මගේ ලොවේ හිරු අප්පච්චි

❤💞මගේ ලොවෙි  හිරු අප්පච්චි💞❤

"චුටි පුතා.....කෝ ප්‍රගති වාර්තා පොත මෙහෙට ගේන්ඩ....."

"ආ.....එක ඕනෙමද????එකනම් තියනව....ඒත්...."

"මොකද ඒත් මෙිත් ගාන්නේ....ඇ...."

"නෑ....මෙි....මෙි....."

"කෝ....කෝ....මෙහෙ දෙනව බලන්ඩ....."

"ආ....ආ....මෙන්න......"

අප්පච්චිගෙ අතේ ප්‍රගති වාර්තා පොත තියපු ගමන්ම මම අප්පච් එක බලන්නත් කලින්ම එතනින් ඉක්මනටම පැනල දීවෙ සෙල්ලම් කරන්න යන්න.මොකද අප්පච්චි එක බැලුවට පස්සෙ මට වෙන දේ මම හොදටම දැනගෙන හිටපු නිසයි.....

මම පසිදු.පහවසරෙ ශිෂ්‍යත්ත විභාගෙන් කලාපෙන්ම වැඩිම ලකුණු අරගෙන ටවුමෙ ලොකු ඉස්කොලෙකට ගියෙ ගමෙි ඉස්කොලෙට වඩා පහසුකම් ගොඩක් ටවුමෙ ලොකු ඉස්කොලෙ තියෙන නිසාමයි.....ගියපු මුල්ම දවස් වලදි හොදට වැඩ කරල හිටපු නිසා යන්තන් පලවෙනි වාරෙදි නම් පංතියෙ පලවෙනියා වෙන්ඩ හම්බුනා.....

ඒත් ඉතින් මෙි දෙවනි වාරෙදි තමා.....අලුත් යාලුවොත් හම්බුන නිසා අනික මාත් තවම පොඩි ළමයෙක් නිසා සෙල්මට මුල් තැන දුන්නෙ.අප්පච්චි වැඩ ඇරිල එනකොට හවස් වෙන නිසා මම කරෙ ගෙදර ආව ගමන්ම ඇදුම් ටිකත් ඔහේ තැන් තැන් වලට ගලවල විසි කරල දාල මොකක් හරි ඇදුමක් දාගෙන බැට් එකයි බෝලෙයි අරන් සෙල්ලම් කරන්නගියපු එක......ඉස්කොලෙන් ගෙදර වැඩ දුන්නත් එවා කරෙ අප්පච්චි එන්න පැය බාගෙකට විතර කලින් ගෙදරට ගිහිල්ලයි.මොකද එතකො‍ට අප්පච්චි හිතන්නෙ මම ඉස්කොලෙ ගිහින් ආව වෙලාවෙ ඉදලම පාඩම් කරා කියලනෙ.....ඒත් ඉතින් ඒ බොරුවත් එලි උනේ මෙි පාර වාර විභාගෙන් මම පංතියෙ 45වෙනියා වෙච්ච නිසාමයි.අපේ පංතියෙම හිටියෙත් ළමයි 50යි.ගියපාරට වඩා හැම විශයකම වගෙ ලකුණු ගොඩක් අඩු වෙලයි තිබුනෙ.....මම වෙලෙ යාලුවොත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට අප්පච්චි ඈතින් කොටුවක් අරන් එනව දැකපු නිසා මම ඉක්මනට බැට් එකයි බොලෙයි අරන් ගෙදරට දිව්වෙි.........

"අනේ....පසිදු අපි සෙල්ලම් කරන්නැද්ද.....ඔක තියල යන්ඩ....."

"බෑ....බෑ....අද නම් බෑ.....අර අපේ අප්පච්චි කොටුවකුත් අරන් එනව......ඔයාලටත් ගහයි.....දුවන්ඩ ඉක්මනට......"

"චුටි පුතා.....පසිදු....ඔහොම නවතින්ඩයි කිවෙි......"

"බෑ......නැවතුනොත් අප්පච්චි ගහනවනෙ......"

"නෑ....ගහන්නෑ....නවතිනව ඔහොම....."

"බෑ....බෑ.....ඔයා ගහනව මට....."

"එනම් යනව ගෙදර.....දවන්නැ....හිමිහිට හිමිහිට.....වැටෙන්නැතුව ඉක්මනට යනව....."

එදා ගෙදර ඇවිත් ඉක්මනටම නාගෙන බත් කන්න ගත්තෙ බත් කකා ඉන්කොට අප්පච්චි මට ගහන්නෙ නෑ කියල මම දන්න නිසාමයි.....අප්පච්ච් එලියට යනකන් හිමිහිට බත් එක කකා ඉදල ඉක්මනටම මගෙ කාමරෙට ගිහින් අච්චුපොත් ටික පෙරලගෙන හයියෙන් කියවන්න ගත්තෙ මම පාඩම් කරනව කියල හිතුනොත් අප්පච්චි මට ගහන්නැති වෙයි කියල හිතපු නිසාමයි.....ඒත් අප්පච්චි මගෙ කාමරේට ඇවිත් කිවෙි.....

"මාව රවට්ටන්න පාඩම් කරන්ඩ නෙවෙි.....තමුන්ට හොද ලොකු මහත්තයෙක් වෙන්ඩ ඕන නම් පාඩම් කරන්ඩ.......මම නම් රැවටෙන්නැ......"

"අනේ සුගත්....ඇතිනෙ ඔය පොඩි එකාට බැන්න දැන්....."

"කමනි....ඔයා තමා මෙි ළමයව හුරතල්රෙන්නෙ.......ඔයාගෙ ඔය හුරතලේ නිසා තමා දවසක මු නොමග ගියොත් නොමග යන්නෙ....."

"එහෙම නෑ.....මගෙ පුතා හොදයි....නේද පුතේ....."

"හම්ම්ම්ම්ම්....එකනෙ....අප්පච්චි නපුරුයි....."

"දිකිරට බලල්ලුත් සාක්ශිලුනේ....අම්මයි පුතයි ඕන දෙයක් කරගන්ව.....මෙි පාර පංතියෙ අන්තිමයා උනත් කමක්නැ.....හැම විෂයකටම ලකුණු 90ට වැඩියෙන් ගන්ඩ ඕන හරිද......එතකන් සෙල්ලම් කරන්ඩ යන්ඩ බෑ...."

අප්පච්චි එහෙම අම්මටයි මටයි දෙන්නටම පොඩ්ඩක් සැර කරල යන්න ගියත් අම්ම මගෙ ඔලුව අතගගා කිවෙි

"අප්පච්චි නපුරු නෑ.....පුතාගෙම හොදටනෙ කියන්නෙ පුතේ... "

අම්ම මට කොච්චර කිවත් මට නම් අප්පච්චිව පෙනුනෙ හරියට රාක්ෂයෙක් වගෙ.මොකද මට සෙල්ලම් කරන්න යන්න හම්බෙන්නෙත් නෑ.....අනික මෙි පාර හැම විෂයකටම ලකුණු 90වට වඩා ගන්නත් ඕනලු.........සෙල්ලම් කරන්න යන්නැතුව ඉන්නෙ කොහොමද කිය කියා කල්පනා කර කර ඉන්නකොට මට මෙිසෙ උඩම නින්ද ගිහින් තිබුනෙ මටත් නොදැනිමයි.......පහුවදා උදේ ඉස්කොලෙට යනකල්ම අප්පචි මාත් එක්ක වචනයක් වත් කතා කරෙ නම් නෑ.....ඉස්කොලෙ ඇරිල ඇවිත් ගෙදරට වෙලා ඉන්නකොට........

"පසිදු.....පසිදු.....එන්න යන්න සෙල්ලම් කරන්න...."

"අද බෑ....අප්පච්චි එපා කිවා...."

"අපෝ ඇයි ඒ....."

"අනේ මන්ද.....මට ආය සෙල්ලම් කරන්න යන්න තහනම්......"

"ඔයාලගෙ අප්පච්චි මහ නපුරෙක්නෙ....සෙල්ලම් කරන්නවත් දෙන්නැ ඔයාට...."

"එකනෙ.....ඔයාල යන්න.....මට එන්න වෙන් නෑ....."

යාලුවො ගෙදර ගාවට ඇවිත් හැමදාම කතා කරත් මම සෙල්ලමි කරන්න යන්න බය උනේ අප්පච්චි බැරිවෙලාවත් කලින් ආවොත් මට හොදට ගුටි කන්න වෙනව වගේම අම්මටත් මන් නිසා නිකන් බොරුවට බැනුම් අහන්න වෙන නිසාමයි..........මම හිතුව වගේම එදා හවස අප්පච්චි කලින්ම ගෙදර ආවෙි මම එයාට හොරෙන් සෙල්ලම් කරන්න ගිහින් ඇති කියල සැක කරපු නිසාමයි.........හොරෙන්ම මගෙ කාමරෙට එබිල බලල සද්ද නොකර යන්න ගියෙ මම ඉස්කොලෙන් දීපු ගෙදර වැඩ කර කර හිටපු නිසාමයි......

"අම්මෙි.....මම මෙි පාර පංතියෙ පලවෙනියා උනොත් මට බයිසිකලයක් අරන් දෙනවද....."

"මට සල්ලි නෑ නෙ පුතේ.....අප්පච්චිට කියමු....."

"අපෝ.....සෙල්ලම් කරන්න යන්න දෙන්නැති කෙනා මට බයිසිකල් අරන් දෙයිද....."

"අප්පච්චි පුතාට ආදරෙ නිසානෙ යාලුවො එක්ක නටන්න යන්න එපා කිවෙි....පුතා ලොකු මහත්තයෙක් වෙනව දකින්නනෙ අප්පච්චිට ඕන......"

"හම්ම්ම්ම්ම්.....බොරු කියන්ඩ එපා....එයා මට ආදරෙ නෑ.....එකනෙ මට ගහන්නෙ...."

කාලයත් එක්කම දින සති මාස ගෙවිල තුන්වෙනි වාරෙ වාර විභාගෙත් ආව....මට ඕන උනේ කොහොම හරි සෙල්ලම් කරන්න යන්නයි බයිසිකලයක් ගන්නයි ඕන නිසා පංතියෙ පලවෙනියා වෙන්ඩ විභාගෙ ලියන්ඩයි.........

වාර විභාගෙ ඉවර වෙලා සති දෙකක් විතර ගියාට පස්සෙ අපේ ප්‍රගති වාර්තා පොත් දුන්න....මම එදා ගෙදර ගියෙ ලොකු සතුටකින්......

"අම්මෙි....අම්මෙි......මම පංතියෙ පලවෙනියා....."

"ආනේ.....කොච්චර හොදද.....ශෝක්නෙ......."

"අපි අප්පච්චිටත් මෙික පෙන්නමු පුතේ....."

"අපෝ බෑ.....එයා හැමදාම මාව කාමරෙම තියයි ඊට පස්සෙ....."

මම එහෙම කියල යන්න ගියා.ඊට පස්සෙ දවසෙ මාව ඉස්කොලෙට ගිහින්දාන්නයි එක්කන් එන්නයි ගියෙ අම්මා.හවස අම්මත් එක්ක ගිහින් බයිසිකලෙකුත් ගත්ත.අම්මට සල්ලි නෑ කිවට අම්ම මට බයිසිකලෙකුත් අරන් දුන්න.හැමදාම හවසට බයිසිකල් පැදපු නිසා ලෙුවො එක්ක සෙල්ලම් කරන්න නම් ගියෙම නැති තරන්.අප්පච්චිට තිබුන බය නිසා එයා එන්න කලින් බයිසිකලෙ වට දෙක තුනක් පැදල ඉක්මනටම ඇවිත් ආයෙත් ඉස්කොලෙ වැඩ කරන්න පුරුසු වෙලයි හිටියෙ.....

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

"අම්මෙි....අප්පච්චි....මට A9යි......."

"ශා.....නියමයිනේ......මගෙ පුතා දක්ෂයනෙ ඉතින්...."

"අප්පච්චි මම දැන් ලොකුයිනෙ....ඒ නිසා ෆෝන් එකක් ගන්නද......"

"නෑ.....නෑ.....ඕන නෑ.....උසස්පෙලත් හොදට පාස් වෙන්ඩ මෙි වගේම.එතකොට මම ඔයා කැමති ඕන ජාතියකින් ෆෝන් එකක් අරන් දෙන්නම්......"

"හැබැයි ලක්ෂ ගානක් උනත් ඇරන් දෙන්න ඕන හරිද....ඇපල් එකක්මයි ඕන....."

"හා....හා....ඊට කලින් උසස්පෙල හරියට කරගන්නකො...."

මගෙ සාමාන්‍ය පෙල ප්‍රතිපලත් හොද නිසා මම උසස් පෙලට ජිව විද්‍යා අංශයෙන්ම කරන්නයි හිතාගත්තෙ.මොකද මට පොඩි කාලෙ ඉදලම තිබුන ආසාව උනේ දොස්තර මහත්තයෙක් වෙන එක.ක්ලාස් වලට ගියත් මගෙ අනිත් හැම යාලුවටම වගෙ හොද හොද ලොකු ලොකු ෆෝන් තිබුන.මම එයාලත් එක්ක ඉන්නකොට මටම ලැජ්ජ හිතුනෙ මට ෆෝන් එකක් නැති එක ලොකු අඩුවක් වගෙ දැනුන නිසයි.......මම අප්පච්චිට කොච්චර කිවත් එයා කීවෙ.......

"මම ෆෝන් පාවිච්චි කරෙ අවුරුදු 50ත් පහුවෙලා......අනික මම මගෙ අප්පච්චිගෙන් ඉල්ලුවෙ නෑ....මම  රස්සාවක් කරල හම්බ කරල තමා හැම දේම ගත්තෙ...."

"ඒත් දැන් දියුනුයිනෙ අප්පච්චි.....අප්පචිලගෙ කාලෙ ෆෝන් තිබුනෙත් නෑ නෙ....."

"ඒපන්ඩිත කම් වැඩක් නැ....පාඩම් කරනව...."

හැමදාම වගෙ මම පාඩම් කරනකොට මගෙ තනියට ඇහරල ඉදල මට තේ එකක් ගෙනත් දුන්නෙ අප්පච්චි....මොකද අම්මට දවල් දවසම ගෙදර වැඩ කරල නිසා මහන්සියට නින්ද යන නිසා මගෙ තනියට හිටියෙ අප්පච්චි.......අවුරුදු 18ක් 19ක් වෙනකොට අනිත් යාලුවො ක්ලාස් වලටයි ඉස්කොලෙටයි ආවෙි එයාලගෙ ගෙවල් වලින් අරන් දිපු වාහන වල.....මාත් ලයිසන් එක වත් ගන්න සල්ලි ඉලපුවම අප්පච් කිවෙි ඉස්සරල විභාගෙ කරල ඉන්ඩ...අනිත් දේවල් පස්සෙ කරගත්තැකි කියලයි......ඒත් ඉතින් කොහොම හරි කරල අඩල අඩල අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ලයිසන් එකත් ගත්ත.එදා ඉදල තමා මට ගමන් වැඩි උනේ........

"මචං පසි මෙි.....දැන් ලයිසන් එකත් තියන එකේ වරෙන්කො බං බයික් එකේවත්....."

"අප්පච්චි කේස්නෙ බං....."

"අපෝ.....මල ඇනයක්නෙ බං උබලගෙ අප්පච්චි....උබ තාම පොඩි එකා වගෙනෙ...."

"සිරාවටම....ඇයි බං ඔච්චරටම........"

"අනේ මන්ද බං....එක ඉතින් අප්පච්චිගෙන්මයි අහන්න ඕන....."

"මෙි එක නෙවෙි හෙට රෑ මුන්ගෙ ගෙදර පාටියක් තියනව....සෙට් වෙමුද...."

"ට්‍රයි එකක් දෙන්නමි....."

එදා ක්ලාස් ගිහින් ගෙදර යනකන් මග දිගට කල්පනා ක‍රෙ යාලුවගෙ ගෙදර යන්න විදිහක් හිතාගන්න බැරුවයි.......

"අම්මෙ අවිශ්ක,චානුක අපි කට්ටියම එකතු වෙලා ග්රූප් ක්ලාස් එකක් දාගන්න තිරනෙ කරා.දැන් exam එකත් ලගයිනෙ.....සර්ට පුලුවන් රෑට විතරලු....."

"අප්පච්චිට කියල බලන්නකො පුතේ....."

"අනේ අම්මම කියන්නකො.එයා මාත් එක්ක තරහයි.එකනෙ ෆෝන් එකක් අරන් දෙන්නැත්තෙ......එහෙම කෙනා ක්ලාස් යන්න දෙයිද....."

කොහොම හරි අප්පච්චිගෙන් බයික් එකෙ යන්න කැමැත්ත හම්බුනාට පස්සෙ මම හිටියෙ ලොකු සතුටකින්.මොකද නැත්තන් යාලුවො මාව කොන් කරයි කියල මට බයක් දැනුන නිසා.......

"ඒ....පසියා....අවසල ලැබුනද උබට....."

"දන්නවනෙ.....කොල්ල පොඩි බොරැවක් කිවා....."

"එල...එල....වාඩි වෙයන්කො......."

"ඒ බං අවිශ්ක පසියටත් ග්ලාස් එකක් ගෙනෙන්....."

"අප්පා....අමතක උනානෙ එක....හරි...හරි....හිටහන්....."

"අඩෝ මට එපා බං අවිශ්කයා.....මම බොන්නෑනෙ....."

"බය වෙන්ඩ එපා.....ගද එන්නෑ......උබට කේස් වැටෙන්නෑ.....එකක් ගහපන්කො....."

එදා රෑ පාටි එකෙදි කවදාවත් අරක්කු විදුරුවක් කටෙි නොතියපු මම බොන්න පුරුදු උනා......එදා ගෙදර ගියත් අප්පච්චිට මන් ගැන සැක හිතුනත් එයා මාව විස්වාස කරපු නිසා මන් ගැන වැරදියට හිතුවෙ නෑ.....

එදා ඉදල හැමදාම ක්ලාස් යන්න දෙන සල්ලි වලට යාලුවොත් එක්ක එකතු වෙලා මම බොන්න පුරුදු උනා........මම ගෙදර එනකොට ඇස් රතු වෙලා තියනව දැක්කම අම්ම අහනකොට කිවෙ රෑ පාඩම් කරපු නිසා බස් එකේදි නින්ද ගියා....ඒකයි ඇස් රතු උනේ කියලයි.ඒත් අප්පච්චට මන්ගැන තිබුන සැකේ නම් නැති උනේම නැ.අප්පච්චි මගෙන් මොනව හරි අහපු ගමන්ම මම කිවෙි

" මගෙ ෆෝන් එක අරන් දෙන්නකො....එතකොට හරිනෙ....."

කියලයි....මම කරන හැම වැරැද්ටම අප්පච්චි කෑගැහුවෙ අම්මටයි.අම්ම මාව හුරතල් කරපු නිසයි මාව හොද මිනිහෙක් කරන් බැරි උනේ කිය කියා.....

කාලයක් ගෙවිල යනකොට අප්පච්චි දැනගත්තත් මම යාලුවො එක්ක එකතු වෙලා විකාර කරනව කියල මට කොච්චර ගැහුවත් බැන්නත් මම ගනන් ගත්තෙ නැති නිසාම මට කිවෙි......

"උබටම දවසක තේරෙයි පුතේ.....ඒත් එදාට උබ පරක්කු වැඩි වෙයි"

කියලයි.....එත් අප්පචි කියපු කිසි දෙයක් මම ගනන් ගන්නැතුව යාලුවොත් එක්ක විනොදෙන් හිටියා....එක දවසක් මම ක්ලාස් කියල ගෙදරින් ගිහින් යාලුවො එක්ක විනොද වෙලා ඇවිත් රෑ නිදාගෙන ඉන්නකොට දරාගන්න බැරිතරමටම මගෙ බඩ රිදෙන්න ගත්ත.ඒ මහ රෑ අප්පච්චි ලග ගෙදරක විල් එකකුත් කතා කරගෙන මාව හොස්පිට්ල් ඇඩ් මිඩ් කරා.....එහෙන් කිවෙි තව සති දෙකක් ඇතුලත වකුගඩු බද්ද කරන්න වෙයි කියලයි.එදා මාත් එක්ක එකට හිටපු කිසිම යාලුවෙක් මාව බලන්නවත් ආවෙ නෑ.....අප්පච්චිත් හොස්පිට්ල් එකට ආවත් මාව බලන්න ආවෙි නෑ.....මට ඒ වෙලාවෙ අප්පච්චි ගැන තිබුනෙ ලොකු තරහක්.අම්ම විතරයි හැමදාම මාව බලන්න ආවෙි.දවස් 3කට විතර පස්සෙ ඩොක්ට කෙනෙක් කිව.....

"පසිදු ඔන්න ඔයාට කිඩ්නි එකක් හමබුනා.....හෙට ඔපරෙෂන් එකට ගන්නව අපි ඔයාව.....ලැස්ති වෙලා ඉන්ඩ....."

"ඩොක්ට කවුද මට කිඩ්නි එක දුන්නෙ.මගෙ අම්මද....."

"නෑ....නෑ.....වෙන කෙනෙක්.එක පස්සෙ කියන්නම්....."

එදා ඩොක්ට කියපු දේ නිසා මම හිට්යෙ ලොකු සතුටකින්.අම්ම මාව බලන්න ආව ගමන් මම අම්මට කිවත් එයාගෙ මුනෙ තිබුනෙ ලොකු දුක්බර පෙනුමක්.......

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

මම හොද වෙලා ගෙදර එන්න හදනකොට ඩොක්ටල කිවෙ..........

" ඔය කිඩ්නි එක දුන්න කෙනා ජිවිතෙ ගැන .ආසාව අතැරයි ඔයාට ඕක දුන්නෙ.ඒ නිසා පරිස්සම් කරගන්න......"

මම ගෙදර ආවත් අප්පච්චි පේන්න හිටපු නැති නිසා අම්මගෙන් අහපුවම කිවෙ කිරි අත්ත හොස්පිට්ල් නිසා එයා ගාව නැවතිල ඉනනව කියලයි.දවස් කිපයකින් අප්පච්චි ගෙදර ආවත් එයා වෙනදට වඩා වෙනස් වෙලයි හිටියෙ.වෙනදට ගෙදරදි ටීෂට් ඇදපු නැති කෙනා ටීෂට් අදින්න පටන් ගත්තත් මම කතා නොකරෙ අප්පච්චි මාත් එක්ක කතා නොකරපු නිසාමයි.

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

පලවෙනි පාර බැරි උනත් දෙවනි පාර විභාගෙ කරල මම වෛද්‍ය පීඨයට යන්න සුදුසු කම් හදා ගත්ත.අප්පච්චි මට පොරොන්දු උනා වගෙම ෆෝන් එකකුත් අරන් දුන්න.

මගෙ උපාධි ප්‍රදානොත්සවය දවසෙදි අප්පච්චි මට කිවෙි

" දොස්තර මහත්තයෙක් උනාට කමක්නැ.....මගෙ වකුගඩුව පරිස්සම් කරන්න කියලයි."

එදා තමා මම දැනගත්තෙ මට වකුගඩුවක් දුන්නෙයි බයිසිකල්,ලයිසන් ගන්ඩ සල්ලි හැමදේම දුන්නෙ අප්පච්ච් කියල.අප්පච්චි මම හොස්පිට්ල් ඉදල ආපු දවස් වල කවදාවත් නැතුව ටීෂට් අදින්න ගත්තෙ එයාගෙ බඩෙි මට කිඩ්නි එක දෙන්න කරපු ඔපරේෂන් එකේ කැපුම් පාරවල් මම දකින එක නවත්තන්නයි.එත් එයා අද සතුටු වෙන්නෙ මම අද හොද ඩොක්ට කෙනෙක් වෙලා ඉන්න එක දැකලයි.

ලියන්නෙ : දුෂාන්

*කොල්ලෙක්ගෙ ජිවිතේ පුංචි කාගෙදි විරය වෙන්නෙ අප්පච්චි......කරදඩු උස්මහත් වෙනකොට හිතන්නෙ අප්පච්චි මොකුත්ම දන්නෑ.....මගෙ ලෝකෙ වීරයා වෙන්නෙ කාඩ්බෝඩ් වීරයො.වයසත් එක්ක පරිනත වෙනකොටයි තේරෙන්නෙ සැබැ විරයා අප්පච්චිම තමා කියල.කොල්ලෙක්ගෙ පලවෙනි වීරයත් කෙල්ලෙක්ගෙ පලවෙනි ආදරවන්තයත් වෙන්නෙ අප්පච්චි.අම්මගෙ ආදරෙ පිටතට පෙනුනත් අප්පච්චිගෙ ආදරය පිටතට නොපෙනෙන ඒත් මහමෙරකටත් වඩා ලොකු ආදරයක් තියෙන්නෙ....*
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment