කෙටි කතාව
*********************
අකීකරු පෙම්වතා
********************
භාගෙට සැලුන් දොරින් රිංගා...
ගා ගෙන ඕඩි කොලෝන් බෘංගා....
එක්ටැම් ගෙවල් තුළින් ඉරිදට පියාඹනා...
ටියුෂන් කුමාරියෝ සොයනා....
පන්තිය ඉවර වෙනවත් එක්කම කෙල්ලෝ ටික බර බරේ දාන්න ගත්තේ පරණ පුරුදු විදියටමයි.... විහිලු තහලු මැද්දේ ක්ලාස් රූම් එකෙන් එළියට බැස්සා නෙමෙයි.... තල්ලු වෙලා ආවා...
අන්න උඹව අරන් යන්න දඬු මොණරා ඇවිල්ලා.....
සංජු කිව්වේ පරණ පුරුදු තරහා හිතේ තියාගෙනමයි.... ඒ නිසාමයි ඇය කිසිවක් නොපවසා බිම බලා ගත්තේ...
කොහේගියත්, මොනවා කරත් පරිස්සමින්..... උඹ ඔය හැම දෙයක්ම කරන්නේ අම්මට, තාත්තට හොරා.... ඒ මනුස්සයෝ දෙන්නා හදාගෙන තියෙන නම නැති කරන්න එපා....
ඇය සංසලා නිර්මානි විජේවර්ධන..... විජේවර්ධන දෙපළගේ එකම දුව..... විජේවර්ධන මහතා තංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන අතර, මව බාලිකා විද්‍යාලයක උප විදුහල්පතිවරියක ලෙස කටයුතු කරයි... මවගේ සහ පියාගේ හුරුතල් මැද හැදුනු ඇය පෙනුමෙන් මෙන්ම වැඩවලින්ද ඉතාමත් අහිංසක යුවතියක් විය....
ඇය මේ වන විට සාමන්‍යෙ පෙළ විභාගයට "ඒ" සාමාර්ථ නමයක් ගනිමින් තම පාසලට මෙන්ම මව්පියන්ටද ගෞරවයක් අත්කර දුන් අතර, ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ හැදෑරීමට සූදානම් වෙමින් සිටියි.... ඇයගේ මෙන්ම මව්පියන්ගේ බලාපොරොත්තුව වූයේ ඇය අනාගතයේ වෛද්‍යවරියක වනු දැකීමය....
උඹ බිම බලන් ඉන්නේ ඇයි සංසු දැන්... මං කිව්වේ ඇත්ත.... උඹ කරන මේ වැඩවලින් අර මනුස්සයෝ දෙන්නගේ මූණෙයි දැලි ගෑ වෙන්නේ...
එසේ පැවසූ සංජු එම ස්ථානයෙන් පිට වන්නේ කෝපය පිරි සිතකිනි.....
මොකද අරයා අර පුපුර පුපුර යන්නේ...? අදත් බැනලද ගියේ....?
හංසක ඇසුවේ සංජු නික්ම යෑමෙන් අනතුරුව සංසලා සිටි ස්ථානයට පැමීණීමෙන් අනතුරුවය...
හංසක නිම්සර ඒකනායක..... කුඩා කලදීම අධ්‍යාපනය අතරමග අත්හැර දැමූ ඔහු මේ වන විට නගරයේ තරමක් ප්‍රසිද්ධ මත්කුඩු ව්‍යාපාර කරන සෝමසිරි මුදලාලි යටතේ වැඩ කරයි..... කුඩා කලදීම තම මව සහ පියා අහිමි ඔහු මව්පියන්ගේ ආදරය යනු කුමක්දැයි හරියාකාරව නොදැන සිටියා ය... ඒකනායක නම ඔහුට ලැබුණේ කෙසේදැයි ඔහුවත් නොදැන සිටි අතර උප්පැන්න සහතිකයේ මවගේ නම පමණක් තිබූ අතර පියාගේ නම තිබෙන තීරුව හිස් විය... අවජාතකයා නමින් බොහෝ දෙනෙකුගේ උපහාසවලට ලක් වීම නිසා ඔහු ඉතාමත් දඩබ්බර පුද්ගලයකු විය....
නැහැ අයියා.... මොකුත් කිව්වේ නැහැ...
එහෙනම් ඇස්වල කඳුළු....?
දූවිලි නිසා වෙන්න ඇති......
ආ... නගින්න....?
හංසක පැවසුවේ හෙල්මට් එකක් ඇය වෙත දික් කරමින් ය....
කොහෙද යන්නේ....?
පණ්ඩිතයා නොවී නගිනවකෝ......
ඇය කිසිවක් නොපවසා ඔහුගේ මුහුණ දෙස බලා සිටින්නට විය....
නගිනවකෝ කිව්වම.... පරක්කු වෙනවා..... දැන් තමුසෙට මාව විශ්වාස නැද්ද...? නැත්නම් අරකි කිව්වද කොහෙවත් යන්න එපා කියලා...
එහෙම දෙයක් නෑ අයියා...
එසේ පැවසූ ඇය යතුරු පැදියේ පිටුපසට නගින්නට විය... තරමක් විශාල යතුරු පැදියක් වූ එයට නැගීම පවා ඇයට අපහසු විය... ඉතා වේගයෙන්, මහා හඬක් සමඟින් යන යතුරු පැදිය දෙස සැවොම හැරී බලන්නේ කුතුහලයෙනි.... අකමැත්තෙන් වුව ද ඇය ඔහුගේ බඳ වටා දෑත් දමා ඒ සිරුරට තුරුලු වන්නේ යතුරු පැදියේ යෑමට හිතට දැනෙන භිය හේතුවෙනි.... දකින අය සිතන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.... සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන සේ හිස පළඳනා යොදා ඇති හෙයින් මේ යන්නේ කවුරුන්ද කියා කිසිවෙකුටවත් හඳුනාගත නොහැකිය...
ඇය සෑම ඉරු දිනකම අමතර පන්තියකට සහභාගී වන බව පවසමින් දැන් මාස තුනක පමණ සිට හංසකව හමු වන්නට යයි... පැය දෙක තුනක පමණ කාලයක් සිනමා ශාලාවක, පාර්ක් එකක හෝ මුහුදු වෙරළක රැඳෙන ඔවුන් දෙදෙනා සංසලාගේ අත ඇති මුදලින්ම දහවල් ආහාරද ගෙන නැවත පිටත්ව යයි.... මෙය පුරුද්දක් වශයෙන් දැන් සිදු වන දෙයකි... ඇය ද ඔහුගේ උණුසුමට, පහසට ඇති ආශාව නිසා ඉරුදින එළඹෙන තෙක් බලා සිටිනන්නේ ඇඟිලි ගනිමිනි.....
දැන් බහිමු... ඔය තුරුල් කරන් හිටියා ඇති නේද සුද්දී....
ඇය පියවි සිහියට පැමිණියේ ඔහුගේ කට හඬිනි......
මේ කොහෙද අයියා....
ඇයි..?
ඇයි මෙතෙන්ට ආවේ.....?
මට චුට්ටක් නිදහසේ ඔයා එක්ක කතා කරන්න ඕන.....
ඒත් අයියා මෙහෙම තැනකට....? මට භයයි......
දැන් තමුසේ මෙතන අඬන්න ලේස්ති වෙන්න එපා...... මෙතන ඉන්න මිනිස්සු මාව පොලිසියට අල්ලලා දේවී තමුසෙව මං බලෙන් ගෙනාවා කියලා.... යමු ඇතුළට....
ඔවුන් පැමිණ තිබූණේ කාමර පහසුකම් සපයන ස්ථානයකටය..... ඇයගේ අත රැඳි පර්ස් එන රැගත් ඔහු ඇයට ටික වේලාවකට එම ස්ථානයේ නවතින්න යැයි පවසමින් ඇතුළට යන්නට විය.....
නිල් පැහැති පසුබිමේ සුදු මල් ඉහිරුණු දනහිස තෙක් දිග ගවුමක් ඇය ඇඳ සිටින්නට විය... එහි ඉදිරි පසින් බොත්තම් පේලියකින් සම්බන්ධ වී තිබුණි.... ඇය ඉරු දින මෙවැනි ඇඳුමක් අඳින්නේ හංසකගේ ඉල්ලීම නිසාමය......
යමුද...?
ඇය භිය වී සිටින බව ඔහුට පෙනුනි......
භයවෙන්න එපා සුද්දී...... චුට්ටක් නිදහසේ කතා කරන්න හිතුනා... ඒකයි ආවේ.......
එසේ පවසමින් ඔහු කාමරයක දොර විවෘත කර එයට පිවිසෙන්නට වූයේ ඇයගේ අතින් ද අල්ලා ගනිමිනි..... කාමරය තුළට පිවිසි ඇයගේ නාසය වෙත අත ගියේ එතුලාන් නිකුත් වූ අප්‍රසන්න දුර්ගන්ධය නිසා ය.....
ඔහු ඉතාමත් හුරු පුරුදු කෙනෙකු ලෙස පර්ස් දෙ, හෙල්මට් දෙක සහ යතුර අසළ තිබූ මේසය උඩින් තබා ජනෙල්මත තිබූ කර්ට්න් එහෙට මෙහෙට ඇද බලන්නට විය.... ඉන් අනතුරුව බාත්රූම් එක දෙසට ගිය ඔහු නැවත පැමිණියේ විනාඩි දහයකට පමණ පසුවය.... පැමිණෙන විට ඔහුගේ දෑස් රත් පැහැ ගැන්වී තිබුණි.....
ඇයි මැණික තාම හිටගෙන..... වාඩි වෙන්න....
එසේ පවසමින් අතින් ඇදගෙනවිත් ඇයව ඔහුගේ උකුල මතින් වාඩි කර ගන්නට විය.... ඉන් අනතුරුව පිස්සුවෙන් මෙන් ඇයව සිප වැළඳ ගන්නට වූයේ දවස් ගණනක් බඩගින්නේ සිටි පුද්ගලයකුට කෑමක් ලැබුණු විට අනුභව කරන්නාක් මෙනි....
අනේ අයියේ මට රිදෙනවා..... අත ගන්න....
ඇය හැකි උපරිම ඉවසාගෙන සිට අවසානයේ ඔහුව තල්ලුකර දමා නැගිටින්නට වූයේ දෑස්මත කඳුළු රඳවාගෙනය....
අනේ මැණික..... මං ආසයිනේ....
මට රිදෙනවා සුදු අයියේ... ගොඩක් රිදෙනවා....
හ්ම්.... යන්න වොෂ් රූම් එකට ගිහිල්ලා එන්න......
ඇය වොෂ් රූම් එක දෙසට යන විට ඔහු ඇයට කතා කරන්නට විය....
හොඳ මැණික වගේ මේ ටැබ්ලට් එකත් බොන්න....
මේ මොනවද අයියා....?
භය වෙන්න එපා.... ඕක බොන්නකෝ.....
ඇය එයත් රැඟෙන වොෂ්රූම් එකට ගොස් ටැබ්ලට් එක කොමඩ් එක තුළට දමා වතුර දමා නැවත රූම් එකට පැමිණෙන විට ඔහු ඇඳ මත හාන්සි වී සිටින ආකාරය දැක ගත හැකි විට...
බිව්වද...?
හ්ම්....
ඇය බිම බලාගෙන පවසන්නට විය.....
මාත් වොෂ් එකක් දාගෙන එන්නම්.... චුට්ටක් වාඩි වෙලා ඉන්න......
එසේ පැවසූ ඔහු අසළ තිබූ ටවල් එකද රැඟෙන බාත්රූම් හක දෙසට යන්නට විය.... ඔහු නැවත පැමිණියේ ටවල් එක පමණක් ගත දවටාගෙනය.....
ඇයි මේ...?
ඇඟ සෝදා ගත්තා සුද්දි.... දාඩියයිනේ හොඳටම.....
එසේ පැවසූ ඔහු ඇය අසළින් නැවත වාඩි වන්නට විය.... පෙර ආකාරයටම ඇයගේ ගවුමෙහි බොත්තම් එකින් එක ගලවන්නට වූ ඔහු ඇයව වියරුවෙන් මෙන් සිප ගන්නට විය...... කුම ක්‍රමයෙන් ඇයගේ ගවුම සහ යට ඇඳුම් සියල්ල ඉවත් කළ ඔහු ඇයව සිප ගත්තේ පිස්සෙකු මෙනි...
අනේ අයියා ඇයි මේ....?
ඉනනකෝ ඔහොම.... ප්ලීස්.... අද විතරක්....
ඒත් අයියා.... මට භයයි...
භය වෙන්න එපා... මොකුත් වෙන්නේ නෑ...... ඔයා අර ටැබ්ලට් එක බිව්වා නේද...?
ඇය හිස වැනීය...
එහෙනම් භය වෙන්න එපා... මොකුත් වෙන්නේ නෑ ඔයාට.....
ඔහු ඇය අසලින් ඉවත් වූයේ ඔහුට අවශ්‍ය දේ සිදු කර ගැනීමෙන් අනතුරුවය.....
ඇයි අඬන්නේ.... භය වෙන්න එපා.... මොකුත් වෙන්නේ නෑ...හොඳ ළමයා වගේ කඳුළු පිහිද ගන්න.....
ඒත් අයියේ මේක...?
ඇය බෙඩ්ෂීට් එක මත තිබු කුඩා පැල්ලමක් පෙන්වන්නට විය...
කවදා හරි මටනේ අයිති.... නේද...? යන්න වොෂ් එකක් දාගෙන යන්න ලේසිති වෙමු.....
එසේ පැවසූ ඔහු නැවත ඇයගේ කම්මුලකට උණුසුම් හාදුවක් පිරිනමමින් එතනින් ඉවත් වන්නට විය.... එතැන් පටන් සෑම ඉරු දිනකම ඔහු ඇයව කොහේ හෝ රූම් එකකට එක්ක යන අතර පැය කිහිපයක් එහි ගත කර නැවත පැමිණෙයි... කාලයත් සමඟ ඇයටද මෙය නැතුවම බැරි විය.....
මේ සංසු.... මට උඹට කියන්න දෙයක් තියෙනවා. .
කියපන් සංජු...
මං දන්නේ නෑ හංසක ඌ ගැන මොනවා කිියලා තියෙනවද කියලා.... ඒත් පංතියේ ළමයි කතා වෙනවා හංසක කුඩු ගහනවා කියලා.... ඒ විතරක් නෙමෙයි බෝයි ස්කූල් එක කිට්ටුව කඩවලට කුඩු දාන්නේ හංසකලු..... ඌ වැඩ කරන්නෙත් අර සෝමසිරි මුදලාලියා ළඟලු... උඹ චුට්ටක් පරිස්සම් වෙයන්.... ඔය ගමන් බිමන් චුට්ටක් අඩු කරපන්.....
ඇයට දාඩිය දමන්නට විය..... ඒ කියන්නේ හංසක අයියා කුඩු ගහනවද.. ? සමහර දිනවල ඔහුගේ ඇස් රත් පැහැයෙන් දිලිසෙයි... ඔහු තමා සමඟ හැසිරෙන්නේ මත් වූවකු ලෙසින් යැයි හැඟුන අවස්ථා බොහොමයක් තිබුණ ද ඇය එය වැඩිය සිතන්නට ගියේ නැ... ඇත්තටම තමා හංසකව ආශ්‍රය කාරීමට පටන් ගෙන මාස පහක් පමණ වුවත් ඔහු කවුද,කරන්නේ කුමක්ද යන්න හරියාකාරව නොදනී.... ඒ පිළිබඳ විමසූ විට ඔහු සෑම විටම මගහරියි...
ඇයි උඹ භය වෙලා වගේ....?
මොකුත් නෑ බං....
හ්ම්... මෙනෙවා කරත් උඹ පරිස්සමින්.. බයෝ කරන උඹට මං පරිස්සම් වෙන්න ඕන විදිය කියන්න ඕන නැහැනේ..... ඒ නිසා හොඳට හිතලා වැඩ කරපන්.....
හ්ම්....
ඇය ගෙදර ගොස් මේ පිළිබඳ බොහෝ වේලා කල්පනා කරන්නට විය..... ඉන් පසු ඇය හංසකට දුරකතන ඇමතුමක් ගන්නට විය...
අයියා බබා මොකද කරන්නේ....?
මොකද මේ අද අමුතු ආදරයක්....?
මං ඉතිං කොහොමත් ආදරෙයිනේ..... හෙට මොකද කරන්නේ....?
මොකුත් නෑ.. ඇයි...?
එන්න මාව බලන්න...
හදිස්සියේ.... අපි පෙරේදත් මීට් වුනා නේ....
අනේ..... මට ගොඩක් මතක් වෙනවා අයියව..... එන්නකෝ...
මට මොනවද දෙන්නේ ආවොත්....?
මෙසේ පැය දෙකක් පමණ කතා කර කර සිටි දෙදෙනා හෙට උදෑසන අටට හමු වීමට කතිකා කරගෙන දුරකතනය විසන්දි කරන්නට විය.... වෙනදා මෙන්ම එදිනද ඔවුන් හුරු පුරුදු කාමරය වෙත ගමන් කරන්නට විය.....
චුට්ටක් ඉන්න.....
එසේ පැවසූ ඇය වොෂ් රුම් එකට පිටත් වීමට ගිය ඔහුව නවතන්නට විය...
මං ඉක්මණට එන්නම්...
චුට්ටක් ඉන්නකෝ.....
එසේ පැවසූ ඇය ඔහුව සිප වැළඳ ගනිමින් සෙමින් ඔහුගේකලිසම් සාක්කු දෙකට දෑත් දමා එහි තිබූ කුඩා පාර්සලය අතට ගන්නට විය.... ඉන් පසු ඔහුට බාත්රූම් එකට යාමට ඉඩ දුනි.... ගිය සැනින් ආපසු පැමිණි ඔහු ෂර්ට් සාක්කුව සහ පර්ස් එක අවුස්සා බලන්නට විය... කාටදෝ කෝල් එකක් ගත් ඔහු පාර්සලයක් පිළිබඳ විමසන්නට විය.... දුරකතන ඇමතුම විසන්ධි කළ පසු ඇය ඔහුට කතා කරන්නට විය....
අයියා බබා මේකද හොයන්නේ...... ?
තමුසෙට කොහෙන්ද මේක... දෙනවා මෙහෙට...
එය උදුරන්නට විය....
එපා..... ළඟට ආවොත් මං මේක කටට දාගන්නවා.... ඇය ඊයම් කොළය මත තිබූ සුදු පැහැති කුඩු ටික තම මුවට ලං කර ගන්නට විය...
ඕවා හොඳ දේවල් නෙමෙයි සුද්දි... ඕක දෙන්න මට....
බෑ.... එන්න එපා ළඟට.... හොඳ අයියා වගේ ඔය පුටුවෙන් වාඩි වෙන්න.... කියන දේ අහන්න අයියා බබා...
කිසිවක් මිතා ගත නොහැකි වූ ඔහු අසළ තිබූ පුටුවේ අසුන් ගන්නට විය....
හොඳ අයියා වගේ කියන්න... කොහෙන්ද මේවා.... ඇයි මේවා බොන්නේ..... මං හැමදේම දන්නවා.... අයියා ඩ්‍රග්ස් ගන්නවා.... සිගරැට් බොනවා.. අරක්කු බොනවා... සාව හමු නොවෙනකොට අයියා සල්ලි දීලා කාගේ හරි ළඟට යනවා.... මේ නංගි හැමදේම දන්නවා අයියා බබා.... ඒත් ඒ හැම දෙයක්ම මට ඔයාගේ කටින් අහන්න ඕන.... කියන්න මට.... හැම දෙයක්ම කියන්න...
