☠💀☠අභිරහසක් වු මරණයක්☠💀☠
"අනේ අප්ප මොකක්ද හැමදාම ඉස්කොලෙ යන්නෙ......මට අද වතරයි ලෙක්චස් නැත්තෙ....එදාටත් අම්මයි අප්පචි යනව ඉස්කොලේ......"
"මෙික අපේ රස්සාවනෙ පුතේ....."
"එහෙනම් අම්ම අද කලින් එන්ඩ....මට මෙි ගෙදරට වෙලා තනියම ඉන්ඩ ගියාමත් බයයි....."
"ඒ මොකද බය වෙන්නෙ...."
"කිරි අම්මවත් ආවොත් කොහෙන් හරි ඉදල.....ඇවිත් මගෙ බෙල්ල මිරිකල ගියොත්....."
"නෑ....නෑ....කිරිඅම්ම දැන් වෙන තැනක ඉපදිලත් ඇති...බය නැතුව ඉන්ඩ....."
වෘත්තියෙන් ගුරු දෙපලකගෙ බාලම දරුවා වුන චින්තක අපොස උසස්පෙල ගණිත අංශයෙන් හදාරා විශ්වවිද්‍යල යාමට තරම් ප්‍රමානවත් ප්‍රථිපල නොතිබු නිසා වැඩිමහල් සොයුරියන් දෙදෙනාමත් විාහක නිසා පවුලෙ එකම පිරිමි දරුවා නිසාත් දෙමාපියන් තවත් කල් නොායවා චින්තකව පෞද්ගලික විශ්වවිද්‍යලයකට ඇතුලු කරේ චින්තකගෙ හිනයක්ව තිබුනු මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හැදෑරිමටයි......
චින්තකගෙ මව රැකියාව කලේ කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ බාලිකා පාසලකයි.චින්තකගෙ පියාත් කුරුණෑගල නගරයේම වෙනත් පාසලක විදුහල්පති වරයෙකි.වෙනදා වගේම මවත් පියාත් යන දෙසබලාගෙන හිද නැවතත් චින්තක කාමරය වෙතට යන්න ගියා.....
තරමක් විශාල ඉඩමක මැද මෙම නිවස පිහිටා තිබුනි.අවට කිසිදු නිවසක් නොවු අතර තිිබඅනෙ විශාල පොල්ගස් හා වෙනත් මල් ගස් පමනි.චින්තකගෙ මව පාසල නිමවිමටත් ප්‍රථමව වරු නිවාඩුවක් දමා ගෙදරට එන්නෙ චින්තනට කන්නට ආසම කෑමකුත් අරගෙනයි.වෙනදා වගේම සුපුරුදු පරිදි චින්තනගෙ මව නිවෙස ලගට ලගාවන විට......
"චුටි පුතා.........පුතා......"
මෙලෙස සුපුරුදු පරිදි කතා කරත් වෙනදාට නිවස ඇතුලතින් ඇසෙන චින්තකගෙ හඩ ඇසුනෙ නැත.තරමක් සැකයෙන් යුතුව නිවසට ඇැතුල් වුනෙ චිනිතක තනියම ඉන්න වෙලාවට ගෙදරර ප්‍රධාන දොර වසාගෙන සිටින නිසාත් අද එසෙ වසාා නොමැතිි නිසාත්ය......
නිවස තුලට විත් චින්තකට කතා කලත් චින්තකගෙන් කිසිම පිලිතුරක් නැති නිසා චින්තකගෙ මව චින්තකගෙ කාමරයට එබි බලන විට දුටු දෙයින් ඇස් අදහාගන්නට බැරි විය.......
චින්තකගෙ මව දුටු දෙය නිසා මහ හයියෙන් කෑගසමින් උදව් ඉල්ලාගෙන ලග පිහිටි නිවසක් වෙත දිව ගියෙ උපකාරයක් ගැනිමට බලාපොරොත්තුවෙනි......
චින්තකගෙ මවත් අසල්වැසි නිවසෙ කාන්තාවත් තවත් කිප දෙනෙකුත් ඇවිත් බලන විට අසල්වැසි නිවසේ සිටි චින්තකගෙ මිතුරා කිවෙි.......
"ඇ....ඇ....ඇන්ටි.....චින්තක මැරිල වගෙ....."
තරමක් කම්පනයකින් යුතු බයවුනු ස්වරූපයකිනි....චින්තක සිටියෙ චින්තකගෙ ඇදේ බිත්තිය අයිනේය....චින්තක අසල චින්තකගෙ ලැප්ටොප් පරිඝණකයත්,ස්මාට් ජංගම දුැකතනයත් තිබුනු අතර ලැප්ටොප් පරිගනකය ඇදේ බිත්තිය අයිනේ තිබුන ප්ලග් පොයිට් එකට සවිකර තිබුනු අතර එම වයර තරමක් දුරට පිලිස්සි තැනින් තැන පලුදු වි තිබුනි......මෙි අතර තුරම කුරුණෑගල පොලිසියෙ හදිසි ඇමතුම් දුරකතනය නාද විය.අසල් වැසි නිවසෙ චින්තකගෙ මිතුරා සියල්ල පොලිසියට පැවසුවෙිය.ඒ වන විටත් වෙලාව 2.00 පමන වි තිබු නිසා චින්තකගේ පියාත් නිවසට පැමිනෙමින් සිටියහ.
චින්තකගෙ පියා නිවසට පැමිනෙන තෙක් කිසිවක් නොකියා සිටිමට සියලු දෙනාම තිරනය කලෙ කලබල වෙයි කියි තිබුන බයටය.චින්තකගෙ පියා නිවෙසට පැමිිනෙන විට පොලිසිය හා අසල්වාසින් පිරි සිටි නිසා.......
"ඇයි.....මොකද මෙි කට්ටිය පිරිල....."
"විදුහල්පතිතුමා..පොඩ්ඩක් වාඩිවෙනිනකො....."
"ඉන්ස්පෙක්ට.....මොකක්ද ප්‍රශ්නෙ....."
"මෙිකයි....අපි විසිතරෙ කියන්නම්.....හැබැයි අපට කරදර කරන්න එපා....අපේ පරික්ෂණ වලට බාදාවක් ඔයා ඇතුලට යන එක...."
චින්තකගෙ පියා නිවසට පැමිනෙන විටත් පොලිස් නිලදාරින්,ඇගිලිසලකුණු පරික්ෂකවරු මෙන්ම කිප දෙනෙක්ම නිවසට පැමිිණ සිටියා....මහෙස්‍රාත් පරික්ෂණයකින් අනතුරුව චින්තකගෙ නිසල දේහය සුදු රෙදිකඩකින් ඔතා කුරුණෑගල ක්ෂික්ෂණ රොි්හලට රැගෙන ගියේ ඉදිරි පරික්ෂණ වලටයි....චින්තකගෙ නිසල දේහය නිවසින් පිටතට ගන්නා විට.....
"අනේ....මගෙ පුතේ....මට බැරි උනා නෙි නවතින්ඩ......"
"මගෙ පුතා මට ඉන්ඩ කියපු වෙලාවෙ මම හිටියනමි මෙි තරමි දුකක් නෑ......"
ගමක්ම හඩවමින් චින්තක යනවිට චින්තකගෙ මෙි අභිරහස් මරණය පිලිබද වැඩිදුර පරික්ෂණ අදිකරන වෛද්‍යවරා ඇබුවෙිය.....
චින්තකගෙ මරනය සිදුවු දින චින්තකගෙ නිවසට පැමිනි එකම පිටස්තර පුද්ගලයා චින්තකගෙ හොදම යාලුවයි.පෙ.ව 10.55ට පමන චින්තකගේ හොදම යාලුවා චින්තක එක්ක යාලුව ගෙනාව බිස්කට් එකක් කකා කතා කර කර ඉදල ගිහින් තිබුනා...යාලුව චින්තකගෙ ගෙදරට ඇවිත් ත්බුනෙ පෙ.ව.8.45ට පමණ.චින්තකගෙ යාලුව චින්තක එක්ක කතා කර කර ඉදල යන වෙලාව වෙනකනුත් චින්තකට කිසිම වෙනසක් දැකල නැ........
"මම උදේ චින්තක හම්බෙන්න ගෙදරට ආව....ඇවිත් මම ගෙනාව බිස්කට් එක අපි දෙනනම කතා කර කර ලැප් එකෙන් ගේම් ගැහුව.බැට්‍රි බහින නිසා අපි කරන්ට් එකට කනෙක්ටි කරගෙනයි ගේම් ගැහුවෙත්....."
මෙි චින්තකගෙ හොදම යාලුව පොලිසියට ලබා දි තිබු කටඋත්තරයයි.
ඉන් ඉක්බිතිව චින්තකව දකින්නෙ චින්තකගෙ මවයි.ඒ ප.ව.1.10ට පමණ.ඒ වන විටත් චින්තක සියලු දෙනාගෙ දෑස් වලට කදුලක් දි මෙලොවින් සමුගෙනයි හිටියෙ.මෙි තොරතුරු වලට අනුව පොලිසිය නිගමනය කරෙ 10.55ත් 1.10ත් අතර කාල පරාසය තුල සිදුවු යමක් සිදුවන්නට ඇතැයි කියාය.
චින්තකගෙ පරිගනකය පරික්ෂා කලත් කිසිදු සාක්ශියක් නොතිබුනි.ජංගම දුරකතනයෙන් චින්තකගෙ ෆේස්බුක් ගිනුම පරික්ෂා කල විට චින්තකගෙ නිවසට පැමිණ තිබු මිතුරා සමග කලකට ඉහතදි පොඩි මත ගැටුමක් තිබුනත් පසුව හොදම යහලුවන් වි තිබුනි.චින්තකත් යාලුවත් දෙන්නම සෙල්ෆි ජායාරෑපයකුත් පෙ.ව .10.38ට චින්තකගෙ ෆේස්බුක් ගිනුමට දමා තිබුනි.චින්තක අවසාන වතාවට online ඉද තිබුනේත් 12.10ටය.අසල් වැසි නිවසේ මිතුරා චින්තකගෙ මිතුරා නිවසින් පිටවි යන ආකාරයත් දැක තිබුනි.ඒ පෙ.ව.11.00ට පමණය.
චින්තකගෙ නිසල දේහය අධිකරන වෛද්‍ය වරයා පරික්ෂා කරන විට සිරිම් තුවාල හා චින්තකගෙ ගෙල වටා යමක් තදින් ඔතා තිබුනු බවක් පැහැදිලි වුන අතර චින්තකගෙ පරිගනකයෙ වයරය තැනින් තැන පලුදු විම නිසා විදුලි කාන්දුවක් සිදුවි චින්තනගෙ මරණය සිදු වුවාද එසේ සිදු වුවානම් ප්‍රදාන ස්විචය ක්‍රියාත්මක නොවුනේ මන්ද????
එම සැකය මත නැවතත් පොලිස් නිලදාරින් සමග චින්තකගෙ නිවසෙ ප්‍රධාන ස්විචයෙ ක්‍රියාකාරිත්වය පරික්ෂා කර බැලු පසු එහිද කිසිදු දෝශයක් නෙතිබුනි.එනිසා අධිකරන වෛද්‍යවරයාගෙ සැකය පහල වුයේ චින්තකගෙ නිවසට පැමිනි මිතුරා ගෙල සිර කර මරා දමා තිබුනාද????එහෙත් කිසිදු ඇගිලි සලකුනක්වත් නොමැතිව සාකශියක් නොවු බැවින් එයත් එක සැකයක්ම පමනක් විය.විදුලි සැර වැදුනා නම් දේහයේ තැනින් තැන ඇති සිරුම් තුවාල සිදුවුනෙකෙසේද...කිසිදු තුවාලයක් පිලිස්සුම් තුවාල නොවු අතර කෙනෙකුගේ නිය පහර නිසා සිදු වු තුවාල බවත් එදින නිවසට පැමිනි අයගෙත් අසල් වාසින්ගේත් DNA සමග එම තුවාල සිදුවු තැන් වල DNA සමාන නොවුනි...ගෙල වටා තිබුන යමක් ඔතා තිබු බවට සැක කරන සලකුණු මොනවාද.....මිතුරා 11.00ට නිවසින් පිටවනවා දුටුවෙිනම් මෙය කවුරුන් සිදු කරන්න ඇත්ද?? විදුලි සැර වැදි මිය ගියානම් ප්‍රධාන ස්විචය ක්‍රියාත්මක නොවුයෙ මන්ද????DNA අසමාන නම් මෙය කාගෙ ක්‍රියාවක්ද????පරිගනකයෙ වයරය පිලිස්සි තිබුනෙ මන්ද.අධික විදුලි ධරාවක් ආවානමි පරිගනකය විනාශ නොවුනේ ඇයි????කිසිදු සාක්ශියක් නොමැති නිසා මෙය කාගෙ කලක සිට හෙදින් සැලසුම් කර සිදු කරන ලද්දක්ද...එසේ නම් එය කාගෙ ක්‍රියාවක්??? නැතහොත් යමිකිසි අදෘශ්‍යමාන බලවෙිගයක ක්‍රියාවක්ද යන්න තවමත් අභිරහසකි....
ලියන්නෙ : දුෂාන්
*අභිරහස් කතා කියවන්න ආස යාලුවො වෙනුවෙන් ලියන්න හිතුනා.මෙි පලවෙනි වතාවට මගෙ අතින් ලියවුනු අභිරහස් කතාව.කතාව කියවන ඔයාලගෙ අදහස දැනගන්න කැමති.*
උපුටා ගැනීමකි
No comments:
Post a Comment