පින්කි සදරුවනිගේ පන්හිදෙන්

සංසාර සිහිනේ පෙරමග මා සිටියා..
කවදාද නුඹ එන්නේ..
ආදර දේදුන්නේ.. අඩවන් නෙතු විහිදා..
මා නුඹේ කුමරා...
සංසාර සිහිනයේ.. මා නුඹේ කුමරා...

Function hall එක පුරාම.. ඒ සද්දෙ ඇහෙද්දි.. හිත් වල දෝංකාර දෙද්දි... අපේ යාලුවෝ.. නෑදෑයෝ මැද්දෙ අපේ දෙමාපියන්ගෙ ආශිර්වාදය ත් එක්ක මේ විදියට කීයෙන් කී දෙනාගෙද ආදරයක් කෙළවර වෙන්නෙ... එහෙම බලද්දි අපි ගොඩක් පිං කරලා තිබුනා.. ඒ වාසනාව අපිට උදාකරගන්න...

ඔව්.. ඔයා හරි.. ඒ අපේ wedding එක..
හරියටම .. අවුරුදු 7කට කලින්.. අගෝස්තු මාසෙ... මම එයාට ආදරෙයි කිවුවා... එදා ඉදන් අවුරුදු 7ක් පුරාවට ආදරයක් පරිස්සම් කරගන්නවත් බහුතරයකට බෑ... එහෙම පරිස්සම් කරගතපු සුලුතරයෙන් යුගලක් වෙන්න අපිට පුලුවන් උනා.. යුගලක් නෙමෙයි.. අපි අද ඉදන් එක්කෙනෙක්..
********************************

"අඩෝ.. මොකෝ බං මේ... සර් කියන එක අහගනින්...😠"
"අනේ සොරි බං.. පොඩි මනෝපාරක් ගැහුවා... "😌
"ඔව් ඔව්.. තෝ දැන් ඕනවට වැඩියි කොහොමත්..  ගාන හදපං බැල්ලියෙ... 😘"
ඔන්න ඔහොමයි මගේ යාලුව කිවුවෙ... 😂😂
මමවත් දන්නෙ නැතිව.. මුහුණුපොත වගේම තවත් ප්‍රසිද්ද සමාජ ජාලාවක කොල්ලෙක් එක්ක මගේ හිත ආදරෙන් බැදිලා තිබුනේ...
ඒකයි ඔය මනෝපාර... 😒😒😒

අවුරුදු 18,19 කියන්නෙ  ගොඩක් පරිස්සම් වෙන්නොන කාලයක්... සමහරුන්ට.. ඊටත් කලින් ඔය පිස්සුව ගහනවා...

මම හොදට o/l පාස් වෙච්චි... සාමාන්‍යෙන් හොදට ඉගෙනගන්න කෙල්ලෙක්.. a/l වලට ආවෙත් කොහොම හරි කැම්පස් යන්නොන කියන අධිශ්ටානෙත් එක්කම තමා... කොහෙද ඉතින්.. ඒ අතරවාරෙදි... මරාල ඇණයක් කඩන් පාත් උනා කියහන්කො.... 😠😠🔫

මාස 8ක්... මගේ  ජීවිතේම වෙලා හිටපු එයා එක්ක තිබ්බ සම්බන්දය නැවැත්තුවා...  මම පිස්සියෙක් වගේ... 😫
මුකුත් හිතගන්න බැරුව ඉද්දි... එක්සෑම් එකත් අනාගත්ත... ඔය හේතුව නිසා... a/l ජීවිතේ අන්තිම මාස 8 තමයි මම එහෙම මං විහින්ම අනුභව කරගත්තෙ.. එහෙමයි කියලා මං වැඩ නොකර හිටියෙ නෑ... කරා.. ඒත්.. මං බලාපොරොත්තු උන විදියට ඒව උනේ නෑ...  a/l ලියන දවස් ටිකෙ.. ලව් එක ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ මට...  එක්සෑම් එකට පින්සිද්දවෙන්න...  මම මුකුත් නොහිතා විභාගෙ කරා.. ඒත් බලාපොරොත්තු උන තරම් සාර්තක උනේ නෑ... එක්සෑම් ලියලා.. අන්තිම දවසේ ඉදන්... ගෙදර හිටියා ඔහේ නිකන් දවස් 20ක්.. සති 3කට ආසන්න කාලයක්...

ඒ ටිකේ තමයි.. මට එයා නැති පාලුව, දුක, තනිකම ඔක්කොම දැනුනෙ... මට මොනවා කරන්නද කියලා හිතගන්න බැරි උනා... මහා හිස්බවක්..  ජීවත් වෙලා හිටියට නිකන් මලමිනියක් වගේ... කන්න බොන්න බෑ... කතාවක් බලන්න බෑ .. නවල් එකක් කියවන්න බෑ.. සින්දුවක් අහන්න බෑ.... මගේ මුලු ජීවිතේම අපායක් වෙලා තිබුනෙ.. මම විතරයි දන්නෙ මම විදපු දුක... අඩුමගානෙ මම මගේ හොදම යාලුවටවත් මේක මම කිවුවෙ එක්සෑම් ලියන අතරෙ, එතකන් එයාවත් දැනන් හිටියෙ නෑ මේ දේවල්.. තනියම දරාගත්ත මම..
********************

මගේ හොදම යාලුව... එයා ගැන කිවුවොත්.. 1 වසරෙ ඉදන්.. මගේ පන්තියෙමයි හිටියෙ..  ගොඩක් කෙල්ලොන්ට ඉන්න හොදම යාලුව කෙල්ලෙක්.. ඒත් මගෙ ඒක වෙනස්.. මගෙ හොදම යාලුවා කොල්ලෙක්... .. ම්ම් .. යාලුකම අපි ,a/l ලියනකම්... එ කියන්නෙ අවුරුදු 14ක් තිස්සෙ තිබුනා... මුල් කාලෙදී .. වැඩිය ෆ්‍රෙන්ඩ්ශිප් එකක් නැති වුනාට.. පහුගිය අවුරුදු 2දි.. අපි දෙන්නා.. ගොඩක් ලං වුනා.. හොදම යාලුවො උනා... ගොඩක් දේවල් කතාකරා.. හැබැයි.. ආදරේ ඇරෙන්න... ඒක තහනම් මාතෘකාවක්... ඒකට හේතුවක් තිබ්බ... ඒ නිසා.. මම මගේ ආදරේ ගැන කිවුවෙත් නෑ.. එයා කතාකලෙත් නෑ... ඒ නිසා වෙන්න ඇති මම... එයාට ගොඩක් පහුවෙලා කිවුවෙ මට වෙච්චි දේ ගැන.. දරාගන්න බැරිම තැන... මම මරෙන්න වගේ හිටපු වෙලාවෙ...
තව ටිකක් පරක්කු උනා නම්ම්...
අපේ ගෙදර අයත් මම ගැන දැනගෙන..
මහා විනාසයක් එහෙනම්...

මම ඒ දේ කියපු වෙලාවෙ ඉදන්.. එයා මං ගැන ගොඩක් හෙව්ව.. වෙනදත් එහෙම තමා... මාව සහෝදරයෙක් වගේ බලාගත්තෙ.. මම මහ රෑ 1,2 වෙනක්ම් අඬද්දි.. මාව සැනසෙව්වෙ එයා...  ඒ වෙලාවට කෝල් කරලා අඬ අඬ මගේ දුක කියද්දි.. එයාට නිදාගන්න නැති වුනත්.. එයා මුකුත්ම.. එක වචනයක්වත් නොකිය... මම කියන ඔක්කොම අහන් හිටිය... එයා දෙවිකෙනෙක් වගේ මගේ පිහිටට ආවෙ...එයා හිටියේ නැත්තන්.. මට මොකක් වෙයිද කියලා මං වත් දන්නෙ නෑ...

