මග පෙන්වීම

මඟ පෙන්වීම-

මචන්.....
අද මොකද කරන්නේ...?

මොකද කරන්නේ කියන්නේ...
අද ක්ලාස් නේ බන් ක්ලාස් එකට යනවා මිසක් වෙන මොනවා කරන්නද?

මොනවද අසිත....
හැමදාම ක්ලාස් ක්ලාස් ක්ලාස්..
මොකක්ද බන් මේ ජිවිතේ...

යකෝ ජීවිතේ මේ කලේ තියෙන්නේ ඉගන ගන්න. මේ කාලේ ඉගන ගන්න දෙයින් තමා මුළු අනාගතේම තීරණය වෙන්නේ. ඉතින් ඒ හින්දා ක්ලාස් යන්නම වෙනවා. ක්ලාස් නොගිහින් අපිට මේක ගොඩදාගන්න තරම් අපි මීටර් නෙමේනේ..

එක දවසක් ක්ලාස් ගියේ නෑ කියලා මොනවත් වෙන්නේ නෑ බන්.. අද ක්ලාස් නොයා යමු ගමනක් තියනවා යන්න..

පිස්සුද බන්... සර් කාරයා කෙලින්ම තාත්තාගේ කනේ තියනවා තාත්තා ඉස්සර ඉදන්ම සර් ව දන්නවානේ.. ඉතින් මට නම් බෑ.

මම උඹේ යාලුවෙක් නෙමේද? මම කියන දෙයක් උඹට කරන්න බැරිද?

මොකක්ද බන් දැන් උඹ කරන්න කියන්නේ.. ?

යමන්කෝ අද සෙට් වෙන්න. කට්ටියම වරුණයලගේ ගෙදර සෙට් වෙනවා... මම උඹත් එක්කගෙන එන්නම් කියලා කීවා..

--------------------------------------------------

අම්මෝ අද නම් වහී බන්..
බලපන්කො අසිතයා ඇවිත්...

සිරාවටම බන්.. මේක සමරන්න ඕනා.. ගනින් මේක.... එක හුස්මට බීපන්...

මොනවද බන් මේ. උඹලා මෙතන අරක්කු බොනවද? යකෝ පිස්සුද? කෝ උඹලාගේ අම්මලා..

අනේ මේ පිස්සුද බන් මේ අරක්කු නෙමේ...
බීලා බලපන්කො...
ගෙදර අය ට්‍රිප් එකක් ගිහින්...
අද දවසම අපේ රාජ්‍යයේ වගේ තමා ඉතින්..

--------------------------------------------------

මූ බලපන්කො....
නිකන් ඉන්නේ සිල් අරන් වගේ..
ඒ උනාට බෝතල් කටේ තියාගෙන බොන්නේ... උඹ කලින් බීලා තියනවද බන්?

නෑ බන්...
උඹලට පුලුවන්නම් ඇයි මට බැරි...
ඉතින් ඒ හින්දා බීවා....
දැන් නම් ඇති වගේ....
යමුද අපි...

යකෝ ඔහොම යන්න පුලුවන්ද කෙලින් ඉන්න පන නෑ
උඹට ඕනේ නම් යමන්..

--------------------------------------------------

අසිත.....

හම්මට සර්...

කොහෙද ළමයෝ මෙහෙ..
බීලාද ඉන්නේ මොකද වැනෙන්නේ...
ඔය වැටෙන්න යනවා නේද?

----------------------------------------------------

(පැය 6 කට පසු...)

කොහොමද දැන්.... අසිත..

සර්.... මම මේ කොහෙද ඉන්නේ..
මොකද මට උනේ...
රෑත් වෙලා නේද?

හ්ම්ම් ඉන්නේ නම් මගේ ගෙදර.
තමුන් අද පන්ති එන්නේ නැතිව මහලොකු හපන් කමක් කරන්න ගිහින්නේ
කෙලින් යන්න පන නෑ
මට පාරෙන් හම්බවෙනකොට තව ටිකෙන් වාහනේට හැප්පෙන විදිහට උන්නේ.
මට මොනවා උනත් මගෙන් ඉගන ගන්න ළමයෙක්නේ
අනික මේවා තමුන්ගේ තාත්තා දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි...
තමුන් කාත් එක්කද ඔය ජරාව බීවේ.,.
තනියම බීවා වෙන්න බැහැනේ..

යාළුවො එක්ක සර්..
අනේ සර් දැන් ගෙදරින් දැන ගනීවිද?
දැන් රෑත් වෙලා....
මට ගෙදර යන්න ඕනා සර්..

හරි හරි එක ගැන බය වෙන්න එපා
මම ගෙදරට කිවා අද පොඩි වැඩ ටිකකට මෙහෙ එක්කෙගෙන යනවා කියලා.
ඒ නිසා ගෙදර ගැන අවුලක් හිතන්න එපා.
එත් මේ පලවෙනි හා අන්තිම වතාව.
දැන් බලනවා.. තමුන් යාලුවෝ එක්ක බීලා,
උන් හොද යාලුවොද?
එකට බීලා .තමුසෙට පාරේ කෙලින් යන්න බෑ තනියම යවලා.
වාහනේකට හැප්පුනා නම් එහෙම...
ඔය කියන යාළුවො කාට හරි ද පාඩු ?
අනික තමුසේ හොඳට ඉගන ගන්න පුළුවන් ළමයා වෙච්චි..
තේරෙන්නේ නැද්ද ආශ්‍රය කරන්න ඕනා කරන යාළුවො කවුද නැති අය කවුද කියල .
ඒක තේරුම් අරන් වැඩ කරන්න..

මට තේරෙනවා සර්..
මම කරපු වැඩේ වැරදි කියල...
මට සමාවෙන්න සර්..

--------------------------------------------------

සර්.....
අහ්හ් මේ අසිත නේද?
වෙනස් වෙලා ගොඩක්..

ඔව් සර්... දැන් මම ගොඩක් වෙනස් වෙලා ...
හැබැයි මට ජිවිතේ හැමදේම ගැන හොදම පාඩම ලැබුනේ සර් ගෙන්. මම අද මේ වගේ හොඳ රස්සාවක ඉන්නේ සර් ට පින් සිද්ධ වෙන්න.
එදා මට ගෙදරින් ප්‍රශ්නයක් වෙන්නත් නොදී මටත් තේරුම් කරලා දුන්න හින්දම මට තේරුනා හැමදේම කරන්න ඕනි හොදම විධිය.

එක අපේ රස්සාවනේ..
අපේ යුතුකම ළමයි වැරදි කරනකොට හදාගන්න එක.
ගන්න වැටුපට නෙමේ මේ ලෝකෙට හොඳ මිනිස්සු ටිකක් එකතු කරන එක තමා
හැමදේටම කලින් අපි හිතන්න ඕනා දේ. ඉතින් සතුටුයි අද හොද තැනක ඉන්න එක ගැන.

සඳරු  Devaka Sadaruwan

( ජීවිතේට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරනවා වගේම ගුරුවරුන්ගේ නියම මඟ පෙන්වීම ඇතුව ජිවිතේ ඉස්සරහට තියන හැමදේම කරගන්න අය ජීවිතෙත් දිනනවා... )
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment