ආදරේ නම්
කල නොහැක්කක් නොමැත
(86 වෙනි කෙටි කතාව)
කෝ මේ අපේ මී හරකි....
ලංකාවේ මෙච්චර කොල්ලෝ ඉන්නවා.මේකිට
පැටලෙන්න තිබුනේ අර ධර්මේ ගේ ලොකු එකා එක්ක විතරද?
මේ ගෙදර මේ තරම් කතා වෙනවා උන් ගැන.
කොහෙවත් ඉන්න මැරයෙක් එක්ක සෙට් වෙන්නද මේකිව හැදුවේ.
අනුෂ කියන්නේ මගේ ආදරේ...
මගේ ලොකු අයියා ඔය බනින්නේ මම ගැන කියා කියා
මගේ ආදරේ ට..
අනුෂ මට හම්බවෙන්නේ ජිවිතේ
කිසිම අරමුණක් නැතිව ඔහේ ගෙවෙනකොට.
අනුහස් මොනවද කරන්නේ
කාගේ කවුද මොනවද කරන්නේ හිතන්න ඕනා උනේ මට.
අයියා ඔහොම කෑ ගැහුවාත් අයියා කරන්නෙත් හොද වැඩ නම් නෙමේ.
තරුෂි මොකද උබ කල්පනා කරන්නේ.
අරූ එක්ක පැනලා යන හැටිද?
නංගී මම මේ උබට කියන අවසාන වතාව.
උබ ආයේ අනුෂ කියන එකාව මුණ ගැහෙන්න ගිහින් තිබුන කියල
කොහේදී හරි මට දැන ගන්න ලැබුනොත් තොපි දෙන්නවම එතනම ඉවරයක් කරනවා.
එක දැන ගනින්..
යකෝ අනුෂ කියන්නේ පාතාලේ එක මැරයෙක්..
උන්ට ජිවිතයක් නෑ.
උඹ විහින් මැරුම් කන්නද හදන්නේ
අනේ අයියේ.. මම මගේ ජිවිතේ ගැන තීරණ ගන්නම්.
එහෙම බැලුවොත් මට මේ ගෙදරත් ඉන්න බැහැනේ.,
මොකද දැන් අයියේ තමුන් කරන්නෙත් හොද ජොබ් එක්කද?
යකෝ.... උඹට තේරෙන්නේ නෑ
අනුෂ කියන්නේ අපේ ප්‍රධාන හතුරාගේ පුතා..
ඕකුන් තමා අපේ තාත්තාව මරන්න ගේම් එක දුන්නේ.
එහෙම වෙලා උඹ හිතනවද ඔය අනුෂයා උබට ලං වුනේ උබට තියන ආදරේකට කියලා.
ඕකාට ඕනේ අපේ පවුල එක්ක සම්බන්ද වෙන්න කියලා.
නෑ දවසක උබවත් කොහේ හරි මරලා දාලා තියේවි මට රිද්දන්න
නෑ නෑ නෑ
මට මගේ අනුෂ ව විශ්වාසයි..
ආදරේට කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ
අනේ අයියේ මට පාඩුවේ ඉන්න දීලා යන්නකෝ..
--------------------------------------------------
අනුෂ....
ඔයා .............. ඔයා ඇත්තටම මට ආදරේ කරන්නේ
අපේ පවුලෙන් පලි ගන්නද?
මම ඔයාට ආදරේ කරන්න පටන් ගන්නකොට
මම දැන ගෙන උන්නේ නෑ
ඔයා කරන කියන දේවල්..
එත්....
එත් කිවේ මැණික...
මැණික දැන් දන්නවා මම පාතාලේ මැරයෙක් ගේ පුතෙක්
ඒ වගේම මැරයෙක් කියලා
එහෙම නේද මැණික
හ්ම්ම්ම්... ඔව්...
හැබැයි මට එහෙම උනා කියලා ඔයාට තියන ආදරේ නැති කරගන්න පුළුවන් උනේ නෑ
ඇත්තටම තරුෂි.... මේ සම්බන්දෙ
එහෙම නැතිනම් ඔයාව දකිනකොට මම දැනගෙන හිටියේ නෑ
ඔයා කාගේ කවුද කියලා..
ඔයා ගැන දැන ගත්තාට පස්සේ මට කරගන්න දෙයක් හිතා ගන්න බැරි උනා
හැබැයි.....
හැබැයි මම ඔයාට ආදරේ කරේ ඇත්තටම.
මම දන්නවා අනුෂ... අපේ අයියා උනත් කියන දේ ඇත්ත..
ඒ හින්දාම තමා අයියා නොබැඳ ඉන්නේ.
ඔය ෆීල්ඩ් එකේ ඉන්නකන් කාගේවත් ජිවිත ගැන කොයි වෙලේද කියන්න බැ.
මට තේරෙනවා ඔයාගේ ජීවිතේට ඇවිත් මම කලේ වැරද්දක්.
හැබැයි වෙන කෙනෙක් මට ඔය විදිහට කතා කලා නම් මෙලහට ඌ දැන් අඩි 6ක් යට.
මට ඕන දේ මට ඕනා.
එහෙම නැතිනම් එක වෙන කාටවත් අයිති වෙන්නත් බෑ.
මට වෙන කෙනෙක් ලගට යන්න ඕනා නෑ මහත්තයෝ.
මටත් ඕනා ඔයාව.
මම කියන්නේ
ඔයා ඔය කරන දේවල් වලින් ඈත් වෙන්න කියලා.
ඔය දේවල් වලින් ඈත් වෙලා අපි කොහේ හරි ඈතකට ගිහින් ජීවත් වෙමු...
මට ඔයාව විතරයි ඕනා.
සැප සම්පත් මොනවත් ඕනා නෑ.
ලඟට වෙලා, ඔයා එක්ක පොඩි ගෙදරක එක කාමරේක ජිවත් වෙන්න තිබුනත් ඇති.
රත්තරන්...
මේක ආවොත් එලියට යන්න බැරි දොරක් තියන රස්සාවක්.
එහෙම යනවනම් මැරිලා විතරයි.
වෙන යන්න විදිහක් ඇත්තෙම නෑ
නෑ... ආදරේ ඇත්ත නම් මේකට විසදුමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනා.
මට බෑ ඔයාව නැති කරගන්න.
මම ඔයාට ඇත්තටම ආදරෙයි..
ඇයි රත්තරන් ඔයා...
මිනිමරුවෙක්ට ආදරේ කරන්නේ..
මිනිමරුවෙක් උනේ ඔයා වටපිටාවේ ආශයෙන්..
මම හිතනවා ආදරේට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා
ඔයාට හොද කෙනෙක් වෙන්න පුළුවන් මහත්තයෝ...
මම ඔයා එක්ක හැමදාම ඉන්නවා..
ආදරෙන්..
--------------------------------------------------
බබා.... ඉක්මනට ලෑස්ති වෙන්න...
අපි මෙහෙන් යන්න ඕනා..
මේක අපිට ලැබුන හොද අවස්තාවක්...
මම තව විනාඩි 10 කින් එනවා...
මොකද මහත්තයෝ උනේ..
කොහෙද යන්නේ...
කියන්නකෝ...
ඔයාට මාව විශ්වාසයි නේද බබා...
මාත් එක්ක ඕන තැනකට යන්න
ඔව් මහත්තයෝ..
මටත් වඩා මට මගේ ආදරේ විශ්වාසයි...
අර අතන ගිනි ගන්න ට්‍රක් එක පේනවද?
එක ඇතුලේ කවුරුවත් උන්නේ නෑ
එත් එක මගේ වාහනයක්.
එක ඇතුලේ ලඟදී මැරුණ දෙන්නෙක්ගේ මිනී තිබුනා.
කවුරුවත් ඒවා කාගෙද කියලා වැඩිය හොයන එකක් නෑ
හොයන්න බැරි තරම් අළු වෙලා ඇති..
කට්ටිය හිතයි ඒ ඔයයි මමයි කියලා
අපි මෙහෙන් යමු...
අනේ මහත්තයෝ....
ඔයා එහෙම දෙයක් ප්ලෑන් කළාද?
ඔව් ඔයා කීවානේ ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියලා
ඉතින් මේකෙන් එලියට යන්න තියන හොදම විදිහ මරුන කෙනෙක් වෙන එක..
අද ඉදන් අපි අපේ ලෝකේ...
මිනිමරුවෙක් උන මගේ හිත ආදරවන්තයෙක් කරේ ඔයාගේ ආදරේ තරුෂි.
ආදරෙයි ගොඩාක්
සඳරු -. Devaka Sadaruwan
( ආදරේ කියන්නේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් බෙහෙතක් වගේ..
නියමිත මාත්‍රාවෙන් නියමිත වෙලාවට ගත්තා නම් ගොඩක් දේවල් අපි කැමතිම විදිහේ විසදුම් වලින් ඉවර කරගන්න පුළුවන් ගොඩාක් වෙලාවට )
උපුටා ගැනීමකි
No comments:
Post a Comment