කැන්ඩි සෙල්ෆි


❣💜💛කැන්ඩි සෙල්ෆි❣💛

                පුංචො සාමාන්‍ය පෙළ පාස් වුනොත් ඉල්ලන ඕනම දෙයක් අරන් දෙනවා"

ඒ අපේ අම්මා..

හැමෝම මට කතා කළේ පුංච කියළා.
ගෙදර පුංචි චන්ඩිය තමා මම. අපේ සුදු අක්කිගේ එකම මල්ලි පැටියා.
පුංච කිව්වම ඉතින් අපේ ගමේ නොදන්න කෙනෙක් නෑ.
සාමාන්‍ය පෙළ පාස් වුනොත් ඉල්ලන ඕන දෙයක් අරන් දෙනවා කිව්වම ඉතින්  මටත් ආවේ පුදුම ගැම්මක්.
අපේ අම්මා දන්නවා මට ගහලා බැනලා හදන්න පුලුවන් එකෙක් නෙමෙයි ඉල්ලන ඕන දෙයක් අරන් දෙනව කිව්වොත් ආයෙ ඉතින් අපායට හරි ගිහින් එන එකෙක් කියළා.

       ඔන්න ඉතින් මමත් රැයක් දවාලක් නැතුව පාඩම් කළේ පිස්සෙක් වගේ..
මහන්සි වුනා වගේම ඔන්න ඉතින් කොල්ල ගොඩ ගියා.
ඒ පහයි බී තුනයි සී දෙකයි.
අම්මයි අක්කයි තාත්තයි සතුට දරා ගන්න බැරුව..

හොද පුතා.
කොල්ල දස්සය පිස්සු නැටුවට.

ඒහෙම කිව්වේ අපේ තාත්තා ...

ඔන්න දැන් ඉතින් මගේ වාරේ.
කැමති වරයක් ඉල්ලන්න පුළුවන්නේ..

මට තිබුනෙ පුදුම ෆෝන් පිස්සුවක්.
ඒ නිසා ඉතින් මම දෙපාරක් හිතුවෙ නෑ ෆෝන් එකක් ඉල්ලුවා.
අම්මා ඉතින් කිව්ව වගේම මට ෆෝන් එකක් අරන් දුන්නා..
ඒකේ ඉතින් නැති දෙයක් නෑ.
ආ.. නැති දේකට තිබුනේ ටොයිලට් බාත්රූම් විතරයි.
වදුරට දැලි පිහිය අහුවුනා වගෙයි ඉතින් මාත්.
ඔන්න ඉතින් මම ෆේස්බුක් එකවුන්ට් එහෙකුත් ඕෆන් කළා.
කොල්ල හැන්ඩිය.
මං ලග තිබුන හොදම ටීයයි ඩෙනිමයි  ඇදළා වැඩ දාළා සෙල්ෆි දෙක තුනකුත් අප්ලෝඩ් කළා.
වරුවක් ගියේ නෑ රික්වෙස්ට් ගොඩායි.
හැම එකාම ඇඩ් කරළා හරියන්නෙ නැහැනේ.
පට්ට කෑලි ටිකක් ඇඩ් කර ගන්න ඕන කියනවා හිතලා කෙල්ලන්ගේ රික්වෙස්ට් ඕකේ කළා.

   තිසරි සංකල්පනා ..
මට ආපු රික්වෙස්ට් එකක්..
ප්‍රොපයිල් එකට ගිහින් පොඩ්ඩක් සර්ච් පාරක් බැලුවා.
අම්මෝ පුදුම ලස්සනක්..
සුදුම සුදක්..
හරියටම කිව්වොත් හින්දි නිලියක් වගෙයි.
කොල්ලොනේ..
හිතයනවනේ..
ලංකාවේ කෙල්ලෙක්ද කියලත් මට හිතුනා.
නම ලංකාවෙනෙ ඒ නිසා චැට් එකක් දාළම බලන්න ඕන.
හායි කියල දාල තප්පරයක් ගියේ නෑ රිප්ලයි ආවා.
කොහොම හරි චැට් කරළා පස්සෙදි නෝ එකක් ඉල්ල ගත්තා.
පැය ගනන් ෆෝන් එකේ..
දන්නවනේ ඉතින් ෆෝන් වල හැටි පැයක් බැටරි තියෙන්නෙත් නෑ.
මම ෆෝන් එක ජාජ් කරනවා කෝල් කරනවා.
සීමාවක් නෑ..

කාටද හලෝ ඔය තරම් කෝල් කරන්නේ?

ඔන්න අක්ක උදැල්ල දැම්මා.

දවසට කාඩ් කීයක්නම් දානවද ඕකට ?
ආ....

අක්ක කියනකතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි.
මේ කාඩ් දාන්න වියදම් කරන සල්ලි එකතු කළා නම් අද මං මනුස්සයෙක්...

කාටවත් නෑ අනේ..

කොහොම හරි මාසයක් විතර ගිහින් අපි යාළු වුනා.
තිසරි මට ඉවරයක් නෑ සෙල්ෆි එවනවා.
පුදුම ලස්සනක්..
ඒ ලස්සනට මාත් පිස්සු වැටිලා හිටියේ..

මට ඔයාව බලන්න ඕන.

මම මාස තුනක් විතර ගිහින්  කිව්වා.
මගේ ගෙවල් තිබුනෙ ගාල්ලේ තිසරිගේ ගෙවල් කලුතර.
ඔන්න ඉතින් මම ක්ලාස් එකක් කට් කරලා තිසරි බලන්න කලුතර ආවා.
පැයක් විතර කලුතර බස් හෝල්ට් එකේ කට්ට කෑවා.
ඒත් තිසරි තාම නෑ.
අය්යා ගෙදර ඉන්නවා අනේ ටග්ගාලා එන්නම් ඉන්න..

  කොහොම හරි පැය දෙකකට
විතර පස්සේ කලු ගෑණු ළමයෙක් මං ලගට ඇවිත්
ඔයාද සචින්ත කියළා ඇහුවා.
මම ඔව් කියළා කිව්වේ කවුද බං මේ කියළා හිතන ගමන්.

තිසරි එනකම්ද බලන් ඉන්නේ?

ඔව්  අනේ...

මම හිතුවෙ තිසරි  යාළුවෙක් එවළා කියළා එයා පරක්කු වෙන නිසා

මම තිසරි.

මලහත්තිලව්වයි..
උගුර කට වේලිලා ගිහින්..
මට හීන් දාඩිය දැම්මා.

මේ ෆොටෝ වල ඉන්නේ කවුද?.

මම අමාරුවෙන් වචන ගැලපුවෙ.

ඒ මම.

මේ ෆොටෝවල ඉන්න ගෑණු ළමය සුදුයි ලස්සනයිනෙ..

ඒ කැන්ඩි සෙල්ෆි වලින් ෆොටෝ අරන් අනේ....

මට එතකොට තමා වැඩේ තේරුනේ..

එකපාරට ආපු ගාල්ලේ බස් එහෙක දුවලා ඇවිත් මම එල්ලුනා..

තිසරි බය වෙළා වගේ බලන් ඉන්නව මම දැක්කා..
තිසරි කියළා කෙනෙක් නෑ.
තිසරි කියන්නේ තනිකරම එඩිට් එකක්..
මට ෆුල් අප්සට් ඉතින්.
මදැයි ෆේස්බුක් එකෙන් ආදරේ හොයන්න ගියා.
ෆේස්බුක් එකේ නිලියො වගේ ෆොටෝ දාන් ඉන්න වුන් තනිකරම එඩිට් එකක්.
කැන්ඩි සෙල්ෆි දවසින් දවස අලුත් වෙනවද කෙල්ලෝ ලස්සන වෙනවද කියළා මට හිතා ගන්න බෑ.
ආයෙනම් මලාට ෆේස්බුක් එකේ කෙල්ලෝ නම් එපා.

         ගෙදර ආපු ගමන් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටිය කෙල්ලෝ ඔක්කොම අන්ෆ්‍රෙන්ඩ් කළා.

   අදටත් කෙල්ලෙක්ගෙන් රික්වෙස්ට් එකක් ආවම බය වෙළා ඇග හීතල වෙළා යනවා....

         ------නිමි-----

උපුටා ගෑනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment