☠☠අදුරු මායම්☠☠
"ඒ මොකාද බං අර අතන තුම්මන් හනදියෙ අදත් පිස්සු නටල තියෙන්නෙ....."
"අර කමල නැන්දලගෙ ගෙදර තොවිලයක් තිබුනනෙ බං....මම හිතන්නෙ එකෙ පිදේනි තට්ටුව වෙන්ඩ ඕන....."
"ඇයි කමල නැන්දට යකෙක් ගහලද???ඕව බොරු විකාර බං....."
"කමල නැන්දට නම් නෙවෙ යකා ගහල තියෙන්නෙ.එයාගෙ දුව අර අරකි......"
"ඈපු.....අර නටවගෙන යන එකිද.....අර හෂිනිද කොහෙද කියන්නෙ....."
"ඔව්.....ඔව්....එකිට තමා....."
"මොකාද බං ගහපු යකා.....එකත් එකටම බූට් කාපු කොල්ලෙක් වෙන්ඩ ඇති..."
"අනේ මන්ද නෙතු.....අපට වැඩක් නැ......"
නෙතු කියන්නෙ මගෙ හොදම යාලුව.....අපි දෙන්නම ගියෙ එකම ඉස්කොලෙකට.එකම වයසෙ එකම පංතියෙ නිසා අපි දෙන්න තමා ඉස්කොලෙත් හොදම යාලුවො.අපි ඉස්කොලෙ ගියෙයි පංති ගියෙයි හැමදේම කරෙ එකට.නෙතු හිටියෙ අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්.නෙතු අපේ ගෙදර ගාවට ඇවිත් කෑගහනකොට තමා මාන් එලියට එන්නෙත්.අපිදෙන්නටම ගෙවල් වල ඉදල ප්‍රධාන පාරට යන්න තියෙන්නෙ රබර් වත්තක් මැදින් තියන පලු පාරකින්.තනියම නම් අපට ඒ වත්ත මැදින් යන්ක හිතෙන්නෙම නෑ....මොකද රබර් වත්තට එහා පැත්තෙ තමා කනත්ත තියෙන්නෙ.ඒ නිසා අපි දෙන්නම ගියොත් විතරයි අපි රබර් වත්ත මැද්දෙන් යන්නෙත්.
එදාත් අපි යනකොට උදේ පාන්දරම තුම්මන් හංදියෙ තොවිල් තට්ටුවක් දාගිහින් තිබුන.අපට එක සාමාන්‍ය දෙයක් වෙලයි තිබුනෙ.මොකද හැමදාම අපේ ගමෙි නැතත් එහා ගමෙි එකක් උනත් ගෙනත් දාන්නෙ එතන්ට නිසා අපට එක දැක්ක කියල එපා උනේ නමි නැ.....
"මෙි සදු.......අර බලනවකො.....අරකෙ කන්නාඩියකුයි,ලස්සන නූලකුයි,තව ලස්සන බ්‍රෙස්ලට් එකක් වගේ එකකුයි තව මොනෙ මොනවදෝ තියනව....."
"ඉතින් තිබුනාවෙ බං....අපට මොකා්.....අපට පුදුම වෙන්ඩ දෙයක්ද ඕක.....හැමදාම තියෙන්නෙ උදේ පාන්දරට....."
"ඒවගෙ මල් ජාති කෑම ජාතිනෙ බං තියෙන්නෙ....මෙි කවුරුත් පේන්ඩත් නැති එකේ අපි එවා ගමුද...."
"පිස්සුද බං.......ඕව අරගෙන මොන මාරාලෙ කඩා පාත් වෙයිද කවුද දන්නෙ...."
"අනේ මෙි....උබට බැයිනම් කියපන්......මම ගන්නම්...."
"මට බෑ බං.....අපෝ....උබටත් ඕන ජරාවක් නේ...."
"නෑ බං....මගෙ කන්නාඩිය පොඩ්ඩක් සීරිල....එකයි....."
නෙතු එහෙම කියන ගමන් එතන තිබුන කන්නාඩියයි,බ්‍රෙස්ලට් එකක් වගෙ තිබුන එකයි ලස්සන පාට නූලයි අරගත්තෙ ඒ නුලෙ කොටසක් ඇතුලට දාල ගැටගහල තිබුන බොතලෙ මුඩියත් ඇරලයි.........
****************************************************
හැමදාම වගෙ අපි ගෙදර එනකොට 5ත් පහු උනේ අපට ඉස්කොලෙ අමතර පංති තිබුන නිසාමයි.කොච්චර ප්‍රශ්න තිබුනත් හිනා වෙලා එන නෙතු අද ආවෙ මලානික වෙච්ච මුනකින්.....
"මොකද බං නෙතු....."
"ඇගට හරි අමාරුයි බං.....මොකද දන්නැ...."
"අඩෙි....ඇයි මොකො අවුල...."
"ඔලුව ටිකක් රිදෙනව....ඊයෙත් නාන්නඩ හිටියට රෑ වෙලා නිසා යනතන් ඇග හොදගෙන නෙ ආවෙි....."
"මෙි එහෙනම් අද යමුද දෙන්නම පොදු ලිදට නාගෙන එන්න...."
"අන්න මරු අදහස....යමු යමු...."
අපි දෙන්නම කතා කරගත්ත වගෙ නෙතු අපේ ගෙදර ගාවට ඇවිත් මට කතා කරා.අපේ අම්ම නම් කිවෙ මෙි ගොම්මන් වෙලාවෙ තනියම ලිදට යන්ඩ එපා කියලයි.එත් නෙතූ අවිත් කතා කරපු නිසා වෙලාවත් 5.30 විතර නිසා මම අම්මට කියල කියල අවසර ගත්ත.....
"නෙතු.....මම එන්නම්....ඔයා යන්ඩ.....මම ඉක්මනට බාල්දිය අරගෙන එන්නම්....."
"හා....හා....එහෙනම් මම හිමිහිට යන්නම්කො....."
ලිද අපේ ගෙදරට පේන නිසා මම නෙතුට යන්න කිවෙි ඇත්තටම බාල්දිය කොහෙ තිබ්බද කියල මතක නැති නිසයි....ඒත් මම ලිද ගාවට යනකොට නෙතු හිටපු විදිහ දැකල මම පුදුම උනා.....
කොටු කෑල්ලකින් දත් ටික මැද මැද ලිදේ බැම්මට කකුලකුත් තියාගෙන මන් යන දිහා අමුතු විදිහට නෙතු බලන් හිටපු නිසා තමා මම නෙතුට කතා කරෙ....
"නෙතු.....ඇයි ඔය..."
"ඇයි නංගි....අවුල්ද....."
"මොකක්ද ඔය කතා කරන විදිහ නෙතු...."
"නංගි මෙි කැටයම් දාන්ඩ එපා.....අනික මට ගෑනුන්ගෙ නමි කියන්ඩත් එපා...."
"මෙි පිස්සුද ඔයාට....මොනවද මෙි කියවන්නෙ..."
"හිටපන් උබට මම පිස්සා කවුද කියල පෙන්නනකන්...."
එකපාරටම එහෙම කියාගෙන නෙතු මගෙ ඉස්සරහට ආවෙි හරියට පිරිමි කෙනෙක් ඇවිදන් එනව වගෙ....අනික නෙතුගෙ කටහඩෙ තිබුනෙත් ගැබුරු ස්වරයක්.....මම ඒ කතා කරපු විදිහට බය වෙලා ගෙදරට දුවගෙන ආව විදිහවත් මට නමි මතක නෑ.....මම අම්මත් එක්ක ලිද ගාවට යනකොට නෙතු හිටියෙ ලිදේ බැම්ම උඩත් නැගලයි.අම්මයි මායි වද කරල නෙතුව බිමට අරගත්තත් එයා දගලපු විදිහට අපිට එයාව මෙල්ල කරන්න නමි බැරි උනා......
එ් සිද්දියෙන් පස්සෙ නෙතුට හොදටම උන හැදුනත් උන අඩු උනේම නෑග....මගෙ හොදම යාලුව නිසා තනි කරන්න බැරි නිසාම මම එදා රෑ නෙතු ගාව හිටියා....එක පාරටම රෑ දොලහට විතර යටිගිරියෙන් හූ කියාගෙන නෙතු නැගිට්ටෙ කොන්ඩෙත් මුනට දාගෙන දිව දික්කරගෙන අතේ අගිලි පවා උල් කරගෙනයි......
"නෙතු....නෙතු....මෙකෙද මෙි....."
"කව්ද යකො නෙතු කියන්නෙ.....මගෙ නම සයිමන්......මෙිකි මගෙ......මම මෙිකිවයි උබවයි දෙන්නම අරගෙන යනව...."
මම බයටම කෑගහනකොට නෙතුලගෙ අම්ම එතන්ට ආපු ගමන් නෙතු දිවත් එලියට දික් කරගෙන එයාගෙ මුන එයාම සුරගෙන ලේ පෙරාගෙන ඒ ලේ ගෑවුන අත් වලින් නෙතූලගෙ අම්මගෙ බෙල්ල මිරිකන්න හදනකොටම තමා ගෙදර කටිටිය එකතු වෙලා නෙතුව ඇදෙන් බැදල තිබ්බෙ......
පහුවදා උදේ නෙතුට මුන හොදන්න යන්න කතා කරත් එයා එකටත් තරහ අරගෙන මගෙ ඇගට ආයෙත් කඩා පනින්න හැදුව.....ඒ වෙලාවෙ තමා ගමෙි යන්ත්‍ර මන්ත්‍ර ශාත්‍රය ගැන දන්න ගුරුන්වහන්සෙ කෙනෙක් නෙතුලගෙ අම්ම එක්කගෙන ආවෙි....එයාව දැකපු ගමන් නෙතු ආයෙත් පිස්සියක් වගෙ කොන්ඩෙ කඩාගෙන දිව දික් කරගෙන දත් විලිස්සාගෙන අැග සුරගෙන ඒ එන ලේ දිහා බල බල අමුතු විදිහට හිනා උනේ.......
"හා....හ්...හහ්....හහ්....හා......ගුරා.....තෝ ආවද මාව බලන්ඩ ආයෙත්....."
"කව්ද මෙි දැරිවිට මෙි කරදර කරන්නෙ....."
"මම කවුද කියල වැඩක් නැ ගුරො.....අපු අතක් බලාන පලයන්....මෙිකි තමා මාව බෙිරගත්තෙ....මම මෙිකිට ආදරෙයි....මම මෙිකිවත් අරගෙන යනව මගෙ ලොකෙට....."
"එවනමි බැ උබට.....මෙි මම ඉන්න කන්....."
"උබ මිට කලිනුත් මාව බන්ධනෙ කරල දැම්මනෙ බොතලේට.....මෙිකි තමා මාව බෙිර ගත්තෙ....."
"එක මට වැඩක් නැ....උබ දැන් යන්ඩ ඕන...."
"ඇයි නොගියොත් මොනව කරන්නද...."
"හිටපන් කරල පෙන්නන කල්....."
ඒ ගැරැන්නාන්සෙ එයාගෙ අතේ තිබුන වෙිවැලෙන් පාරවල් දෙක තුනක් ගහනකොට නෙතු කෑගහුවෙ....
"පුච්චන්ඩ එපා....අනේ.....අනේ මාව පුච්චන්ඩ එපා......"කිය කිය පිරිමි කෙනෙක් වගෙයි......
ටික වෙලාවකට පස්සෙ නෙතු එහෙමම ඇදට කලන්තෙ දාල වගෙ වැටුනට පස්සෙප ගුරුන්නාන්සෙ නෙතුගෙ අත අරගෙන නාඩි බලන්න ගිහින් පුදුම උනා.....
"මෙි නූල කොහෙන්ද මෙයාට...."
"එදා....තොවිල් තටුවෙ තිබුන එකද කොහෙද මාමෙ.කන්නාඩියකුත් අරන් ආව මම එපා කියනකොටම......"
"හම්මිම්ම්....එහෙනම් තවත් අමාරුයි.....තොවිලයක් කරන්නම වෙනව.මම ඕන කරන අඩුම කුඩුම කියන්නම්.එවත් අරගෙන ලැස්තිවෙමුකො එහෙනම්......"
ගුරුන්නාන්සෙ කිව විදිහටම සේරම ජාති ලෑස්ති කරල දුම්මල අල්ලනකොට නෙතු එක පාරටම බෙර පදවල තාලෙට නැටවෙන්න ගත්තෙ එයාව වහල තිබුන සුදු රෙද්දත් විසි කරන ගමන් දත් විලිස්සාගෙන කොන්ඩෙ කඩාගෙන දිව එලියට දික්කරගෙන අැගිලි තුඩු වල නියපොතු උල් කරගෙනයි.....
"උබ කවුද කියපන්...."
"සයිමන්....සයිමන්....."
"උබ කොහොමද මෙි දැරිවිගෙ ඇගට ගියෙ...."
"මෙිකි මට ආදරේයි....එකි මාව නිදහස් කරල මාව බන්දනෙ කොරගත්ත....."
"පෙරේතයො මනුස්ස ඇගවල් වල ඉන්නැ බොල....දැන්ම පල....."
"බැ....මම යන්නෑ....මම යන්නෙ මෙකිවත් අරගෙන...."
"පෙරේතයන්ට මිනිස්සු ගෙනියන්ඩ දෙන්ඩ බැ....උබව බන්දනෙ කොරන්ඩ කලින් පල....."
"හ....හ.....මට....හර්ර්.....මට....මට....බිල්ලක්.....බිල්ලක්....බිල්ලක් දිපිය......හර්...හා.....නර....නර බිලල්ලක්....."
"නර බිල්ලක් බැ.....කකුල් බිල්ලක් දෙන්නම්......"
"හා....හාර්......එනමි දිපිය...."
"උබ ගියා කියල දැනගන්නෙ කොහොමද...."
"මම....හර් ...මම....අර කොස් ගහට යන්නම්...."
"මෙි හතර මායිමට උබ එන්ඩ එපා.....පලයන්......ගහේ අත්තකුත් කඩාගෙනම...."
"නර බිල්ල.....දිපිය....නර බිල්ල......"
"නර බිලි නැ බොල උබට.....අන්න පිදේනි තට්ටුවෙ කුකුල් බිල්ල....එකත් අරන් පල...."
එක පාරටම මහ හයියෙන් හු කියාගෙනම පිදෙනි තට්ටුවෙ හිටපු කුකුලගෙ බෙල්ලත් අබරල හෙනයක් ගහනව වගෙ සද්දෙකින් හුලගක්වත් නැතුව ලොකු කොස් අත්තකුත් දාඩාස් ගාල වැටෙන සද්දෙ එනකොටම නෙතු කලන්තෙ දාල වැටුන......
****************************************************
"ළමයො....දැන් බය වෙන්ඩ කාරි නැ....ආරක්ෂා යන්තරෙකුත් දැම්ම ආයෙ එහෙම අර වගෙ වැඩ කරන්ඩ එපා....."
"හොදමයි ගුරුන්නාන්සෙ....."
ගුරුන්නාන්සෙ කිව විදිහට නෙතු තනියම ලිද ගාවට යනකොටලු එ් දිශ්ටිය අැගට ඇවිත් තියෙන්නෙ.අනික නෙතු අර පිදේනි තට්ටුවෙ තිබුන නුලටලු ඒ දිෂ්ටිය බන්දනය කරල තිබල තියෙන්නෙත්.
#ලියන්නෙ : දුෂාන්
#Dushan D Ekanayake
උපුටා ගැනීමකි
No comments:
Post a Comment