ඇයගේ බල කිරීම මත ඔහු ඇයට සියලු දේ පවසන්නට විය.... කුඩා කළ ළමා නිවාසයක හැදී වුඩුනු ඔහු පාසලේ 8 වසරේ සිටියදී දිනක් කිසිවෙකු දුන් ගංජා ටිකක් පානය කරන්නට විය.. ක්‍රම ක්‍රමයෙන් එයට හුරු වූ ඔහු 9 වසරේ සිටින විට ළමා නිවාසයෙන් පැන යන්නේ ඩ්‍රග්ස් ගැනීමට සල්ලි නොමැති හේතුවෙනි.... එකල ඔහුට ඩ්‍රග්ස් ගෙනවිත් දෙන කලුනා නැමති අවුරුදු විස්සක් පමණ වයසැති කෙනෙකු ඔහුට රැකියාවක් සොයා දෙන පොරොන්දුව මත සෝමසිරි මුදලාලි වෙත ගෙන යන්නට විය... එතැන් පටනි අද වන තෙක් මුදලාලි යටතේ ඔහුගේ වැඩ කරමින් ලැබෙන මුදලින් තම අවශ්‍යතා දපුරා ගන්නට විය....
කතාව අවසාන වන විට ඔහුගේ දෑස් කඳුළින් තෙත් වී තිබූ අතර, ඔහු වෙව්ලන ආකාරයක් ඇයට දැක ගත හැකි විය....
ඇයි අයියා බබා මේ... ? ඇයි ඔයා වෙව්ලන්නේ...
මට දැන් ඒවා නැතුව ඉන්න බෑ.... එහෙම ඉද්දි මාව වෙව්ලනවා නංගි බබා.... මට ඒක කියන්න තේරෙන්නේ නෑ....
ටිකින් ටික වේලාව ගත වන විට ඔහු සිටින ස්වරූපය දුටු ඇය එම පාර්සලයේ තිබූ මත් ද්‍රව්‍යවලින් කොටසක් ඉවත් කර කොටසක් පමණක් ඔහුට ලබා දෙන්නට විය....
එදා දවස එතැන ගත කළ ඇය මෙම ගැටලුවෙන් ගැලවීමට මගක් කල්පනා කරන්නට විය... අවසානයේ ඇයගේ සිතට ආවේ භෞතික විද්‍යාව උගන්වන ගුරුතුමාය.... සාමාන්‍යයෙන් ළමයෙකුගේ පුද්ගලික ගැටලුවකදී වුව ඔහු හැකි අයුරින් විසඳුමක් ලබා දෙන බව ඇය දැන සිටියා.... හංසකද කැමති කරවාගෙන ඇය ගුරුවරයා හමුවට ගියේ තනියමය....
සර් මට චුට්ටක් කතා කරන්න පුලුවන් ද..?
එන්න දරුවෝ... වාඩි වෙන්න....
සර්.. මේ... මේ... සර් මං ගැන වැරදියට හිතන්න එපා.... මට මේ දේ අම්මා, තාත්තා එක්ක කතා කරන්න බයයි... ඒකයි සර් හමු වෙන්න ආවේ...
එසේ කතාව පටන් ගත් ඇය හංසක පිළිබඳ සියලු විස්තර පවසන්නට විය.... හංසකත්, තමාත් අතර සිදු වූ කිසිවක් නොපැවසූ අතර, හංසකව යහමාර්ගයට ගෙන දෙමාපිය කැමැත්තෙන් පමණක් විවාහ වීමට කැමති බවත් පවසන්නට විය....
ඉන් පසු ගුරුවරයාගේ මග පෙන්වීමෙන් හංසකව පුනරුත්තාපන කඳවුරකට යොමු කරවන්නට ද විය.... හංසක අවුරුදු දෙකකට ආසන්න කාලයක් එහි රැඳී සිටි අතර හංසකට සිදු වූයේ කුමක්ද යන්න දැන සිටියේ සංසලාත්, ගුරුවරයාත් පමණි... හංසක නැවත නිදහස ලබා පැමිණෙන විට හංසකව මේ සඳහා යොමු කළ සිරිසේන මුදලාලි ඇතුළු මෙම මත් කුඩු ව්‍යාපාර සඳහා සම්බන්ධව සිටි සියල්ලන්ම අත්අඩංගුවට ගෙන තිබුණි... ඒ සඳහා අදාළ ගුරුවරයා මූලිකවම සම්බන්ධ වී තිබුණි....
දුව...ඔයාව හමුවෙන්න කවුද ළමයෙක් ඇවිල්ලා....
කවුද අම්මා....?
එසේ අසමින් ඇය එළියට බසින්නට විය....
මේ වන විට සංසලා උසස් පෙළ විභාගයෙන් ද ඉහළ සාමාර්ථ සමඟ සමත් වී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට මඟ බලා සිටින්නට විය...
සුදු අයියා.... ඔයා....
සංසලා දුවගෙන ගොස් ඔහුව වැළඳ ගන්නට විය....
මවත්, පියත් මේ සිදු වක්නේ කුමක් ද කියා තේරුම් ගැනීමට නොහැකිව මුහුණට මුහුණ බලා ගන්නට විය.....
සුදු දෝණි මේ.....
මට සමාවෙන්න අම්මා...අප්පච්චි... මේ හංසක.... මං ආදරෙයි මේ අයියට... මට බනින්න එපා......
එ්ත් පුතා......
අම්මා... මේකයි..... අයියට කවුරුවත් නෑ... අම්මා, තාත්තා, සහෝදරයෝ, සහෝදරියෝ.... කවුරුත් නෑ.... මං විතරයි අම්මා ඉන්නේ... අනේ අප්පච්චි..... මගේ අයියා පව්.....
සුදු දෝණි මේවා කෙරෙන්න ඕන විදියක් තියෙනවා.... ඒක තේරුම් ගන්න.....
ඒ සමඟම ගෙදරට තව කවුරුන් හෝ පැමිණි බව දැනුන හෙයින් ඔවුන් පිටුපස හැරී බලන්නට විය....
සර්.....
හංසක සර් ඉදිරියට ගොස් දනගසා වඳින්නට විය....
සර්ට ගොඩක් පිං.... සර් තමයි මාව මේ තත්වෙට ගෙනාවේ....
සංසලා ද තම ගුරුවරයාට දන ගසා වඳින්නට විය.... මෙතෙන් සිදු වූ සියල්ල සංසලාගේ මවට සහ පියාට තේරුම් කර දී ගුරුවරයා එතැනාන් පිටත්ව ගියේ හංසකද සමඟිනි...
කාලයත් සමඟ හංසක කුඩා බිම්මල් ව්‍යාපාරයක් පටන් ගත් අතර, සංසලා වෛද්‍යවරියක් ලෙස පත්වීම් භාර ගන්නට විය.... ඔවුන් විවාහ වන විට හංසක ව්‍යාපාර ලෝකයේ යම් කිසි ස්ථානයකට ගොස් සිටී අතර, ඔහු හැකි පමණින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් කොටු කර ගැනීම සඳහා පොලිසියට සහය වන්නට විය....
අදටත් ඔහු සංසලාට සහ ගුරුවරයාට බෙහෙවින් ගෞරව කරයි... ඔවුන් නොසිටියේ නම් මේ වන විට හංසකද පොලිසියට වී කූඩුවෙහි කූරූ ගණිමින් කරමින් සිටිනවා විය හැකිය.....ඕනෑම නරක පුද්ගලයෙකුට හරි මග යාමට මග පෙන්වීමක් තිබේ නම් ඔහුට හෝ ඇයට නිවැරදි පුද්ගලයකු විය හැකි බව සංසලා පෙන්වා දෙන්නට විය....
ආදරයට කළ නොහැකි දෙයක් නොමැත....
නිමි....
(සමනල හදවත)
උපුටා ගැනීමකි
No comments:
Post a Comment