ම ඇය වුනෙමි

මා ඇය වුනෙමි
....................................
මිතික....අද කෑම නම් හරිම රහයි යාලුවො රස කර කර කෑවා..
හ්ම්ම්ම් ඇත්තද බබී ඔයා කවුරු ඉව්වා කියලද කිවුවෙ ...

මට අද උන නිසා රත්තරන් ...හෙට මම උයාගෙන යන්නම්....ඒත් ඔයා ඉව්වා කියලා පාවලා දීලා ඔයාට අනිත් අය ලැජ්ජ කරනවට මන් කැමති නෑ....මොකද අපි දෙන්නගේ ජීවිත අපි දෙන්න තේරුම් ගත්තාම ඇති.....

මගේ මිතිකට රස්සාව නැති වුනේ මගෙ මහත්තයාගෙ වැරද්දකින් නෙවේ...මූල්‍ය වංචාවක් කරපු ලොක්කෝ දෙන්නෙක් ඒක මගෙ මිතික පිටින් පැටෙව්වේ අවුරුදු ගානක් නඩු කියලා එයා හරිහම්බ කරපු සේරමත් නැති කරලා..අඩුම ගානේ සේවයෙන් අයින් වෙද්දී දෙන්න තිබ්බ සියලුම මුදල් ටිකත් අවලංගු කරලා..වෙච්ච් දේවල් එක්ක ආයෙ රස්සාවක් කරන්න තරන් මානසිකත්වයක් එයාට තිබ්බෙ නෑ...

උපාධියත් තියාගෙන කළමනාකරණ සහකාර වෙලා හිටිය මට ලොකු උසස් වීමක් හම්බුනේ පෙර පිනකට කියලයි මන් හිතුවේ....මටයි මිතිකටයි..අපේ පුංච් පැටික්කියෝ දෙන්නා දිසුනි ටයි ටෙශිනි ටයි ජීවත් වෙන්න ඒ පඩිය ඕනවටත් වඩා ප්‍රමානවත් නිසා...

නිලුමි නැගිටින්න...චූටි දූ අඩනවා කිරි ඉල්ලලා...ටෙශිනිට අවුරුදු 2ක් වෙදිදී දිසුනි ඉස්කෝලෙ 3න වසරේ...මන් චූටිට කිරි දීලා එදිදී මගෙ මහත්තයා බත් උයලා..පරිප්පුවකුයි, බෝංචි මාලුවකුයිත් හදලා...දිසුනි පැටියව නැගිට්ටෝලා ඉස්කෝලෙ යන්න ලෑස්ති කරනවා...බබා මස් උයන්න දන් නෑ සේරම කපලා කරලා ඇති හේදලා ලිපේ තියන්න විතරයි තියෙන්නේ...
එයා එහෙම කරද්දී මගෙ හිත වාවන් නෑ දෙයියනේ....
උදේ පාන්දර කදුලු පිරුනෙ ඒ නිසා ...
දිසුනිව ලෑස්ති කරලා ඉස්කූල් වෑන් එකට දාලා එද්දී මම හිටියේ අඩ අඩ

ඇයි මැණික ඔෆිස් එකේවත් ප්‍රශ්නයක්ද?

අනේ නෑ මගෙ මහත්තයො මට හිතෙනවා මගේ අතින් අම්මා කෙනෙක්ගේ යුතුකම් පැහැර හැරෙනවා කියලා...
මිතික එක පාරටම මගෙ ඇස් දෙකට එබිලා...මූණ එයා දිහාට හරව ගත්තා..බෙල්ල වටේ අත් දෙක දාගෙන..ඔයාට හිතෙන් නැද්ද මගේ අතින් තාත්තා කෙනෙක්ගේ යුතුකම් පැහැර හැරිලා තියනවා කියලා...පපුවට පිහියෙන් අයිනවා වගේ නිසා මන් එයාව බදාගෙන අඩන්න ගත්තා...
ඔයා උදේ ඉදන් හවස් වෙනකන් ඔෆිස් වල කඹුරලා කඹුරලා හම්බකරන දේ නිසයි වස්තූ අපි අද ජීවත් වෙන්නේ..ඔයා එහම කරලා පවුල ගොඩගද්දී මට මන් මොකෙක්ද කියලා අනන්තවත් හිතෙනවා රත්තරනේ...ඒත් වෙච්ච දේවල් එක්ක මට ආයෙත් රස්සාවක් කරන්න හිත හදාගන්න බෑ...
එපා පන,මේ පඩිය හොදටම ඇති අපිට ජීවත් වෙන්න සැපපහසුවට අපේ පැංචියෝ දෙන්නටත් මං ඉතුරු කරනවා ඒකෙන්...

ඒකනේ මගෙ සුදු අම්මී ඔයා මගෙන් වෙන්න ඕනි යුතුකමක් ඔයා කරද්දී, මන් ඔයාගෙන් වෙන්න ඕනි යුතුකන් කරයි කියලා පිරිමියෙක් වෙච්ච මන් නපුංසකයෙක් වෙන් නෑ ...
අනික අම්මගෙන් වෙන්න ඕනි යුතුකම්, තාත්තගෙන් වෙන්න ඕනි යුතුකම් කියලා කොහෙවත් බෙදලා නෑ මැණික...අපි දෙන්නම අපේ පවුල සතුටින් නම් ඊටත් වඩා මොනවද? මිතික මගෙ මූණට එබිලා කියද්දී මගේ ආදරේ දෝරෙගලලා ගියා එයා වෙනුවෙන් ...
මේ මාත් එක්ක හුරතල් වෙවී ඉදාලා හරියනවද ගිහින් ලෑස්ති වෙන්න...නැත්තන් මන් අවුරුද්දක් ගෙදර තියාගන්නවා ඔයාව...

ඒ කොහොමද? මම මිතිකගෙන් පුදුම වෙලා ඇහුවම එයා කිව්වේ තව බබෙක් හදලා දුන්නම අවුරුදු එකක් maternity ලීව් නේ කියලා...
බබා අපිට දූලා දෙන්න නෙවේ පුතෙකුත් ඕනි...මිතික හිනා වෙලා කිව්වා...මම හදලා දෙන්නම් ඔයාම බලාගන්නකෝ එහෙනම්...
අහ්හ්හ්හ්හ් මන් ඌට මගෙ චන්ඩි වැඩ ඔක්කොම උගන්නනවා...

මන් ලෑස්තිවෙලා ආවම එයා මාව ඔෆිස් එකට ගිහින් දැම්මා...මාව ගේන ගෙනියන වැඩ, බබාලගෙ වැඩ එයාලට කවන පොවන ඒවා සේරම මගෙ මහත්තයා ලස්සනට කරා...දැන් දැන් මට ඉරිසියත් හිතෙනවා වැඩ ඇරිලා ආවම මගෙ පොඩි කෙල්ලො දෙන්නා මාව ගනන් ගන්නෙ වත් නෑ තාත්ති එක්කමයී...පොඩි එකී එන්නේ කිරි බොන්න විතරයි...දෙන්නම දොයියන්නෙත් තාත්තා ගාව...
මට ඒ කාලේ මතක් උනා ඇත්ත නේ..අපි ගොඩක් ලන්වෙන්නෙ අපේ අම්මා ගාවට මොකද එයානේ තාත්තා වැඩ ඇරිලා එනකන් අපි ගාව ඉන්නේ...හැම දේම කියන්නේ එයාට..දැන් ඉතින් මෙ කෙල්ලො දෙන්න හැමදේම කියන්නේ තාත්තිට...
ඔයා දන්නවද මැණික මට නම් කිසි පාලුවක් නෑ මේ පිස්සු කෝලම් දෙක දවසම වද දෙනවා...මට ඔයා එක්ක ඉරිසියයි මිතික.....යනවා යන්න...කියලා මන් ගියා...
.........................................
හැමදාම ඔෆිස් එකේ යාලුවො අදෝනා තියද්දී මට පුංචි ආඩම්බරයක් තිබ්බා..
'අනේ මට නම් ගෙදර වැඩ එපා වෙනවා හස්බන්ඩ් ගෙන් කිසිම උදව්වක් නෑ...අනේ අද මන් ඉව්වේ නෑ..අනේ බබාලගෙ වැඩ "
කිය කිය අදෝනා තියද්දී මන් හරිම රිලැක්ස් එකේ ඔෆිස් එකේ වැඩ කරගෙන ගියේ.....
..............................
අම්මාගෙයි තාත්තාගෙයි වැඩ ටික ටිකක් මාරු උනත් මායි මගෙ පවුලයි හිටියේ හරිම සතුටින් ...ඊටත් වඩා අපි ජීවිතේට ලන් කරගන්නේ සහකාරියක් හෝ සහකරුවෙක්...වචනේ පරිසමාප්තියෙන්ම මිතිකයි, නිලුමි හොද සහකරුවන්...හොද ශක්තිමත් බැදීමක් ආදරය, සෙනෙහස, විශ්වාසය ඒ බැදීම ආරක්ෂා කරලා තිබ්බා ...ගොඩක් පවුල් වල ප්‍රශ්න ඇති වෙන්න දික්කසාද වෙන්න තරන් මේ හේතු බලපානවා දෙන්නට දෙන්නා හොද සහකරුවෙක් වන්න...කවුරුත් වැඩ කරුවෙක් නොවන නිසා...
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment