරෙ ගැන දැනගෙනගෙන හිටියෙ නැත්තෙ අපෙ ගෙවල් වලින් විතරයි.ක්ලාස්වල කාඩි මාක් කරන අයයි ලමයිනුයි හැමොම දැනගත්තු ප්‍රසිද්ධ රහසක් වෙලයි තිබුනෙ..........මොකද අපි දෙන්න ක්ලාස් ගියත් දෙන්නම හිටියෙ එක ලග.එයා ගෑණු ලමයින්ගෙ පෙිලියෙ අවසානෙටම වාඩි වෙනකොට මම එයාට එහා පැත්තෙන් පිරිමි ලමයින්ගෙ පොලිමෙි අවසානෙට වාඩි වෙලයි හිටියෙ.......ඒ නිසා අපේ ආදරෙ ගැන කවුරුත් දැනගෙන හිටියා.අපි දෙන්නම ක්ලාස් යනකොට ඇදගෙන ගියෙ එකම පාටින්.අපි කලින් දවසෙ රෑට පාාඩම් කරල ඉවර වෙලා මැසේජ් කරල ඊලග දවසට ඇදගෙන එන ඇදුමෙ පාට පවා ගලපගෙනයි ආාදරෙ කරෙ.....
Me :bbi het ara nilpata gauma adgn enna.....mth het nil pata t-shrt eka adinne....
Thisumi : hmmmmm....hri....het kiytd enne....
Me : clz eka 6.30t ne.chem clz ne tynne...ammbooo....prkku unoth sr case ne.ea nsa mm 6.00 wenkt clz eka gawa phl awith innm.
Thisumi : hmmmm....mn enkn inna hrida.ynna ehem epa clz ekt mawa dalanm....
Me : ne ne mettiyeee....mm innw mge menika enkn....
Thisumi : hmmmmm....enm dn doiyagnna.mth doiynw....
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
වෙනද වගෙම එදා උදෙත් මම එයා එනකන් ක්ලාස් එක ගාවට වෙලා මග බලාගෙන හියා....හැමදාම උදේට එයා ආවෙි එයාලගෙ තාත්ත එක්ක.එයා තාත්තා එක්ක ඇවිත් ක්ලාස් එක ගාවින් බැහැල ක්ලාස් මාත් එක්ක යන්න පුරුදු වෙලයි හිටියෙ.වෙනද වගේම අපි දෙන්න එදත් ක්ලාස් එකේදි එක ලගින්ම වාඩිවෙලයි හිටියෙ.....සර් කිප වතාවක්ම අපි දිහා බැලුවත් අපටනම් කිසිම ගානක් තිබුනෙ නෑ.....මොකද ක්ලාස් එකේ සර් උගන්නනකොට එයා මන්දිහා හොරෙන් බලල හිනා වෙනව වගේම මාත් එයා දිහා බලල සර්ට හොරෙන් හිනා වෙවි හිටියෙ.අපිට එක මොහොතක්වත් දෙන්නට දෙන්න දකින්නැතුව ඉන්නම බැරි වෙලයි තිබුනෙ........එ්ත් එක පාරටම....
"ඔය ඔතන පිරිමි ලමයින්ගෙ පොලිමෙි කෙලවරෙ නිල්පාට ටීෂට් එකක් ඇදගෙන ඉන්න හරකයි ඊට එහා පැත්තෙ ගෑණු ලමයින්ගෙ පේලියෙ ඒ හරකා කෙලින්ම ඉන්න එලදෙනයි.තොපි දෙන්නන ලව් කරනවනම් ක්ලාස් එන්ඩ එපා.එකට පලයව් වෙන තැනකට....මෙක මගෙ ක්ලාස් එක.උබල සල්ලි දීල ආවත් මගෙ ක්ලාස් එකේ ඉන්ඩ ඕන මට ඕන විදිහට.....තොපිව කොක්කෙ එල්ලන්ඩ ඕන......මම ඉන්ටවල් එකෙන් පස්සෙත් බලනව.එතකොටත් තොපි ඔතනම හිටියොත් මම පන්නනව ක්ලාස් එකෙන්ම..........අනික දරුවෝ මෙි කාලෙ පටන් ගන්න ලව් එකක්වත් කසාද බදින්න නෙවෙ කරන්නෙ.මටත් තිබුනා තමා.ඒත් ඉගන ගන්න එක හරියට කරපල්ල.මෙි උසස්පෙල පංති වලදි පටන්ගත්තුව කියෙන් කියද කසාද බැදල තියෙන්නෙ......හරි දෙන්නම දැන් වාඩිවෙනව.ඉන්ටවල් එකෙන් පස්සෙ ඉන්න තැන් මාරු වෙනව....හරිද....එකට ඉදල ඉගන ගන්ඩ බෑ...."
එදා සර් අපි දෙන්නවම ක්ලාස් එක මැද්දෙදි නැගිට්ටවල බැන්නත් අපිට එ්ක පොඩි ලැජ්ජාවක් උනත් අනිත් හැමෝම අපි ගැන දන්න නිසා අපි වැඩිය ඒ ගැන හිතුවෙ නෑ....ඉන්ටවල් එකේදි හිටපු තැන් වලින් මාරු උනේ සර් ආයෙත් අහු උනොත් ගුටි කන්න වෙයි කියල තිබුන බයටමයි.....එදා හවසත් මම එයා එක්ක වැව රවුමට ගියපු වෙලාවෙදි......
"බබා ඔයා මාව දාල යන්නෑ නේද...."
"අයියෝ....නෑ තිසුමි පැටියෝ.....ඔයාවකවදාවත් දාල යන්නෑ...."
"ඒත්.....මට බයයි සර් කියපු කතාව නිසා..."
"බය වෙන්නෙ ඇයි.අපිට අපි විස්වාසයිනෙ......"
"හම්ම්ම්ම්ම්ම්.....මෙි අපි දෙන්න හොදට පාඩමි කරල මෙඩිසින්ම යමු හරිද.....දැන් පාඩමි කරනවද ඔයා...."
"හම්මිම්ම්....දැන් ඔයා ඕන නිසා පාඩම් කරනව මම......"
"හමිම්ම්ම්....හොද ලමයා...."
එයාට එහෙම කිවත් හැමදාම මම කාමරේට වෙලා පොත් පෙරගෙන බොරුව පාඩම් කරනව වගෙ ගදරට පේන්න හිිටියත් මගෙ හිත තිබුනෙ තිසුමි ගාවයි.මොකද තිසුමි මගෙ පලවෙනි ආදරෙ නිසා එක මොහෙතක්වත් මට එයාව අමතක කරන්න හිත ඉඩ දුන්නෙම නැති නිසා.........කාලයක් ගෙවිල ගිහින් අපි උසස්පෙල විභාගෙ ලියල ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා හිටියත් ඒ හිටපු දවස් ටික හිටියෙත් එයාව දකින කල් නොඉවසිල්ලෙන්.....කාලයත් එක්කම සීතල දෙසැම්බර් මාසෙමඋනුසුම් කරගෙන අපේ ප්‍රතිඵල ආවත් මම නම් යන්තන් S 3ක් අරන් පාස් උනත් තිසුමි A 3ක් අරන් පාස්වෙලා පේරාදෙණි කැම්පස් එකටත් සිලෙක්ට් වෙලයි හිටියෙ..........
"තිසුමි.....මම එනකල් ඉන්න....මම ඊගල පාර අනිවාර්යෙන්ම එනව කැම්පස් එකට...."
"හම්ම්ම්ම්.....හරි....හරි පැටියෝ.....මම ඔයා එනකන් බලාන ඉන්නව...."
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
මම තුන්නිවෙනි වතාවටත් විභාගෙ කරල කැමිපස් ගියත් මම එනකන් බලාගෙන ඉන්නව කිව එයා අද වෙන කෙනෙක්ගෙ අතේ එල්ලිලා යනව....මම එයාට කතා කරත් එයා මව පොඩ්ඩක්වත් ගනන් ගත්තෙවත් නෑ...........ආදරෙ නිසා පිස්සෙක් වගෙ ආදරෙ කරපු කලනට ලැබුනෙ ආදරයක්වත් කිසි දෙයක් නෙවෙ.අංගොඩ මානසික රොහලෙ මානසික රොගියෙක් විදිහට ඉන්නයි.
ලිවෙි : දුෂාන්
#උසස්පෙල පංති යන කාලෙදි පංති වලදි ඇති වෙන ප්‍රේම සම්බන්ධතා වලින් අවසානෙට දෙන්නම එකතු වෙන සම්බන්ධතා ගොඩක් අඩුයි.ඒ නිසා ඉගන ගන්න කාලෙදි ඉගනීමට මුල්තැන දීල වැඩ කරන්න.නැත්තන් අවසානෙදි විදවිමක් ව්තරයි ඉතිරි වෙන්නෙ.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment