දගකාර ආදරේ
මගේ කතාව මං කෙටියෙන්ම පටන් ගන්නම්...මගෙ නම මහීෂා. එතකොට එයා අනුහස්. අපි දෙන්නම එකම වයසෙ. අනුහස්ගෙයි මගෙයි පිවිතුරු අාදරේට අවුරුදු දෙකකටත් ළඟයි.
අනුහස් කියන්නෙ ටිකක් දුප්පත් පවුලක ඉන්න එකම පුතා. අම්මේහ් ඉතිං.... කොල්ලව දැක්‍ක ගමන්ම ඕනම කෙල්ලෙක්ගෙ හිත අැඳීල යන ලස්සනක් තියෙන්නෙ, මට අනුහස්ව හම්බුනේ bio clz යනකොට. එයා අාවෙත් අපි ගිය clz එකටමයි.. හැබැයි අපිට පස්සෙ එයා අාවෙ.😊😊😊
........................................................
හම්මටසිරි මහී කවුද බං අර අලුතින් එනපොර. මං අදමනෙ දැක්කෙ. අලුත් කෙනෙක් වගේ.
ඔව් බං මං card එක ගන්න office එකට යද්දි පොර application එක fill කරනවා. මාත් චුට්ටක් හොට දාලා බැලුවා. අනුහස් කියලා නම තිබ්බෙ.
යකෝ මේකි හොයන් තියෙන දේවල්... උඹත් මාරයි ඉතිං. මෙහ් ඒක නෙවෙයි මාර හැන්ඩියා බං. බලහන්කො ඉටි රූපයක් වගේ.
ඔව් බං අමුතුම ලස්සනක් තියෙනවා. හා හා අනුන්ගෙ කුනු නෙවෙයි අපි යමු දැන් අැතුළට. අන්න සර්කාරයත් සම්ප්‍රාප්‍ත වෙනවා.
මං එහෙම කියාගෙන දිනූවත් අැදගෙන අපේ සෙට් එක ඉන්න තැනට ගිහින් වාඩි උනා.
මොකද බං අද මේ පිටිපස්සෙම.. වෙනදට අපි ඉස්සරහමනෙ ඉන්නෙ, මුන්ගෙ ඔලුගෙඩි තමයි බලන්න වෙන්නෙ. දිනූ එහෙම කිව්වෙ ඉස්සි ඉස්සි board එක බලන ගමන්,
අනෙහ් මෙහ් උඹලට පව් කියලා මෙහෙම හරි ඉඩක් අල්ල ගත්තෙ. මං අැල්ලුවෙ නැත්තන් උඹලට අද ඉන්න වෙන්නෙ හිටන් තමයි.. සදූ එහෙම කිව්වෙ මූණත් රතු කරගෙන.
ගනන් ගන්නෙපා බං මේකිගෙ කට ඔහොමමයි,.උඹ දන්නවනෙ මං එහෙම කිව්වෙ සදූව ශේප් කරන්න😂
අන්න මචං අනංගයා එනවා.
හහ් යකූ කවුද අනංගයා.
නෑ සදූ අද මේකිට පිස්සු හැදිලා අර එන කොල්ලව දැකලා මං සදූට අැහැක් ගහල කිව්වෙ කිණ්ඩියට වගේ.
හරි උඹ කියන්නෙ ඌ ලස්සන නෑ කියලද මහී?
නෑ බං මං ඉතිං එහෙම කිව්වෙම නෑනෙහ්. අවුලක්මත් නෑ..
අහ් ඒකනෙහ් ඉතිං.
අනුහස් අැවිල්ලා වාඩි උනේ අපිත් එක්ක වලි දා ගන්න කොල්ලො සෙට් එකක් ගාවමයි. ඒක දැක්කමනම් අපි සෙට් එකටම ටිකක් කේන්තියි. අැයි ඉතිං තව එකෙක් වැඩි උනානෙ රණ්ඩුවට.
බලපන්කො ඒකෙත් හැටි. තව එකෙක් වැඩි උනානෙහ්. මදැයි මහියො අපිට වෙච්ච දේ.
බලමුකො උගෙනම් ටිකක් line වැඩියි වගේ බං.
මටත් ඕකම හිතුනා සදූ..
........................................................
ඒයි බලපන්කො අරුත් ටික මේ පැත්තමයි බලන් ඉන්නෙ. අනුහස් මං උඹට කිව්වෙ අර සෙට් එක ගැන.
අහ් මට එක්කෙනෙක්ව හම්බුනා office එක ලඟදි බං.. අර කලු ඩොට් තියෙන blue t shirt එක අැදන් ඉන්නෙ,
අහ් ඒකිද? ඒකිගෙ නම හිමාෂා. එතකොට අර කොට බතලි දිනූෂා. එතකොට red frock එක සදුනිකා. අනිත් කෙනා රෂ්මි.
හ්ම් බලමුකො බලමුකො ලහිරු...
මෙහ් ඒක නෙවෙයි අනුහස් උඹෙන් පොඩි උදවුවක් ඕනෙ මුන් සෙට් එකට පාඩමක් උගන්නන්න,.
ඒ මොකද්ද බං.
උඹ ඉතිං අලුතෙන්නෙ අාවෙ. උඹ අර දැන්.උදේ හම්බුනා කිව්වෙ මහීෂා. ඒකිව සෙට් කර ගන්න ඕනෙ. උඹට මාසයක්.කල් දෙනවා. මොකද කියන්නෙ.
මං clz අාවා විතරනෙ බං. හා හා කමක් නෑ මේ අනුහස් ඕන දේකට ready. හරි මං ලෑස්තියි. 👊👊👊
.........................................................
හරි දුනී ඔන්න එහෙනම් මං ගේමට enter වෙනවා, මගෙ chunky chock එක ලෑස්ති කර ගනින්.
හරි හරි මුලින්ම වැඩේ කරපන්කො මහී.
හරි බං උඹ දන්නවනෙ මං ගැන.
අදනම් පිස්සු කෙල කෙල හිටපු හින්දෙ වෙලාව යනවා තේරුනෙත් නෑ. Clz ඉවර වෙලා අපි සෙට් එක bus stand එකට යනකොට අනුහස් stand එකට වෙලා ඉදන් ඉන්නවා. මං අපේ උන්ට සමු දීලා අනුහස් ඉන්න තැනට අැවිත් නොදැක්කා වගේ හිටියා.
හායි ඔයා අපේ clz එකේ නේද?
හ්ම් ඔව්.
මං අද තමයි අාවෙ.
මං දැක්කා.
අනුහස් තව පොඩි පොඩි ප්‍රශ්න වගයක් අැහුවත් මං ඕනවට එපාවට උත්තර දුන්නෙ ටිකක් respect පිට ඉන්න ඕන හින්දා. මූ හැබැයි මාත් එක්ක කතා කරන එකමයි හොඳ. මගෙ වැඩේ කර ගන්න ලේසියි, මං එහෙම හිතන ගමන් අනුහස්ගෙ ප්‍රශ්න පත්තරේටත් උත්තර දුන්නා. පැය කාලක් විතර යද්දි මට බස් එකක් අාවා. මං ගිහින් වාඩි වෙද්දි අනුහසුත් මට එහා පැත්තෙන් අැවිත් වාඩි උනා..මොකද එයත් අපේ පැත්තෙමලු,. අලුතින් තමයි අැවිත් තියෙන්නෙ.
......................................................
ඔය විදියට සති තුනක් විතර කාලය ගත උනා. දැන් අනුහසුයි මායි හොඳම යාලුවො..ඒත් මගෙ හිතේ තිබුනෙ එකම target එක අනුහස් එක්ක යාලුවෙන එක. ඒත් මං කොහොමද.......
මහිෂා.....
අහ් අැයි අනුහස් කියන්න
එදත් අපි clz අැරිලා යනගමන් හිටියෙ.
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
ඒ මොකද්ද අනුහස්.
මං හිතන්නෙ මං ඔයාට අාදරේ කරනවා.
දෙවියනේ....මේ මොනද වෙන්නෙ. මලෙ වැඩේ හරි. Yesss i'm really happy. I'm winner. Ooohhhyesss.... මගෙ හිතට පුදුම සතුටක් දැනුනෙ,. ඒත් ඒ එක්කම චූටි දුකක් හිතට අාවා. ඒ අැයි කියන්න මං දන්නෑ...
අනේ මන්දා අනුහස්... මං එහෙම කියලා බස් එකේ වීදුරුවෙන් එළිය බලා ගත්තෙ එක පාරම හා කියන්න බැරි හින්දා.
ඔයා මට කල්පනා කරලා බලලා උතරයක් දෙන්න මහීෂා.
හ්ම්ම් මං ගෙදර ගිහින් message එකක් දාන්නම්කො,
හරි මහීෂා. මං බහිනවා. බුදුසරණයි. පරිස්සමෙන්...
හරි ඔයත් පරිස්සමෙන් අනුහස්....
..........................................................
මං ගෙදර ගිහින් අනුහස්ට message එකක් දැම්මා.
හි: ඔයා කිව්ව දේ ගැන මං හිතුවා අනුහස්.
අ: ඔයා මොකද කියන්නෙ මහීෂා. කියන්න මට අාදරෙයි නේද?
හි: ඔව් අනුහස් මං ඔයාට අාදරෙයි
මං අනුහස්ට අාදරෙයි කිව්වත් හිතේ මොකද්දෝ දුකක් තියෙයි කියලා මට හැඟුනා.
අ: මාත් අාදරෙයි හිමා...
......................................................
මචං ඔන්න වැඩේ හරි. අරකි මට අාදරෙයි කිව්වා.
හම්මට යකෝ නියමයි අනුහස් උඹනම්...
ඒකනේ...මං වැඩකට බැස්සොත් වැඩේ ගොඩ තමයි.
හරි හරි හෙට clz වරෙන්කො,
* * * * * * * * * *
දිනුවා මේ බලපන් ඔන්න වැඩේ හරි. අනුහස් මට අාදරෙයිලු.
උඹනම් නියමයි. බලමුකො කුමාරයො ටික රැවටෙන හැටි...දිනූ එහෙම කියලා හිනාවෙනකොට මගෙ හිතට අකුණක් වැදුනා වගේ. මං මේ කරන දේ හරිද මං මගෙන්ම අහ ගත්තා.
ඔය විදියට සති දෙකක් විතර කාලෙ ගත උනා. ඔය අතරෙ අනුහසුයි මායි පුදුම විදියට ලං වුනේ. මටනම් හිතා ගන්න බෑ. මං අනුහස්ට අැත්තටම අාදරෙයිද?? 😞😞
මං කල්පනා ලෝකෙ වැටිලා ඉන්නකොටම අනුහස්ගෙන් message එකක් අාවා.
අ: මහී හෙට Park එක ළඟට එනවද පැටියො.
ම: හරි අනුහස් මං එන්නම්. මටත් හෙට ඔයාව meet වෙන්න ඕනෙ.
අ: හරි මං එනවා ඔයත් එන්න හිමා බබා..
******************
මචං හෙට අනුහස් park එකට එනවා කිව්වා. උඹලත් වරෙන් මගෙ chunky chock අරගෙන. මං එහෙම කියලා අපේ උන්ට message එක දැම්මා.
පහුවදා උදේම ලෑස්ති වෙලා මං park එකට යනකොට අපේ උන් park එකේ gate එක ළඟ. අපි සෙට් එක අැතුළට යනකොට අනුහස්ගෙ සෙට් එකම ඉන්නවා. උන් අපිව දැකලා ගැස්සුනා වගේම අපේ කට්ටියත් උන් ටික දැකලා ගැස්සුනා.
අහ් කට්ටියම මොකද මෙහෙ කරන්නෙ. එහෙම අපෙන් අැහුවෙ ලහිරු.
අපි අාවෙ ඔයාලව හම්බෙන්න. දුනියා පැනපු ගමන් උත්තර දුන්නා.
අපිත් අාවෙ ඔය කට්ටියව හම්බෙන්න තමයි... මොකද අපේ අනුහස්ට අපි පොඩි game එකක් දුන්නා win කරන්න.. ඔයාලගෙ මහීෂාව සෙට් කර ගන්න කියලා. ඌ ඒ වැඩේ කරලා.
සනිදු ඒ කතාව කියද්දි මගෙ අැස් වලින් කදුලු වැටෙන්න ගත්තෙ මටත් නොදැනිම. මං ඉක්මනටම ඒවා පිහ දා ගත්තා. ඒත් අනුහස් මං කදුලු පිහ දානවා බලන් හිටියෙ. මං එහෙම්ම බිම බලා ගත්තා.
අනේ පල පල ටින් කටරයො අපේ හිත් අනුහස්ට කලෙත් ඔය drama එකම තමයි, සදූ ගත් කටටම කිව්වා.
අනුහස්ගෙ සෙට් එකයි අපේ සෙට් එකයි විහිලු කර ගනිද්දි මං එතනින් අාවා.
එතකොට අනුහස් මට අාදරේ කලේ නැද්ද?? ඒත් මං😞😞😞
මං කල්පනා ලොකෙ වැටිලා ඉද්දි කව්දෝ කෙනෙක් මගෙ උරහිස උඩින් අත තිබ්බා, මං ගැස්සිලා පිටි පස්ස බැලුවෙ...
අනුහස් ඔයා.......
හ්ම්ම්ම් මං තමයි...
මට සමාවෙන්න අනුහස්...
මාත් වැරදියිනෙ හිමා.. ඒත් මං හිතන්නෙ මං ඔයාට අැත්තටම අාදරෙයි. කියන්න මට අාදරෙයිද??
ඔව් අනුහස් මාත් ඔයාට ගොඩක් අාදරෙයි.
මට ඒක දැනුනා පැටියො. මං ඔයාව මගෙ අැස් දෙක වගේ බලා ගන්නවා හැමදාමත්...
අනුහස් එහෙම කිව්වෙ මාව තුරුලට ගන්න ගමන්
උපුටා ගැනීමකි
No comments:
Post a Comment