නොනිමි මිතුදම..(කෙටි කතාව )
මා හට තවමත් සිහිනයක් මෙන් දැණුනේ මගේ හොඳම යෙහෙළිය විතරක්ම නෙමෙයි මගේ සහෝදරියක් මෙන් වුණු අයේෂාගේ ඉල්ලීම මතක් වෙලයි.මීට වසර දෙකකට කලින් විවාහ වුණු ඈ හා මගේ අනෙක් හොඳම යාළුවා වුණු රිතුරගේ ද විවාහය සිදුවූයේ මා දෙවෙනි මනාලිය කරමිනුයි .
පෙර පාසල් වියේ සිටම අප තිදෙනා ඉගෙන ගත්තේ ද එකටයි.එපමණක් නොවේ උසස් පෙළ ද කලා විෂයෙන් හැදෑරු අප තිදෙනා ම වාසනාවකට මෙන් තේරී පත් වුණේ ද කැළණි විශ්ව විද්‍්‍යාලයටයි.කුඩා කල සිටම මා සිත රිතුරගේ සෙනෙහස පැතූ නමුදු එය හිමි වූයේ මාගේ යෙහෙළිය වූ අයේෂාටයි.
මම සෙනුමි වික්‍රමසිංහ .දැනට පාසල් ගුරුවරියක ලෙස සේවය කරන මා අදටත් හඬා වැළපෙන්නේ් එදා මාගේ මිතුරිය කළ ඉල්ලීම ඉටු කිරීමට මා කැමති වූ නිසා නොවේදෝ යන්න මාගේ හෘද සාක්ෂිය මා හට වද දෙයි.
෴෴෴෴෴෴෴෴෴
මචන් සෙනු මාර වැඩේනේ වුණේ ..
අයේෂා මා වතේ එල්ලී පැවසුවේ දඟකාර පොඩි දරුවෙකු මෙනි.මා ද ඈව බදා ගනිමින් ඈ වෙත නැඹුරු වූයේ ඇගේ රහස ඇසීමටයි.
මොකක් ද බන්..
රිතුර මගෙන් යාළු වෙන්න ඇහුවනේ බන්.
මොකක් ...
මගේ හිතේ තිබුණු සියලු පැතුම් බිඳී ගියේ මගේ හිතට දහස් වරක් පිහියකින් අනින්නාක් වැනි වේදනාවකිනි.නමුදු මා වෙනසක් නොපෙන්වා අයේෂාට ඇහුම් කන් දී සිටියේ ඇගෙන් තව තවත් ඒ ගැන අසා දැන ගැනීමටයි .
උබ මොකද කීවේ රිතුට..
මන් කැමති වුණා බන්.පොඩිකාලේ ඉදන්ම අපි එකටනේ හිටියේ .මටනම් තාම හිතාගන්න බෑ .රිතු කොච්චර ලස්සනයි ද.
අයේෂා කියන දේ ඇත්තකි.රිතුර සැබැවින්ම ලස්සන කඩවසම් තරුණයකි.හැඩි දැඩි සිරුරක් හිමි ඔහුගෙන් ආවේ අමුතුම ප්‍රිය බවකි.
එදා පටන් මා රිතුරගෙන් වැඩි වැඩියෙන් ඈත් වන්නට වූයේ ඔහුව දකිනා වාරයක් පාසා මා හිත දහස් වරක් හඬා වැළපූ නිසා ය.නමුදු මා කිසිදිනෙක අයේෂාට ඊර්ෂ්‍යා නොකලෙමි.මාස හයකට පසු රිතුගේ හා අයේෂාගේ විවාහය සිදු වුණේ මා දෙවෙනි මනාලිය ලෙස අරගනිමිනුයි.අයේෂාගේ එම ඉල්ලීම අහක දැමීමට මා හට නොහැකි වුණේ ඇයගේ සිත රිද්දීමට මම බෙහෙවින් අකමැති හින්දාමයි.
රිතු හා අයේෂා විවාහයෙන් පසු නුවර පදිංචියට ගියේ අප තිදෙනාගේ සබඳතාවය තව තවත් දුරස් කරමිනුයි .එදා පටන් අවුරුදු දෙකක කාලය තුළ මා ද ඔවුන් වෙත නොගියේ රිතුර දැකීමෙන් මා හද දැවෙනා නිසාවෙනි .නමුදු එක් දිනෙක......
ට්‍රීං ට්‍රීං....
කව්ද පොඩ්ඩක් ඉන්න..
මා එවිට සිටියේ කුස්සියට වී දවල් ආහාරය සකසන ගමනුයි.මා දොර ඇරිය විට එතැන සිටියේ රිතුර හා අයේෂායි.ඔවුන් දෙදෙනා බොහෝ සේ ඇදී ගොස් තිබුණේ ලොකු ගැටළුවක ප්‍රතිඵලයක් ලෙස බව මා හට එකවරම තේරුම් ගියෙමි.
දවල් ආහාරයෙන් පසු අප තිදෙනා අතීතයේ මතකයන් සිහි කරමින් විහිලු කරමින් කාලය ගත කරමින් සිටියෙමු.
අයේෂා සෙනුට කියන්නකෝ අරක.මං එළියට වෙලා ඉන්නම්.
රිතුර එකවරම අයේෂා දෙසත් මා දෙසත් බලා එසේ කියමින් එළියට ගියේ මා සිතුවිලි සමූහයක තනි කරමිනුයි .
සෙනු මට ලොකු උදව්වක් ඕන..ප්ලීස් මට මේක කරපන්..
ම්...ම්..මො..කද්..ද..බන්.උබට නොකරන දෙයක් මං ළග නෑනේ .
බැඳලා අවුරුදු දෙකක් වුණත් අපට තාම දරුවෙක් නෑ බන්.අපි දේවාල ගාණේ ගියා.ඩොක්ටස්ලා සීයක් විතර ළගට ගියා..ඒත්....
මා ළය පිච්චී ගියේ මාගේ මිතුරිය , සහෝදරියට කවදාකවත් මවක් වීමට නොහැකි බව ඇසීමෙන් පසුවයි.කුඩා කල සිටම සතෙකුට හෝ හිංසාවක් නොකල ඈ වැනි ස්ත්‍රීයකට එසේ විය හැකිදැයි මා කල්පනා කරේ දැඩි අසරණ කමිනි.
අඬන්න එපා අයේෂා.අපි තව පාරක් ට්‍රයි කරලා බලමු.යමු වෙන ඩොක්ට කෙනෙක් ළගට .
වැඩක් නෑ සෙනු.උබට පුළුවන්නම් රිතුරගේ දරුවෙක්ට අම්මා වියන් සෙනු .මං වැඳලා උබගෙන් ඉල්ලන්නේ .
මො..න..වා..
මා හට හුස්ම ගැනීමට පවා නොහැකි වූයේ අයේෂාගේ කතාව අහලයි.මා දෙපා මුල වැද වැටී සිටින අයේෂා දැක මා හට දැණුනේ දැඩි කණගාටුවකි.නමුදු තාමත් කන්‍යවියක් වන මා මාගේ යෙහෙළිය හා මිතුරා වෙනුවෙන් මෙතරම් විශාල කැපවීමක් කරන්නේ කෙසේදැයි කියා සිය දහස් වරක් සිතුවෙමි.නමුත් ඔවුන්ට පිටු පෑමට මා හට නොහැකි විය.
රිතු මේ ගැන දන්නව ද අයේෂා .රිතු කැමති ද.
උබ මට මගේ නංගී වගේ සෙනු
රිතුම තමා කීවේ .ඒත් මං උබේ ජීවිතේ බිලිදෙනවා කියලා හිතන්න එපා .
නෑ අයේෂා කවදාවත් නෑ .උබ වෙනුවෙන් මට මැරෙන්න වුණත් පුලුවන් .මන් කැමති .අපි යමු අදම ඩොක්ට කෙනෙක් ළගට .
෴෴෴෴෴෴෴,
මාගේ හා රිතුගේ දරු ගැබට අදට මාස අටකි.තව මසකින් මා මවක වීමට සිටී.මේ කාලය තුළ අයේෂා මා හට සැලකුවේ මාගේ මව මෙනි.රිතු ද අයේෂාට වඩා මා ගැන සොයා බැලුවේ දැඩි ආශාවකිනි යන හැගීම මා සිත මන්මත් කරන ලදී .වෙනදා අයේෂාටයි මටයි දෙදෙනාටම බත් කවන රිතු කල්යත්ම මා හට පමණක් ආහාර කැවීමට පුරුදු වී සිටියා.උදෑසන මා හට කිරි වීදුරුවක් සාදන ඔහු රාත්‍රියෙද මා අසල නිදා ගැනීමට හුරු වූයේ මා දැඩි සේ අසරණ කරමිනුයි .නමුදු අයේෂා කිසි දිනක, කිසිවිටෙක මා හට වෙනස් කමක් නොකලේ මන්දැයි කියා මා හට වැටහුණේ නැත.
අනේ රිතු මට අමාරුයි ...අනේ මගේ කොන්ද...
එක් දිනෙක රාත්‍රියේ මා විලි රුදාවෙන් පෙළුණේ කොන්ද දෙසින් ආ දැඩි වේදනාවක් සමගමයි.මා හට දැණුනේ එකවරම මා සිහිමූර්ඡා වන බවක් පමණක්මයි.මා අවදි වූ විට මා අසල සිටියේ ශෝකයෙන් අඬනා රිතුර පමණි.අයේෂාවත් දරු පැටියාවත් මා අසල දක්නට සිටියේ නැත.
රිතු කෝ මගේ දරුවා..කෝ අයේෂා..
කිසිවක් නොකිවූ රිතු මා අත තැබුවේ කොළ කැබැල්ලක් පමණකි.
" සෙනු රිතුව හොදට බලා ගනින්.උබ රිතුට අම්මෙක් වගේ සලකයි.මේ දරු පැටියා මට දීපන්.මාව අම්මෙක් කරාට උබට ගොඩක් පිං.වඳ ගෑණියක් කියලා හංවඩු ගහපු හැමෝටම මාව දේවතාවියක් කරේ උබ.මං අද නවයට තියන ප්ලයිට් එකෙන් රට යනවා.උබයි රිතුයි සතුටින් ඉදපන්.උබ ඉස්සර ඉඳන් රිතුට ආදරේ කරා කියලා මන් දන්නවා .මං වශී වුණේ රිතුගේ ලස්සනට .උබයි රිතුට ආදරේ කරේ.උබේ ඩයිරිය මගේ අල්මාරියේ ඇති.බුදුසරණයි ."
මා දෑස් කඳුළින් පෙගී ගියේ මාගේ දරු පැටියා ද මාගේ යෙහෙළිය ද මා හට නැවතත් කිසිදිනෙක දක්නට නොලැබෙන නිසාවෙනි.මා ඩයිරියේ රිතුට පෙම් කල බව ලියලා ඇති සියල්ල අයේෂා කියවා ඇති බව මා හට පසක් වූයේ එවිටයි .කිසිවක් හිතාගත නොහැකි වූ මා හිස බඳාගෙන ඇඩුවේ වියරු වැටුණු තැනැත්තියක ලෙසයි.එක්වර මා පපුවට තුරුල් කරගත් රිතු මා හිස සිපගත්තේ සදාකල් මාගේ ජීවිතය රකිනවා යන පොරොන්දුව මා හට දෙමිනි.
නිමි..
අමා මන්දකිණි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment