හමුවන්නේ නෑ ආයෙත්

~~~ හමුවෙන්නේ නෑ ආයෙත් ~~~
කෙටි කතාව

     "  හෙලෝ මනීශ මොකද බං කරන්නේ..."

"මුකුත් නෑ දේව්..."

  "යමුද ගාමන්ට් එක පැත්තේ හවස් වෙලා...
කෑල්ලක් ටෝක් කරගන්නවත්..."

          දේව් තමන්ගේ අතීජාත මිත්‍රයා වුන මනීශට කෝල් කලේ හවස් වෙලා සුපුරුදු සංචාරයේ යන්න හිතාගෙන...

        "දේව්.. " අම්මගේ සල්ලි වලින් කලා තාත්තගේ සාක්කුවෙන් එදා ගාන පිරිමහගන්න පුතෙක්...
මනීශගෙත් වැඩි වෙනසක් තිබුනේ නෑ...
   
   "දේව්... කොහෙද හැමදාම හවසට යන්නේ...
හවසට යනවා රෑ ජාමේ එනවා..."

   " අනේ මේ තාත්තේ... පාඩුවේ ඉන්නවද??"

දේව් තාත්තාට සත්තම දාගෙන බයික් එක අරන් ගියේ මනීශලාගේ ගේ ලගට..
එතනින් මනීශව දාගෙන හැමදාම පුරුදු පාරේ ගියේ ගාමන්ට් එක ලගට..

        "අන්න අර කොල්ලා අදත් ඉන්නවා..."

සවින්දිගේ අතින් අදින ගමන් මල්කි කිව්වේ, දේව් දවස් ගානක් තිස්සේ සවින්දිගේ පස්සේන් එන්න පටන් අරන් තිබුන නිසා...

       උපතින්ම දුප්පත් කම හිසේ පැලදගෙන හිටිය සවින්දිගේ අතේ හිතේ හයියෙන් තමා පවුල නඩත්තු වුනේ...

      පොඩි කාලේ ඉදන් ඉගන ගන්න දක්ශ වුනත් ගල් වලක ගලක් පෙරලිලා තාත්තා නැති වුනාම අම්මගේ හයියට හිටියේ සවින්දි විතරයි...

     ඇයට බාල නංගිට හරි හොදට උගන්නන්න හිතාගෙන සවින්දි ගාමන්ට් එකට එන්නෙත් මල්කි එක්කමයි.....
   මල්කි සවින්දිගේ ගමේම ඇගේ යාලුවෙක්...

  අවුරුද්දක් විතර නිදහසේ රස්සාව කරගෙන සවින්දි වගේම මල්කිත් ජීවත් වුනේ ගාමන්ට් එක ලගින්ම ගත්තු බෝඩින් කාමරේක..

          දේව් සවින්දි පස්සෙන් එන්න ගත්තු දා ඉදලා සවින්දිට ඒක හිසරදයක් වගේ දැනුනේ තමන්ට ඊට වඩා කරන්න වැඩ ගොඩාක් ඉතුරු වෙලා තිබුන නිසා...

   
     "මොකද ඔයාගේ යාලුවා මෙච්චර ආඩම්බර "
    දේව් එහෙම ඇහුවේ මල්කිගෙන්...

ඒ වෙනුවට මල්කිගෙන් ලැබුනේ හිනාවක් විතරයි...

       ඒකි පට්ට කෑල්ල මචං... මනීශ දේව්ට කිව්වේ සවින්දිගේ ලස්සන හිතේ මවාගෙනමයි...

      ඒකි ලස්සනයි වගේම ආඩම්බරයිනේ බං... ඒකි ගැන දැන්නන් ආසාවට වඩා ආදරේ හිතෙනවා...

       දේව් කිව්වේ සවින්දි ගැන හිතේ දලු දාගෙන එන ආදරේ ගැන හිත හිතයි...

-----------------------------------------

         හැමදාම වගේ දේව් සති ගානක් සවින්දි පස්සේ ගියා...

      
  "ඒ කොල්ලා හොද පාටයි සවියෝ.. "
" ඌට හා කියහන්...  "

මල්කි රෑට උයන්න හාල් ටිකක් හෝදන ගමන් සවින්දි ට කිව්වත් සවින්දි නෑහුනා වගේ ලූනු ගෙඩි ටිකක් සුද්ද කරන්න ගත්තා...

     ටිකක් වෙලා ඉදලා දිග හුස්මක් ඉහලට  අරන් පහලට දාපු සවින්දි මල්කි දිහාට හැරුනා..
  
    "එයා හොදයි කියලා උබට විශ්වාස ද මල්කි.. "
     " මට තව කරන්න වැඩ ගොඩාක් තියනවා.. චූටිට උගන්නගන්න ඕනේ...
   ගේ ටිකක් හදාගන්න ඕනේ.. "

තව කෙනෙක්ගේ උදව්වක් ඕනේ.. "ඒත් ඒ තීරනේ වැරදි වෙයිද කියලා බයයි මල්කි...

සවින්දි තමන් ගැනම උපන් දුකින් කතා කරද්දි මල්කි සවින්දි ලගින් ඇවිත් වාඩි වුනා...

   " ඌ උබට ඇත්තටම ආදරේ නිසා සවියෝ උබේ පස්සෙන් මෙච්චර එන්නේ..."

    "ඒ කොල්ලට අවස්තාවක් දීලා බලපන්.."

"එච්චරම ආදරෙයිනන් ඌව උබේ විදියට හදාගන්න පුලුවන් වෙයි..."

"  හ්ම්ම්ම්ම්....  බලමු මල්කි...."
"හෙට එවිනේ.."

  
  සවින්දි හිතුවා වගේම දේව් ගාමන්ට් එකේ වැඩ ඇරෙන වෙලාවට ඇවිත් හිටියා...
හැබැයි තනියම.. 

     මේ අයියේ.. මෙයා ටිකක් ඔයාට කතා කරන්න ඕනේ කිව්වා..
 
   මල්කි ටිකක් එහායින් ඉන්න සවින්දි ව පෙන්නලා කියද්දි දේව්ගේ මූනේ ඇදුනේ මනමාල හිනාවක්...

   එදා ඉදන් දේව් සවින්දි ආදර කතාව පටන් ගත්තා...

      හැමදාම දේව් ගාමන්ට් එක ලගට ආවා ගියා... තාත්තා ගේ සල්ලි වලින් තෑගි ගෙනාවා..
 
      " දේව්... ඔයා ඇයි දැන්වත් ජොබ් එකක් කරන්නේ නැත්තේ..  ???"
    ඔයා ජොබ් එකක් කරන්නකෝ මහත්තයෝ...

  හවස වැඩ ඇරිලා දේව්ව හම්බවුන වෙලේ සවින්දි දේව්ට ආදරෙන් කියද්දි දේව්ට රස්සාවක් හොයාගන්න ඕන වුනා...

   දේව් ඒකට පිහිට පැතුවෙ මනීශගෙන්...

යමන්... මං අදුරන කෙනෙක් ඉන්නවා.. ජොබක් සෙට් කරලා දෙන්නම්. 

  මනීශ දේව් ව එක්කන් ගියේ ඩිලිවරි කම්පැනි එකකට...

    මේ ඉන්නේ  සැන්ඩ්‍රා.. මේයාගේ තමා මේ කම්පැනි එක...

දේව්ට මනීශ කම්පැනි එකේ අයිතිකාරිව අදුන්වලා දුන්නා...
          
     සෝ නයිස් බෝයි... සැන්ඩ්‍රා බටහිර ආරෙට ඇදගෙන කකුලක් පිට කකුලක් දාගෙන දේව් දිහා බලන් කියව්වා..

       ටික කාලයක් දේව් කම්පැනි එකේ හොදට වැඩ කරගෙන හිටියා.. දේව්ගේ අම්මා තාත්තා වගේම සවින්දි ත් දේව්ගේ වෙනස ගැන සතුටු වුනා...

-----------------------------------------

  
   "නංගි ඇයි සවින්දි වැඩට එන්නේ නැත්තේ..."

සතියක් විතර සවින්දි ගේ දුරකථනය වැඩ කරපු නැති නිසාත් සවින්දි ව ගාමන්ට් එක ලගදි හම්බවුනේ නැති නිසාත් සවින්දිලගේ
බෝඩිම ලගට ආපු දේව් ඇහුවේ මල්කිගෙන්...

  සවින්දි හදිස්සියේ අසනීප වෙලා ගෙදරින් ඇවිත් එයාව එක්කන් ගියා අයියේ....

  ගෙදර නම්බර් එකක් එහෙම නැද්ද??

අනේ නෑ අයියා...

හරි එයා ආවොත් මට කෝල් කරන්න කියන්න...

දේව් එහෙම කියලා යද්දි මල්කි ඇතුලට ගියේ,
ඇයි සවින්දි ගෙදර නම්බර් එක දෙන්න එපා කිව්වේ කියලා හිතා හිතයි...

   කාලය මාස තුනක් ගෙවිලත් සවින්දි ආයෙම ආවේ නැති නිසා දේව් හිටියේ සවින්දි ගැන උපන් තරහකින්..

"  ඕකිට ගමේ එකෙක් ඉන්න ඇති බං..."

" ඕකි උබෙන් කඩා ගන්න හිතාගෙන උබ එක්ක යාලුවෙන්න ඇති.."

  සවින්දිගේ නොපැමිනීම ගැන මනීශ අර්ත දැක්වූවේ ඒ විදියට...
 
     අකමැත්තෙන් වුනත් පස්සේ දේව් ඒක පිලිගත්තා...
            
" දේව් අහපන්.. සැන්ඩ්‍රා උබ ගැන ටිකක් උනන්දුවෙන් වගේ... මගෙන් උබ ගැන අහනවා...

  ගාමන්ට් කෑලි වගේද බං මේක.. බලපන් සල්ලි වහිනවා.. උබට සවින්දි ට වියදම් කරන්න වෙනවට වඩා මේක හොද නැද්ද???

  මනීශ දේව්ගේ ඔලුවට දැම්මේ සැන්ඩ්‍රා ගැන...
    ටික දවසක් යද්දි සවින්දි හිටිය තැනට සැන්ඩ්‍රා ආවා... සැන්ඩ්‍රා දේව්ට වියදම් කලා...

දේව්ත් සැන්ඩ්‍රාගේ පස්සෙම වැටිලා හිටියා මිසක් සවින්දි ගැන ගානක්වත් නැති වුනා...

  මාස ගානක් ගෙවිලා ගියේ දේව් සැන්ඩ්‍රාගේ වහලෙක් බවට පත් කරමින්...

   "දේව්.. බබා..  ඔයාට බැරිද පොඩි ඩිලිවරි එකක් යන්න.. අද ඔක්කොම වැඩ.. "

   සැන්ඩ්‍රා දේව්ගේ උකුල මත ඉදගෙන ඔහුගේ කෙස් අතර ඇගිලි යවමින් ඇහුවා..
ඒ වෙනකොට දේව් හිටියේ සැන්ඩ්‍රා ගේ කකුල් දෙක ලග හරි වැටෙන ගානට පිස්සු වැටිලයි...

                   කොහෙද බබි යන්න තියෙන්නේ.. කියන්න.. මන් වෙහිකල් එකෙ යන්නම්...

  "වෙහිකල් එක මං සර්විස් දානවා බබා.. ඔයාය බැරිද බයික් එකේ යන්න..
එයාර්පෝර්ට් එකට යන්න ඕනේ.. හදිස්සි ඕඩර් එකක්.. එයාලා අද ෆ්ලයි කරනවා කියලා එයාර්පෝර්ට් එකට ඩිලිවර් කරන්න කිව්වා..."
 
" හ්ම්ම්ම්.. මං එහෙනන් බයික් එකේ යන්නම්..."

       දේව් පාර්සල් එකත් අරන් එයාර්පෝර්ට් එකට ආවා..
ඒත් කෝල් කරපු නම්බර් එක වැඩ කරේ නෑ...

    ටික වෙලාවක් වට පිට බලලා ආයේ එන්න හැරෙද්දි දේව් ව ගාඩ් එකෙන් වට කරා...

දේව් ව පොලීසියේ අත්අඩංගුවට ගත්තා...

  මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුන දේව් පොලිස් කූඩුව ඇතුලේ කූරු ගැන්නා...

      පහුවදා උදේ දේව්ගේ අම්මයි තාත්තයි පොලීසියට ආවා...

   "පියසේන සර්...."
  උප පොලිස් පති ගේ මේසේ ලග වාඩි වුන දේව් ගේ තාත්තා ලග උප පොලිස් පති දනින් වැටෙද්දී දේව් ඇතුලට වෙලා හැමදේම බලන් හිටියා...

    සර් මොකද මේහේ... ඔහු අහද්දි පියසේන ගේ ඇස් තිබුනේ දේව් දිහාට...

සර් ගේ පුතාද මේ...

   මෙච්චර හොද තැන් වල ඉන්න ගෝලයෝ හැදුව මට මගේ පුතාට හරියට හදාගන්න බැරි වුනා පුතේ...

     පියසේන ඇස් වල කදුලු පුරවන් කියද්දි පොලිස්පති හුස්මක් ඉහලට අරන් පහලට දැම්මා...

   සර්ගේ පුතා කියලා දැනගෙන හිටියේ නෑ සර්.. නැත්තන් මොනාවා හරි කරන්න තිබ්බා..

   මෙයා කුඩු බිස්නස් එකකට සම්බන්ධ වෙලා ඉදලා තියනවා... එයාර්පෝර්ට් එකේ ඩීල් එකක් කරන්න ගිය වෙලාවේ ලැබුන තොරතුරු වලට තමා අපි මෙයාව අත්අඩංගුවට ගත්තේ...

  මෙයා එක්ක සම්බන්ධ වෙලා හිටිය කවුරුත් ලංකාවෙ නෑ එයාලා ඊයෙම රටින් පිට වෙලා...

  එහෙම කියද්දි දේව්ට තරු පෙනුනා.. තමන් මෙච්චර කල් කරලා තියෙන්නේ මොනවද කියලා ඔහුට තේරෙද්දි හැමදේම වෙලා ඉවරයි...
  සැන්ඩ්‍රා මනීශ එක්ක රටින් පැනලා තිබුනා..

යාලුකමටයි සල්ලිවලටයි රැවටුන දේව් එකම සාක්ශිය වෙලා උසාවිය ඉස්සරහා වැරදිකාරයා වුනා...

    වසර 10ක සිර දඩුවමක් එක්ක දේව් බන්ධනාගාර ගත වුනා.. 

      
  පාසල් ගුරුවරයෙක් වෙච්ච පියසේන ලැජ්ජාව දරා ගන්න බැරුව සියදිවි හානි කර ගනිද්දි දේව් ගෙ අම්මා  මේ ලෝකේ තනිවුනා...

  මේ දඩුවම් උබව හදපු නිසාද කියලා දේව්ගේ අම්මා අඩා වැටුනා....

         වසර දෙකකට පසු.....

දේව් තමුන්ව හම්බවෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා... ජේලර් කෙනෙක් වත්තේ උදලු ගාමින් හිටිය දේව්ට කිය්ද්දි,

මේ වෙනකල් තමන්ව බලන්න කිසිම කෙනෙක් ආවේ නෑ නේ, මේ කව්ද කියලා කල්පනා කරමින් ඇතුලට ආවා...

    මල්කි ඔයා...
ඇයි මෙහේ...

මං ආවේ පනිවිඩයක් අරන් අයියේ...
සවින්දි ඔයාට ඇප දුන්නා...
ඔයාගෙ දඩුවම කෙටි කරලා එයා ඇප දෙන්න වැඩ හදාගත්තා...

  හෙට ඔයාට එලියට එන්න ලැබෙයි..
එහෙම කියලා මල්කි යන්න ගියා...

   දේව්ට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වුනා...
තමන්ට මෙච්චර ආදරේ කරපු කෙල්ලව අත ඇරලා, අම්මා තාත්තා ව අත ඇරලා ආපු නිසා මේ හැමදේම කියලා දේව් දුක් වුනා..

තමන්ටම දොස් පවර ගත්තා...

     පහුවදා දේව් නිදහස් වෙලා මුලින්ම බලන්න ගියේ අම්මවයි තාත්තා වයි...

   තාත්තාගේ මරනය ගැන දැනගත්තු දේව් බිම වැටිලා ඇඩුවා.. සමාව ගන්නවත් තාත්තා නැති එක ගැන දුක් වුනා..
තාත්තා ගේ මරනෙන් පස්සේ අම්මා ආගිය අතක් නැති වීම නිසා දේව්ට ඉතුරු වුනේ සවින්දි ගේ පිහිට...

  හැමදේටම සමාව අරන් මුල ඉදන් පටන් ගන්න හිතලා දේව් ගියේ සවින්දි මල්කි හිටිය බෝඩිමට...

    නංගි කෝ මගෙ සවින්දි ???

දේව් අඩ අඩා මල්කිගෙන් අහද්දි මල්කි ඇතුලට ගියා...

ඊලග මොහොතේ එලියට ආපු දේව්ගෙ අතට මල්කි දුන්නේ ලියුමක්...

මොකක්ද කියලා හිතාගන්න බැරුව ඒකත් අරන් ලග තිබුන කන්ඩිය
උඩින් වාඩි වුන දේව් ඒක කියවන්න පටන්ගත්තා...

  දේව්...

ඔයා මේක කියවද්දි මං මේ ලෝකේ ඉදීද දන්නේ නෑ.. මං දන්නවා ඔයා මං එක්ක තරහෙන් ඇත්තේ.. ඔයාට නොකියා ගියාට. මං ගමේ ගියේ නෑ දේව්.  මං හිටියේ මෙහෙමයි.. හොස්පිටල් එකේ.. මං අසනීප වුනා. මං මල්කි එක්ක හොස්පිටල් ආවා.. එතකොට තමා මං දැනගත්තේ මට කැන්සර් එකක් කියලා.. මං ඔයාටවත් ගෙදරටවත් මේක කියන්න එපා කියලා මල්කිව පොරොන්දු කරගත්තා.. මොකද එහෙම වුනොත් ඔයාට මාව එපා වෙයි කියලා හිතුනා.. මං ඔයාට ගොඩාක් ආදරේ කලා. මං වැඩට ආවා.. ඔයාට නොපෙනෙන්න ඇවිත් ගියා.. ඒ අතරම මගේ ඕපරේශන් එකට රජයෙන් ආදාර ඉල්ලලා ලියුම් දැම්මා.. එයාලා මට ලක්ශ 20ක් දුන්නා.. ගාමන්ට් එකෙන් මට තව අය උදව් කලා.. ඒත් මං දැනගත්තා ඔයා හිරේ ගියා කියලා.. ඊට පස්සේ මට ඕන වුනේ ඔයාව බේරගන්න.. මං පුලුවන් හැමදේම කරා. ඔයාට ඇප දෙන්න වැඩ හදාගන්න පුලුවන් වුනා.. මේ ඔක්කොම කලේ මගේ ඔපරේෂන් එකට තිබුන සල්ලි වලින්.. අපේ ගේ හදලා නංගිගේ වැඩ වලට මං සල්ලි බැංකුවට දැම්මා.. ඔයා නිදහස් වෙන්න සතියකට කලින් තමා මගේ ඔපරේෂන් එක තියෙන්නෙ.. ඒ මගේ අවසාන අවස්තාව දේව්.. මං ඒකත් අත ඇරියා.. මං දැන් ගොඩාක් දුර්වලයි. මං මෙ ටික ලියාගත්තෙ අමාරුවෙන්.. මගේ යුතුකම මං පුලුවන් විදියට කලා.. සමාවෙන්න මගදි දාලා යනවට. ඒත් මට යන්න වෙනවා. ඔයාට හැදෙන්න කිව්වේ ආදරේ නිසා.. අද ඉදන්වත් හොද කෙනෙක් වෙන්න. ඔයා හොදින් ඉන්නවා දකින්නයි මං ආස කලේ.. හැමදාම..කොහේ හිටියත් මං ඔයා දිහා බලන් ඉන්නවා..

                                සවින්දි ....

දේව් කෑ ගහලා ඇඩුවා..
ඒත් අම්මා තාත්තා වගේම සවින්දි ත් දේව්ගේ ජීවිතේ අත ඇරලා ගිහින් තිබුනා.. සදහටම.. දේව් තනි වුනා..

දේව් දවස් ගානක් නොකා නොබී ඇඩුවේ, තමන්ගෙන් වෙච්ච වැරදි වලට සමාව ගන්නවත් කිසිම කෙනෙක් දේව් ලග නොහිටපු නිසා.. දේව් තමන්ගේ වැරදි තේරුම් ගනිද්දී පරක්කු වැඩි කියලා ඔහුට තේරුනා...
    අම්මා තාත්තා සවින්දි කිව්ව දේවල් ඇහුවනන් මෙහෙම වෙන්නේ නෑ නේද කියලා දේව් අඩ අඩා හිතුවත් ඒවා අහන්න දකින්න කෙනෙක් හිටියේ නෑ...

ටික දවසකින් දේව් තමන්ගේ ගේ විකුනලා ඒකෙන් ලැබුන ඔක්කොම සල්ලි මල්කි මාර්ගෙන් සවින්දි ගේ අම්මට ලැබෙන්න සැලැස්වුවා...

    තාත්තා, සවින්දි වෙනුවෙන් පිං කමක් කරපු දේව් අම්මා කොහේ හරි ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කලා..

       වසරකට පසු....

"අම්මලා හැමෝම හවසට පේ වෙලා ලෑස්ති වෙන්න... අද හවස බනට.

   වැඩිහිට නිවාසේ පාලිකාව අම්මලාට කියලා යන්න ගියා...
 
ඉස්කෝලේ හාමිනේ.. අද එන්නේ තරුන හිමි නමක් හටි අපූරුවට බන දේශනා කරනවා..

වයසක අම්මා කෙනෙක් තමන්ගේ මිතුරියට කියද්දි ඇය ආසාවෙන් හිනා වුනා..

       හවස ශාලාව පුරාම පැදුරු එලලා හැමෝම හිමිනම වඩිනකල් බලන් හිටියේ මේ කාලෙට බනක් අහන්න තරම් සැනසීමක් නැති නිසාමයි...

          මේ අම්මලා සාදු කාරයක් දෙන්න...

වැඩලා හිටිය හිමි නම කියද්දි පුරුදු කටහඩක් නිසාම ඉස්කෝලේ හාමිනේ පියසීලී ඔලුව ඉස්සුවා...

  දේව්.... මගේ පුතා...

දේවානන්ද හාමුදුරුවන්..

හරිම ආසයි අහන් ඉන්නත්.. හරිම ලස්සනට බන ටික කියනවා...
සාදු සාදු...

ලග හිටිය කෙනෙක් එහෙම කියද්දි පියසීලිගේ ඇස් වලින් කදුලු කැට කඩන් වැටුනා... මේ තමන්ගෙම පුතා බව පියසීලි අදුර ගත්තා...
   
කවදාවත් දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා හිතුව දේව් අද බුද්ධ පුත්‍රයෙක් වෙලා ඉන්නවා දකින්න තරම් මගේ ඇස් වාසනාවන්ත වුනා කියලා පියසීලි හිතෙන් හිතුවා...

ඒ ඇස් වල තිබුනේ සතුටු කදුලු.. දේව් ජීවිතේ හරි මග තෝරගෙන තිබුනා..

   දේව් දේවානන්ද විදියට සාසනේට බාර වෙලා තිබුනා..

      
ජීවිතේ වැරදී පාරක් නිසා හැමදේම අහිමි කරගෙන සාසනේට බාර වුන දේවානන්ද හිමියන් ජීවිතේ අනියත බව ගැන දේශනා කරද්දී..

ඇස් වල කදුලු පුරවන් දොහොත් මුදුන් දී පියසීලී සාදුකාරයක් දුන්නේ

මියගිය සැමියාට වගේම දේව්ගේ ජීවිතේ ට සම්බන්ධ වෙලා හිටිය සියලු දෙනාටම පිනක්ම අත් වේවායි පතමිනි....

        -----------=නිමි=-----------
--=============චනූ ඉශාන්===========--
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment