#පුතු_නුඹ_රජ_වූ_දා
ඔයාගේ නම ප්‍රතිභා නේද? නම ගොඩක් ලස්සනයි.ඔයත් ලස්සනයි.මම මැරි කරන්න කැමති නෑ.ඒත් අම්මයි අප්පච්චි බල කරන නිසයි ඔයාව බලන්න ආවේ .ඔයා ගොඩක් අහිංසකයි වගේ.ජොබ්නොකර ගෙදරට වෙලා ඉන්න නිසයි කැමති උනේ. ඔයා මොනා හරි කතා කරන්නකෝ.කටහඩ අහන්නත් ආසයි."
මං දිහා බලාගෙන කටකාරකමට කියවන ඒ තරුනයා දිහා මං ඔලුව උස්සලා බැලුවේ ඒ වෙලාවේ. දිගැටි මුහුණටම සරිලන දිගැටි ඇස් දෙකක් එයාට තිබුනා.රැවුල පිලිවෙලට කපලා කඩවසම් පෙනුමක් එයාගේ දකින්න ලැබුනා .
"අයියාගේ නම මොකක්ද? අයියා මොනවද කරන්නෙ? "
මාව බලන්න ආපු පළවෙන් මනමාලයා එයා. පුංචි කාලේ ඉදලාම බාලිකා පාසල් වල ඉදලා උදේ හවස අම්ම හරි අප්ප්ච්චි එක්ක හරි ගෙදර එන මට මේ තරම් සමීපව කතා කරන්න ලැබුන එකම පිරිමියා එයා..
"මම සංකල්ප ගිම්හාන් රාජනායක. ...අප්පච්චි ගේ බිස්නස් බලාගන්න එක තමා කරන්නෙ ඉතින්."
මට වඩා අවුරුදු 7 ක් වැඩිමහල් එයා.උසස් පෙල විභාගය ඉවර උන ගමන්ම අම්මලා මට විවාහා යෝජනා හොයන්න ගත්තේ එයාලගේ එකම දරුවා උන මාව බරක් උන නිසා වෙන්න ඇති.මිල මුදල් අතින් අපිට අදුවක් නොවුනේ අප්පච්චිට ඉඩකඩම් ගොඩක් තිබුන නිසා.
ගෙවල් වලින් කතා කරලා මාස 6කට පස්සේ සංකල්ප එක්ක මම විවාහා උනා.දෑවැද්ද විදිහට කුරුණෑගල ලොකු ගෙදරත් ,කුරුදු වතු දෙකකුත් සංකල්ප ට දුන්නා.
"අද වත් ඔයා මාත් එක්ක කතා කරන්නෙ නැද්ද? ඔයා අහිංසකයි ගොඩක් ප්‍රතිභා.."
මංගල රාත්‍රිය දවසේ ලැජ්ජාවෙන් ඇඹරෙන මම දිහා බලලා සංකල්ප මාව එයා ලගට ඇදලා ගත්තා.එදා රාත්‍රියේ සංකල්පගේ පහසට මම නතු උනා.ජීවිතේ පළමු වරට ලැබුන ඒ උනුහුමට ,ස්පර්ශයන්ට මම ගොඩක් ආදරේ කරා.
අපි ගොඩක් සතුටින් ජීවත් උනේ. නිතරම පන්සල් ගිය ළමා නිවාස මහලු නිවාස වලට දාන දුනා.හරිම සතුටින් හිටියේ
දරු පැටියෙක් මගේ බඩට ආපු දවසේ ඉදන් ඒ ආදරය ගොඩක් වැඩිවුනා වගේ මට දැනුනා.පුලුවන් හැමවෙලේම එයා මං ගැන හොයලා බැලුවා.මගේ බඩේ ඉන්න දරු පැටියා එක්ක කතා කරා.
මාස 9කට පස්සෙ අපේ දරු පැටියාව එයා අතට ගත්තේ හරිම ආසාවෙන්.පුංචි පුතු පැටියෙක්.සංකල්පගේ ආඩම්බර මුහුණ දිගැටි ඇස් ඒ විදිහටම පුතාට පිහිටලා තිබුනා.
ගෙදර වැඩ තනියම කරගන්න අමාරු නිසා මම මාස 4ක් පුතු එක්ක අම්මලාගෙ ගෙදර හිටියේ .
සංකල්ප ගේ වෙනසක් මට දැනුනේ වෙනදා හැමදාම කතා කරලා සතියකට 3 සැරයක් විතර දරු පැටිය බලන්න එන කෙනා සතියක් ආපු නැති නිසා.මම කෝල් ගත්තත් කතා නොකරන නිසා .
මම දරු පැටියාව අරගෙන අප්පච්චි ගේ කාර් එකේ ඩ්‍රයිවර් අන්කල් එක්ක ගෙදර ආවේ ඒ නිසයි.
"වස්තුව මම ඔයාට ගොඩාක් ආදරේ කරනවා.මට මේ වගේ ආදරයක් කවදාවත් ලැබිලා නෑ."
සංකල්ප ගේ මේ කතාව නිසා මගේ හිතට ලොකු බයක් දැනුනා.
"මටත් නොදැනීම මගේ මහත්තයා වෙන හිතකට ආදරේ කරනවාද?"
මම බයෙන් සාලේ දොර ඇරගෙන යද්දී මගේ කාමරේ මගේ ඇදේ මගේ මහත්තයා වෙන ගෑනියකගේ පහස හොයනවා.ඇස් වල කදුලු පුරවගෙන පුතාව තදින් අල්ලගෙන මම හයියෙන් කෑ ගැහුවේ සංකල්පයේ නම කියලා.
එතන හිටපු ගෑනු කෙනා කිසිම ලැජ්ජාවක් නැතුව දුහුල් ඇදුම පිටින් මං ලගට ආවා.
"අහ් සංකප .මේ ඔයාගේ චෑම්ප් නේ."
ඒ ගෑනි මගේ දරුවාව අල්ලන්න යද්දී මම පස්සට උනා.
"අල්ලන්න එපා මගේ දරු පැටියව. බැදපු මිනිස්සු පස්සෙ යන තමුසෙ වගේ ගෑනියක් මගේ දරුව ලගට එනවට වත් මම කැමති නෑ."
මම තරහින් එහෙම කියද්දි සංකල්ප මගේ ලගට දුවගෙන ඇවිත් වැද වැටුනා.
"අනේ ප්‍රතිභා.මට සමාවෙන්න.මම කරේ වරදක් කියලා මම දන්නව.ඒත් මට මාව පාලනය කරගන්න බැරි උනා.."
මොනවා උනත් නීතියෙන් මම සංකල්පගේ බිරිඳ .අනික මගේ මහත්තයා මොන වැරැද්ද කලත් මගේ ළග වැද වැටෙන එක බලන්න මට හයියක් තිබුනේ නෑ. මගේ කසාදේ කැඩුනොත් මගේ අම්මා අප්පච්චි ටත් අවනම්බුවක්.අනික මගේ දරු පැටියාට එයාගේ අප්පච්චි ඕන. මිනිස්සු හැමෝම සර්ව සම්පූර්ණ නෑ....එහෙම හිතලා මම ඒ වතාවේ සංකල්පට සමාව දුන්නා.
අපි හැමදේම අමතක කරලා ආපහු කලින් ජීවිතේට ආවා.පුතාට අවුරුදු 4ක් වෙන්කොට මගේ අම්මා අප්පච්චි දෙන්නම නැති උනා.දේපල සේරම මට ලැබුන නිසා ඒ හැමදේම බලාගත්තේ සංකල්ප .මට බිස්නස් ගැන දේපල ගැන දැනුමක් නොතිබ්බ නිසාත් සංකල්ප නිතරම ඇවිටිලි කරපු නිසාත් මම හැමදේම සංකල්පගේ නමට ලිවුවා.
සතියකට විතර පස්සෙ සංකල්ප ගෙදර ආවේ ටිනීෂා කියන ගෑනිව එක්කරගෙන.මම පුතුව කාමරෙන් තියලා දොර වැහුවේ මගේ පුතු මේව දැනගන්න ඕන නැති නිසා.
"තමුසෙට ලැජ්ජා නැද්ද? අපිට පාඩුවෙ ඉන්න දීලා මේ ගෙදරින් යනවා.බැදපු මිනිස්සු පස්සෙ යන්නෙ නැතුව"
මම ටිනීෂා එහෙම කියලා බනිද්දි ටානියා හයියෙන් හිනා උනා.
"උඹ කවුද මට යන්න කියන්න.මම ආවෙර් සංකල්පගේ ගෙදර .උඹෙන් දැන් වැඩක් නෑ උඹ කොහේහරි පලයන්.යන්න බැරි නම් මේ ගෙදර හිටපන්.මගේ වැඩකාරි විදිහට."
ටිනීෂා මට එහෙම කතා කරද්දි මම බැලුවේ ඇගේ කරට අත දාගෙන ඉන්න සංකල්ප දිහා.
"මහත්තයෝ මෙයා මොනවද මේ කියන්නෙ.මම ඔයාගෙ වයිෆ්."
මම අඩ අඩ එහෙම කියද්දි සංකල්ප කට කොනින් හිනාවුනා.
"මොන වයිෆ් ද? කොලේක අස්සන් කරපු පළියට මගේ වයිෆ් වෙන්නෙ කොහොමද්? හැම පැත්තෙන්ම හිර වෙලා අපිට කරගන්න දෙයක් නොතිබ්බ නිසය මම තමුසෙව මැරි කරෙ. තමුසෙ වගේම අම්මයි තත්තයි පෝසත් මෝඩයො.ලස්සනට ගොනාට ඇන්දුනා. .දරුවා ලැබෙනකම් මට තමුසෙ ගැන පොඩි ආදරයක් තිබ්බ.එත් ටිනීෂා හම්බුනාට පස්සේ අම්මෝ තමුසෙ මොනාද කියලා හිතුනා.මම බයෙන් හිටියේ අර නාකි ජෝඩුව මැරෙන්නේ නැති වෙයිද කියලා.මගෙම වාසනාවට උන්දැලට පරලොව ෆ්ලයිට් එකට ටිකට් එක ඇදුනා.,"
සංකල්ප එහෙම කියද්දි මට මං ගැනම පිළිකුලක් ඇති උනා.මං අවුරුදු 5ක් තිරිසනෙක් එක්ක ජීවත් වෙලා තියෙන්නෙ.මම මේ මිනිහට රැවටිලා.වැඩි වෙලා ඉන්නේ නැතුවම බෑග් එකට ඇදුම් ටිකයි මට කියලා ඉතුරු උන රත්තරම් බඩුයි අරන් මං පුතාව වඩාගෙන ගෙදරින් එළියට බහින්න යද්දි සංකල්ප දරුවව අල්ලගත්තා.
"උඹ යන දිහාවක පලයං.මගේ පුතාව දීලා."
සංකල්ප එහෙම කියද්දි හිතේ තරහව තවත් වැඩිඋනා.
"එක එකා එක්ක ගිහින් බුදියන මේ ගෑනි ළග මගේ දරු පැටියා තියලා යන්නෙ නෑ.හිගාකාලා හරි මං පුතාව රජෙක් කරනවා."
අහිංසක ප්‍රතිභා මෙතරම් වියරු උනේ කොහොමද කියලා මට ඒ වෙලේ හිතාගන්න බැරි උනා.සමහර විට මගේ දරු පැටියගේ අනාගතේ හදන්න ඕන නිසා මං එහෙම වෙනස් වෙන්න ඇති.මගේ දරු පැටියා වෙනුවෙන් ඕනම දුකක් විදින්න ලෑස්ති වෙලා මම නුවරඑළිය බස් එකකට නැග්ගා.අප්ප්ච්චි ගේ තේ වත්තේ වැඩකරපු සුනිල් අන්කල් අප්පච්චි ට ගොඩක් හිතවත් උන නිසා මම එහෙ ගියා.ඒ ගෙදර අය මාව සතුටින් පිලිගත්තා..ටික දවසක් එහෙ ඉදලා රත්තරන් බඩු විකුණලා පුංචී ගේ කෑල්ලක් හදාගෙන ඒ ළග තිබ්බ මල්ෆාම් එක්ක මල් හිටවලා අපි ජීවත් උනා.
"පුංචි ගේ කෑල්ලක බතුයි සම්බෝලයි කන පුංචි පුතාව දැක්කම බඩ පපුව පිච්චිලා යනවා.රාජ කුමාරයෙක් වගේ ජීවත් වෙන්න ඕන මගේ පුතා මගේ පවුකාරකම නිසා දුක් විදිනවා"
හැම දුකක්ම විදලා මං මගේ පුතා වෛද්‍යවරයෙක් කරා.
වසර 25කට පසු............
"මං ඩොක්ටර් ටශික රාජනායක . අද මේ සායනය නොමිලේ පවත්වන්නෙ මගේ අම්මගේ අදහසක් නිසා.මාව මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩක් දුක් වින්දා.මේ මහළු නිවාසේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම දවල් කෑම අපේ අම්මා ලෑස්ති කරා.මේ ඉන්නේ මගේ අම්මා ප්‍රතිභා රාජනායක."
මගේ පුතා මහලු නිවාසෙක හැමෝම ඉස්සරහා මාව හදුන්වා දෙද්දි මං වින්ද දුකේ ප්‍රතිඵල ලැබුන බව මට දැනුනා .
"ප්‍රතිභා"
වසර 25 කට පසු ම්ගේ දෙසවනට යොමු වූ හඩ දෙසට මම ඇදුනා.එකල තිබූ සුන්දර පැහැපත් රුව සිරුර වැහැරි ගියද තාම ඔහු එලෙසමය.කිහිලි කරුවක් ආධාරයෙන් හිටගෙන සිටින ඔහුගේ වම් පාදය ඉවත් කොට ඇති බවක් දක්නට ලැබුනි.මම සානුකම්පිතව ඔහු දෙස බලද්දි ඔහු අපාසුවෙන් දෙඅත් එක් කලා.
"මට සමාවෙන්න ප්‍රතිභා .ඔයා ගියාට පස්සේ මං ගොඩක් විදෙවුවා.මීට අවුරුදු 8 කට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා මගේ කකුල අයින් කරා.ටිනීශා ම්ගේ දේපල ලියාගෙන මාව බල්ලෙක් වගේ පාරට ඇදලා දැම්මා.අන්තිමට මට ඉතුරු උනේ මෙතන...ඔයා කිවුවා වගේම පුතාව රජෙක් කරලා ප්‍රතිභා..මට සමාව දෙන්න ප්‍රතිභා ...මගේ පුතා මට වෛර කරනවා ඇති ප්‍රතිභා ...."
සංකල්පගේ මුවගට කදුලු බිංදු නොගැලපේ.ඔහු කොතරම් පව් කලත් එකි ඵල විපාක දැන් විදියි.
"නෑ සංකල්ප .මං දන්නවා ඔයා පුතාට ගොඩක් ආදරෙයි කියල.ඒ නිසා මං කවදාවත් පුතාට තාත්තා ගැන වෛරයක් ඇති කලේ නෑ.මට මහත්තයෙක් ඕන නෑ.ඒත් පුතාට තාත්තා ඕන.පුතාගේ තාත්තා වෙන්න.කවදාවත් මගේ මහත්තයා වෙන්න එපා. පුතේ පොඩ්ඩක් මෙහාට එන්න..මේ ඔයාගේ අප්පච්චි අපිව හොයාගන්න බැරිව ඉදලා තියෙයෙන්නේ මෙච්චරකල්"
"අම්මා මේ මේ ම්ගේ තාත්තා....."
සතුටු කදුලු දෙනෙතේ රදවාගෙන පියා වැළදගෙන වසර 25 නොලද පිය සෙනෙහස සොයන පුතු දෙස මා බලා සිටියේ මහත් ආශාවෙනි
ස්තුතියි.අදහස් කියන්න.
✏️Shami de silva✏️
උපුටා ගැනීමකි
No comments:
Post a Comment