මම මහ ආත්මාර්තකාමී කෙල්ලෙක්.. මගේ ආදරේ නිසා... මට මේ තරම් උදව් කරපු මගේ යාලුව එක්කවත්.. කතාකරේ නෑ මම කාලයක්..  එහෙම කරපු මට.. අන්තිමට පිහිට උනෙත් මගේ පොඩිකාලෙ ඉදන් එකට හිටපු යාලුවමයි.. එයාට එහෙම කරන්න වටින්නෙ නෑ මට.. මම ඒ තරමට ආත්මාර්තකාමි උනා මගේ වැඩකට නැති ආදරයක් නිසා...

මෙතනින් පස්සෙ කොල්ලො එපාවෙලා හිටියෙ මට.. ආයෙ ආදරයක් ගැන හිතන්න තියා කොල්ලෙක්ගෙ නමක් ඇහෙද්දි පිලිකුල් කරා මම... මගේ ලගින් හිටියෙ එයා... මගේ හොදම යාලුව.. මගේ උපන්දිනෙටවත් විශ් නොකරපු  මනුස්සයෙක් ගැන මම හිත හිත වදවෙද්දි.. මගේ ලගින් හිටියෙ මම කාලයක් අතඇරලා හිටපු මනුස්සයා... දැන් මම පසුතැවෙනවා මම ගත්තු තීරනේ ගැන එදා... ආදරයෙන් අන්දවෙලා කවදාවත් හිතන්නෙපා.. ආදරේට වඩා උතුම් හොද යාලුකමක්...

***---------

පස්සෙ දවසක...

"මොකෝ බං මේ උබ ඔය ගාන හදනවද.. උඩ බලං ඉන්නවද.. "
"අඩෝ මං දැක්කෙ නෑ බං...මොකද්ද දුන්නෙ"....

Physics revision  එකේ පලවෙනි දවස...
මගේ  2nd shy eka..  

"ආයෙම මොකෝ උබට උනේ... කලින් වගේ නම් කරගන්නෙපා පුතෝ .. "
"හික්ස්.  නෑ බං.. මේ පාර නම් ඒ මෝඩ වැඩේ කරන්නෑ මම...😍"...

ම්ම්.. ඔව්.. ඔයාල හිතුවෙ මොකද්ද.. අපෝ මේකි ආයෙම ඉල්ලන් කන්න හදන්නෙ කියලද..

නෑ ... ආයෙම නෑ..  
කවදාවත් නෑ...
මේ පටන්ගත්තු ආදරේ තමා.. අවුරුදු 7 කින් මේ විදියට කෙලවර උනේ...

මගේ හැම වැඩකටම ළඟින්ම හිටපු.. මාව කවදාවත් දාල නොගියපු... මොන වැඩේ තිබුනත් මං ගැන හොයලා බලපු මගේ හොඳම යාලුවා තමා...

අද.. මගේ ආදරණීය..
ස්වාමිපුරුශයා...
***********-----

"ගුඩ් මෝර්නින්ග් පැටියෝ...."
"ම්ම්ම්ම්ම්.."
"උම්මා එකක්... "
"ම්ම්ම්ම්....උම්මාආආආආආආහ්..."
"මොකෝ අනේ ම්ම් ගාන්නේ"
"ම්ම්ම්....".
"හයියෝ..... මෙහෙම ගියොත් අපි දෙන්නටම වැඩි දවසක් නොගිහින් බකමූනො දෙන්නෙක් වෙන්න වෙන්නෙ..."😂
" ඒකත් හොඳයි...රෑට වැඩ තියෙනවනේ😂😂😂🔫"...

*******

ඔන්න ඕකයි මගේ කතාව...
මම දිල්....
හැමෝටම ආදරෙන්...
පින්කි සදරුවනිගේ පන්හිදෙන්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment