ආත්මයම අම්මා..

#ආත්මයම_අම්මා...
(කෙටි කතාව)

නම:  නදුන් සන්කල්ප
ගම: වලස්මුල්ල
වයස: 21
ඔය කීවෙ මගේ විස්තර සුට්ටක්...
කතාව අපි පටන් ගමු මගේ වයස අවුරුදු 18දි උන සිද්දියකින්..

=================================

ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩිනා...
ඒ හිරු එලියේ නැණමල් පොඩි පිපුනා....
......................................................................

#මම - නෙදකින විතරක් බන් මේ බස් එකේ දාල තියන සින්දුව නින්ද යනව බන් මට... මෙච්චර ලස්සන සින්දු තියන රටේ බලපන් මුන් දාන එව්ව... පූජා කරන්නම් මලක් ඔයා නමින්, වැද බුදුන්ගෙන් පවා ඉල්ලුවේ ඔයා, ආශාවරී, ගිණියම් රෑ... මේවනෙ යකෝ සින්දු...මුන් දාන්නෙ නාකි සින්දුනෙ බන් 😬😬😬😬

#චමීර - ඔව් බන් උත්ත මුන් තාම ජීවත් වෙන්නෙ එකදාස් නවසිය බරගනන් වල බන්....

(අහ් චමීර කියන්නෙ මගේ යාලුව)

#මම - අඩේ ඒකනෙමෙයි අර බලපන් ඉස්සරහින් නැගපු බඩ්ඩ...හම්මා... මට මොකක්ද මන්ද උනා බන් පට්ට කෑල්ල නේද බන්...

#චමීර - නෙදකින සෙවලය ගෑනියෙක් පේන්න බෑ තොට..

#මම - මේ ඒක නෙමෙයි බන් අද ක්ලාස් යන්න බෑ බන් අම්මගෙන් මම පන්ති සල්ලි ඉල්ලගත්ත බන් අද ගහමු අඩියක් මොකෝ කියන්නෙ ...

#චමීර - අඩේ පට්ට ඕයි... කීයක් තියනවද?

#මම - 3600ක් තියෙනව බන් පන්ති 3නේම සල්ලි තියෙනව බන් .

#චමීර - එතකොට උබ පන්ති යන්නෙ කොහොමද ?

#මම - අම්මගෙන් ඉල්ලගන්නම් බන් මොනා හරි බොරුවක්‍ කියල..

==============================
(එදිනම සවස නිවසේදී )
*අ... අ....ම්මේ..... අම්මෝ....

*චූටි පුතා.... උඹ  ආවද පුතේ... අන්න බත් බෙදල ඇති කුස්සියේ ගිහින් කාපන්....

*ම....ම...මට කන්න බ්... බ්... බෑ අම්ම්ම්මේ... බ්..බ..ඩ  ප්..පිරිල    ත්.. තියෙන්නෙ ...

*මොකද පුතේ උඹට වෙලා තියෙන්නෙ... රත්තරනේ උඹට උනක්වත් හැදිලද.... මූණ සුදුමැලි වෙලා... ඇස් ගිනි බෝල වගේ....කෝ බලන්න උනද කියල .....

*ම්...මට ඇත්....ත්...ති උනක් නෑ අ...අම්මෙ....

*ඉඳපන් පොඩ්ඩක් කට ඇරපන් චූටි ...

*ඇ......ඇයි අ....අ....ම්...මේ...

*තෝ බීල නේද ඉන්නෙ....ඔව් ඔව් තෝ බීල.... යකෝ තෝත් මහ එකා වගේ මැරෙන්නද හදන්නෙ යකෝ... ඇයි පුතේ උබ මේ අම්මට මෙහෙම කරන්නෙ ....

*අ....අනේ ම්..මේ අ...අම්...ම්...මෙ...මම බ්....බීපු  ල්...ලබ්.....බක් න්...නෑ.... බ්... බොරුවට ව්....විල්..ලාප ද්...දෙන්....න එප්....පා...

*මයෙ රත්තරං පුතේ උඹේ තාත්ත නැති උන දවසෙ ඉඳන් මම උබව හදන්න කොයිතරම් දු.....

*අන්.....නේ ම්....මේ ඔ..ය ම්...මග්‍....ගුල අහල අහල ම්..මට ත්... තිත්ත වෙල්...ලා ත්....තියෙන්නෙ .... ඕග්.....ඕග්.....ඕර්.......

*අනේ අනේ පුතේ උඹට අමාරුයිද.... වරෙන් ඇඳට ගිහින් නිදාගනින්.. අහ්..හා...හා පරිස්සමෙන් ඔහ්...

==============================
(පසුදා උදෑසන)

*අම්මෝ..හ් අම්මේ මගෙ ඔලුව රිදෙනවා.....

*අහ් නැගිට්ටද බේබද්ද... ඊයෙ හවස තෝ ගෙදර ආපු විදිය මතකද...

*අනේ මේ උදේ පාන්දර මූසලකමට පටන්ගන්න එපා .... ඇදෙන් බහින්න උනේ නෑ පටන් ගත්ත කියවන්න ...

*හී....හී...ඉහි....ඔව් ඔව් උබේ මේ අම්ම මූසල ගෑනි .... උබට පාරක් නොගහ හදපු මම මූසල ගෑනි...ඉහි...හී හී

(පැයකට පමණ පසු)

*අම්මේ මම පන්ති යන්න ඕන....

*ඉතින් පලයන් වෙනදාට උබ ගෙදරින් ගියේ මේ මූසල ගෑනිට කියලද...

*අම්මෙ මට යන්න පුලුවන් ඒත්.... මේ....

*ඇයි ඒත් කීවෙ කියපන් ..

*මේ මට රුපියල් 2000ක් ඕන..

*යකෝ 2000ක් .....උබට මම ඊයෙ පන්ති සල්ලි දුන්නනෙ...

*නෑ නෑ පන්ති සල්ලි නෙමෙයි මේ.... මේ... අහ් මේ...අර පන්තියෙන් යන අද්‍යාපන චාරිකාවට දෙන්න අදම ගේන්න කීව.. දෙන්නකො...

*ඊයේ උඹට බොන්න සල්ලි හොයාගත්ත තැනින්ම හොයාගනින්... යකෝ මම අර කුමාරි නෝනගෙන් ඊයෙ උබට සල්ලි ඉල්ලල දුන්නෙ තව කොහෙන්ද සල්ලි.

*මම දන්නෙ නෑ මට කොහොම හරි සල්ලි ඕන නැත්නම් මම පන්ති යන්නෙත් නෑ .... නෙදකින මෙහෙමත් අම්මල....

==============================

&කුමාරි නෝනා.... කුමාරි නෝනා....

*අහ් මේ සිරියනෙ ඇයි සිරිය උදෙන්ම අද දලු කඩන්නත් නෑනෙ....

*අහ් මේ නෑ නෝනෙ මම මේ ආවෙ මේ....

*අහ් හා අදනම් සත පහක් නෑ සිරියො... උබ කෙකර බාන්නෙ ඕකටනෙ... ඊයෙ උබට 4000ක් දුන්නනෙ බන් ....

*අනේ නෝනෙ මේ කොල්ලගෙ පන්තියේ වැඩකට 2000ක් ඕනලු මම නිකන් නෙමෙයි නෝනෙ ඉල්ලන්න ආවෙ මේ මගේ කරාබු ජෝඩුව අරන් දෙන්න නෝනෙ මම පස්සෙ මේක බේරගන්නම්....

*කෝ දියන් බලන්න....

*අහ් නෝනෙ...

*හ්ම්ම්ම්... ම්ම්ම්... අහ් හරි ටිකක් ඉදපන් මම 2000ක් දෙන්නම්....

*හා නෝනෙ...

==============================

*පුතේ මෙහෙ වරෙන්...

*ම්ම්ම්ම්....

*මගෙ ඔලුවෙ අත තියල පොරොන්දු වෙයන් ආයෙ අර දහජරාව කටේ තියන්නෙ නෑ කියල ....

*හරි හරි ආයෙ මම බොන්නෙ නෑ දැන් හරිනෙ මගෙ සල්ලි හොයාගත්තද?

*හ්ම්ම්ම්.... ඉදා මේක තියාගනින් ආයෙ මාසයක් යනකන් සල්ලි නෑ මයෙ පුතේ ......

*හී හි හරි හරි මම ඉක්මනින් ලේස්ති වෙලා යනවා....

මේ විදියට ෆන් එකේ මගේ ජීවිතය ගලාගෙන යද්දි මට අලුත් යාලුවෙක් සෙට් වෙනව..මූ ඇවිල්ල නමින් ප්‍රසන්න වැඩ අප්‍රසන්න..මූ කාම ප්‍රේතයෙක් කීවොත් නිවැරදියි.. උපතින්ම පට්ට සල්ලිකාරයො මුන්... ඒ නිසා ඌට ඉතින් කෙල්ලො නතින්ග්...සල්ලි වලට ආදරය කරන කෙල්ලො තමයි මුගෙ ගනිකාවො වෙන්නෙ..

කොහොමහරි මම දවසක් ප්‍රසන්න එක්ක උගේ ගෙදර ගියා.ඒක ගෙයක් නෙමෙයි මාලිගාවක්.. එදා අපි දෙන්න බෝතලයක් අරන් සෙට් වෙන්න කතා කරගත්ත. ඌ කෙලින්ම ගියා අම්මගෙන් 5000ක් ඉල්ලුව.. කිසි කතාවක් නෑ අම්මත් පර්ස් එක ගත්ත 5000ක් දුන්න.. අන්න අම්මල මම මටම කියාගත්ත..මට මගේ දුප්පත් අම්ම පිලිකුල් උනා..
එදා ඉදන් මම අම්ම එක්ක තිබ්බ තරහටම කවදහරි හොද තැනකට යන්න අදිටන් කරගත්ත.මම හොදට පාඩම් කරා...

අවසානයෙ මම උසස්පෙල ඉහලින්ම සමත් උනා..
මට සරසවි වරම් හිමි උනා...
කැම්පස් ඉන්න කාලෙත් අම්ම මට පුලුවන් උපරිමෙන් සල්ලි එව්ව..මට ඒව සතපහකට වටින්නෙ නෑ.. ඒවයින්ම කකා ඒවටම ගරහ ගරහ  හිටිය...මට අම්ම එවන එක ලියුමකටවත් මම ලියුමක් යැව්වෙ නෑ.. කැම්පස් ආව දවසෙ ඉදන් එක දවසක්වත් ගෙදර ගියේ නෑ.. වැකේශන් එකෙත් මම බෝඩිමේ නැවතිලා හිටිය.. මම මේ වෙනකොට පාට් ටයිම් ජොබ් එකක් කරනගමන් හිටියෙ.. අම්ම හැම මාසෙම එවන 10000ට අමතරව මගෙ ජොබ් එකෙන් මට මාසෙකට 18000ක් විතර ලැබුන..

කොහොම හරි මගේ සරසවි  ජීවිතේ ඔය විදිහට අවසන් වුණා .
මට accountant කෙනෙක් විදියට ලොකු කොම්පැනියක මුල්ම රස්සාව ලැබුණා .. ලොකු salary ඒකත් එක්ක මම ජීවිතේ සුඛෝපභෝගීව ගත කරා.. මට මේ තත්වෙට එන්න දුක් මහන්සි වෙලා සල්ලි හම්බ කරල දුන්න මගෙ අම්මව මට මතකම නැතිවුණා.. මතක් උනත් මට අම්මා ගැන තිබුණෙත් පිළිකුල් සහගත හැඟීමක්..අනිත් අම්මලා තමන්ගේ දරුවන්ට දහස් ගණන් වියදම් කරද්දී මගේ අම්මා මට ගානට සල්ලි දුන්නේ දුන්නෙ මට ඒ ගැන තිබුනේ පුදුම තරහක්..

මේ විදිහට මම ඉඩමක් අරගෙන ගෙයක් එහෙම හදල වාහනයක් එහෙම අරගෙන දියුණු වුණා.. මෙහෙම යද්දි මට හම්බවුන අනිත්‍යා එයා ගොඩක් ලස්සන සල්ලිකාර පවුලක කෙල්ලෙක් .මගේ දියුණුව නිසා එයාගේ පවුලෙන් අපිට කිසිම බාධාවක් තිබුනේ නෑ . මගේ පවුලේ හැමෝම ඇක්සිඩන්ට් එකෙන් නැති වුණා කියලා මම එයාගේ ගෙදරට කියලා තිබුණේ .මේ විදියට අපේ විවාහයත් සිද්ධ වුණ.. විවාහ වෙලා අපිට වැඩි කාලයක් සතුටින් ඉන්න ලැබුණෙ නෑ..මගේ වකුගඩු දෙකම නරක් වෙලා . එක දිගට ගොඩක් කල් මත්පැන් පාවිච්චි කරපු නිසා කියල  තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ.. මේ හේතුව නිසා මගේ wife  මාව දාල ගියා.  ඔය අතරෙ මගෙ අම්මා අතරේ මගේ අම්මා මාව හැමතැනම හොයනවා කියලා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මට දැනගන්න ලැබුණා.අන්තිමට මගේ වකුගඩු දෙක නරක් වෙලා මම hospital එකේ ඉන්නවා කියලා මගේ යාලුවෙක්ම අම්මට කියල  තිබුණා. මාව බලන්න අම්ම හොස්පිටල් එකට ආවා.මට අම්මා දැක්ක ගමන් පුදුම අප්‍රසන්න හැඟීමක් දැනුණේ . මම අම්මට බැනලා එලව ගත්ත .ඒ ගියා ගියාමයි අම්මා ආයේ මාව බලන්න ආවේ නෑ . මට හොඳටම අමාරු වුණා .ඉක්මනින් වකුගඩු බද්ධයක් කරන්න ඕන කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.කොහොමහරි අවසානයේ මට ගැළපෙන වකුගඩුවක් හම්බ වෙලා තිබුණා .මගේ ඔපරේෂන් එක සාර්ථක වුණා  මට ආයෙත් ඉස්සර වගේ ඉන්න පුළුවන් වුණා..

ඔය විදියට ටික දවසකින් මම චෙකප් එකක් කරන්න හොස්පිටල් එකට ගියපු වෙලාවක ඩොක්ට මට කිව්වා මට වකුගඩුව දුන්න කෙනා ට ගොඩක් අමාරුයි එයා කොයි වෙලාවෙද කියන්න බෑ කියලා .මගේ තිබුන ආත්මාර්ථකාමී කම නිසා මම operation එක සාර්තක උන වෙලාවෙවත් මට වකුගඩුව දුන්න කෙනා ගැන ඩොක්ටර්ස්ලගෙන් ඇහුවෙවත් නෑ.මම ඩොක්ටට කිව්වා මට ඉක්මනින් එයාව බලන්න ඕන කියලා එයාට ස්තුති කරන්න ඕන කියලා .doctor මාව ඉක්මනින් එතැනට එක්කන් ගියා. තැනට ගියපු ගමන් 👇👇

*  දෙයියනේ මගෙ අම්මා....
අ...අම්..මේ... ඔයාද මට වකුගඩුව දුන්නෙ මගෙ  අම්මෙ...

* රත්තරං පුතේ මට සමාවෙයන් පුතේ.. අනිත් අම්මල කරන දේවල් උඹට කරන්න උබෙ දුප්පත් අම්මට පුලුවන් කමක් තිබුනෙ නෑ රත්තරනේ.. මට සමාවෙයන් රත්තරං පුතේ...

* අනෙ අම්මෙ මට සමාවෙන්න මගෙ අම්මෙ මම මහ කාලකණ්ණියෙක් මගෙ අම්මෙ මට අම්ම කරපු හැමදේම වැරදියට පෙනුනෙ මගෙ අම්මෙ මට මුල් උපත දීල විදින්න තියන සේරම දුක් විදල මාව හදල උස් මහත් කරල.මම මේ තරම් අම්මව පිලිකුල් කරද්දිත් මට දෙවෙනි උපතත් දුන්.....

* ක් හැ ක් හැ ම්ම්ම්ම්...හ්හ්හ්...

* අම්මේ අම්මේ...අනෙ මගෙ අම්මෙ ඇස් අරින්න අම්මෙ.. ඩොක්ට මගෙ අම්මා...

*අපිට සමාවෙන්න මිස්ට නදුන් ඔයාගෙ අම්ම නැති වෙලා... 

* අනේ ඩොක්ට මට මගෙ අම්මගෙන් සමාව ගන්න ඕන ඩොක්ට මම කරපු හැමදේටම ..මට අගය නොතේරිල මෙච්චර කල් නොසලකපු මගෙ අම්මට සලකන්න ඕන ඩොක්ට අනෙ වදින්නම් ඩොක්ට මට මගෙ අම්මව  බේරල දෙන්න...

* අපිට සමාවෙන්න මිස්ට නදුන්.. ඔයාගෙ අම්ම නැති වෙලා ඉවරයි.. ඔයා මේව හිතන්න තිබුනෙ අම්ම ජීවත් වෙලා ඉන්න කාලෙ.. අම්ම කෙනෙක්ගෙ අගය හොදටම  දැනෙන්නෙ අම්ම නැති අයට.. දැන් කාලෙ අම්මල මහලු මඩම් වලට ගිහින් දානව නැත්නම් අම්ම ඉන්නව කියලත් අමතක කරල දාන සමාජයක් මේක.. ඒ හැමෝටම අම්මලගෙ අගය තේරෙනව දවසක එදාට ඒ අයත් මිස්ටර් මලිදු වගෙම දුක් වෙනව ඒකාන්තයි ..

* අනේ මගෙ අම්මේ....මට සමාවෙන්න මගෙ රත්තරං අම්මේ......

නිමි....

අම්මා....ඒ වචනෙට උපමා කුමටද....
           ලෝබ නැතුව..ආදරේ දෙන්නේ..
  ආපිට කිසිවක් බලා පොරොත්තු නොවන  ලොව යමක් දීමට සිටීනම් ඒ අම්මාම පමනයි....
       
         අපි ආදරේ කරමු වෙනදටත් වැඩියෙන් අපේ අම්මට.....

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment