හිමිකාරයා..
...................................................
දුවේ ආයේ එහෙම කාත් එක්කවත් යාලු වෙන්න එපා...අපි හොයල දෙනකන් ඉදපන්..අම්මා එහෙම කියද්දි සියුම් වෙදනාවකින් හිත රිදුම් දුන්නා...අවුරුදු 4ක ප්‍රේමයට තිත තිබ්බෙ කේන්දර නොගැලපෙන නිසාම නෙවෙයි..අන්තිම මොහොතේ කරන්නම දෙයක් නැති තැන තමයි..කවීන් ගේ නපුරුකමුයි බැනුම් ඉවසන්නම බැහැ තවත් නම්..කරපු උදව් වලට හිලව් වෙන්න තවත් එයා මන් ලග ඉන්නෙ කැමත්තෙන් නෙවෙයි..
ඉසුරි උබ කේන්දරේ බලපන්කො දෙකෙන් එකක් වෙන්න..තිවන්කා එහෙම කිවුවේ ඒකිත් ඔය කොහෙන්ද මන්දා ඕක බලන් මොනාදෝ ආත බූත ටිකක් කියනවා මට ඇහුනා..
............................................
ශාන්තා කෙන්දර පරීක්ශාව..නොම්බර 16 එන්න ඇතුලට..
මේක කාගේ කේන්දරේද?
මගේ මිස්..
හ්ම්ම්ම් මේ දවස් වල දැඩි ජන්ම ඒරාශ්ඨක කාලයක් යනවා..බලපු එක හොදයි..තමන්ටම තමන් එපා වෙන කාලයක් එන්නෙ සෙනසුරු ජන්ම ඒරාශ්ඨක වසර 7ක් පවතිනවා..සදු රාහු එකේ ඉන්නවා තනිකරම මනස අවුල් කරනවා..අහ්හ් කුජ 7නෙහ් හොදට කේන්දර බලලා බදින්න හොදේ නැත්නම් කසාදෙ කැඩෙයි..ඔයාට හරි මංගල යෝගයක් එන්නෙ මෙ අවුරුද්දේ අගෝස්තු වලින් පස්සේ..
මිස් මේ කේන්දරේ බලන්නකෝ මෙකත් මගෙ යාලුවෙක්ගේ..එහෙම කියලා මන් කවීන් ගෙ කේන්දරේ දුන්නේ මගෙ සම්බන්දෙ ගැන නොකියා මොනවා හරි විස්තරයක් දැනගන්න..අහ්හ්මෝ කාගෙද මේ...කුජ සිකුරු යෝගයක් තියනවා එක තැන රැදෙන් නෑ..මේක බැලුවට වැඩකුත් නෑ..කේතු 8 රවි 7 මේවා පතාගෙන ආව හැටි තමයි එක එක්කෙනාගෙ පව් පින්..ප්‍රසිද්දියේ වැරදි කරන්න ලැජ්ජාවක් නෑ මෙයාට...මෙයාට වෙන සම්බන්ධ නැද්ද ? අතින් අතට යනවා කොල්ලෙක් උනත්..මගෙ නිකන් බොක්කට පිහියෙන් අයිනවා වගේ දැනුනේ මන් එ මනුස්සයට අවන්කවම ආදරේ කරපු නිසයි...
ඇයි මේ ළමයා අඩන්නේ..කේන්දරේ බලපු කෙනා එහෙම ඇහුවම මන් හිටියේ වෙනම ලෝකෙක..
ඇත්ත කියන්න ළමයෝ කාගෙද මේක..
මිස් මේක මන් යාලු වෙලා ඉන්න කෙනාගේ...
ඔයා යාලු වෙලා ඉන්න කෙනාගේ වෙන්න බෑ.. දැන් එහෙම සම්බන්දයක් තියෙන්න බෑ..මේක මෙ වෙද්දී බිද වැටිලා තියෙන්න ඕනි..ඔව් මේක බිද වැටිලා තමයි තියෙන්නේ..
මිස්ස් මට එයාව ඔනි මට එයාව ලැබෙන් නැද්ද ??
මොකටද ළමයෝ මේ හරි මාර්ගය පෙනි පෙනී වැරදියට යන්නෙ..මෙකෙ හැටියට මූ මහ වගකීමක් නැති චරිතයක්..
කසාදෙකින් කෙලවර වුනා නම් අනිවාර්යයෙන් ඩිවෝස් තමයි..ඔය ළමයගෙ කේන්දරෙත් තියනවා බැදලා හරි බදින්න ඔන්න මෙන්න තියලා හරි කසාදෙ කැඩෙන යෝගයක් ..මේක මේ ව්දියට උන එක ගොඩක් හොදයි..බැන්දනම් මීට වඩා අමාරුවක වැටෙනවනේ..
අහ්හ්හ් අනික ඔයාට හොද අනාගතයක් තියනවා..රවි 10යේ තේජ වන්ත රජයේ පරිපාලන රස්සාවක් කරයි ඔය ලමයා..
හොද ලස්සන කොල්ලෙක් හම්බෙනවා ..ගණකාධිකාරි බැංකු ශේෂ්ත්‍රයේ..මන් කියනවට ඔය සම්බන්දෙ නවත්තන්න..සැනසෙයි ඔයා..
"හොද ලස්සන කොල්ලෙක් හම්බෙනවා " ඒක මගේ හිතේ දෝංකාර දුන්නා ...හ්ම්ම්ම් මගෙ යලුවො කියපුවයි වටින් පිටින් කවීන් ගැන අහපුවයි එක්ක මේ කතාව හොදටම ගැලපුනා..
හිතට දිරිය ගනින් ඉසුරි ..මගේ හිත මටම කීවා..
..................................
හලෝ කවීන් මං කැමති මේ සම්බන්දෙ නවත්තන්න සදහටම මගෙන් ආයෙ ඔයාට කිසිම කරදරයක් නෑ ...
තමුසෙ මගෙ ඇගේ බලෙන් නේ එල්ලුනේ යන්නත් කිසිම තහනමක් නෑ කවීන් එහෙම කියල ෆෝන් එක කට් කලාම මට හිනා ගියේ..අතනින් කිවුව එවා හිතෙ තිබ්බ නිසා ..මාස දෙකක් ගියේ නෑ කවීන් කෙල්ලෙක් එක්ක ෆොටෝ දාලා තිබ්බා fb
.....................
කාලය ගෙවිල ගියේ ආදරයක් ගැන හිතේ කිසිම අදහසක් දලු නොදා..වෙච්ච් දේවල් එක්ක මන් කරේ ඉගෙනගන්න එක විතරයි..බාහිර උපාධියත් එක්කම CIMA කරලා..MBA එකත් කරලා මන් හිටියේ රජයේ ප්‍රදාන පරිපාලන නිලදාරිනියක් වෙලා..අවුරුදු 27යි දැන්..
දුවේ කවුරුත් නැද්ද තාම..උබේ නපුරු කන් අඩු කරගනින් ..අනික ආඩම්බර කම...උඹම හොයාගනින් ඕනි එකෙක්..උබේ ගෑස් බලන් නෑ කොල්ලො ..අම්මා මගේ හැටි දන්නවා නේ ඉතින්..මගෙ නොකිවුවට පොඩි ඔලුවක් තිබ්බා මට තිබ්බෙ අමුතුම ලස්සනක්..හෙන වැදගත් පාටක්..හොද pesonality එකක්..සුදු මූනත් එක්ක ලස්සන ඇස් දෙකක්..කොල්ලො දෙපාරක් හැරිලා බැලුවත් මාව නවනවා බොරු ඉතින්..interview වලින් මට වැඩි ලකුණු හම්බෙන්න ඒක බලපෑව කියලත් හිතෙනවා..ගොඩක් කෙල්ලන්ට අහින්සක ලස්සනක් තියෙද්දි මගේ ලුක් එක කැපිලා පෙනුනා..
.........................
කාලය ගෙවිලා යනවා..කො අනේ ලස්සන කොල්ලා මගේ...ඉරිදා පත්තරේවත් බලන්න ඕනි මංගල කිංකිණි..
උඩරට1989 උපන් බොදු ගොව් අඩි 5'8 ක් උස මනා කඩවසම් බැංකු නිළධාරි පුතුට රජයේ උගත් වැදගත් රැකියාවැති දියනියක් සොයයි..කුජ 7..අය පමණක් ලියන්න...
අනේ මංදා මේක දැක්කම මට ලියනම හිතුනා..මගේ විස්තරයක් එක්ක අපේ අම්මටත් කියලා ලියලා ඇරියා..පිළිතුරු ලිපි කීපයකින් පස්සෙ අද මාව බලන්න එනවා කිවුවේ ඒ ගෙදරින් හැම දේම ගැලපුන නිසා..
.....................
හෙප්පුවත් අරන් ඉස්සරහට යද්දී හික් ගෑවුනා දෙයියනේ..මන් හොයපුම විදිය..ටිකක් සුදු උස ලස්සන රැවුල් කට් එකක් තියන අමුතුම ලස්සන් කොල්ලෙක් .. මගෙ ගෑස් ඔක්කොම බැස්සුවා ඒ ඇස් දෙක
"හොද ලස්සන කොල්ලෙක් හම්බෙනවා " "හොද ලස්සන කොල්ලෙක් හම්බෙනවා "
මගේ හිතේ රැව් පිලි රැව් දුන්නා ...
අද මම එයාගේ ලස්සන මනමාලි ...සුදු නෝනා..පුදුම ආදරයක්..
.........................
හිදීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නම්න්..වඩීවි කෙදිනක හෝ ඔහු එන තුරා මග බලාගෙන ඉදින්..
උපුටා ගැනීමකි
No comments:
Post a Comment