ආදරෙයි....සදහටම
(83 වෙනි කෙටි කතාව )
මොකද ඉරෝෂ් අදත් පරක්කුයි.....
ගෙදර කියලා හිතුවද හැමදාම ඔහොම පරක්කු වෙලා එන්න.
දවස් කීයක් නම් කියලා තියනවද?
බලනවා මෙතන මේ අනිත් ළමයි 40 ටම එන්න පුළුවන්
තමුසෙට විතරක් එන්න බෑ.
මිස් එහෙම බනින්නේ පන්තියේ දගකාරම කොල්ලාට.
ඇස් වලින් කතා කරන පන්තියට ආපු පලවෙනි දවසෙම මගේ හිත හොරකම් කරපු කොල්ලට.
එත් තවම වචනයක්වත් කතා නොකරපු කොල්ලෙක් තමා
ඉරෝෂ් කියන්නේ..
අනේ නෑ මිස්... බස් පරක්කුයි..
අනිත් දවසේ කලින් එන්නම් මිස්...
හැමදාම කියන්නේ ඕකනේ...
කවදද තමුන්ගේ හෙට වෙන්නේ කියලා නම් මම දන්නේ නෑ.
හැමදාම හෙට .. හෙට ..
යනවා ගිහින් ඉඳගන්නවා.
පන්තියේ ඉඩකට කියලා ඉතුරු වෙලා තිබුනේ මට ලග පුටුව විතරයි..
ඒ කියන්නේ ඉතින් හීන කුමාරයාට මගේ ලග අද දවස ගෙවන්න වෙනවා.
මෙතන කවුරුවත් ඉන්නවද?
එක ඇහුවෙත් මගෙන් නෙමේ. ඇයි දෙය්යනේ මෙච්චර කට පුරවන් හිනාවෙලා ඉන්න මගෙන් අහපන්කෝ.
එක ඇහුවෙත් මට එහා පැත්තෙන් ඉන්න කෙල්ලගෙන්.
හිනාවෙන්නවත් දන්නේ නෑ නපුරු ආඩම්බර කාරයා..
පොත පොඩ්ඩක් දෙනවද?
මොනවද අද ඉගැන්නුවේ බලන්න....
හීනයක්ද මන්දා කොල්ලා මාත් එක්ක කතා කරනවා...
කලින් කිවා නම් ගොඩාක් ලස්සනට ලියනවනේ. ඒත් දෙය්යනේ කොහොමද දැන්
දෙන්නේ... පොතේ හැම තැනම එක එක දේවල් ලියලනේ..
කෝ භාවනා කරනවද?
දෙන්නකෝ....
නිදන් හාරන්න ගියාද? රන්දී...
ඇයි එහෙම ඇහුවේ ඉරෝෂ්
නෑ මේ තියෙන්නේ එහෙම ලියලා
මුතු සෙව්වෙමි මුතුද හමු උනා
මිණි සෙව්වෙමි මිණිද සතු උනා
රන් සෙව්වෙමි රන් ද හිමි උනා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ
අනේ ඔය සින්දුවක්නේ....
(කොහොමද දෙය්යනේ කියන්නේ ඔය සින්දුව ඔයාව මතක තියාගෙන ලිවේ කියලා )
හ්ම්ම්ම් හාකෝ.. මට පොඩ්ඩක් මේක තේරෙන්නේ නැ
පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද ඉතින්..
මොකද ඉරෝෂ් ඔය ලමයාටත් දැන් ඉගන ගන්න දෙන්නේ නැද්ද?
ඔතනට වෙලා කතාවට අල්ලාගෙන ඉන්නේ..
පන්තියෙන් එලියට යන්න ඕනා වෙලාද?
නෑ නෑ මිස්
මේ පාඩමේ දෙයක් තමා ඉරෝෂ් ඇහුවේ...
හ්ම්ම් එහෙමනම් කමක් නෑ
ඔය දරුවාගෙන් වත් අහගෙන බැරි දේවල් ඉගන ගන්නවා..
තව ටික දවසනේ එක්සෑම් වලට.
--------------------------------------------------
ඔයා කියලා දුන්න දේවල් හින්දම ගොඩාක් දේවල් නම් දැන් මට තේරෙනවා.
ඔයාට එකට ගොඩාක් පිං රන්දී
දැන් එක්සෑම් ගැන ලොකු බයක් නෑ
මට ඔයාගෙන් පොඩි දෙයක් අහන්න පුලුවන්ද ඉරෝෂ්..
මම දන්නේ නෑ මේක අහන එක කොයි තරම් හොද දෙයක්ද කියලා
එත් මේක අහන්නේ නැතිව දැන් මට ඉන්න බෑ
මොකක්ද රන්දී...
මම ඔයාට ආදරේ කරනවා ඉරෝෂ්..
ඔයාව දැක්ක දවසේ ඉදලාම.
මම හැමදාම බලාන උන්නේ ඔයා මගෙන් එහෙම දෙයක් අහාවිද කියල .
එත් එහෙම දෙයක් අහන්නේ නැ වගේ.. ඒකයි මමම අහන්න හිතුවේ
මොනවද ඔයා මම කියපු දේ ගැන හිතන්නේ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
මගේ හිත කියවලා වගේ...
මමත් ඔයාට අකමැත්තක් නැහැ... කොහොමවත්.
ඔයාගේන් ඔය වගේ දෙයක් අහන්නේ කොහොමද කියලා හිත හිතා හිටියේ..
එත් මම දන්නේ නැ මම වගේ කොල්ලෙක් ඔයාට කොහොම ගැලපේවිද කියලා
මොකද මම ඔයා වගේ බ්‍රයිට් කේස් එකක් නෙමේ.
ඔයා එක්සෑම් එකෙන් ගොඩ යන එක හොදටම ෂුවර් නේ..
දැනටමත් ඔයාට ඩිග්රි එකක් තියනවා.
මේ ඩිප්ලෝමා එක කරලා ඔයා මේකෙත් ඩිග්රි එක කරගන්නවා කියලා මම දන්නවා.
ඉතින් එහෙම උනා කියලා මොකද වෙන්නේ ඉරෝෂ්
එහෙම උනහම ආදරේ නැති වෙනවද?
නෑ රන්දී එහෙම උනොත් ඉතින් ඔයාට මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුළුවන්නේ.
මට වගේ නෙමේනේ ඔයාට ඩිග්රි එකක් තියනවා.
මට මොනවද තියෙන්නේ
ඔයාලාට වගේ සල්ලිත් නෑ
හරියට ඉගන ගෙනත් නෑ
පිස්සා...
මොනවත් වෙලාත් නෑ
අවුරුදු 5 කට එහා දෙයක් ගැන අද හිතලාද මගෙන් අහන්නේ නැතිව හිටියේ..
හ්ම්ම්ම්
ඔව් මොකද මට ඕනි නෑ දුක් විදින්න.
ආදරේ හින්දා ගොඩාක් දුක් විදපු කොල්ලෙක් මම
මේ පොඩි වයසට.
ඔහොම දෙයක් වෙන්නේ නෑ ළමයෝ.
බය නොවී ඉන්න..
ඔයා කියන්නේ ඔයාගේ අම්මා.,
මම වගේ නෝමල් කොල්ලෙකුට ඔයා වගේ වටිනා කෙල්ලක් දේවි කියලාද?
අපි එක බලමුකෝ...
--------------------------------------------------
අම්මා....
මොකද දරුවෝ...
මට අම්මා එක්ක ටිකක් කතා කරන්න ඕනා..
පොඩි දෙයක් ගැන
ඇයි මොකද ඩිග්රි එක අවුලක්ද?
ඉවරයක් කරගන්න බැරි උනාද?
අනේ අම්මා මොනවද හැමවෙලේම කතා කලොත් ඔය වගේ දෙයක් විතරයි.
ජිවිතේ වෙන දේවල් නැද්ද?
දැන් අවුරුදු 26 වෙනවා.
ඉතින් දැන් උබ මොකද කියන්න හදන්නේ..
මේකයි අම්මා..
මම කැමති කොල්ලෙක් ඉන්නවා
අවුරුදු ගානක් තිස්සේ දන්නවා.
හොද කොල්ලා..
මොනවද කොල්ලට තියන ඩිග්රි එක
හොදට ඉගනගෙන තියනවද?
ජොබ් එකක් නැතත් කමක් නෑ හොදට ඉගන ගෙන තියනවනම්
මොකද ජොබ් එකක් හොයාගන්න එක අමාරු නෑ එහෙම කෙනෙක් ට
අනේ අම්මා.......
ඒ බෝයි ට ඩිග්රි එකක් නැ
හොද ජොබ් එකක් කරන ගමන් මාත් එක්ක ඩිප්ලෝමා එක කරන්න ආවේ.
එත් එකේ ඩිග්රි එකක් කරන්න තරම් සුදුසුකම් නම් නැහැ.
එහෙමනම් ඉතින් ඕක ගැන ආයේ මාත් එක්ක කතා කරන්න එපා
අදම ඕක අමතක කරලා දාපන්..
මොකද කවදාවත් මගෙන් ඕකට නම් කැමැත්ත හම්බවෙන්නේ නෑ
——————————————
ඉරෝෂ්....
මොකද රන්දී.. ඔය අඬලා වගේ
( ඉරොෂ් කියන්නේ පුදුම කොල්ලෙක්. මගේ පොඩි වෙනසත් ගොඩාක් ඉක්මනට අල්ලගන්නවා.
ආදරේ කරන්න ජිවිතේ විදින්න ඒ තරම් තේරුම් ගත්ත කෙනෙක් මගේ ජීවිතේට කවදාවත් හම්බවෙන්නේ නැ කියන එක මගේ හිත හොදටම දන්නවා. එත්.. )
මට සමාවෙන්න ඉරෝෂ්.. මම දන්නවා මම වැරදි කියලා. කවදාහරි මගේ ජිවිතේ විඳවන්න වෙයි මේවාට
එත්....
මොනවද බබා ඔයා කියන්නේ..
මට මේ සම්බන්දෙ නවත්වන්න වෙනවා. අම්මා කවදාවත් කැමති වෙන්නේ නෑ ඔයාට.
ගෙදරින් මට කෙනෙක් හොයලා මට එයාව බඳින්න වෙනවා... අනේ මට සමා වෙන්න රත්තරන්..
මට ගෙදරට විරුද්ධ වෙන්නත් බැහැ. ඔයාව නැති කරගන්නත් බෑ
එත්......
අම්මලා කවදාවත් කැමති වෙන්නේ නෑ කියලා දැන දැන ඔයාට බොරු කරන්නත් බැහැ..
මට ඔයාව තේරුම් ගන්න පුළුවන් රන්දී..
මම මේක පටන් ගන්නකොටම මේ දේ වෙන්න පුළුවන් කියලා ඔයාට කීවානේ.
මොනවා කරන්නද ඔයාට අම්මලට විරුද්ද වෙලා මගේ ලගට එන්න කියන්න තරම්
පව්කාරයෙක් වෙන්න මට බෑ.. ඔයා සතුටින් ඉන්න මම දුර ඉදන් බලාන ඉන්නම්..
--------------------------------------------------
වසර 3 කට පසු...
රන්දී...... මොකද මේ..
කෝ මහත්තයා...
ඇයි මේ හිටියට වඩා ගොඩාක් කෙට්ටු වෙලා..
අදුනගන්නත් බැරි තරම් වෙනස් වෙලා
පයින්ම කොහෙද යන්නේ
අනේ............... ඉරෝෂ් ඔයා..
මට සමාවෙන්න ඉරෝෂ් ඔයාට දුන්න දුක් වලට අද මම විඳවනවා
අම්මලා මට ඩිග්රි තියන කෙනෙක් කියලා බන්දලා දුන්න කෙනා
මගේ ජිවිතේ අපායක් කරලා.. හොඳටම බීලා නාස්ති වෙලා .මගෙ ගැන බලන්න තියා එයාට එයා ගැනවත් බලාගන්න බැහැ.
ආදරේ කියන දේ තියෙන්නේ ඉගන ගත්තා කියන එක ඇතුලේ නෙමේ කියලා අපේ
අම්මලාට තේරුම් ගන්න බැරි උන හින්දා දැන්
මගේ ජීවිතෙන් මම වන්දි ගෙවනවා.
අනේ රත්තරන් මම ඔයාට ඒ කවුරු උනත් බදිනවට මොනවත් නොකීවේ
ඔයා සතුටින් ඉන්න එක මට හැමදේකටම වඩා වැදගත් උන හින්දා.
එත් මෙහෙම
ඔයාව මෙහෙම දකින්න කවදාවත් මම බලාපොරොත්තු උනේ නෑ.
නගින්න වාහනේට මම ගිහින් දාන්නනම් ගෙදරට.
අනේ එපා ඉරෝෂ්..
ඔයාගේ නෝනගෙන් ඔයාට කතා අහන්න වෙයි..
මගේ නෝනා..
කොහෙද මට නෝනලා.
ආදරේ හදවතින්ම කලේ ඔයාට විතරයි.ඒක මැරෙනකන් වෙනස් වෙන්නේ නෑ
අනේ මට සමා වෙන්න ඒකට මට.
අම්මත් හැමදාම කියනවා . අර කොල්ලාව බඳින්න දුන්නා නම් අද මෙහෙම විඳවන්න වෙන්නේ නෑ කියලා
සදරැ - Devaka Sadaruwan
ආදරේ , ජිවිතේ සතුට හැමදේම තියෙන්නේ... අපි ගාව තියන උපාධි කොළ වල නෙමේ ජීවත් වෙන මනුස්සයාගේ හිතේ... ආදරේට ආදරේ කරනවානම් උපාධි , ඉගන ගත්ත ලොකු පට්ටම් හැමදේම ඒකට යටයි. ආදරේට ආදරේ කරලා සතුටින් ඉන්න.
උපුට ගැනීමකි
No comments:
Post a Comment